යතුරුපැදිය

යතුරු පැදිය (බයිසිකලය, මෝටර් බයිසිකලය, සයිකලය) රෝද දෙකක් හෝ තුනක් සහිත මෝටර් වාහනකි.

දිගු දුර ගමන්, ක්‍රමික ගමන්, සැරිසැරීම්, යතුරු පැදි ධාවන තාරග ආදී ක්‍රීඩා, පාරෙන් පිට ධාවනය යන විවිධාකාර වූ අරමුණු වලට ගැලපෙන පරිදි යතුරු පැදිය නිර්මාණය කර ඇත. යතුරු පැදි ධාවනය, යතුරු පැදි සමාජයකට එක්වීම සහ යතුරු පැදි රැලි වලට සහභාගි වීම යතුරු පැදි සම්බන්ධ සමාජ ක්‍රියාකාරකම් වෙයි.    1894 දී හිල්ඩ්බ්‍රෑන්ඩ් සහ වොල්ෆ්මුලර් ලොව පළමු යතුරු පැදි නිශ්පාදන මාදිලිය බවට පත් වූ අතර එය පලමුවෙන්ම යතුරු පැදියක් බවට නම් කරන ලදි.වසර 2014 දී හොන්ඩා, යමහා (ජපානය) සහ හීරෝ මොටෝකෝර්ප්(ඉන්දියාව) ලොව ප්‍රමුඛ යතුරු පැදි නිශ්පාදකයන් බවට පත්විය.

යතුරුපැදිය
පැරණි නෝර්ටන් යතුරු පැදියක්
යතුරුපැදිය
1952 ලැම්බ්‍රෙටා125 ඩී ස්කූටරය

යතුරුපැදි දියුණු වන ලෝකයෙහි සුඛෝපභෝගී  භාණ්ඩයකි. යතුරුපැදි වැඩි වශයෙන් භාවිත වන්නේ විනෝදය සඳහා සහ ජීවන රටාවෙහි අංගයක්  ලෙස හෝ තම පෞද්ගලික අනන්‍යතාවයෙහි සංඛේතයක්  ලෙසයි.දියුණු වෙමින් පවතින රටවල් වල යතුරුපැදි භාවිතය ඉතාම බහුල වීමට බලපාන  කරුණු අතර මිලෙන් අඩුවීම සහ ඉන්ධන අරපිරිමැස්ම ප්‍රධාන වේ.ලෝකය පුරා  භාවිතවන මුළු යතුරුපැදි ප්‍රමාණයෙන් 58%ක් ජපානය හැර අනෙකුත් ආසියා ශන්තිකර කලාපය,දකුණු සහ නැගෙනහිර  ආසියාතික රටවල්  වල භාවිතවේ.

ඇමරිකානු ගමනාගමන දෙපර්තමේන්තුව පවසන අන්දමට සැතපුමකදී  යතුරුපැදි නිසා සිදුවන මාරක අනතුරු ප්‍රමාණය මෝටර් රථ නිසා සිදුවන මාරක අනතුරු මෙන් 37 ගුණයක් බවයි.

වර්ග

යතුරුපැදිය 
කෲසර් යතුරුපැදියක්(ඉදිරිපස) සහ ක්‍රීඩා යතුරුපැදියක් 
යතුරුපැදිය 
සයිඩ් කාරය සහිත යතුරුපැදියක්
යතුරුපැදිය 
ප්‍රංශ ජෙන්ඩා(ර්)ම් යතුරු පැදිකරු

"‍යතුරුපැදිය" යන පදය සඳහා පවතින නීතිමය අර්ථ කථනයන් අධිකරණ බලයට අනුව වෙනස් වේ. 

වීදි ධාවනය, රළු මාර්ග ධාවන යතුරුපැදි සහ එම අවස්ථා දෙක සඳහාම  නිර්මාණය කරන ලද  යතුරුපැදි වර්ග තුනක් වේ.ඉහත සඳහන්  යතුරුපැදි  කාණ්ඩ තුනට අයත් අණු කාණ්ඩ යටතේ එන විවිධ ක්‍රියාකාරකම් සඳහා  භාවිතා කරන යතුරුපැදි ඇත,ඒවා අතර ධාවන තරඟ වලට යොදා ගන්නා මාර්ග ධාවන සහ වීදි යතුරුපැදි හෝ  රළු  මාර්ග ධාවන තරඟ යතුරුපැදි සහ ත්‍රාස්‍යජනක ක්‍රියාකරකම්  සඳහා යොදා ගන්නා යතුරුපැදි වේ.

කෲසර්,ක්‍රීඩා යතුරුපැදි,ස්කූටර් සහ මොපෙඩ් යන  යතුරුපැදි වීදි යතුරුපැදි කාණ්ඩයට අයත්වේ.රළු මාර්ග ධාවන යතුරුපැදි   කාණ්ඩය යටතේ එන රළු මාර්ග ධාවන  තරඟ  සඳහා යොදා ගන්නා යතුරුපැදි ඇතැම් ප්‍රදේශ වල මාර්ග ධාවනය සඳහා යොදා ගැනීමට  නීතිමය  අවසරයක් නොමැති අතර  දිත්ව ක්‍රීඩා මාදිලියට අයත් රළු මාර්ග ධාවන යතුරුපැදි  වීදි ධාවනය සඳහා නීත්‍යානුකූල සහ සුව පහසු වන  අන්දමේ විශේෂ ලක්ෂණ වලින් සමන්විත වේ.

ඉහත සඳහන් සෑම  ආකෘතියකටම අයත් යතුරුපැදි ඊටම ආවෙණික වූ  විශේෂ වාසී හෝ පුළුල්  හැකියවන්ගෙන් සමන්විතවේ.

ඉතිහාසය

පර්යේෂණ සහ සොයාගැනීම්

යතුරුපැදිය 
ඩයම්ලර්-මේබෑෂ් රීට්වැගන් අණුරුවක්

ඩයිම්ලර් රෙයිට්වැගන් යනු ඛණිජ තෙල් අන්තර් දහනය මගින් බල ගැන්විය හැකි පළමු යතුරුපැදිය වන අතර එය නිර්මාණය කරන ලද්දේ  ජර්මනියේ බාඩ් කැන්ස්ටට් ප්‍රාන්තයේ විසූ ගොට්ලීබ් ඩයිම්ලර් සහ විල්හෙල්ම්  මේබච් යන ජර්මානු ජාතික නව නිර්මාණකරුවන්  දෙදෙනා විසින් 1885 වර්ෂයේ දීය. මෙය එම කල නිපදවූ අනෙකුත් ආරක්ෂිත පාපැදි  හෝ බෝන්ශේකර් පාපැදි මෙන් නොවීය. මන්ද යත් එහි පැදවුම්(සුක්කානම) අක්ෂයේ ආනතිය ශුන්‍යක් වූ අතර පටිකරුව(ෆෝර්ක් අත) අනුලම්භ නොවීය. මේ අනුව මෙම නිෂ්පාදන සදහා වසර 70කට පෙරාතුව වැඩිදියුණුකළ පාපැදි හෝ යතුරුපැදි ගතිවිද්‍යා මුලධර්ම භාවිතා කර නොමැති බව තහවුරු වේ. ඒ වෙනුවට හැරවීමෙදී සෘජුව පවතින රෝද දෙකකින් මෙය සමන්විත් වේ.

