රසායනික සංයෝග

රසායනික සංයෝගයක් යනු, ස්කන්ධයෙන් ස්ථිර සමානුපාතිකව රසායනිකව එකිනෙක බන්ධනය වූ වෙනස් මූලද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගණනක් අඩංගු වූ ද්‍රව්‍යයකි.

රසායනික සංයෝගයක ස්වබාවය

අර්ථ දැක්වීම පැහැදිලි කිරීම

ඉහත අර්ථ දැක්වීමෙන් අපගමනය වන අවස්ථා කීපයක්ම පවතී. සමහර ස්ඵටිකමය සංයෝග එහි සංයුතියේ වෙනස්වීම නොසලකා හැර, හැඩ හුරුකම් හෝ නැතහොත් මූලද්‍රව්‍ය ස්ඵටිකමය ව්‍යුහයක් ලෙස බැදී තිබීම නිසා රසායනික සංයෝග ලෙස සලකයි. යම් යම් ඉතා කුඩා මූලද්‍රව්‍ය ස්කන්ධ අනුපාත තිබිය හැකි, බර හෝ සැහැල්ලු සමස්ථානික මූලද්‍රව්‍ය විචල්‍ය ප්‍රමාණවලින් අඩංගු සමහර සංයෝග රසායනිකව සර්වසම ලෙස සලකනු ලැබේ. එමනිසා එම සංයෝග සම්පූර්ණයෙන්ම සමජාතීය නොවේ. නමුත් රසායන විද්‍යාවේ බොහෝ අවස්ථා එය එසේ සැලකිය හැක.

සියලුම අණු සංයෝග නොවේ.H2 ලෙස ද දක්වන ද්වි පරමාණුක අණුවක් වන හයිඩ්‍රජන් සමන්‍යෂ්ටික එකම මූලද්‍රව්‍ය පරමාණුවලින්, තැනී තිබීම නිසා සංයෝගයක් ලෙස නොසලකයි. සංයෝග යනු ස්ථිර සමානුපාතිකව සම්බන්ධ වුණු මූලද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගණනක් අඩංගු සංශුද්ධ ද්‍රව්‍යයකි.

සං‍යෝග හා මිශ්‍රණ සංසන්දනය

සංයෝගවලට ඒවායේ සංඝටක මූලද්‍රව්‍යවලින් විවිධ වූ භෞතික හා රසායනික ගුණ අයත් වී තිබේ. මෙය මූලද්‍රව්‍ය හෝ ද්‍රව්‍ය මිශ්‍රණයකින් සංයෝගයක් පැහැදිලිව වෙන් කර හදුනාගැනීමේ මූලික නිර්ණායකය වේ. මිශ්‍රණයක ගුණ සාමාන්‍යයෙන් එහි සංඝටකයන්ගේ ගුණවලට සමාන හෝ සම්බන්ධ හෝ වේ. අනෙක් නිර්ණායකය වන්නේ , මිශ්‍රණයක සංඝ‍ටක සෑම විටම පෙරීම වැනි සරල යාන්ත්‍රික උපක්‍රම මගින් වෙන්කර ගත හැකි අතර සංයෝගයක සංඝටක සෑමවිටම වෙන් කිරීම ඉතා අපහසු වීමයි. එපමණක් නොව සංයෝගයක් එහි සංඝටකයන්ගෙන් ඇතිවන විට රසායනික ප්‍රතික්‍රියා තුළින් ‍රසායනික විපර්යාසයක් සිදුවේ. මිශ්‍රණයක් යාන්ත්‍රික උපක්‍රම මගින් පමණක් නිපදවා ගත හැක.

සංයෝගයක් ලෙස බොහෝවිට වරදවා වටහා ගන්නා මිශ්‍රණයක් වන්නේ මිශ්‍ර ලෝහයි. මෙය සාමාන්‍යයෙන් නිපදවනු ලබන්නේ සියළුම සංඝටක මූලද්‍රව්‍යය රත්කර ඉක්මණින් සිසිල් කිරීමෙනි. මක් නිසාද යත් එවිට සියළුම සංඝටක මූලද්‍රව්‍යය එහි ඇති ප්‍රධාන මූලද්‍රව්‍යය සමග සම්බන්ධ වන බැවිනි.

සූත්‍ර

සංයෝග විස්තර කිරීමේදී රසායනඥයින් විසින් විවිධ ආකෘතීන්හී සූත්‍ර භාවිතා කෙරෙයි. අණු සඳහා, අණුක ඒකකයෙහි සූත්‍රය දක්වනු ලැබේ. ඛණිජ සහ බොහෝ ලෝහ ඔක්සයිඩ වැනි බහුඅවයවයික ද්‍රව්‍යයන් සඳහා, ආනුභාවික සූත්‍රය භාවිතා වෙයි, නිද. මේස ලුණු සඳහා NaCl. අණුක හා ආනුභාවික සූත්‍රයන්හී මූලද්‍රව්‍ය බහාලන අනුපිළිවෙල වන්නේ පළමුව C, ඉන්පසුව H හා ඉන් ඉක්බිතිව අකාරාදිය පිළිවෙලටය. ට්‍රයිෆ්ලුවොරයිඩ්ඇසටික් අම්ලය විස්තර කෙරෙනුයේ C2HF3O2 ලෙසිනි. වඩාත් විස්තර සහිත සූත්‍ර විසින් ව්‍යුහාත්මක තොරතුරු සපයන අතර, මෙය යලිත් ට්‍රයිෆ්ලුවොරයිඩ්ඇසටික් අම්ලය ඇසුරෙන් සන්නිදර්ශනය කල හැක. CF3CO2H. අනෙක් අතට, අකාබනික සංයෝග සඳහා වන සූත්‍ර, H-S බන්ධන නොමැති අණුවක් සඳහා H2SO4 වෙතින් සන්නිදර්ශනය වන පරිදී, බොහෝවිට ව්‍යුහාත්මක තොරතුරු සපයන්නේ නැත. වඩාත් විස්තර සහිත ඉදිරිපත් කෙරුමක් වන්නේ O2S(OH)2 යන්නයි.

