නීතිය සහ ආර්ථික ක්ෂේත‍්‍රවල රක්ෂණය යනු අවදානම කළමනාකරණය කරගන්නා හැඩයක් වශයෙනි.
ප‍්‍රාථමික වශයෙන් එය භාවිත කෙරෙන්නේ අවදානම හෝ යම්කිසි බලාපොරොත්තුවන අලාභයකට ආරක්ෂිත පියවරක් ලෙසය. රක්ෂණය නිර්වචනය වන්නේ එක් පාර්ශවයක සිට තවත් පාර්ශවයකට අලාභයක අවදානම සාධාරණව සහ අපක්ෂපාතීව මාරුකිරීමයි. එය වාරිකයක් මගින් හුවමාරුවේ. රක්ෂණකරු වන්නේ රක්ෂණය අලෙවිකරන සමාගමයි. රක්ෂණ අනුපාතය යන්නේ ප‍්‍රමාණය තීරණය කරගැනීමට යොදාගන්නා සාධකයකි. එය වාරිකයක් ලෙස හඳුන්වයි. රක්ෂණ ආවරණය ලබාගැනීම යනු එක්තරා මිලකට ගෙවිය යුතු ප‍්‍රමාණය වේ. අවදානම් කළමනාකරණය යනු අවදානම ඇගයීමකට ලක්කොට පාලනය කිරීමේ පරිචියයි. එය වෙනස් අධ්‍යයන සහ පරිචි ක්ෂේත‍්‍රයක් බවට පරිණාමය වී ඇත.
එක්තරා අතකින් රක්ෂනය මානව සමාජය හා සමකාලීනව ඇරඹුනු දෙයක් ලෙස දැක්විය හැක. මානව ඉතිහාසයේ ආර්ථික ක්‍රම දෙකක් දැකිය හැක. වර්තමානයේ පවතින මුදල් පදනම් වු ආර්ථික ක්‍රමයක (වෙළදපොල, මුදල් තිබෙන) හා මුදල් නොමැතිව තිබු හෙවත් ස්වභාවික ආර්ථික ක්‍රමය (මුදල් වෙළදපොල නොමයන ) මෙම දෙවන වර්ගය අතීතයේ පැවතියේය. එහිදි රක්ෂණයක් ලෙස ලිඛිත ඔප්පුවක් හෝ ගෙවිමක් වුයේ නැත. නමුත් මිනිසුන් එකිනෙකාට උදව් කලේය. උදා ලෙස නිවසක් ගිනිබත් වු විය සියල්ල එකතුව එය නැවත සැදුවේය. මෙහිදි අසල්වැසියෝ එකිනෙකාට උදව් කලේය. උදව් නොකරන සිටිම අනාගතයේ උදවි අවශ්‍ය විම, එය නොලැබීමට හේතුවක් වේ. අදටත් මුල්‍ය සම්පත් (බදුම්කර ආදිය ජනප්‍රිය නොවු ප්‍රදේශවල උදා. සොවියට් රැසියාව පැවති ප්‍රදේශයන්හි ඇති රටවල්)
වර්තමානයේ රක්ෂණ ක්‍රමයේ ආරම්භයෙ වසර 2500-3000 ත් අතර කාලයකට පෙර බැබිලෝනියාව හා චීනයේ භාවිතා වු බවට සාක්ෂි ඇත. චීන වෙලදුන් ඔවුනගේ භාණ්ඩ ධාරා රාශියක් භාවිතයෙන් ප්‍රවාහනය කර එක ඔරැවක් නැතිවිමෙන් සිදුවන පාඩුව අවම කර ගත්තේය. බැබිලෝනියානුවතක් ක්‍රි.පු1750 දි ඇතිකල cote of hemmyrebi (Harmrber ගේ නීති මලාව) හි ඉන්පෙර මධ්‍යමරනියේ යත්‍රා කල වෙළෙදෝ අතර භාවිතා වු ක්‍රමයක් සදහන් වේ. එනම් වෙලෙන්දෝ ණය ගන්නා විට වැඩිපුර පොලියක් ආපසු ගෙවිමට පොරොන්දු වු අරත එයට ණය දෙන්නා භාණ්ඩ මංකොල්ල කැමට ලක්වුවොත් ණය කපාහැරිමට පොරොන්දු විය.
Achoemrion රජවරැ ඔවුන්ගෙ රක්ෂණ කර නිලවශයෙන් ලේඛන ගත කලේය. මෙම රක්ෂනය සැම අවුරැද්දකම Norouz (ඉරාන අළුත් අවුරැද්දේ ආරම්භය) හි සිදුවිය. මෙහිදි රක්ෂණ ජන අවශ්‍ය පුද්ගලයන් රජුට තැගි ගෙන දෙයි මෙම තැගි ලේඛනගත කිිම සිදුකරන අතර ඩෙරික් 10000 ට වැඩි ත්‍යාග විශේෂ කාර්යාලයක ලියාපදිංචි කරගනී. මෙම තැගි දුන් පුද්ගලයන්ම කරැරයක් මුදල් වශ්‍යතාවක් (ළමයෙකුගේ විවාහයට, ගොඩනැගිල්ල සැදීමට) අවශ්‍ය වු විට මුදල ලබාගත හැක. ඩෙරෙක් 10000 එට අධික වටිනාකම් ඇති ත්‍යාග දුන් අයට අවශ්‍ය මුදල් මෙන් දගුණයක් ලබාගත මැක.
වසර දහයකට පසු Rhodes වාසිහු සාමන්‍ය මධ්‍ය අගය යන සංකල්පය භාවිතා කලේය. එනම් මුහුදු මගින් භාණ්ඩ ප්‍රවාහනය කරන වෙළන්දෝ එම භාණ්ඩ වල වටිනකමින් යම් ප්‍රතිශතයක් ගෙවිය යුතුයි. එවිට අනතුරකදි එම අලාභය පියවාගත හැක.
ක්‍රි.ව 600 පමණ ග්‍රිකයින් හා රෝමානුවන් ජිවිත රක්ෂණය හදුන්වා දුන්නේය. "ත්‍යාගශිලි" සමාජයන් ලස පැවතකි රටට සමජයේ, සමාජිකයෙකු මියගිය විට ඔහුගේ පවුලේ නඩත්තුව සොයාබැලිම සිදුවිය. 17 වන සියවසේ අගභාගයේදී "රක්ෂණය" හදුන්වාදිමට පෙර මෙවන් ඉංගලන්තයේ පැවතියේය. මෙම සමාජ වලට සාමාජිකයින් මුදල් පරිත්‍යාග කල අතර හදිසි අවස්ථාවක මම මුදල් ප්‍රමාණයක් ගත හැකි විය.
ස්වාධින රක්ෂණ ගිසිසුම් (ණය හෝ අනෙක් ගිවිසුම් සමග එකාබද්ද නොවු) Genoa හි 14 වන සියවසේ ඇරඹිය එමෙන්ම ඉඩම් උගස් කර ලබාදෙන රක්ෂණ ඇරඹිය මෙහිදි රක්ෂණය ආයෝජනයෙන් මෙන්ම පවතී. මෙය පලමුව සුමුදු රක්ෂණයෙන් ඇරඹිය. යුරෝපයේ පුනරැදයත් සමග මෙම රක්ෂණයන් විශේෂිත වු රක්ෂණයන් විවිධ ප්‍රමාණයක් දැකිය හැකිවිය.
17 වන සියවස අගභාලගයේ සමුදුරේ සාංචාර වැඩිවිමත්, වෙළද කෙන්ද්‍රයක් බවට ලන්ඩනය පත්විමත් සමග රක්ෂණ වඩා වැදගත් විය.
1680 ද Edward Lloyd නැව් වල අයිතිකරැවන්ට වෙළෙන්දන් නැව් වල කපිතාන්වරැන්ට කොපි කඩයක් දැම්මේය. මෙම ස්ථානය නැව් හා නැව්ගත කරන බඩු රක්ෂණ කරන්නන් හමුවන තැනක් විය. වර්තමානයේ Lloyd of London යනු මුහුදු රක්ෂනයන් හා වෙනත් විශේෂිත වු රක්ෂනයන් සදහා ප්‍රමුඛ ආයතනයකි. නමුත් මෙම ආයතනය , අනෙකුත් රක්ණය ආයතනයන්ට වඩා වෙනස්ව ක්‍රියාත්මක වේ.
වත්මන් රක්ෂණයේ ආරම්භයට හේතුව නිවාස 13 හා විනාශ කරමින් පැතිරැන ලන්ඩනගේ මහා ගින්නයි (1666) මෙම ඛේදවාචකයට පසු Nichholos Barbon ගොඩනැගිලි රක්ෂණයට කාර්යාලයක්ඇරඹිය. 1680 ඔහු ගිනි රක්ෂණට ඇරඹිය" The fire office" වු මෙය මගින් ගඩොල් හා ලී සැකිලි ගෙවල් රක්ෂණය කලේය.