නිර්මාණකරුවන් ඔවුන්ගේ නිර්මාණය රීට්වැගන් ලෙස නම් කිරීමට හේතුව නම් ඔවුන් එය නිර්මාණය කර තිබුනේ හුදෙක්ම වාහනයක මූලාකෘතියක් ලෙස නොව ඔවුන්ගේ නව එන්ජිම පරීක්ෂා කරගැනීම සඳහා යෝග්‍ය ඇටවුමක් ලෙස වීමයි .

යතුරුපැදිය 
බට්ලර්ගේ පේටන්ට් වෙලෝසයිකලය

වාණිජ්‍ය අරමුණකින් නිර්මාණය වූ ප්‍රථම ස්වබලයෙන් ක්‍රියාත්මක වන පාපැදිය වනුයේ රෝද තුනක් සහිත්  බට්ලර් පෙට්‍රල් සයිකල් නම් බ්‍රිතාන්‍ය ජතික එඩ්වඩ්  බට්ලර් විසින් 1884 දී කරන ලද නිර්මාණයයි. ඔහු  වාහනය නිපදවීම සඳහා සැලැස්මක් 1884 දී ලන්ඩනයේ පවත්වන ලද ස්ටැන්ලි සයිකල්  දැක්මෙහිදී ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කරනු ලැබීය. එම වාහනය 1888දී ග්‍රීන්විච් හි මේරිවෙදර් ෆයර් එන්ජින් නැමති සමාගමක් මගින්  නිපදවන ලදි.

බට්ලර්ගේ යතුරුපැදිය පෙට්‍රල් වලින් ධාවනය වන රෝද තුනක් සහිත රථයක් වන අතර එහි ඉදිරිපස රෝදය සෘජුවම අශ්ව බල 5/8 (466වොට්) කින් සමන්විත 600 සීසී පැතලි සහළ සිව්පහර එන්ජිමකින්(මැගින්ටෝ ජ්වලනය, දඟරයකින් සහ බැටරියකින් ප්‍රතිස්ථාපනය කරන ලද) බල ගැන්වේ. එහි එන්ජිම භ්‍රමණ කපාට, ඉපිලුම්-පෝශිත කාර්බියුලේටරයක්, ඇකර්මාන් සුක්කානම යනාදියෙන් සමන්විත වෙයි. මෙම සියල්ල එම කළ කලාව කියාපායි.එන්ජිම පනගැන්වීම වායු සම්පිණ්ඩනයෙන් සිදු කරන ලදී. ඉදිරිපස එලවුම් රෝදයට ඉහලින් ඇති රෙඩියේටරයෙහි ඇති ද්‍රව මගින් එන්ජිම සිසිලනය සිදුකරන ලදි. මෙහි වේගය අවකර කපාට ලීවරයක් යොදාගනිමින් පාලනය කරන ලදි. තිරිංග පද්ධතියක් සවිකර නොතිබූ අතර මෙය නතර කරන ලද්දේ පාදයෙන් ක්‍රියාකරවන ලද ලීවරයක් මගින් ඉදිරිපස එලවුම් රෝදය උස් පහත් කිරීමෙනි. එමනිසා මෙහි බර කුඩා කැස්ටර් රෝද දෙකක් මගින් උසුලනු ගනු ලැබීය. රියදුරා ඉදිරිපස රෝද දෙක අතර සිටින ලෙස සකස්කරන ලදි. බට්ලර් හට ප්‍රමාණවත් මුල්‍යමය ආධාරයක් සොයාගැනීමට නොහැකි වීම නිසා මෙය සාර්ථක කර ගැනීමට ඔහු අපොහොසත් විය.

ලොව පුරා විද්‍යුත් බලයෙන් ක්‍රියකරන යතුරුපැදි භාවිතය ඉහල මට්ටමක පවතින අවදියක ඩයම්ලර් ටීට්වැගන් ලොව ප්‍රථම යතුරුපැදිය ලෙස නම් කිරීමත්,රෝද දෙකක්  සහිත විදුලි,ඩීසල් හෝ වාශ්ප බලයෙන් ක්‍රියා කරන  වාහන සඳහා "මෝටර්සයිකලය" යන පදය භාවිත කිරීමෙන්  බැහැරවීම සැක සහිත කරුණකි.

වාශ්ප බලයෙන් ධාවනය කරන රෝද දෙකක් සහිත  වාහන යතුරුපැදි ලෙස  නම් කලහොත් මුලින්ම නිෂ්පාදනය කල  යතුරුපැදිය ලෙස 1868 දෙසැම්බර් මසදී පේටන්ට් බලපත්‍රය ලබාගත් "ද ෆ්‍රෙන්ච්  මෙෂෝ පරෝස් ස්ටීම් වෙලොසිපීඩ්" නම් වූ නිර්මාණය හැඳින්විය හැක. එම කාලයේදීම ඇමෙරිකානු ජාතික එච්. සිල්වෙස්ටර්, රොපර් රොක්ස්බරි, මැසචුසෙට්ස් විසින් "රෝපර් ස්ටීම් වෙලොසිපීඩ්" යතුරුපැදිය නිපදවීම සිදු විය. ඔවුන් 1867දී එම යතුරුපැදිය නැගෙනහිර ඇමෙරිකාවේ සල්පිල් සහ සර්කස් වල ආදර්ශනය කළ අතර රොපර් මිය යන විට වාෂ්ප බලයෙන් ධාවනය වන මෝටර් රථ සහ යතුරුපැදි 10ක් පමණ නිපදවන ලදි.


වර්ෂය වාහනය රෝද ගණන නිමැවුම්කරු එන්ජිමේ ආකාරය සටහන්
1867–1868 මිචොෂ්-

පෙරොෂ් ස්ටීම් වෙලොචිපෙඩ්

2 පියරේ මිචොෂ්

ලුවිස්-ගුයිලෝමේ පෙරොෂ්

වාෂ්ප
  • එක යතුරුපැදියක් පමණක් නිපදවන ලදි
1867–1868 රෝපෙර් ස්ටීම් වෙලොචිපෙඩ් 2 සිල්වෙස්ටර් රොපර් වාෂ්ප
  • එක යතුරුපැදියක් පමණක් නිපදවන ලදි
1885 දයම්ලර් රීට්වැගන් 2 (හරස් දඩු 2ක් සමග) ගොත්ලීබ් දයම්ලර්

විල්හෙල්ම් මේබච්

අභ්‍යන්තර පෙට්‍රල් දහනය
  • එක යතුරුපැදියක් පමණක් නිපදවන ලදි
1887 බට්ලර් පෙට්‍රල් සයිකලය 3 (කාස්ටර් 2ක් සැමග) එඩ්වඩ් බට්ලර් අභ්‍යන්තර පෙට්‍රල් දහනය
1894 හිල්ඩ්බ්‍රෑන්ඩ් සහ වොල්ෆ්මුලර් 2 හෙයීන්රිච් හිල්ඩ්බ්‍රෑන්ඩ්