මූලද්‍රව්‍ය වඩා ස්ථායී බවට පත්වීමට සංයෝග සාදයි. ඒවායේ පිටතම ශක්ති මට්ටමේ සංයුජතා ඉලෙක්ට්‍රෝන උපරිම සංඛ්‍යාවක් ඇති විට ඒවා ස්ථායී බවට පත්වේ. සාමාන්‍යයෙන් එය සංයුජතා ඉලෙක්ට්‍රෝන දෙකක් හෝ අටක් වේ. නිශ්ක්‍රීය වායු නිරන්තරයෙන් ප්‍රතික්‍රියා නොකිරීමට හේතුව මෙයයි. ඒවා මේ වන විටත් සංයුජතා ඉලෙක්ට්‍රෝන අටකට හිමිකම් කියති. (හීලියම් හැර, හීලියම්වලට ස්ථායීභාවය සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය වන්නේ සංයුජතා ඉලෙක්ට්‍රෝන දෙකක් පමණි.

කලාප හා තාපජ ගතික ලක්ෂණ

සංයෝගවලට කලාප කිහිපයක් පැවතිය හැක. සියලුම සංයෝගවලට ප්‍රමාණවත් තරම් අඩු උෂ්ණත්වවලදී ඝණ තත්වයේ පැවතිය හැක. අණුක සංයෝග , ද්‍රව , වායු හා සමහර අවස්ථාවල ප්ලාස්මා ලෙස ද, පැවතිය හැක.සියළුම සංයෝග තාපය හමුවේ වියෝජනය වේ. මෙම සංඝටකවලට වෙන්වන උෂ්ණත්වය බොහෝවිට වියෝජන උෂ්ණත්වය ලෙස හැඳින්වේ. වියෝජන උෂ්ණත්ව නිශ්චිත අගයක් නොගන්නා අතර තාපගත කරන සීඝ්‍රතාවය මත රඳා පවතියි. සියළුම වියෝජනය වූ හෝ වියෝජනය වෙමින් පවතින සංයෝග ප්‍රමාණවත් තරම් ඉහළ උෂ්ණත්වවලදී වඩාත් කුඩා සංයෝග හෝ පරමාණු බවට බිඳ වැටීම සිදුවේ.


CAS අංකය

භාවිතයේ ඇති සියලු රසායනික සංයෝගවලට ඒවා හඳුනා ගැනීම සඳහා නිශ්චිත අංකයක් දී තිබේ. මෙය CAS අංකය නම් වේ.

Tags:

රසායනික සංයෝග යක ස්වබාවයරසායනික සංයෝග

🔥 Trending searches on Wiki සිංහල:

බට ඇටි කුකුළාපංච නීවරණකළමනාකරණයබලශක්ති සංරක්‍ෂණයනාකටුස්සාඉස්ලාම් - යුතුක‍ම් හා චාරිත්‍ර - නීතිදීඝවාපීනාගදීප පුරාණ විහාරයශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයතෛපොංගල්පාලිමානවම්ම රජකොළඹඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්කුණාටුශ්‍රී ලංකාවේ නර්තනයන්ආසියාවේ භූගෝලීය ලක්ෂණරූමස්සල කන්දසැළලිහිණි සන්දේශයඅනුරාධපුර යුගයකුඹුක්නාලන්දා විද්‍යාලය, කොළඹවාරණ රජ මහා විහාරයසුරතාන්තයශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයශ්‍රී ලංකා නාවික හමුදාවරැකියා ආතතියසීගිරියේ ඉතිහාසයශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවසිංහල අක්ෂර මාලාවයුනෙස්කෝඇසළ (ගස)කොහාඅන්තිම කැමති පත්‍රයසියම් මහ නිකායහයිඩ්‍රොකාබනප‍්‍රාථමික අධ්‍යාපනයශ්‍රී පාදස්ථානයයූටියුබ්තිස්ස වැව (අනුරාධපුරය)ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවලෝක ආහාර අර්බුදයගෞතම බුද්ධ පරිනිර්වාණයඑවරස්ට් කන්දශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවයුගල පද, සිංහල භාෂාවගඩලාදෙණිය විහාරයචාමර වීරසිංහඑස්‌. මහින්ද හිමියාපහුවපිදුරුතලාගලප්ලේටෝසමාධි (බුදු දහම)දෙවොල් මඩුවසාංචියපරිගණක ඉතිහාසයලේනාදිළිඳුබවඅනගාරික ධර්මපාලයුද්ධපරිගණකයශ්‍රී ලංකාවේ සර්ප නාමාවලියඅභය වැවදියවැඩියාවනිල් වෙරළුපාසල්අඹශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලතුන්වන පරාක්‍රමබාහු රජඅන්වීක්ෂයපුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයශ්‍රී ලංකා යුද්ධ හමුදාව🡆 More