Soath coroline හි chorles නගරයේ ඇමරිකාවේ පලමු ගිනි රක්ෂණය ලබාදෙන රක්ෂණ සමාගම ඇරඹිය. 1732 බෙන්ජිමින් ෆ්රැන්ක්ලින් රක්ෂණය ජනප්‍රිය කිරිම හා මිනිසුන්ට රක්ෂණය විමට අනුබල දුනි. එහිදි ඔහු ගිනි රක්ෂණය නීති්‍ය "Perpetuel" රක්ෂණයක් ලෙස පැවතිමට විරැද්ධ විය. 1752 දි ඔහු Philedelhio Contributions Ship for the Insurance of Houses from loss by fire ඇරඹිය. මෙ ගිනි වලින් සිදුවන හානි වැලැක්විමට දායකත්වය දුන් පලමු සමාගමයි. ඔහුගේ සමාගම ගිනි අනතුරැ ගැන අනතුරැ අගවිමට ක්‍රියාකල අතර, ලී වලින් සැදු ගිනි පැතිරිය හැකි නිවාස රක්ෂණය ප්‍රතික්ෂේප කලේය. ඇමෙරිකාවේ රක්ෂණ සමාගම් වලට බලපාන රෙගුලාසි ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට විවිධාකාර වේ. රක්ෂණ වෙළදපොල රට කේන්ද්‍රකරගෙන හා ජත්‍යන්තර තත්ත්වය පත්ව ඇතත් මෙහි ප්‍රාන්ත තනි තනිව ක්‍රියා කරයි. වර්තමානයේ ඇමරිකාවේ රේගුලාසින්ට අනුව රක්ෂණ ක්‍රමයන් ජාත්‍යන්තර හා ඒකාබද්දධ කර ඇත.
රක්ෂණ වර්ග
මැනිය හැකි අවදානමක් රක්ෂණය කල හැක. වන්දි මුදල වැඩිවන විශේෂ ව්ගයේ අපදාවන් " Perl" (උවදුරැ) නමින් හදුන්වයි. රක්ෂණ සමාගමේ ප්‍රතිපත්ති වල මෙම උවදුරැ රක්ෂණයෙන් අවාරණය වන වර්ග හා නොවන වර්ග වලට වෙන්කරයි. පහත ඇත්තේ නිරවශේෂ කොටු (Non exhaustive ) අප අතර පවතින විවිධ රක්ෂණ වර්ග ගැනයි.
එක රක්ෂණ ඔප්පුවකින් අවදානම් කිහිපයක් ආවරණය විය හැක. උදාහරණයක් ලෙස වාහනය රක්ෂණයේදී වාහනයට අනතුරක් වු විට එම දේපල රක්ෂණයක් වාහනය මගින් අනතුරට පවත්වන්නග් වගකීමත් ආවරණය වේ.
ඇමරිකාවේ නිවාස රක්ෂණයන්ගෙන් නිවසයන් අයිතිකරැ වස්තුන් මෙන්ම නිවාසය තුලදි හානිවන පුද්ගලයන්ට කුඩා ප්‍රමාණය් සෞඛ්‍ය රක්ෂනයක් ද ඇත.
ව්‍යාපාර රක්ෂණය යනු ව්‍යාපාර අවදානම් වලින් ආවරණය කරන රක්ෂණ වරග්යයි. සමහරක් රක්ෂන ප්‍රතිපත්ති මගින් ව්‍යාපාර රක්ෂණ කොටස් දෙකකට බෙදිය හැක.
1.වෘත්තිමය වගකිම් රක්ෂණ හෙවත් වෘත්තිමය වන්දිපුර්ණ (Indemnity) රක්ෂණය. |
2.ව්‍යාපාර අයිතිකරැගේ ප්‍රතිපත්ති (BOP අනුව ව්‍යාපාර රක්ෂණය මෙහිදි නිවාස රක්ෂණයක් හෙවත් අයිතිකරැ පවසන විවිධ අංශ ආවරණය වේ. |
සෞඛය
බොහෝ දියුණු රටවල රජයෙන් පවරා දෙන සෞඛ්‍ය රක්ෂණ ඇත. එංගලන්තයේ, National Health Service (ජාතික සෞඛ්‍ය සේවය) මගින් ආවරණය නොවන හා අනෙකුත් පොදු ජන අරමුදලින් පවතින රෝහල් වලින් ආරනය නොවන වෛද්‍ය ප්‍රතිකාර රක්ෂනයෙන් ආවරණය වේ. උදාහරණයක් ලෙස දන්ත වෛද්‍ය ගැටළු පුද්ගලයා තම මුදලින් රක්ෂණය කරගත යුතුය. ඇමරිකාවේ දන්ත සෞඛ්‍ය රක්ෂණය සේවක ප්‍රතිලාභයක් වේ.
බොහෝ රටවල් පොදු ජන අරමුදලින් පවතින සෞඛ්‍ය පද්ධතියක් තුලින් ලොව ඇති සෞඛ්‍ය පහසුකම් ලබා ගනී.
·අබලතා රක්ෂණ තුළින් ගිවිසුම්කරුවෙකු ආබාධිත තත්ත්වයට පැමිනෙන රෝගයකින් හෝ අනතුරකින් රැකියාවක් කිරීමට අපොහොසත් වන අවස්ථාවලදී මූල්‍ය සහය සපයයි. එය මාසික සහනයක් ලබාදෙන්නේ උගස් කිරීම් සහ ක්‍රෙඩිට් කාඞ්පත් හා සම්බන්ධ වගකීම් ඉටුකිරීමටය. ·පූර්ණ ස්ථිර අබලතා රක්ෂණය මගින් පුද්ගලයෙකු සදහටම ආබාධිත තත්වය පැමිණුනහොත් සහ ඔහුට ඔහුගේ වෘත්තියෙන් මින් මත්තට සේවය කිරීමට නොහැකිනම් රක්ෂණ සමාගම මගින් ප‍්‍රතිලාභ ලබාදේ. බොහෝ විට මෙය ජීවිත රක්ෂණයකට අමතරව ගන්නා රක්ෂණ ආවරණ ක‍්‍රමවේදයකි. ·අබලතාවකදී පිරිවැය රක්ෂණය හිමිකාර ව්‍යාපාරිකයන්ට ඔවුන්ට එම ව්‍යාපාරයේ යෙදිය නොහැකි අවස්ථාවකදී පිරිවැය ආවරණය වන රක්ෂණ ක‍්‍රමයකි.
·සේවක වන්දි රක්ෂණය සේවකයෙකුගේ වේතනය හෝ වේතනයෙන් කොටසක් සහ සෞඛ්‍ය සේවා වියදම් රැකියාවට සම්බන්ධ අනතුරකදී කි‍්‍රයාත්මක වේ.
·විපත් රක්ෂණය නිශ්චිත දේපලකට අවශ්‍යවශයෙන්ම සම්බන්ධ නැති අනතුරු ආවරණය කිරීමේ රක්ෂණයකි.
·අපරාධ රක්ෂණය යනු ගිවිසුම්කරුවාට විපතට පත්වෙන අවස්ථාවකදී එමගින් ඇතිවන අලාභහානි ආවරණය කරගැනීමට ගන්නා රක්ෂණ වර්ගයකි. මෙම හටගැනීම් සිදුවන්නේ තුන්වන පාර්ශවීය අපරාධකාරී කි‍්‍රයාවලින්ය. උදාහරණයකට සමාගමකට සොරකම් කිරීමෙන් හෝ බලහත්කාරයෙන් ගන්නා මුදල්වලින් සිදුවන අඩුපාඩුව ආවරණය කිරීමෙට මෙම අපරාධ රක්ෂණයක් ලබාගත හැක.
·දේශපාලනම අවදානම රක්ෂණය වන ක‍්‍රම යනු විපතට පත්වූවන්ගේ රක්ෂණ ක‍්‍රමයේ තවත් හැඩයකි. විප්ලවයක හෝ වෙනත් අවදානම් සහගත දේශපාලන තත්වයන් නිසා වෙනින් රටකදී සිදුවිය හැකි අලාභ ආවරණය කරගැනීමට සමාගමක් විසින් ලබාගත හැකි රක්ෂණයකි.