විල්හෙල්ම් හිල්ඩ්බ්‍රෑන්ඩ් අලොයිස් වොල්ෆ්මුලර්

අභ්‍යන්තර පෙට්‍රල් දහනය
  • නවීන වින්‍යාසය
  • පළමුව මහා පරිමාණයෙන් නිෂ්පාදනය කළ යතුරු පැදි
  • "යතුරු පැදි" නමින් හදුන්වනු ලැබූ පළමු යන්ත්‍රය

පළමු යතුරුපැදි සමාගම්

යතුරුපැදිය 
1894 නිපදවූ හිල්ඩ්බ්‍රෑන්ඩ් සහ වොල්ෆ්මුලර් යතුරුපැදියේ රූපසටහන

වර්ෂ 1894දී හිල්ඩ්බ්‍රෑන්ඩ් සහ වොල්ෆ්මුලර් පළමු යතුරුපැදි නිෂ්පාදන මාලාව බවට පත්විය. එය පළමු වරට "මෝටර්සයිකලය"(ජර්මානු භාෂාවෙන් "මොටොරඩ්") ලෙස හදුන්වන ලදි. එංගලන්තයේ කවෙන්ට්‍රිහි පිහිටි "එක්ස්සෙල්සියර් මෝටර් සමාගම"  1896දී ඔවුන්ගේ පළමු යතුරුපැදිය නිපදවන ලදි. එක්සත් රාජධානියේ නිපදවූ පළමු යතුරුපැදිය වූයේ චාර්ල්ස් මෙට්ස් විසින් වොල්තම්හි පිහිටි ඔහුගේ "මැසචුසෙට්ස්" කර්මාන්තශාලාවේ 1898දී  නිපදවූ "ඔරියන්ට්-ඇස්ටර්" යතුරුපදියයි.

යතුරුපැදි ඉතිහාසයේ මුල් යුගයෙහි පාපැදි නිර්මාණ කරුවන් තම නිර්මාණ වලට නව අන්‍තර් දහන එන්ජිමක් භාවිතා කලහ. එයට ප්‍රධානතම හේතුව වන්නේ එන්ජින් පාපැදි භාවිතය අවම වීමත් එන්ජිම් භාවිතය වඩාත් කාර්යක්ෂම වීමත්ය. 19 වන සියවසෙහි යතුරුපැදි නිර්මාණය කිරීමට මූලිකත්වය ගත් බොහෝ නව නිපැයුම් කරුවන් වෙනත් නිර්මාණ කිරීම සඳහා යොමුවිය, උදාහරණයක් ලෙස ඩයිම්ලර් සහ රෝපර් යන නිර්මාණකරුවන් මෝටර් රථ නිපදවීම සඳහා යොමු විය.

19 වන සියවසෙහි නිමවට ආසන්න වන විට මහා පරිමාණ වශයෙන් යතුරුපැදි නිෂ්පාදනය කිරීමේ  ව්‍යාපාර ස්ථාපනය විය.1898 වසරේ එංගලන්තයේ දී ට්‍රම්ප් නම් යතුරුපැදි සමාගමක්  සිය යතුරුපැදි නිෂ්පාදනය ආරම්භ කරන ලදි.1903  වර්ෂය වන විට ඔවුන්ගේ නිෂ්පාදන ධාරිතවය  යතුරුපැදි 500ක් පමණ විය. රෝයල් එන්ෆීල්ඩ්,නෝර්ටන් සහ  බර්මින්හැම් ස්මෝල් ආම්ස් යන අනෙකුත් යතුරුපැදි නිෂ්පාදන සමාගම් පිළිවෙලින් 1899,1902 සහ1910 යන වර්ෂ වලදී පිහිටවන ලදි. ඉන්දියන් යතුරුපැදි සමාගම පිහිටවා වසර දෙකකට පසු  හාලි ඩේවිඩ්සන් සමාගම පිහිටවන ලදි.පළමු ලෝක  යුද්ධය පැතිර යාමත් සමග ලෝකයේ විශාලත්ම යතුරුපැදි නිෂ්පාදකයා වීමට ඉන්දියන් සමාගම සමත් විය,ඒ වන විට ඔවුන් වසරකට යතුරුපැදි 20,000 ඉක්මවා නිපදවීමට සමත් විය.

යතුරුපැදිය 
ට්‍රයම්ෆ් යතුරුපැදියේ එච් මාදිලිය,යුධ කටයුතු සදහා වැඩි වශෙයන් නිපදවන ලදි

පළමු ලෝක යුධ සමයේදී ඉදිරිපෙළ යුධභටයන් සමග කාර්යක්‍ෂම සන්නිවේදන කටයුතු සැපයීමට යතුරුපැදි යොදාගත් නිසා යතුරුපැදි නිෂ්පාදනය ඉතා විශාල ලෙස ඉහල යන ලදී. හමුදා පොලිසියේ නැවත සලකාබැලීමක් සහ කාර්යයක් ලෙස අශ්වයින් මගින් පණිවුඩ ගෙන ගිය පණිවුඩකරුවන් ඉටුකළ සේවය යතුරුපැදි මගින් පණිවුඩ ගෙනයන්නන් විසින් ඉටු කරන ලදි. යුධ සමය අවසන් වන විට ඇමෙරිකානු "හාලි ඩේවිඩ්සන්" සමාගම ඔවුන්ගේ නිෂ්පාදන වලින් 50% ට වැඩි ප්‍රමාණයක් යුධ අවශ්‍යතාවයන් සදහා සපයන ලදි. බ්‍රිතාන්‍ය සමාගමක් වන "ට්‍රයම්ෆ්" සමාගම විසින් මිත්‍ර හමුදා සදහා "ට්‍රයම්ෆ් එච්" මාදිලියෙන් යතුරුපැදි 30,000කට වඩා වැඩි ප්‍රමාණයක් සපයන ලදි. එම යතුරුපැදියේ එංජින් ධාරිතාවය 499සීසී වූ අතර එය වායු සිසිලනය සහිත සිව්පහර තනි සිලින්ඩර එංජිමක් විය. තවද එය ලීවර(පැඩල්) රහිත පළමු ට්‍රයම්ෆ් යතුරුපැදිය විය. මෙම එච් මාදිලිය පළමුවන "නවීන යතුරුපැදිය" බවට බොහෝ දෙනා විසින් හදුන්වනු ලැබීය. එය 1915දී හදුන්වාදෙනු ලැබූ අතර එය 550සීසී ධාරිතාවක් ඇති පැති කපාට සහිත සිව්පහර එංජිමකින් සමන්විත වූ වේග තුනක යතුරුපැදියකි. මෙම යතුරුපැදිය "ට්‍රස්ටි ට්‍රයම්ෆ්" යන නමින් එය භාවිත කරන්නන් අතර ඉතාමත් ජනප්‍රිය විය.

