රෝමානු සංඛ්‍යා

පුරාතන රෝමයේ භාවිතා කෙරුණු සංඛ්‍යා ක්‍රමය වූ රෝමානු සංඛ්‍යා යනු, අගයයන් විදහා පෑමට ලතින් හෝඩියේ අකුරු වල සංයෝජනයන් භාවිතා කල ක්‍රමයකි.

. 1 සිට 10 දක්වා සංඛ්‍යා, රෝමානු සංඛ්‍යා විසින් දක්වන්නේ පහත ලෙසිනි:

රෝමානු සංඛ්‍යා
කොලසියමයෙහි LII (52) කොටසට ඇතුළුවන දොරටුව, සංඛ්‍යා තවමත් දර්ශනය වෙයි
    I, II, III, IV, V, VI, VII, VIII, IX, X.

රෝමානු සංඛ්‍යා ක්‍රමය, එට්‍රස්කානු සංඛ්‍යා වලට ඥාතිත්වයක් දක්වයි. රෝමානු අධිරාජ්‍යයෙහි අභාවයෙන් පසුව වුද රෝමානු සංඛ්‍යා භාවිතය දිගටම පැවතිණි. 14වන සියවසෙන් පසුව, රෝමානු සංඛ්‍යා වෙනුවට, වඩාත් පහසු හින්දු-අරාබි සංඛ්‍යා ආදේශ වීම ඇරඹිණි; කෙසේවෙතත් මෙම ක්‍රියාවලිය ක්‍රමයෙන් සිදුවූවක් වූ අතර, වර්තමානයේ වුවද සමහරක් සුළු නියැලුම්හී රෝමානු සංඛ්‍යා භාවිතය දක්නට ලැබේ.

රෝමානු සංඛ්‍යා කියැවීම

MMXXIV
"2024" රෝමානු සංඛ්‍යාවක් ලෙසින්

වර්තමානයේ භාවිතා කෙරෙන, රෝමානු සංඛ්‍යා පදනම්ව ඇත්තේ සංකේත හතක් මතය:

සංකේතය අගය
I 1
V 5
X 10
L 50
C 100
D 500
M 1,000

සංඛ්‍යා සදනු ලබන්නේ සංකේත සංයෝග කිරීමෙන් සහ අගයයන් එකතු කිරීමෙනි. මෙලෙස, II යනු එකේ ඒවා දෙකකි, එනම් 2 වෙන අතර, XIII යනු දහයේ එකක් සහ එකේ ඒවා තුනකි, එනම් 13 වෙයි. මෙම ක්‍රමයෙහි ශුන්‍ය නොමැති අතර, එබැවින් 207, නිදසුනක් ලෙසින්, CCVII වන්නේ, සියයේ ඒවා දෙකක්, පහේ එකක් හා එකේ ඒවා දෙකක් සඳහා සංකේත භාවිතයෙනි. 1066 යනු MLXVI, එක් දහස්, පනහ සහ දහය, පහක් සහ එකක් වෙයි.

ආශ්‍රිත

  • මෙනින්ජර්, කාල් (1992). නම්බර් වර්ඩ්ස් ඇන්ඩ් නම්බර් සිම්බල්ස්: අ කල්චරල් හිස්ට්‍රි ඔෆ් නම්බර්ස්. ඩෝවර් ප්‍රකාශන. ISBN 978-0-486-27096-8.

Tags:

පුරාතන රෝමය

🔥 Trending searches on Wiki සිංහල:

සොකරි නාටකයකළුතර බෝධියසිංහල අක්ෂර වින්‍යාසයනාමල් උයනසිංහල භාෂාවසරම්පශ්‍රී ලංකාවේ සර්පයෝවිජයබා කොල්ලයශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයකාර්මික විප්ලවයබුදුගුණ අලංකාරයඩී.එස්. සේනානායකඅටමස්ථානපිළිස්සීමශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්කවසභ රජඉංග්‍රීසි භාෂාවහින්නෝන්මාදයශ්‍රී ලංකාවේ මැණික්ශ්‍රී ලංකාවේ ශිලා ලිපිඑස් පහ (5S) ක්‍රමයබල්ලෝපළමුවන ඇකඩමි සම්මාන උළෙලරක්‍ෂණයආතර් සී. ක්ලාක්මුවා (බහුරුත්හරණය)ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජකෘමියෝවත රතු මල් කොහාකාමාවචර ලෝකශ්‍රී ලංකාවේ සම්මත වේලාවඅකුණුශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)මොනරාශ්‍රී ලංකාවේ ආදිවාසීන්විෂ්ණු දෙවියන්ට පිං දීමවොලිබෝල්පලතුරු වර්ග ලැයිස්තුවහිරු ටීවීඅභිධර්මයහේමාල් රණසිංහකාලස් පුයිජ්දෙමොන්ඇල්බට්‍ අයින්ස්ටයින්අට විසි බුදුවරුමර්සලින් ජයකොඩිගාලු කොටුවතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයඅනුරාධපුර පෞරාණික නගරයපොදු වසමසිදත් සඟරාවමහ වැව් නාමාවලියරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවඩයලොග් ආසියාටාශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමමාලිමාවනාමල් උඩුගමහින්දු දෙවිවරුන්ගේ ලැයිස්තුවශුද්ධ වූ ජුසේ තුමාඅර්ථයබ්‍රිතාන්‍ය ලංකාවේ ආණ්ඩුකාරවරුජේතවනාරාමය, අනුරාධපුරනෙදර්ලන්තයශ්‍රී ලංකා ගුවන් හමුදාවසංඝමිත්තා තෙරණියමානව ප්‍රජනන පද්ධතියශාන්ත ජුසේ වාස් තුමාදකුණු පළාත, ශ්‍රී ලංකාවක්‍රීඩාමාර්ටින් වික්‍රමසිංහඅනුරාධපුර යුගයශ්‍රී ලංකාවේ වැවෙන එළවළු වර්ගරාමඤ්ඤ නිකායරතු දත්ත පොතපවුලකොළඹ වෙළඳ නගරයසක්කාය දිට්ඨියවැදි ජනයා🡆 More