·පුද්ගලයෙකුගේ පවුලේ සාමාජිකයින්ට හෝ වෙනත් නිර්දේශිත වාසි ලබන්නෙකු වෙනුවෙන් මරණ වියදම් සහ අනෙකුත් වියදම් සම්පූර්ණ කිරීමට ලබාගන්නා ජීවිත රක්ෂණයයි. මෙම ගිවිසුම් එම හිමිකරුවාට එකවර හෝ කාලීන වශයෙන් ගෙවීම් සිදුකරයි. · ·වාර්ෂිකව කරන ගෙවීම් සාමාන්‍යයෙන් වර්ගීකරණය කෙරෙන්නේ රක්ෂන වශයෙනි. ඊට හේතුව ඒවා නිකුත් කරන්නේ රක්ෂණ සමාගම් විසින් සහ පාලනය වන්නේ රක්ෂණයක් අනුවය. එමනිසා ඒ ආකාරයේම මූල්‍යමය සහ ආයෝජන කළමනාකරණ ව්‍යවසායක රක්ෂණය මෙන්ම මෙතැනදීද යෙදේ. වාර්ෂිකව හෝ විශ‍්‍රාම වැටුපක් හා සමානව ගෙවෙන ජීවිත රක්ෂණය විශ‍්‍රාම ලත් පුද්ගලයෙකු ඔහුගේ හෝ ඇයගේ මූල්‍ය සම්පත් අභිබවා ජීවත්වීමේ හැකියාව ආවරණය කිරීමට යොදාගැනේ. එක්තරා ආකාරයකින් ජීවිත රක්ෂණයට අමතරව තිබෙන දෙයකි. වගකීම් බාරගන්නා දර්ශනය අනුව මෙය ජීවිතාරක්ෂණයේ කැඩපත් රූපයක් වේ.
·සමහර ජීවිත රක්ෂණ ගිවිසුම් එකතුවන මූල්‍ය අගයන් රක්ෂණය වූ පුද්ගලයා විසින් ගිවිසුම ආපසු හැරවීමේදී හෝ ඒ වෙනුවෙන් ණය ලබාගන්නා විටදී කි‍්‍රයාත්මක කළ හැක. සමහර ගිවිසුම්වලදී මෙවැනි වාරික ගෙවීම් සහ අනුරක්ෂණ ගිවිසුම් අවශ්‍ය විටදී ලබාගන්නා එක්රැස්වුනු හෝ ද්‍රවශීල වත්කම සනාත කරන මූල්‍යමය උපකරණ වේ. · ·එක්සත් ජනපදයේ හෝ එක්සත් රාජධානියේ සහ බොහෝ වෙනත් රටවල බදු නීතිය යටතේ මෙම මූල්‍ය අගයේ ලාභ ප‍්‍රතිශතය සමහර තත්ත්වයන් යටතේ බදුවලට ලක්නොවේ. මෙමගින් ජීවිත රක්ෂණය ඉතිරිකිරීමේ බදු කාර්යක්ෂම ක‍්‍රමවේදයක් ලෙස බහුලව භාවිතා වන අතර එය අකල්මරණයකදී සිදුවිය හැකි අලාභ මගහැරීමකි. · ·එක්සත් ජනපදයේදී ද ජීවිත රක්ෂණ ගිවිසුම්වලින් ලැබෙන ආදායම සාමාන්‍ය වශයෙන් බදුවලින් තොරවේ. ඒ කෙසේ වෙතත් සමහර අවස්ථාවලදී මෙම බදු ගැනීමෙන් ලැබෙන ප‍්‍රතිලාභවල අගය ඉතා අඩුවිය හැක . මෙය රඳාපවතින්නේ රක්ෂණ සමාගම, ගත් රක්ෂණ වර්ගය සහ වෙනත් විචල්‍යයන් මතය (මරණ අනුපාතය, වෙළඳපලෙන් ලැබෙන ප‍්‍රතිලාභ සහ වෙනත්). තවදුරටත් ආදායම් බදු අවම කරගැනීමේ වාහන හැටියට වඩා හොඳ විකල්ප දිය හැක. අඩුවියදම් ජීවිත රක්ෂණයක් සහ ඉහළ අගයක් ලබාදෙන බදු කාර්යක්ෂම විශ‍්‍රාම යෑමේ ගිණුමක සංයෝගයක් වඩා හොඳ ආයෝජන ප‍්‍රතිලාභයක් ගෙන දිය හක.
ණයගැතියෙකු රක්ෂණ හිමියාට ගෙවියුතු මුදලක් පැහැර හැරීමද රක්ෂණයෙන් ආවරණය කළ හැකිය. මෙම රක්ෂණ ක්‍රමය ‘ව්‍යාපාර බාධා රක්ෂණය’ ලෙසද හැඳින්වේ. විශ්වාස බැඳුම්කර හා ඇපකර බැඳුම්කරද මෙම වර්ගයටම අයත්වේ. මෙම රක්ෂණය මඟින් තුන්වන පාර්ශවකරුවෙක්ට (බන්ධනලාභීයා), රක්ෂණ හිමියා විසින් (බන්ධන දායකයා) ගෙවීමට පොරොන්දු වු මුදලක් ගෙවිය නොහැකි වු අවස්ථාද ආවරණය කෙරේ.
රතුඉරතැබීම නිශ්චිත භූගෝලීය ප‍්‍රදේශයක අහිමිවීමේ වැඩි ප‍්‍රවනතාවයක් තිබෙන අවස්ථාවලදී රක්ෂණ ආවරණය ලබානොදීමේ පරිචිය වේ. එය නීතිවිරෝධී වෙනස්කොට සැලකීමක් ලෙස දකින අවස්ථාද තිබේ. එක්සත් ජනපදයේ දේපල රක්ෂණ කර්මාන්තයේ රතුඉරතැබීම එසේත් නැතිනම් ජනවර්ගය අනුව කි‍්‍රයා කිරීමේ දිගු ඉතිහාසයක් ඇත. විද්වතුන් ප‍්‍රජා කණ්ඩායම් කර්මාන්තය තුළ කි‍්‍රයාකරුවන් සහ රජයේ දෙපාර්තමේන්තු මගින් සිදුකරනු ලැබූ විමර්ශනවලත් උසාවි ලියකියවිලි අලෙවිකරණයේ මෙවලම් සහ කර්මාන්තය රක්ෂණය කර ඇති ආකාරය සැලකිල්ලට ගන්නාවිට පැහැදිලි වන්නේ ජනවර්ගය දිගුකලක් තිස්සේත් අදට පවතින ආකාරයටත් ප‍්‍රතිපත්ති සහ පරිචියන්වලට රක්ෂණ කර්මාන්තයේ බලපෑමක් සිදුවන වගයි.
වාරික තීරණය කිරීමේ සහ වාරික අනුපාත ව්‍යුහයන් ගණනය කළ හැකි සාධක ලෙස රක්ෂණකරුවන් සැලකිල්ලට ගන්නා දේ අතර ස්ථානගතවීම, ණයට සුදුසුකම් පෙන්වන ලකුණුමාලා, ස්තී‍්‍රපුරුෂ සමාජභාවය, වෘත්තීය, විවාහක තත්ත්වය සහ අධ්‍යාපන මට්ටම අඩංගු වේ. ඒ කෙසේවෙතත් එවැනි සාධක සැලකිල්ලට ගැනීම බොහෝවිට සලකන්නේ අසාධාරණ සහ නීතිවිරෝධී වෙනස්කොට සැලකීමක් ලෙසය. මෙම පරිචියට ප‍්‍රතිකි‍්‍රයාවක් ලෙස සමහර අවස්ථාවලදී රක්ෂණය සපයන්නන් වාරික තීරණය කිරීම ගැනත් එම සාධක සීමා කිරීමට නීතිමය මැදිහත්වීම් පිළිබඳව දේශපාලනමය අරගල මතුවී ඇත.
රක්ෂණය සපයන්නාගේ කාර්යභාරය වන්නේ අහිමිවීමක් සිදුවීමේ වියහැකිතාවය තක්සේරු කිරීමයි. එවැනි සාධකයක වැඩි ප‍්‍රවණතාවය තිබීමේදී න්‍යායානුකූලව වැඩි අනුපාතයකට ගෙවීම් තීරණය වනු ඇත. මෙම මූලධර්මය රක්ෂණ සමාගම් විසින් සාර්ථකව කි‍්‍රයා කිරීමට අනුගමනය කළ යුතු දෙයකි. එමගින් ”වෙනස් කොට සැලකීම් අවධානම” තක්සේරු කිරීමේදී සහ වාරික නියමකිරීමේ කි‍්‍රයාවලිය තුළදී මෙම රක්ෂණ මූලධර්මයේ අත්‍යාවශ්‍ය අනුප‍්‍රතිඵලයිකි. උදාහරණයකට රක්ෂණ ආයතනය වයෝවෘද්ධ මිනිසුන්ගෙන් ඉහළ වාරිකයක් ලබාගන්නේ තරුණ මිනිසුන්ට වඩා අවදොනමට ලක්විය හැකි නිසාය (මෙතැනදී වෙනස්කොට සැලකීමක් සිදුවේ). මෙම තර්කාන්විතය ජීවිත රක්ෂණයක හෘදයවස්තුව වේ. වයෝවෘද්ධ පුද්ගලයින් තරුණයින්ට වඩා කලින් මිය යන නිසා අහිමිවීමේ අවදානම රක්ෂණය සපයන්නාට වැඩිය. එමනිසා ඉහළ වාරිකයකින් එම අවදානම ආවරණය කරගත යුතුවේ. නමුත් රක්ෂණ ඉල්ලූම්කරුවන්ට වලංගු හේතු විරහිතව වෙනස්කොට සැලකීම නීතිවිරෝධී වෙනස්කොට සැලකිල්ලක් සේ සලකනු ලැබේ.