යුද්ධයට පසු කාලය

යතුරුපැදිය 
එන්එස්යූ ස්පෝර්ට්මැක්ස් අනාකුල හැඩති යතුරුපැදිය,1955 ග්‍රෑන්ඩ් ප්‍රික්ස් සීසන් හි 250සීසී කාණ්ඩයේ ජයග්‍රාහකයා 

වසර 1920 වන විට රටවල් 67ක් දක්වා තම නිෂ්පාදන බෙදාහරින ලද හාලි ඩේවිඩ්සන් සමාගම ලොව විශාලතම යතුරුපැදි නිශ්පාදකයා බවට පත්විය. 20 වන දශකයේ අගභාගය වන විට ජර්මනියේ ඩීකේඩබ්ලිව් සමාගම ලොව විශාලතම යතුරුපැදි නිෂ්පාදකයා බවට පත්විය. 1950දී "1955 ග්‍රෑන්ඩ් ප්රික්ස් සීසන්" හි 250සීසී කාණ්ඩයේ ජයග්‍රාහකයා බවට "එන්එස්යූ අනාකුලිත ස්පෝර්ට්මැක්ස්" යතුරුපැදිය පත්වීමත් සමග අනාකුල හැඩ ඇති යතුරුපැදි නිපදවීම සීග්‍රයෙන් ඉහළ ගිය අතර යතුරුපැදි සැලසු වලද රැඩිකල් ලෙස වෙනසක් ඇති විය. යතුරුපැදි සදහා රැඩිකල් වෙනස්කම් සිදුකිරීම මගින් මෙම විකසනයේ පෙරටුගාමීන් බවට "එන්එස්යූ" සහ "මොටෝ ගසි" පත් විය. "එන්එස්යූ" සමාගම විසින් ඉතා දියුණු සැලසුම් නිපදවූ නමුත් 1954-1956 කාලය තුල එන්එස්යූ යතුරුපැදි ධාවකයන් මරණයට පත්වීමත් සමග තවදුරටත් සැලසුම් දියුණු කිරීම අත්හරින ලදි. "මොටෝ ගසි" සමාගම මගින් තරගකාරී ධාවන යතුරුපැදි නිපදවූ අතර 1957දී බොහොමයක් "ග්‍රෑන්ඩ් ප්රික්ස්" තරග ඔවුන්ගේ අනාකුල යතුරුපැදි මගින් ජයග්‍රහණය කරන ලදි. ඊට පසු වසර, 1958 දී ආරක්‍ෂිත ක්‍රියාමාර්ගයක් ලෙස සම්පුර්ණන්ම සංවෘත ආරක්‍ෂිත සැකිල්ල තහනම් කරන ලදි.

1950දී නැගෙනහිර ජර්මනියේ වෝල්ටර් කාඩන්ගේ එන්ජිම නිපදවීමේ අර්ධ ප්‍රතිපලයක් ලෙස 1960 දශකයේ සිට 1990 දශකය දක්වා කුඩා දෙපහර යතුරුපැදි ලොව පුරා ජනප්‍රිය විය. 

වර්තමානය

යතුරුපැදිය 
රෝයල් එන්ෆීල්ඩ් බුලට්

21වන සියවසේදී යතුරුපැදි නිෂ්පාදනය ප්‍රධාන වශයෙන් බලපවත්වන්නේ චීන යතුරුපැදි කර්මාන්තය සහ ජපන් යතුරුපැදි නිෂ්පාදන සමාගම් විසිනි. ඉහල ධාරිතාවයකින් යුතු යතුරුපැදි වලට අමතරව වඩා වැඩි වෙළදපොලක් කුඩා ධාරිතාවයක් සහිත(300සීසී වලට වඩා අඩු) යතුරුපැදි වලට ඇති අතර ඒවා චීනය සහ ජපානය මගින් ආසියානු සහ අප්‍රිකානු රටවල් ඉලක්ක කර නිපදවනු ලබයි. උදාහරණයක් ලෙස මෙතෙක්කල් වැඩිම විකිණීමක් වාර්තා වූ, ජපානය නිපදවන "හොන්ඩා සුපර් කබ්" යතුරුපැදිය දැක්විය හැක.එම ප්‍රමාණය 2008 අප්‍රියෙල් වන විට මිලියන 60ක් විය. නමුත් අද වන විට ලොව විශාලතම යතුරුපැදි නිෂ්පාදකයන් වන ඉන්දියානු "හීරෝ මොටෝ කොර්ප්" එම ස්ථානය හිමි කර ගෙන සිටියි. අද වනවිට එම සමාගමේ "ස්ප්ලේන්ඩර්" යතුරුපැදිය මිලියන 8.5 ඉක්මවා විකිණී අවසන්ය. වෙනත් නිෂ්පාදකයන් ලෙස "බජාජ්" සහ "ටීවීඑස් මෝටර්ස්" දැක්විය හැක.

තාක්‍ෂණික අංශ

යතුරුපැදිය 
පැහැදිලිව පෙනෙන රාමුවක් සහිත සුසුකි ජීඑස්500 යතුරුපැදිය

ගොඩනැගීම

  යතුරුපැදි නිර්මාණය ලෙස එයට කාර්ය සාධනය, පිරිවැය සහ සෞන්දර්යාත්මක අලංකාරය ලබාදෙන ඉංජිනේරු විද්‍යාව, නිෂ්පාදනය, කොටස් සහ වෙනත් පද්ධති එකලස් කිරීම දැක්විය හැක. අවස්ථා කිහිපයක දී හැරෙන්නට, මහා පරිමාණයෙන් සකස්කරන නවීන යතුරුපැදි ඉදිකිරීමට වානේ හෝ ඇලුමිනියම් රාමුව, ඉදිරිපස රෝද දරාසිටින ටෙලෙස්කෝප් කරුව(ෆෝක් අත), සහ තැටි තිරිංග සම්මත කර තිබේ. අලංකරණය හෝ කාර්ය සාධනය උදෙසා සැලසුම් කරන අනෙකුත් අංග අවශ්‍යතාව මත එකතු කරනු ලබයි. පෙට්‍රල් වලින් බලගැන්වෙන එන්ජිමක් සාමාන්‍යයෙන් සිලින්ඩර එකත් හතරත් අතර ප්‍රමාණයකින් යුක්ත වන අතර වේග 5ක් හෝ 6කින් සමන්විත වන වෙයි. එහි ස්වින් ආමයට සවි කළ පසුපස රෝදය දම්වැලක් මගින් කරකවනු ලබයි.