වාදයකින් බොහෝ විට පවසනු ඇත්තේ නීතිමය රක්ෂණය අතින් මූල්‍යමය අතින් සත්‍යය සාධක භාවිතය තහනම් කිරීම දී ඇති අවදානමට සරිලන මුදලත් අයනොකර ගැනීම සහ එමගින් ක‍්‍රමවේදය තුළ අඩුවක් පවතින බවයි. මෙම අඩුපාඩුව සපුරාලීමට අසමත්වීමෙන් සමාගමේ රක්ෂණ ගත් අයට ද්‍රවශීලතාවය අඩුවීමෙන් අපහසුතා දරාගැනීමට සිදුවීමයි. මෙම අඩුපාඩුව ආමන්ත‍්‍රණය කිරීමට කළ හැක්කේ අඩුපාඩුව වෙනත් ගිවිසුම්කරුවන්ගෙන් අය කිරීමත් එසේත් නැතිනම් රජයෙන් පැතීමය (එනම් සමාගමේ සිට බහුතර සමාජය කරා එය බාහිර කිරීමයි).
මෙවනි රක්ෂණ ඉතා පුළුල් පරාසයක නීතිමය ඉල්ලීම් කළ හැකි රක්ෂණ ක‍්‍රමයකි. බොහෝ රක්ෂණ වර්ගවල වගකීම ආවරණය කිරීමේ පැතිකඩක් ඇතුළත් වේ. උදාහරණයකට නිවෙස් හිමියෙකුගේ රක්ෂණ ගිවිසුම පරිශ‍්‍රය තුළ ලිස්සා වැටීමෙන් තුවාල ලබන කෙනෙකුගේ හානිය රක්ෂණයක් මගින් සාමාන්‍යයෙන් ආවරණය වේ. රථවාහන රක්ෂණයේදී අන් අයෙකුට කෙරෙන ජීවිත, සෞඛ්‍ය හා දේපල හානි පිළිබඳව සහ තවත් වාහනයක ගැටීමෙන් වෙන හානිය ආවරණයවීම රක්ෂණය කෙරේ. බැඳියාව සටහන්වන රක්ෂන ගිවිසුමක පැති දෙකක් ඇත. එකක් නීතිමය කි‍්‍රයාගනිද්දී නීතිමය ආරක්ෂාවටත් උසාවි නියෝගයක් අනුවත් ගෙවීමක් කිරීමට සිදුවේ නම් එයද ගෙවනු ලැබේ. බැඳියාවේ ගිවිසුම් සාමාන්‍ය වශයෙන් රක්ෂණය ලබාගත් පුද්ගලයාගේ නොසැලකිල්ල පමණක් ආවරණය වන අතර එය සිතාමනා හෝ කල්පනා කර කරන කි‍්‍රයාවලට වගකීමක් තබන්නේ නැත.
xපරිසර වගකීම් රක්ෂණය මගින් ආරක්ෂා වන්නේ කායික තුවාලවීම් දේපල හානිය සහ යම් කිසි අපද්‍රව්‍යයක් මුසුවීම සහ ගලායාම ශුද්ධ පවිත‍්‍ර කිරීමට යන වියදම ඊට අඩංගුය.
xවෘත්තිමය වගකීම් රක්ෂණයක් යටතේ වැරදි සහ අතපසුවීම් රක්ෂණ තිබේ. එම රක්ෂණය ඊ ඇන්ඞ් ඕ රක්ෂණයක් යනුවෙන් හඳුන්වයි.
xවෘත්තිමය වගකීම් රක්ෂණය වෘත්තිමය සේවයේ යෙදන ගෘහවිද්‍යා ශිල්පීන් නීතීඥවරු, වෛද්‍යවරු සහ ගණකාධිකරුවන් ඔවුන්ගේ සේවාදායකයින්, රෝගීන් විසින් කළ හැකි නොසැලකිල්ල පිළිබඳව නීතිමය කි‍්‍රයාමාර්ග ආවරණයවීමට යොදාගැනේ. වෘත්තිමය වගකීම් රක්ෂනය විවිධ නම් යටතේ වෘත්තිය අනුව වෙනස් වේ. මෙයට උදාහරණ කිහිපයක්ද ඇත. අවපරිචි රක්ෂණය වෛද්‍යවරන් විසින් ලබාගත හැක. නීතීඥවරු ඊ ඇන්ඞ් ඕ රක්ෂණයක් ලබාගත හැක. ඊ ඇන්ඞ් ඕ රක්ෂණ ලබාගන්නා අය අතර දේපළ වෙළඳුන්, ගෘහ නිරීක්ෂකයන් සහ තක්සේරුකරුවන් සහ වෙබ් අඩවි සංවර්ධකයන් ඊට අඩංගු වේ.
xඅධ්‍යක්ෂවරුන් සහ නිලධාරීන්ගේ වගකීම් රක්ෂණය සංවිධානයක් සාමාන්‍යයෙන් සංස්ථාවක අධ්‍යක්ෂවරුන් සහ නිලධාරීන් විසින් කෙරෙන අත්වැරදීම්වල ප‍්‍රතිඵලයක් ලෙස අන් අය ගන්නා නීතිමය කි‍්‍රයාදාම හා සම්බන්ධ වියදම් මෙම රක්ෂණයෙන් ආවරණය වේ. එය කෙටි නමක් වන ඞී ඇන්ඞ් ඕ වශයෙන් ද භාවිතා වේ.
xත්‍යාග මුදල් රක්ෂණය නිශ්චිත ඉසව්වකදී විශාල ත්‍යාග මුදල් ප‍්‍රමාණයක් දීමට සිදුවීම ආවරණය කරන රක්ෂණයකි. උදාහරණයකට ඊට ඇතුළත් විය හැක්කේ තරඟකරුවන්ට දැල්පන්දු කී‍්‍රඩාවකදී පිටියේ මැද සිට බෝලයක් ගැසීම හෝ එක පහරකින් ගොල්ෆ් තරඟයකදී ඉලක්කය හරහා බෝලය යැවීම වැනි අවස්ථාය.
මරණය ආබාධිත තත්ත්වයට පත්වීම සහ විරැකියාව වැනි අවස්ථාවකට ණය ලබාගන්නෙකු පත්වූ විට ණය රක්ෂනය මගින් සියලූ වගකීම් හෝ ඉන් කොටසක් ආපසු ගෙවනු ලැබේ. උගස් රක්ෂනයත් එක්තරා ආකාරයක ණය රක්ෂණයකි. නමුත් ණය රක්ෂනය යන වැකිය බොහෝ විට යොදාගන්නේ වෙනත් ආකාරයේ ණය ආවරණය වන විටදීය.
දේපල රක්ෂණය මඟින් ගින්නෙන් හෝ පැහැරගැනීම් හෝ කාලගුණික හානි නිසා හෝ සිදුවන හානි සඳහා දේපලවලට රක්ෂණ සලසයි. මෙම රක්ෂණ ක්‍රමය යටතේ ගිනි රක්ෂණය, ගංවතුර රක්ෂණය, භූමිකම්පා රක්ෂණය, නිවාස රක්ෂණය, අභ්‍යන්තර නාවික රක්ෂණය හෝ බොයිලර් රක්ෂණය යන විශේෂිකරණ වු රක්ෂණ ක්‍රම ඇත.
හානි රක්ෂණයේ තාක්ෂණික නිර්වචනය වන්නේ නැවතත් සම්පූර්ණ කිරීමයි. රක්ෂණ කොන්තරා් ත්තු දෙවර්ගයක් තිබේ. එකක් හානි රක්ෂණයයි. අනෙක කෙනෙකු වෙනුවෙන් ගෙවීමක් කිරීමේ රක්ෂණයයි. එය ලිඛිතව වැදගත් වුවත් කිරිඅනයාවේදී වැඩි වෙනසක් නැත.
හානි රක්ෂණයකදී තෙවැනි පාර්ශවයකට රක්ෂණය කරන්නා අතින් ගෙවූ පසු රක්ෂණය කිරිමකයාත්මක වේ. උදාහරණයකට අමුත්තෙක් ඔබ ගෙදරට පැමිණි විට පොළවේ ලිස්සා වැටීමෙන් අලාභ හානිවලට ඩොලර් 10000 ක් ජයගරඅමුහණය කළොත් හානි රක්ෂණය යටතේ එම නිවෙස් හිමියාට ඩොලර් 10000 ක් අමුත්තා අනතුරට පත්වීමෙන් ගෙවීමට සිදුවූයේ නම් ඔහු හානි රක්ෂණයකින් එම මුදල තෙක් රක්ෂණය වේ. එම තත්ත්වය යටතේම කෙනෙකු වෙනුවෙන් ගෙවීම එම රක්ෂණ සමාගම විසින් එම ඉල්ලීම අනුව නිවෙස් හිමියාට ගෙවීමෙන් ඔහුගේ වියදමෙන් පාඩු දරන්නේ නැත. බොහෝ නූතන වගකීම් රක්ෂණ මෙසේ ඒ වෙනුවට ගෙවීමේ ව්යදවහාරයෙන් ලියා තිබේ.