ඉන්ධන පිරිමැස්ම

යතුරුපැදියක ඉන්ධන පිරිමැස්ම, එන්ජිම විස්ථාපනය සහ පෙළ ගැන්වීම මත ඉතා විශාල ලෙස වෙනස් වෙයි. එය හොන්ඩා "වීටීආර් හි කි.මී.100ක් ගමන් කිරීමට අවශ්‍ය ඉන්ධන ලීටර 8.1ක් වන අතර "වෙරුකි නයිට්‍රෝ" 50සීසී ස්කුටරයට එම ප්‍රමාණය ලීටර 2.2ක් විය. විශේෂයෙන්ම නිපදවන ලද "මට්සු මට්සුසාවා හොන්ඩා එක්ස්එල් 125" යතුරුපැදියට එම අගය ලීටර 0.5ක් විය. කුඩා ප්‍රමාණයේ ධාරිතාවයක් සහිත යතුරුපැදි වල ඉතා ඉහල ඉන්ධන පිරිමැස්මක් දක්නට ලැබේ. 1950 දශකයේදී ඉන්ධන හිගය දැඩි ලෙස බලපෑ බ්‍රිතාන්‍ය සහ වෙනත් වන්වර්ධනය වෙමින් පැවතුණ රටවල්වල වාහන වෙලදපොල තුල යතුරුපැදිය ඉතාමත් ඉහල කොටස් ප්‍රමාණයක් හිමිකරගන්නා ලදි.

විදුලියෙන් ධාවනය වන යතුරුපැදි

විදුලි යතුරු පැදි ඉතා ඉහළ ඉන්ධන පිරිමැස්මක් ලබා දෙයි. මෙම යතුරුපැදි විදුලි මෝටරයකින් ධාවනයවන ශබ්දය අවම, ශුන්‍ය වායු විමෝචනයක් ඇති රථ වේ. බැටරි තාක්ණය අනුව ක්‍රියාත්මක වන සිමාව සහ උපරිම වේගය සීමා වී ඇත. විදුලි ධාවන පද්ධතියේ කාර්ය සාධනය වැඩිදියුණු කිරීම සදහා ඉන්ධන කෝෂ සහ පෙට්‍රල්-විදුලිය දෙමුහුම් මාදිලි, ප්‍රවර්ධනය වෙමින් පවතී.

විශ්වසනීයත්වය

2013 වසරේ ඇමෙරිකානු "කන්සියුමර් රිපොර්ට්ස්" සගරා පාටකයින් 4424ක් යොදාගෙන සිදුකල සමීක්ෂණයකට අනුව 2009 වසරේ සිට 2012 වසර දක්වා කාලය තුල යතුරුපැදි 4680ක් මිලදී ගෙන ඇත. යතුරුපැදි සම්බන්ධ ප්‍රධාන පොදු ගැටළු ලෙස උපාංග, තිරිංග, විදුලිය සම්බන්ධ (ස්ටාටර්, ආරෝපණය, ජ්වලනය), ඉන්ධන පද්ධති දැක්විය හැකි අතර යතුරුපැදි මාදිලි හා සම්බන්ධ වඩාත් විශාල ගැටළු ලෙස සංචාරය, මාර්ගයෙන් පිටත/ද්විත්ව ක්‍රීඩාව, ක්රිඩාමය සංචාර හැදින්විය හැක.  මගී ප්‍රවාහනය සම්බන්ධයෙන් විශ්වසනීය තොරතුරු සැපයුවද සමීක්ෂණයකදී සන්ඛ්‍යානමය වශයෙන් නිගමනයක් ලබාගැනීමට ප්‍රමාණවත් ක්‍රීඩා යතුරුපැදි නොමැති විය.  සංචාර, ත්‍රාසජනක සංචාර/ද්විත්ව ක්‍රීඩා සහ ක්‍රීඩා සංචාර යතුරුපැදි වලට සම්බන්ධ උපාංග වන ආරක්‍ෂක සැකිල්ල, ලගේජ්, සහයක ආලෝකය යනාදියෙන් ඉහත ප්‍රථිපල විස්තර කළ හැක.  ශීත කාලය තුල අනිසි ලෙස ගබඩා කිරීම නිසා ඉන්ධන පද්ධතිය සම්බන්ධ ගැටළු ඇතිවන අතර දුර්වල නඩත්තුව නිසා තිරිංග පිළිබද ගැටළු ඇතිවේ.  සමීක්ෂණයකදී ලබාගත් දත්ත අනුව හොන්ඩා, කවසාකි සහ යමහා යතුරුපැදි 11%-14% අතර අලුත්වැඩියාවන් වලට ලක්වන බවත්   හාලි ඩේවිඩ්සන් සහ බීඑම්ඩබ්ලිව් යතුරුපැදි පිලිවෙලින් 24% ක් සහ 30%ක අලුත්වැඩියාවන් වලට ලක්වන බවත් හෙළි වී ඇත. සමීක්ෂණයට ප්‍රමාණවත් ට්‍රයම්ෆ් සහ සුසුකි යතුරුපැදි නොමැති වුවත් අනෙකුත් ජපන් යතුරුපැදි වර්ග තුන හා සංසන්දනය කරන විට විශ්වසනීයත්වය අතින් වඩාත් සුදුසු යතුරුපැදිය ලෙස සුසුකි යතුරුපැදියත් හාලි ඩේවිඩ්සන් හා බීඑම්ඩබ්ලිව් සමග සංසන්දනය කරන විට ට්‍රයම්ෆ් යතුරුපැදියත් හැදින්විය හැක. යතුරුපැදි අලුත්වැඩියාවන් වලින් 3/4ක් ඇමෙරිකානු ඩොලර් 200ට වඩා අඩු බවත් 2/3ක් අලුත්වැඩියාවන් දින දෙකකට වඩා අඩු කාලයකින් සිදුකල හැකි බවත් සමීක්ෂණයකදී අනාවරණය වී ඇත. හිමිකරු තෘප්තිය සලකා බැලීමේදී හාලි ඩේවිඩ්සන් සහ බීඑම්ඩබ්ලිව් මාදිලි ප්‍රමුඛස්ථානය හිමිකරගත් අතර ඔවුන් අතරින් 3/4ක පිරිසක් එම මදිලියම නැවත මිලදී ගැනීමට කැමැත්තක් දක්වන බවත් හෙළිවිය. එම මාදිලියම නැවත මිලදීගැනීමට හොන්ඩා, කවසාකි සහ යමහා යතුරුපැදි හිමිකරුවන් පිලිවෙලින් 72%, 60% සහ 63%ක කැමැත්තක් දක්වන බවද අනාවරණය විය.

ගතිකත්වයන්

යතුරුපැදිය 
ධාවන යතුරුපැදි වංගුවක් නමන ආකාරය

විවිධාකාර යතුරුපැදි වලට විවිධාකාර ගතිකත්වයන් ඇති අතර එම ගතිකත්වයන් වෙනස් අවස්ථාවලට උචිත වන ලෙසට යතුරුපැදිය ක්‍රියා කරවීමට බලපායි. උදාහරණයක් ලෙස, වඩා විශාල රෝද අතුරක් ඇති යතුරුපැදි බාධක වලදී වැඩි ස්‌ථාවරතාවක් සපයනු ලබයි. යතුරුපැදි හැසිරවීමේදී උපුටාදැක්වීම් දෝෂය: අනීතික

යතුරුපැදියක්වංගුවකින් ගමන් කිරීමේදී එය නැමීමකට ලක්කළ යුතු වන අතර මෙම නැමීමට පොළඹවන ක්‍රියාව "ප්‍රථිකූල සිසෑරවිම" ලෙස හදුන්වයි. මෙහිදී ධාවකයා විසින් හැඩලය වංගුවට විරුද්ධ දිශාවට ක්‍ෂණික සිසෑරවිමක් සිදුකරයි.