කෙනෙක් හෝ අවදානම තවත් කෙනෙකුට මාරු කිරීමට උත්සාහ ගන්නේ නම් ( පුද්ගලයෙක්, සමාගමක්, යම් ආකාරයේ සමිතියක් සහ වෙනත්) රක්ෂණය ලත් පාර්ශවය ඔහු වන අතර රක්ෂකයා ගිවිසුමක් මගින් රක්ෂණයක් ලෙස සැලකේ. සාමාන්යෂයෙන් රක්ෂණ ගිවිසුමකට අඩංගු වන්නේ අවම වශයෙන් පහත සඳහන් කොටස්ය. එම පාර්ශවයන් (රක්ෂණය ලබාගන්නා, රක්ෂණය සපයන්නා සහ වාසි හිමිකරුවන්) වාරිකය ආවරණය වන කාලය පුරා සහ ඒ විශේෂිගත අහිමිවීම සිදුවන අවස්ථාව ආවරණය වන මුළු පරර් මාණය සහ ආවරණය නොවන අවස්ථා ඊට අඩංගු වේ. එම නිසා රක්ෂණයක් ලත් කෙනෙකුට ඔහු හානි රක්ෂණ ආවරණයක් අහිමිවීමේ අවස්ථා සමහරකින් රක්ෂණය මගින් ආවරණය වේ.
නිශ්චිත අනතුරකින් අහිමිවීමක් අත්විඳින රක්ෂණ පාර්ශවයකට ආවරණය මගින් රක්ෂණ හිමියාට එය ගැන ඉල්ලීමක් ගිවිසුමේ නිශ්චිත වශයෙන් ආවරණය වී තිබෙන මුදල දක්වා ඉල්ලීම් කළ හැක. මෙම අවදානම පවරා ගන්නා රක්ෂකයා රක්ෂණය ලබන්නා විසින් මුදලක් ගෙවනු ලැබේ. එය වාරිකය නමින් හැඳින්වේ. න්යාකයානුකූලව ටික දෙනෙකුගේ ඉල්ලීම් සහ ව්යාීපාරික වියදම් පිරිමැහෙන්නේ බොහෝ දෙනෙක් රක්ෂණ වාරික පසුව ලබාගන්නා තෙක් ගෙවනු ලබන නිසාය. රක්ෂකයා අනුමාන කළ හැක්කේ අහිමිවීම්වලට සෑහෙන මූල්යා පර්ව තිපාදන වෙන් කළේ නම් ඉතිරි කොටස රක්ෂකයාගේ ලාභය වේ.
රක්ෂණය වාරික 2006 දී 8% කින් වැඩිවිය. එහි මුල්‍ය අගය ඩොලර් ට්‍රිලියන 37 කි. එතරම් වැඩිවිමට ලාභදායිතාව වැඩිවිම හා යහපත් ආර්ථික පරිසරයන් හේතුවිය. එනම් ස්ඛායි ආර්ථික වර්ධනයන්,, උද්ධමනය පාලනය හා කොටස් වෙළදපොල වර්ධනය ලාබදායිතාව නිසා ජිවිත රක්ෂණ හා සාමාන්‍ය රක්ෂණ යන දෙවර්ගයම වර්ධනය විය .ජීවිත රක්ෂණය වාරික 102% කින්ද, සමාන්‍ය රක්ෂණ 5% කින්ද 2006 ඉහල ගියේය. පසුගිය දශකයේ වාරික වර්ෂක වාරෟධනය 3% - 11% අතර දෝලනය විය.
සංවර්දිත ආර්ථිකයන් ලෝකයේ රක්ෂණ විශාල තොගයකට හිමිකම් කියයි. යුරෝපයේ වාරික වල ආදායම ඩොලර් බිලියන 1485 ක් විය. මෙය වැඩිම වාරික ආදායම් අගය වු අතර දෙවැනි ස්ථානය ඩොලර් බිලියන 1258 ක් ඉපයු උතුරැ අමරිකාවත්, ඉන්පසු ඩොලර් පබිලියන 801 ක් උපයා ආසියාවවේ තෙවනුවත් සිටි ලොව ජනගහනයෙන් 7% කට හිමිකම් පාන ජපානය හා මෙරිකාව එකතුව, 2006 රක්ෂණ වාරික ආදායමෙන් 43% කට හිමිතකම් පැහ. සිග්‍රහව වර්ධනය වන ආර්ථිකයන් හිමි රටවල මෙම දායකත්වය 10% ක් වුවත්, ලොව ජනගහනයෙන්95% ක් එම රටවලට හිමිට. එක්සත් රාජධානියේ ව්‍යපාර වලින් මෙම දායකත්වය ඩොලර් බිලිය 418 හෙවත් ලොව වාරික ආදායම් වලින් 11.2% කි විය.
රක්ෂණය වූවන්ට ආවරණයක් නිර්මාණය කිරීමෙන් රක්ෂණ සමාගමට සමහර විට ඔවුන්ගේ ගැනුම්කරුවන් එතරම් ආවරණයට වැසී නැති බව පෙනී යා හැක. මෙම ගැටළුව රක්ෂණ කර්මානන්තයේ හඳුන්වාදෙන්නේ සදාචාරාත්මක උපද්‍රවයක් ලෙසිනි. ඔවුන්ගේ මුල්ය අවදානම අඩු කිරීමට රක්ෂණ සමාගම් ගිවිසුම්වල එක්තරා කොන්දේසි පැනවීමෙන් එම රක්ෂණාවරණය ලබාගන්නා පුද්ගලයාගේ අවදානම් තත්වය ඉතාමත්ව වැඩි මට්ටමක පවතී නම් එයින් රක්ෂණ සමාගමේ වගකීම අඩුකරගත හැක.
උදාහරණයකට භයානක වෘත්තීන් හෝ අනාරක්ෂිත ක්‍රීඩාවල යෙදෙන පුද්ගලයින්ට ඉහළ මට්ටමක වාරිකයක් හෝ ආවරණයක් ලබානොදීමද සිදු කළ හැක. වගකීම් රක්ෂණ සපයන්නන් ස්වෙච්චාවෙන් කරන නීති විරෝධතාවලින් පැනනැගෙන අඩුපාඩුවලට ආවරණය නොසැපයීම එක් අවස්ථාවකි. එවැනි ආවරණයක් ලබාදීමට රක්ෂණ සපයන්නෙකු කැමති වුවත් ඒ සාමාන්‍යයෙන් බොහෝ රටවල පොදු ප්‍රතිපත්තියට විරුද්ධය. එවැනි රක්ෂණ පවත්වාගෙන නොයාමට නීති ඇති අතර එය සාමාන්යයෙන් නීති විරෝධී ක්‍රීයාවකි.
සමහර ප්‍රජාවන් තුළ ඔවුන් අතර සහ වෙනත් විධි යොදාගනිමින් ගිවිසුමකට අමතරව අවදානම් පැවරීම නිර්මාණය කර ඇත. අවදානමට නිශ්චිත ගුණයන්ද මේ මගින් ඉදිරිපත් කෙරේ. ආගමික කණ්ඩායම් බොහොමයක්ම මෙයට ඇමිෂ්වරුන් සහ මුස්ලිම් කණ්ඩායම් ව්යසනයක් සිදුවූ අවස්ථාවක ප්‍රජාවෙන් ලැබෙන සහය මත යැපෙති. දී ඇති පුද්ගලයෙකුට හිමිවන අවදානම සාමූහිකව බෙදාගැනීමෙන්ද මෙය සිදුකෙරේ. සහයවන ප්‍රජාවන් තුළ (අනුන් අන්යයන් විශ්වාස කළ හැකි සහ ප්‍රජා නායකයින් අනුව ක්‍රීයාකරන ප්‍රජාතුළ) මෙම තේරුම්ගැනීම මත පදනම් වුනු රක්ෂණය සාර්ථක වේ. මේ ආකාරයෙන් ප්‍රජාවට ඔවුන්ගේ සාමාජිකයන් අතර පවතින රක්ෂණගතවීමට සුදුසුකම්වල අනන්ත වෙනස්කම් තිබුනත් එය සමතුලිතතාවයකට ගෙනයා හැක. මෙවැනි රක්ෂණ ගිවිසුම් තුළ සාධාරනීකරණය කෙරෙන තවත් හේතුවක් වන්නේ සදාචාරාත්මක අනතුරු ඇගවීමයි. එක්සත් රාජධානියේ රැජින (ප්‍රයෝගික අවශ්යතාවයන්වලදී සිවිල්සේවාව) රජයේ ගොඩනැගිලි රක්ෂණය නොකරන ලදි. රජයේ ගොඩනැගිල්ලකට අලාභහානි සිදුවුණු අවස්ථාවක එහි ප්‍රතිසංස්කරණ වියදම් පොදු අරමුදල්වලින් ලබාදෙන්නේය. දිගුකාලීනව රක්ෂණවාරිකයන් ගෙවීමට වඩා මෙය ලාභදායී විය. නමුත් වර්තමානය වන විට බොහෝ රජයේ ගොඩනැගිලි පෞද්ගලික දේපල සමාගම්වලට අලෙවි කළ නිසා ඒවා කුලියට ආපසු ලබාගෙන ඇති නිසාත් මෙම ක්‍රමවේදය දැන් බහුලව දක්නට නැති අතර එය සම්පූර්ණයෙන්ම නැති වී ගොස් ඇතුවා විය හැක.
රක්ෂණකරුවා දෙවිදියකට මුදල් උපයයි.
රක්ෂණ ව්‍යාපාරයේ දුෂ්කරම කාර්යය වන්නේ රක්ෂණය සඳහා ප්‍රතිපත්ති සකස් කිරීමයි. දත්තයන් රාශියක් ගලපා රක්ෂණකරු විසින් තීරණය කළ යුතු වන්නේ අනාගතයේ සිය වගකීම් වලට එරෙහිව රක්ෂිතයා විසින් කරනු ලැබිය හැකි ඉල්ලීම් කවරේද හා ඒවා සඳහා මිල නියම කිරීම යන කරුණුය.
මේ සඳහා ඔවුහු සම්භාවිතා විද්‍යාව යොදා ගනිමින් අනාගත අවදානමට සරිලන ආකාරයේ මූලික අය කිරීම් කළ යුතු ප්‍රමාණය ගණනය කරති.මෙහිදී ලබාදී ඇති අවදානම් අතුරින් අනාගත ගෙවීම් සඳහා ඉල්ලීම් ඇති විය හැකි ප්‍රමාණය ලබා දී ඇති දත්ත ඇසුරින් නියත ලෙස ගණන් බලනු ඇත. සම්භාවිතා විද්‍යාව මඟින් සංඛ්‍යා හා අනාගතයේදී විය හැකි ආවරණය කර ඇති උපද්‍රව වල වපසරිය දැන ගන්නා අතරම එයින් රක්ෂණකරුගේ සම්පුර්ණ අනාවරණය දැනගත හැකිය. රක්ෂණ ඔප්පුව අවසාන කිරීමේදී එකතු කර ගන්නා ලද මූලික ගෙවීම් අඩු කොට උපද්‍රව සඳහා කරන ලද ගෙවීම්ද අඩුකොට අවසානයේදී ලාභය ගණන් බලනු ලැබේ. ඇත්ත වශයෙන්ම රක්ෂණකරුගේ පැත්තෙන් සාපේක්ෂව බලන කල සමහර ඔප්පුහිමියන් ජයග්‍රහණය කර ඇත.( උදා- රක්ෂණකරු ඔප්පු හිමියාගෙන් මුලික ගෙවීම් හා අය කර ගන්නා මුදලට වඩා වැඩිපුර වියදම් කර ඇත.)
රක්ෂණකරු රක්ෂණය කිරීමේ ක්‍රියාකාරිත්වය තක්සේරු කරනුයේ ඔහුගේ රක්ෂණ ආදායම හා උපද්‍රව වලට ගෙවීම් අතර ඇති අනුපාතය මතය. පාඩු අනුපාතය ( ලැබු ශුද්ධ මූලික ඉපයීමෙන් අලාභ සඳහා ගෙවීම් හා අලාභ සඳහා ගෙවීමට සකස් කර ඇති වියදම් බෙදීමෙන් ගණනය කරනු ලැබේ.) වියදම් අනුපාතයට ( රක්ෂණ වියදම් මුලික මුදල් ආදායමින් බෙදනු ලැබේ.) එකතු කිරීමෙන් සමාගමේ අනුබද්ධිත අනුපාතය තීරණය කරනු ලැබේ. මෙම අනුබද්ධිත අනුපාතය වනාහි ව්‍යාපාරයේ සම්පුර්ණ රක්ෂණ ලාභය පිළිබිඹු කර දක්වන්නකි. 100% අඩු අනුබද්ධිත අනුපාතය ව්‍යාපාරයේ රක්ෂණ ලාභය දක්වන අතර 100% වැඩි අනුපාතය රක්ෂණ පාඩුවක් පෙන්වයි.
රක්ෂණ සමාගම් ආරම්භක මුලධනයෙන්ද ලාභයක් උපයයි. මේ මුදල් ලැබෙන්නේ ආරම්භයේදී මුලික මුදලක් ලබා ගන්නා නමුත් අනතුරු සඳහා මුදල් ඉල්ලීම් නොසිදුවන විට අත ඉතිරි වන මුදල් නිසාය. මේ නිසා රක්ෂණ සමාගම් සිය මුලික අරමුදල අනතුරු ඉල්ලීම් කරන්නට පෙරම ආයෝජනය කිරීමට පෙළඹෙති. 2003 න් අවසන්වූ වර්ෂ 05 තුළ පමණක් එක්සත් රාජධානියේ දේපල හා අනතුරු රක්ෂණ සමාගම්වල පාඩුව ඇමරිකානු ඩොලර් බිලියන 142.3 ක් විය. නමුත් එම කාලසීමාවේ දීම අතැති මුදල් ආයෝජනයෙන් එම සමාගම් ලැබූ ලාභය ඇමරිකානු ඩොලර් බිලියන 68.4 විය. හැන්ක් ග්‍රීන්බර්ග්Z වැනි රක්ෂණ ව්‍යාපාරයේ රැදීසිටින සමහර සමාගම් අතැති මුදලින් ලාභ ඉපයීම සැමදා කළ හැකි කාර්යයක් ලෙසනොසලකති. කෙසේ වෙතත් මේ අදහසට පොදු ව්‍යාපාරිකයෝ එකඟ නොවෙති. ස්වභාවයෙන්ම ආර්ථික වශයෙන් පරිහානියක් පවතින අවස්ථාවක මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම උගහටය. කොටස් වෙළඳ පොල වැටෙතැයි සැකසිතන අවස්ථාවලදි ව්‍යාපාරිකයෝ මෙම අයෝජනය පසෙකලා රක්ෂණ කාර්යයෙන් ලාභ ඉපයීමට පෙළෙඹෙති. රක්ෂණය සඳහා මුලික මුදල් ලබාගැනීම දිළිඳු ආර්ථිකයක ලක්ෂණයකි. මෙසේ ලාභ ලැබෙන හා පාඩු ලැබෙන කාලසීමා අතර එහා මෙහා පැද්දීම රක්ෂණ චක්‍රයක් ලෙස හඳුන්වනු ලැබේ.
දේපල හා අනතුරු රක්ෂණකරුවෝ සිය වාහන රක්ෂණ කාර්යයන්ගෙන් වාසි ලබති. සමාන්‍යයෙන් මෙවැනි ව්‍යාපාර වලදී වාහන නැතිවීම් හා වෙනත් අනතුරු වලදී පරිගණක ආධාරයෙන් ලැබෙන දත්ත ප්‍රයෝජනයට ගත හැකිවේ. එක්සත් ජනපදයේ ස්වභාවික විපත් නිසා සිදුවන අලාභ ප්‍රමාණය සිත් අවුස්සන සුළුය.
අවසාන වශයෙන් අලාභ සඳහා වන්දි ඉල්ලීම් හා අලාභ සඳහා ගෙවීම් රක්ෂණයේ ද්‍රව්‍යමය වශයෙන් ඇති උපයෝගීතාවයයි. අලාභ ගෙවීම් කාර්යයේදී රක්ෂිතයාගේ තෘප්තිමත් භාවය වැදගත්ය.මේ කටයුතු සඳහා වැයවන පරිපාලනමය වියදම් මෙන්ම අලාභ ගෙවීමේදී විය හැකි සුළු පාඩු ගැනද රක්ෂණ කළමනාකරණයේදී සැළකිලිමත් විය යුතුවෙයි. මෙම තුලනය කිරීමේ කාර්යයේ කොටසක් ලෙස ව්‍යාජ රක්ෂණකරුවන් පහළ වීම රක්ෂණ ව්‍යාපාරයට මහත් අවදානමක් වන බැවින් එම තත්ත්වය වළක්වා ගැනීමට කළමනාකරණය කරගැනීම අවශ්‍යයෙන්ම කළයුත්තකි.
නව රක්ෂණ ක්‍රම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ ව්‍යාපාරික පේටන්‍ට් බලපත්‍ර ලබා ගත හැක. ටෙලිමටික් වාහන රක්ෂණ ක්‍රමය මෑතක දී පේටන්ට් බල පත්‍රයක් ලබා ගත් එවැනි රක්ෂණ ක්‍රමයකි. එය හඳුන්වා දී පේටන්ට් බලපත්‍රයක් ලබා ගත්තේ ප්‍රොග්‍රෙසිව් ඔටෝ ඉන්ෂුවරන්ස් (U.S. Patent 5.797.134) සහ ස්පාඤ්ඤයේ ස්වාධීන නව නිපැයුම් හඳුන්වා දෙන සැල්වදෝර් මින්ගුවි ජෙරෙස්ය (EP Patent 0700009).