කෙටි රෝද අතුරක් සහිත යතුරුපැදි වල අනෙක් රෝදය මාර්ගයෙන් ඉහලට එසවීමට ප්‍රමාණවත් අවස්ථිතියක් පසුපස රෝදයටද, ප්‍රමාණවත් නැවැත්වීමේ බලයක් ඉදිරි රෝදයටද ඇති කළ හැක.


අමතර උපාංග

කර්මාන්තශාලාව තුළදී හෝ පිටතදී විවිධ ලක්‍ෂණ සහ උපාංග යතුරුපැදි වලට එකතු කරනු ලබයි. මෙම උපාංග යතුරුපැදියේ බාහිර ස්වරුපය, ආරක්ෂාව, කාර්ය සාධනය, සුව පහසුව ඉහල දැමීම උදෙසා අයිතිකරු විසින් (ජංගම ඉලෙක්ට්‍රොනික කොටස් වල සිට සයිඩ්කාර් හෝ ට්‍රේලර් දක්වා) තෝරාගනු ලබයි.

ආරක්‍ෂාව

මෝටර් රථ, ට්‍රක් රථ, බස් රථ වලට වඩා ඉහල මාරක රියඅනතුරු වලට ලක්වීමේ සම්භාවිතාවක් යතුරුපැදි වලට ඇත. 2005 වර්ෂය සදහා ඇමෙරිකානු ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත, මරණ විශ්ලේෂණ වාර්තාකරණ ක්රමවේදයට අනුව ලියාපදිංචි කළ මෝටර් රථ 100,000කට 18.62ක මාරක අනතුරු ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර එම අගය යතුරුපැදි සදහා 75.19ක අගයක් ගනී. එය මෝටර් රථ වලට වඩා 4 ගුණයකින් ඉහළ අගයකි.

එම දත්ත වලටම අනුව ධාවනය කරන සැතපුම් මිලියන 100කට මාරක මෝටර් රථ අනතුරු 1.56ක් සිදු වී ඇති අතර යතරුපැදි සදහා එම අගය 43.47කි. එම අගය මෝටර් රථවල මෙන් 28 ගුණයකි. තවද 1990 දශකයේ අවසානය වන විට යතුරුපැදි අනතුරු හදුනගතහැකි ලෙස ඉහල ගෙස් ඇති අතර මෝටර් රථ අනතුරු පහල ගොස් ඇත.  

යතුරුපැදිය 
හෙල්මටයක් පැළදීම මගින් යතුරු පැදි අනතුරකින් මරණය හෝ හිස තුවාල වීමේ අවදානම අවම කළ හැක

එක්සත් ජනපදය තුල යතුරු පැදි අනතුරු ඇතිවීමේ වඩාත් පොදු හේතුව ලෙස මාර්ග නීති උල්ලංඝනය කරමින් යතුරුපදිකරුවෙකු ඉදිරියෙන් ගමන් කිරීම බව හෙළිවී ඇත. මෙය "SMIDSY" ලෙස හදුන්වන අතර එහි දිගු අර්ථය "සමාවන්න මිතුර, මම ඔබ දුටුවේ නැත" වේ. මනා පුහුණුව, අනෙකුත් වාහන පිළිබද අවධානය වැඩි වශයෙන් යොමු කිරීම, වේග සිමා ඉක්මවා නොයාම සහ මත්පැන් සහ අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිතා කර යතුරුපැදි පැදවීමෙන් වැලකීම මගින් මම ආකාරයේ අනතුරු වලක්වාගත හැක.

එක්සත් රාජධානිය තුළ යතුරු පැදි ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා මූලික යතුරු පැදි බලපත්රයක් ලබා ගැනීමට උසස් පුහුණුවක් ලබාදීමට කැප වූ විවිධ සංවිධාන ඇත. මෙම ආයතන ලෙස  අනතුරු වැලැක්වීමේ රාජකීය සංගමය (ආර්ඕඑස්පීඒ) සහ උසස් රථවාහන පදවන්නන්ගේ ආයතනය (අයිඒඑම්) දැක්විය හැක. වැඩි පෞද්ගලික ආරක්ෂාවක් ඇති මෙම උසස් සුදුසුකම් සහිත යතුරු පැදි ධාවකයින් විසින් ගෙවිය යුතු අඩු රක්ෂණ ගාස්තු අවම වීම වාසි ගෙන දෙයි.

දකුණු අප්රිකාවේ, "තින්ක් බයික්" ව්‍යාපාරය රටේ මාර්ග යතුරු පැදි ආරක්ෂාව සහ යතුරු පැදි පිළිබඳ දැනුවත් කිරීමට කැප වී සිටී. ගොටෙන්ග් පළාතේ ප්‍රබල ලෙස ක්‍රියාත්මක වන මෙම ව්‍යාපාරය, බස්නාහිර කේප්, ක්වාසුලු නටාල් සහ නිදහස් රාජ්‍යයද නියෝජනය කරයි. වාර්ෂික යතුරු පැදි ධාවනය සහ යතුරුපැදි තාරග වැනි වෙනත් බොහෝ ව්යාපෘති වල සම්බන්ධවන පුහුණුව ලත් නිලධාරීන් බොහෝ පිරිසක් යට සම්බන්ධව ඇත.

යතුරුපැදිය 
නවකයන් සඳහා එම්එස්එෆ් ධාවන පාඨමාලාව

එක්සත් ජනපදය පුරා ඇති රාජ්‍ය ආයතන වල සිට ලාභ නොලබන සංවිධාන දක්වා සංවිධාන විසින් යතුරු පැදි ආරක්ෂාව සම්බන්ධ අධ්‍යාපනය ලබා දේ. ඔරෙගන් සහ ඉඩහෝ විසින් ඔවුන්ගේම පාටමලාවන් සැලසුම් කර ඇති අතර බොහෝ රාජ්‍යයන් යතුරුපැදි ආරක්ෂා පදනම සැලසුම් කළ පාටමලාවන් භාවිත කරයි. සියලුම පුහුණු වැඩසටහන් වලට මූලික රයිඩර් පාඨමාලා, අතරමැදි රයිඩර් පාඨමාලා හා උසස් රයිඩර් පාඨමාලා ඇතුළත් වේ.

2010 වසරේ සිට අයර්ලන්තය, එක්සත් රාජධානිය සහ සමහර ඔස්ට්‍රේලියානු ප්‍රදේශවල පොදු මංමාවත් වල ධාවනය කිරීමට අවශ්‍ය රියදුරු බලපත්රයක් නිකුත් කිරීමට පෙර මූලික යතුරුපැදි පැදවීමේ පුහුණු පාඨමාලාව සම්පූර්ණ කිරීම අනිවාර්ය වේ.