රියපැදවීමේ දී රියදුරාගේ හැසිරීම් රටාව සෘජු නිරීක්ෂණයට ලක් කර එම නිරීක්ෂණයන් රක්ෂණ සමාගමට සැපයීම මෙම ටෙලිමටික් වාහන රක්ෂණ ක්‍රමයේ මුලික අරමුණ වේ. එම නිරීක්ෂණ තොරතුරු මත පදනම්ව අනතුරු සඳහා රියදුරුගේ නැඹුරුතාවයක් තිබේ දැයි තක්සේරු කර ඒ අනුව රක්ෂණ වාරිකය සකස් කරනු ලැබේ. උදාහරණයක් වශයෙන් දුරගමන් අධික වේගයෙන් රිය පදවන රියදුරකුගෙන් අයකරන රක්ෂණ වාරිකයට වඩා අඩු වාරිකයක් කෙටි දුරක් අඩුවේගයෙන් ධාවනය කරනු ලබන රියදුරකුගෙන් අය කරනු ලැබේ. අධික වේගයෙන් දුර ගමන් යන රියදුරකුගෙන් ඇති අවදානම, කෙටිදුර අඩු වේගයෙන් යන රියදුරකුගෙන් වන අවදානමට වඩා වැඩි ද යන්න නියත වශයෙන් පැහැදිලි නැති නිසා මෙසේ අය කිරීමෙහි නියත බලපෑම හඳුනාගෙන නොමැත. නෝර්වේ යුනියන් නමැති බ්‍රිතාන්‍ය වාහන රක්ෂණ සමාගම, ප්‍රෝගසිව් පේටන්ට් සහ පෙරෙස් පේටන්ට් සඳහා බලපත්‍ර ලබාගෙන ඇත. එම සමාගම යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ආයෝජනය කර ඇති අතර 'රිය පදවන අතර ගෙවන්න ' යනුවෙන් නව රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දී ඇත. ප්‍රෝග්‍රෙසිව් ටෙලිමටික් තාක්ෂණයෙහි වාණිජමය ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෑතකදී කරන ලද න්‍යායාත්මක පර්යේෂණයකින් මෙම පේටන්ට් ක්‍රමය සමාජ සුභ සාධනය කෙරෙහි බලපාන අන්දම පිළිබඳව ප්‍රශ්න කර ඇත. මුලික සොයාගැනිම් අනුව මෙය සම්මත ක්‍රමයක් නොවන බව හඳුනාගෙන ඇති අතර තවත් වැඩිදියුණු කළ යුතුව ඇති බව පෙන්වා දී ඇත.
නව රක්ෂණ ක්‍රම සඳහා පේටන්ට් බලපත්‍ර ලබා ගැනීමට බොහෝ ස්වාධීන නව නිපයුම් ඉදිරිපත් කරන්නන් විශේෂ කැමැත්තක් දක්වනුයේ මෙම නව ක්‍රම වෙළඳපලට ඉදිරිපත් කිරීමේ දී මහා පරිමාණ රක්ෂණ සමාගම් වලින් ඔවුන්ට ආරක්ෂාව ලැබෙන හෙයිනි. ඇමරිකා එක්සත් ජනපදයේ රක්ෂණ පේටන්ට් බලපත්‍ර අයදුම්කරුවන්ගෙන් 70% ක්ම ස්වාධින නව නිපයුම් හඳුන්වා දෙන්නන් වේ. බොහෝ රක්ෂණ සමාගම් ප්‍රධානීන් මෙම රක්ෂණ පේටන්ට් බලපත්‍ර වලින් ඇතිවන විශාල අවදානම නිසා එයට විරුද්ධය. උදාහරණයක් ලෙස හාට්ෆොර්ඩ් රක්ෂණ සමාගමට පේටන්ට් රක්ෂණ ක්‍රමයක් සොරකම් කිරීම හා නීතිය උල්ලංඝනය කිරීම වෙනුවෙන් පේටන්ට් බලපත්‍ර හිමි ස්වාධින නව නිපයුම් හඳුන්වා දෙන බැන් කෝර්ප් සර්විසස් සමාගමට ඩොලර් මිලියන 80 ක් ගෙවීමට සිදුවිය. මේ වනවිට ඇමරිකා එක්සත් ජනපදයේ වාර්ෂිකව නව රක්ෂණ පේටන්ට් බලපත්‍ර අයදුම් පත් 150 ක් පමණ ඉදිරිපත් වේ. 2002 වර්ෂයේ දී නිකුත් කරන ලද පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාව 15 ක් විය. 2006 වන විට එය 44 දක්වා වැඩිවිය.
රක්ෂණ ඔප්පු සංකිර්ණ විය හැකි අතර සමහර ඔප්පු හිමියන් ඔප්පුවේ ඇතුළත් සියලු ගෙවීම් හා ආවරණයන් හොදින් තෙරුම් නොගෙන තිබිය හැකිය. එහි ප්‍රතිඵලයක් ලෙස මිනිසුන් විසින් අනවශ්‍ය හේතු මත ඔප්පු මිලදී ගැනීම සිදු කළ හැකිය. මෙම ගැටලුවට ප්‍රතිචාර ලෙස බොහෝමයක් රටවල් විසින් ඔප්පු සදහා අවම සම්මත හා ඒවා ප්‍රචාරණය හා විකිණීම සිදු කරන ආකාරය ඇතුළත්ව රක්ෂණ ව්‍යාපාරයේ සියලු අංශ පාලනය කරන විස්තරාත්මක ව්‍යවස්ථානු කූල අධිකාරයක් නීති ගත කර ඇත.
බොහෝමයක් ආයතනික රක්ෂණ මිලදී ගන්නා රක්ෂණ බෝකර්කරුවන් හරහා රක්ෂණය මිලදී ගැනීම සිදු කරයි. බ්‍රෝකර්කරුවන් මිලදී ගන්නන් නිරූපණය කරන අතර (රක්ෂණ සමාගම නොවෙයි.) මිලදී ගන්නන්ට සුදුසු ආවරණ හා ඔප්පු සීමා ගැන ඔප්පු ලබාදෙයි. බ්‍රෝකර්වරු සාමාන්‍යයෙන් බොහෝමයක් රක්ෂකයන් සමග කොන්ත්‍රාත්තු දරා සිටින අතර එම නිසා බ්‍රෝකර්වරයාට හොදම ගාස්තු හා ආවරණය සදහා වෙළෙද පොළ සෙවීම සිදු කළ හැකිය.
ඒජන්තවරයෙකු හරහා ද රක්ෂණ ඔප්පුවක් මිලදී ගත හැකිය. ඔප්පු හිමියන් නිරූපණය කරන බ්‍රෝකර්වරුන් මෙන් නොව ඒජන්තවරුන් නිරූපණය කරන්නේ ඔප්පු හිමිකරුවා මිලදී ගැනීම් සිදු කරන රක්ෂණ සමාගමය. ඒජන්තවරයෙකු සමාගම් එකකට වඩා වැඩි ප්‍රමාණයක් නියෝජනය කිරීම සිදු කරයි.
බෙහෝ රටවල ජීවත රක්ෂණ සමාගම් හා සාමාන්‍ය රක්ෂණ සමාගම් වලට අදාළ වන රෙගුලාසි, බදු පනත්, ගිණුම්කරණ නිති එකිනෙකට වෙනස් වේ. එයට හේතුව ජිවිත රක්ෂණ යනු ඉතා දිගු කාලින ආයෝජනයක් විමත්, දේපල ආදිය රක්ෂණයන් කිසියම් කාලයකට වලංගු වීමත්ය. (බහෝවිට අවුරැද්දක්) ඇමරිකාවේ සම්මත ආකාරයේ රක්ෂණ සමාගම් ප්‍රධාන වශයෙන් අවශ්‍ය වන දේපල රක්ෂණය කරයි. එනම් නිවාස, රථවාහන, ව්‍යාපාර ස්ථන වැනි මෙම රක්ෂණයන් සැම පුද්ගපයෙකුටම සමාන ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. අතිරික්තය ආකාරයේ (Excess Line) රක්ෂණයන්ට වඩා අඩු දිමනාවක් මෙහි ඇත. රටේ නිතිය මගින් මෙහි මිල පාලනය කල හැක. ඕනෑම පුද්ගපයෙකුට අලෙවි කල හැක.
Excess Line රක්ෂණයක් මගින් අනෙකුත් රක්ෂණයන්ගෙන් ආවරණය නොවන ආපදාවන් සලකයි. මෙහිදි රජය විසින් ආපදා ලෙස සම්මත නොවු අවදානම් අවස්තා රක්ෂණය කරයි. මෙ රක්ෂණ සමාගම් වඩා නම්‍යශිලී හා වේගවත් වේ. එයට හේතුව ඔවුන්ට පොලිය ගැන හා ආකෘති පත් අනවශ්‍ය වීමයි. කෙසේ වෙතත් මෙම රක්ෂණ සමාගම් වලට වැදගත් රෙගුලාසි පනවා ඇත. රටේ නීතියට අනව සාමාන්‍යයෙන් මෙම රක්ෂණයන් ඇති ආයතන අලෙවිකළ නොහැකිය.