කැනඩාවේ, යතුරු පැදි ධාවනය පුහුණුවීම ක්විබෙක් හා මැනිටෝබා වල පමණක් අනිවාර්ය වන නමුත් සියලු පළාත් සහ ප්‍රදේශවල නව රියදුරන් අත්දැකීම් ලබාගන්නා තෙක් සීමා පනවන රියදුරු බලපත්‍ර උපාධි වැඩසටහන් ක්‍රියාත්මක වේ. යතුරුපැදි ආරක්‍ෂක පාඨමාලාව සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් පළාත් අනුව වෙනස් වේ. ලාභ නොලබන ආරක්ෂාව සංවිධානයක් වන කැනඩා ආරක්‍ෂක සභාව, යතුරුපැදි කර්මාන්ත සභාව විසින් අනුමත කරන වැඩසටහන් කැනඩාව හරහා ඉදිරිපත් කරයි. පුහුණු පාඨමාලා උපාධිධාරීන් අඩු රක්ෂණ වාරික සඳහා සුදුසුකම් ලබයි.

යතුරුපැදි ධාවන ඉරියව්

යතුරුපැදිය 
සෘජු ආසනයක් සහිත බීඑම්ඩබ්ලිව් සී1යතුරුපැදිය
යතුරුපැදිය 
ට්‍රයික් මත ධාවකයාගේ ස්ථානය පෙන්වන බොම්බඩියර් කැන්-ඇම් ස්පයිඩර්

යතුරුපැදිකරුගේ ධාවන ඉරියව්ව ඔහුගේ(මානවමිතිය) සහ යතුරුපැදියේ ජ්යාමිතිය යන දෙකම මත රදාපවතී. මෙම සාධක මූලික ඉරියව් තුනක් නිර්මාණය කරයි.

  • ක්‍රීඩා- සුළග හමන ඉදිරි දිශාවට ධාවකයා නැමෙන අතර ඔහුගේ උඩුකයේ බරෙහි ආධාරයෙන් වායු පීඩනය සහ අඩු වේගය හමුවේ වැඩි වේගයක්(පැයට සැතපුම් 50ට වැඩි) ලබාදෙයි. මෙම ෆුට්පෙග්ස් ධාවකයාට පහතින් හෝ පසුපසින් තිබිය යුතුයි. අවම කරන ලද ලලාට ප්‍රදේශයෙන් වාත ප්‍රතිරෝධය කපා හරින අතර වැඩි වේගයක් ලබා දෙයි. අඩු වේගයක් සහිතව මෙම ඉරියව්වෙන් ධාවනය කරන විට ධවකයාගේ බර ඔහුගේ අත මත පිහිටන අතර ඔහුගේ මැණික්කටුව වෙහෙසට පත්වීම සිදුවේ.
  • සම්මතය - ධාවකයා සෘජුව හෝ මදක් ඉදිරියට ඇලව ආසනගතව සිටියි. ඔහුගේ අඩිය ඔහුට පහතින් පිහිටා ඇත. මෙම යතුරුපැදි එක් විශේෂිත කාර්යයකට සිමා නොවන අතර මෙම ධාවකයන් තුල විශේෂිත දක්ෂතා දක්නට නොලැබේ. මෙම සම්මත ඉරියව් සංචාරය හා ප්‍රවාහනය මෙන්ම කටුක හා ද්විත්ව-ක්‍රීඩා යතුරුපැදි සමග භාවිතා වන අතර, ආධුනිකයන් සඳහා වාසි ගෙන දෙයි.
  • කෘසර් - ධාවකයා තරමක් උසින් අඩු ආසනයක උඩුකය සෘජුව හෝ පසුපසට ඇලව සිටින සේ අසනගතව සිටියි. ඔහුගේ පාද කෘසර් පෙග්ස් වලින් ඈත්ව ඉදිරියට දිගුකර ඇත. මෙම උසින් අඩු ආසන නවක හෝ උසින් අඩු ධාවකයන් සදහා සකස්කර ඇත. හැඩලය වඩා පළල් වන අතර ඉහල උසකින් පිහිටා තිබේ. මෙය ඉතා සුවපහසු වන අතර බිම අතර පරතරය අඩු නිසා වංගු ගැනීම තරමක් අපහසු වේ.

යතුරුපැදියක ක්‍ෂමතා විද්‍යාවේ සාධක ආසනගත ඉරියව්ව, උස, ආනතිය සහ ෆුට්පෙග්ස් ස්ථානගතවීම, ආසන සහ හැඩලය මත රදා පවතී. ධාවකයාගේ භෞතික ජ්‍යාමිතික සාධක වන උඩුකයේ බර, අත, කලව සහ පාදයේ දිග සහ සම්පුර්ණ ධවකයාගේ උස යනාදිය ආසනගත ඉරියව්වට බලපායි.

නීතිමය අර්ථකථන හා සීමාවන්

බොහෝ රටවල නීතිය මගින් යතුරුපැදිය, ලියාපදිංචි කිරීම, බදුඅයකිරීම සහ බලපත්‍ර ලබාදීම යන කාර්යයන් වලදී රෝද දෙකක් සහිත මෝටර් වාහනයක් ලෙස අර්ථ දක්වා ඇත. බොහෝ රටවල් 49සීසී මෝපෙඩ්ස් සහ වඩා ලොකු බලයක් සහිත විශාල වාහන අතර වෙනස පැහැදිලිව හදුනාගෙන ඇත. තවද බොහෝ අධිකරණයන් රෝද තුනක් සහිත මෝටර් රථ යතුරුපැදි ලෙස හදුන්වයි.

පාරිසරික බලපෑම

යතුරුපැදි සහ ස්කූටර්වල අඩු ඉන්ධන පරිභෝජනය පරිසරවේදීන් සහ ඉන්ධන මිල වැඩිවීම බලපාන පිරිස හරහා එක්සත් ජනපදයේ අවධානයට ලක් වී ඇත . ඇමෙරිකාවේ පියාජියෝ සමූහය මෙයට සහය දක්වමින් සැතපුමකට අඩු කාබන් විමෝචනයක් හිමිකර දෙමින් "වෙස්පනොමික්ස්" නම් වෙබ් අඩවිය සහ වේදිකාව එළිදක්වා ඇත. එම අගය සැතපුමකට රාත්තල් 0.4ක් වන අතර එය සාමාන්‍ය මෝටර් රථයකට වඩා 65%ක අඩුවීමකි.එමගින් වඩා හොද ඉන්ධන පිරිමැස්මක්ද ලබාදෙයි.

කෙසේනමුත් යතුරුපැදිවල පිටාර වායු විමෝචනයේදී, සාමාන්‍ය මගී මෝටර්රථ, උප නාගරික උපයෝගිතා වාහන වලට වඩා 10-20 අතර ප්‍රමාණයක් වැඩිපුර නයිට්‍රජන් ඔක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ් සහ දහනය් නොවූ හයිඩ්රෝකාබන් අඩංගු වේ.

මෙයට හේතුව බොහෝ යතුරුපැදි වල උත්ප්‍රේරක පරිවර්තකය නොමැතිවීම සහ වායු විමෝචන ප්‍රමිති වෙනත් වාහන වලට වඩා යතුරුපැදි සඳහා වඩා ලිහිල් වීමයි.1975 සිට එක්සත් ජනපදය තුල ගැසොලින් බලයෙන් ධාවනය වන මෝටර් රථ හා ට්‍රක් රථ වල උත්ප්‍රේරක පරිවර්තක ස්ථාපනය කර ඇති නමුත් යතුරුපැදි සදහා මෙම යෙදුම එකතුකිරිමේදී තාපය නිසා දුෂ්කරතාමතුවිය හැක. 

ඇමරිකා එක්සත් ජනපදයේ පරිසර ආරක්‍ෂණ ආයතනය 2007 වසරේදී අධිවේගී මාර්ගවල ධාවනය වන මෝටර් වාහනවලට සහතික කළ විමෝචන සීමාව 0.734ක් වන අත‍ර යතුරුපැදි සදහා එම අගය 0.8531ක් විය. පරීක්ෂාකළ යතුරුපැදි වලින් 54%ක උත්ප්‍රේරක පරිවර්තක ස්ථාපනය කර තිබුණි.

එක්සත් ජනපදයේ විමෝචන සීමා

එක්සත් ජනපදය තුල විකුණන ලද එංජින් ධාරිතාවය 280සීසී හෝ ඊට වැඩි යතුරුපැදි සදහා නීතියෙන් සම්මත හයිඩ්රෝකබන්, නයිට්‍රජන්හි ඔක්සයිඩ් සහ කාබන් මොනොක්සයිඩ් විමෝචන ප්‍රමාණය පහත වගුවෙහි දැක්වේ.

ස්ථරය නිෂ්පාදිත වර්ෂය හයිඩ්රෝකාබන් + නයිට්‍රජන් ඔක්සයිඩ් (කිලෝමීටරයට ග්‍රෑම්) කාබන් මොනොක්සයිඩ් (කිලෝමීටරයට ග්‍රෑම්)
ස්ථරය1 2006–2009 1.4 12.0
ස්ථරය2 2010 හා පසුව 0.8 12.0

එක්සත් ජනපදය තුල විකුණන ලද පළමු හා දෙවන පන්තිවල යතුරුපැදි සදහා සම්මත හයිඩ්රෝකබන් සහ කාබන් මොනොක්සයිඩ් විමෝචන පහත ලෙස දැක්විය හැක.

නිෂ්පාදිත වර්ෂය හයිඩ්රෝකාබන් (කිලෝමීටරයට ග්‍රෑම්) කාබන් මොනොක්සයිඩ් (කිලෝමීටරයට ග්‍රෑම්)
2006 හා පසුව 1.0 12.0

යුරෝපය

යතුරු පැදි සඳහා වන යුරෝපීය විමෝචන ප්‍රමිතීන් මෝටර් රථ සඳහා වන එම අගයට සමාන වේ. නව මෝටර්රථ යුරෝ V සම්මත තත්වයේ තිබිය යුතු වන අතර යතුරුපැදි යුරෝIII සම්මත තත්වය ලබාගත යුතුය. යතුරු පැදි විමෝචන පාලනය යාවත්කාලීන කරමින් සිටින අතර එය 2012 දී යුරෝ IV සම්මත තත්වයට හා 2015 දී යුරෝ V සම්මත තත්වයට යාවත්කාලීන කිරීමට යෝජනා කර ඇත.

ගිනස් ලෝක වාර්තාව

ලෝකයේ දිගම යතුරුපැදිය ඉන්දියාවේ භාරත් සිං පාමර් විසින් නිපදවනු ලැබූ අතර එය දිගින් මීටර 26.29ක් විය.

මේවාද බලන්න

  • යතුරු පැදි නිෂ්පාදකයන් ලැයිස්තුව
  • චීනයේ යතුරුපැදි කර්මාන්තය

සටහන්

Tags:

යතුරුපැදිය වර්ගයතුරුපැදිය ඉතිහාසයයතුරුපැදිය තාක්‍ෂණික අංශයතුරුපැදිය ආරක්‍ෂාවයතුරුපැදිය යතුරුපැදි ධාවන ඉරියව්යතුරුපැදිය නීතිමය අර්ථකථන හා සීමාවන්යතුරුපැදිය පාරිසරික බලපෑමයතුරුපැදිය ගිනස් ලෝක වාර්තාවයතුරුපැදිය මේවාද බලන්නයතුරුපැදිය සටහන්යතුරුපැදිය වැඩිදුර කියැවීම්යතුරුපැදිය බාහිර සබැඳියතුරුපැදිය

🔥 Trending searches on Wiki සිංහල:

පොළොන්නරුව පෞරාණික නගරයපාචනයසුද්ධෝදන රජසමාජයමිශ්‍ර සිංහල හෝඩියශ්‍රී වික්‍රම රාජසිංහ රජශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුවදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයනාගරීකරණය - ශ්‍රී ලංකාභාෂාවදේවානම්පිය තිස්ස රජශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සමනලුන්ලෝක සෞඛ්‍ය සංවිධානයමයිනාහික්කඩුවේ සුමංගල තෙරණුවෝඇල්බර්ට් එලිස්මල්සෛලය (ජීව විද්‍යාව)වාරියපොල ශ්‍රී සුමංගල හිමිගුණදාස කපුගේනාගරීකරණයජෛව ගෝලයමනමේහරිතාගාර ආචරණයතාරුණ්‍යය හා විවේකයආතර් සී. ක්ලාක්ඇදුමහයිඩ්‍රජන්රණතුංග කරුණානන්දඊශ්‍රායලයකොළඹදළදා පෙරහැරේ ඓතිහාසික පසුබිමජේතවනාරාමය, අනුරාධපුරරාමායණයශාන්ත ජුසේ වාස් තුමාසමාජානුයෝජනයමන්නාරම බයෝබැබ් ගසසරත් ගුණපාලඋකුස්සාළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාසොළොස්මස්ථානඡායාරූපයවළි කුකුළාවැදි භාෂාවජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලසබරගමුව පළාතශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවසේවා වියුක්තියජනතා විමුක්ති පෙරමුණසිංහල න-ණ ල-ළ බේදයසුරතාන්තයශිශ්නයඅලිසිංහල සන්ධිපන්සිල්අඹපයිතගරස් ප්‍රමේයයශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයඅවුරුදු කුමරිය තේරීමලංකාවේ වාරි කර්මාන්තයසීතාවක රාජධානියශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයපිදුරුතලාගලදිලීරප්‍රථම සඳ තරණයන්‍යෂ්ටික අවිපොරොන්දම්උදම්කෙසෙල්ඉතිහාසයතිසා වැවඩන්කන් වයිට්මාතලේ කැරැල්ලකේතුවබක් පසළොස්වක පෝය🡆 More