රක්ෂණ සමාගම් සාමාන්‍යයෙන් Mutual හා Stock ලෙස වර්ගිකරණයට ලක් කරන ලදි. නමුත් Mutual වර්ගයේ ආයතන වර්තමානයේ දුර්ලභ වේ. Mutual සමාගමේ රක්ෂණ ඔප්පුව හිමි තැනැත්තාට අයිතිවු අතර Stock (කොටස් ) රක්ෂණ සමාගම්වල කොටස් හිමිකරුවන්, ආයතනයේ අයිතිකරුවන් විය. අනෙකුත් සමාගම් වර්ග ලෙස " පරස්පර" රක්ෂණ සමාගම් (එනම් රක්ෂණ ඔප්පුවල හිමිකරුවෝ එකිනෙකා හා ආපදාවන් බෙදාගැනිම) හා Lloyd ආයතන (සැම නිකුත් කරන නව ඔප්පුවකටම වගකිමෙන් කොටසක් වත්මන් ඔප්පු හිමියන්ට පැවරේ).
රක්ෂණ සමාගම් A.M. Best වැනි ආයතන වලින් ඇගයිමට ලක්කර ඇත. මෙහිදි රක්ෂණ සමාගමේ මුල්‍යමය ස්ථායිතාව, එනම් රක්ෂණ ගෙවිමට ඇති හැකියාව සලකා බලයි. රක්ෂණ සමාගම් විසින් නිකුත් කළ අනෙකුත් මුල්‍යමය ඔප්පු (බැදුම්කර ආදිය) ද තක්සේරු කිරිම සිදු කරයි.
ඇතැම් රක්ෂණ ඔප්පු හා ක්‍රියාවලීන්ට " Rent Seeking" නාමය භාවිතා කරයි. ඒ ඇතැම් රක්ෂණ ඔප්පු නීතියෙන් බද්දක් අඩු කිරීම වැනි වාසින් සපයයි. ඇමෙරිකානු බදු නිතියට අනුව විචල්‍ය වාරික හා ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට, ඔවුන්ගේ රක්ෂණ පාරිතෝෂිත (Premium) කොටස් වෙළඳපොලේ ආයෝජනය කර බදු කල් දැමීමට හෝ අවලංගු කිරිම කළ හැකිය. මෙම හේතුව නිසාම රක්ෂණයට පෙලඹෙන්නෝ වෙති. තවත් උදාහරණයක් ලෙස රක්ෂණ හිමියන් ඉඩම් බද්දෙන් නිදහස් විම පෙන්විය හැකිය.
රක්ෂණ සමාගම්වල දෝෂයන්
සමහර පුද්ගලයින් යනු රක්ෂණ සමාගම් මුදල් ඉපයිට පමණක් ආරම්භ කල සමාගම්ය. එහිදි ඔවුන් රක්ෂණ සමාගම් වල අරමුණ ආපදා පැතිරිම හා එගින් තවත් රක්ෂණ ඔප්පුන් අලෙවි කිරිම සිදුකරන බවට තර්ක කරයි.
අනෙක් දෝෂාරෝපණ නම්
රක්ෂණ කොන්දේසි බොහොමයක් මගින් ලබදෙන ආවරණය සිමා සහිත බව (උදා - නිවාස රක්ෂණයෙන්, තාප්පයට සිදුවන හානි ආවරණය නොවිම) |
රක්ෂණ සමාගම්වල දුරකථන ඇමතුම් ඔස්සේ සිදු කරයි. මෙහිදි අත්දැකීම් වලින් තොර පුද්ගලයින් යම් ලේඛණයක් භාවිතයෙන් පිළිතුරු ලබාදෙයි. නමුත් විශේෂඥ දැනුමත් ඇත්තෙකු හා කථාකිරිමට ඇති හැකියාව අවම වේ. |
සමාගම් ඔවුන්ගේ රක්ෂණ ඔප්පුව, රක්ෂණ සමාගම් වලට අලෙවි කර ඔවුන් මුහුන දෙන විශාල පාඩු ලැබීමේ ආවදානම අඩුකරයි. මෙම කේෂ්ත්‍රය විශාල සංචිත ඇති සමාගම් කිහිපයක් විසින් පාලනය කරයි. පුනරක්ෂකයා යනු රක්ෂණ සමාගම් වල අවදානම ගැන රචකයෙකු විය හැක.
Captive Insurance යනු ඔවුන්ගේ සමාගමේ හෝ මව් සමාගමේ මුල්‍යමය අවදානම් වලට සිමා වු රක්ෂණ සමාගම් වර්ගකයකි සමහරක් විට මව් සමාගමේ පාරිභෝගියන්ද රක්ෂණයට මෙය ඉදිරිපත් විය හැක. මෙහිදි සම්පු්ණයෙන් එක් ව්‍යපාරයක්ද, අන්‍යෙන්‍ය ව්‍යාපාර හා හවුල් ව්‍යාපාර ලෙස වු වර්ගයේ සමාගමකට මෙම රක්ෂනය තිබිය හැක. හවුල් (වෘත්තිය පිරිස්, වානිජ හා ක්ෂේත්‍රයන්) මෙම රක්ෂණයන් ආර්ථික බදු සහගත ඔවුන්ගේ පාරිබෝගිකයන් ලබා දිය හැක. එනේම වියදම අඩු විම නිසා මුල්‍යමය වාසිද ඇත. එමෙන්ම මෙම රක්ෂණයන්, සාමාන්‍ය රක්ෂණ වල ලබා නොදෙන පහසුකම් අඩු මිලට ලබා දෙයි.
මවු සමාගම වෙනුවෙන් මෙම සමාගම් ආවරණය කරන අවදානම් අතර දේපළ හනි, පොදු ජනතාව හා නිෂ්පාදනයට වගකිම් වෘත්තිය හානි පුර්ණය, සේවක දිමනාව, සේවකයාලේ වලගනිම් රථවාහන හා සෞඛ්‍ය වියදම් තිබේ. පුන රක්ෂණයේදි සමහරක් අවදානම් වලට ඇති ආවරණය සිමිතිය. මව් සමාගමේ අපාදා කළමණාකරනේයිද හා අවදානම් සදහා මුල්‍ය කටයුතු සම්පාදනයේදි මෙම රක්ෂණ වැදගත් ඒ පහත කරැණු නිසාය.
ආවරණයේ ඇති අධික වාරික මුදල |
සමහර අවදානම් ර්ෂණ ආවරණ වලට ඇතුලත් නොවිම |
වෙළදපොල නැඹුරැව ගැන පුද්ගලික අත්දැකිම් නැතිවිමට වඩා සලකන ඇගයුම් ආකෘති |
අඩුකල හැකි හෝ පාඩු ලබන පාලන ක්‍රමයන්ට මුදල් මදි වීම |
"රක්ෂණ උපදේශකයෝ" ලෙම හදුන්වන සමාගම්ද ඇත. තැරැව්කරැවකු මෙන් පාරිභෝගිකයාගෙන් ුදල් ලබාගෙන සුදුසු රක්ෂණ ඔප්පු ලබාදේ "රක්ෂණ තැරැව්කරැ" විම සමාන වුවත් ඔහු රක්ෂණ සමගනේ සමාගමට යන අතර, රක්ෂණ සමාගමෙන් මුදල් ලබා ගනී. මෙම සමාගම් වර්ග දෙකකට රක්ෂණ සමාගම් නොවන නිසා රක්ෂණ අවදානම නොපැවරේ. තුන්වන පාර්ශවයේ පරිපාලකයෝ රක්ෂණ සමාගමේ පුනරික්ෂණ හා රක්ෂණ සේවා කටයුතුද රක්ෂණ සමගම වෙනුවෙන් සිදු කල හැක. බොහෝ විට මෙම සමාගම් වලට වඩා පවීනතාවක් ඇත. රක්ෂණ ඔප්පුවක් ගැනිමේදී එම සමාගමේ ආර්ථික ස්ථාරවත්වය හා හැකියාව සැළකිම වැදගත් වේ.වර්තමානයේ ගෙවවන වාරිකය ඇත. අනාගතයේ වන අනතුරකින් ද ආවරණයක කල යුතුයි. බැවින් රක්ෂණ සමාගමේ ස්වශක්තිය වැදගත්ය. බොහෝ සමාගම් බංකලොත් භාවයට පත්විම නිසා පාරිභෝලිකයන්ට සකිසිදු ආවරණයක් හෝ රජයෙන් සුළු අවරණටක් ලැබි ඇත. Best's Fitch, Standed & Fitich Standat & Poors හා Moody's Inrestors වැනි ආයතන මෙම ස්වශක්කිය පිළිබද තොරතුරැ ලබාදේ.
| The insurance industry and rent seeking |}
This article uses material from the Wikipedia සිංහල article රක්ෂණය, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.