මුගලන් රහතන්වහන්සේ

මොග්ගල්ලාන හෙවත් මුගලන් මහරහතන් වහන්සේ මහාකාශ්‍යප වැනි ප්‍රසිද්ධ රහතන් වහන්සෙලා හා සමකාලීනව විසු හිමිනමකි.

සැරියුත් මහරහතන් වහන්සේ සහ මුගලන්(මොග්ගල්ලාන) මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක දෙනම ලෙස සැල සෘද්ධි ප්‍රාතිහාර්ය පෑමෙන් අග්‍ර ස්ථානය දැරුවේ මොග්ගල්ලාන තෙරුන්ය. සත්‍ය අසත්‍ය හඳුනාගැනීම සඳහා සිත් කියවීම, විවිධ ප්‍රදේශ වලට සෘද්ධියෙන් ගමන් කිරීම, දෙවියන් හා භූතයන් සමඟ සන්නිවේදනය, ප්‍රාකාර හරහා ගමන් කිරීම, ජලය මත ගමන් කිරීම, අහසින් ගමන් කිරීම හා අලෝකයේ වේගයට සමාන වේගයකින් ගමන් කිරීම ආදී හැකියාවන් උන්වහන්සේ තුළ පැවතුණි.

මරණින් මතු භයංකාර තත්ව වල සිටින්නන් සමඟ මුගලන් තෙරුන් සංවා‍ද‍යේ යේදී ඔවුන්ගේ තත්ත්වය හා ඔවුන් විඳිනා දුක පිළිබඳ කරුණු පැහැදිලි කර එයින් මිදීමට අවශ්‍ය දේ අවබෝධ කර දුන් බව පාලි ධර්ම ග්‍රන්ථ බොහොමයක සඳහන් වේ. මුගලන් තෙරුන් සිත් කියවීමේ හැකියාව උපයෝගී කරගෙන සුදුසු අවවාද ලබා දීම හේතුවෙන් උන්වහන්සේගේ ශිෂ්‍යයින්ට වඩා ඉක්මනින් මාර්ගඵල ලබාගැනීමට හැකිවිය.


පිරිණිවන් පෑම - මහ රහතන්වහන්සේගේ කර්මය

tiny globe
මුගලන් මහ තෙරුන්වහන්සේගේ අපවත් වීම

මගධයේ සංචාරය කරන අතරතුරදී මුගලන් තෙරුන් අපවත් වූහ. ආගමික අන්තවාදීන් විසින් ගල් ගසා උන්වහන්සේව අපවත් කරන ලද බව පැවසේ. සොරුන් කණ්ඩායමක් උන්වහන්සේව අපවත් කළ බවද සඳහන් වේ. කෙසේ වෙතත් මුගලන් වහන්සේ අපවත් වුයේ දරුණු වධ හිංසාවලට ලක්වීමෙන් බව පොදු පිළිගැනීමයි. මහා රහතන් වහන්සේ නමක් මෙලෙස තමන් ආරක්ෂා නොවී අපවත් වීමට හේතුව බුදුරජාණන් වහන්සෙ‍ගෙන් විමසු විට උන්වහන්සේ පවසා ඇත්තේ පසුගිය ආත්මයකදී කරන ලද කර්මයන් (ආන්තරීය පාප කර්ම වන තම දෙමව්පියන් ඝාතනය) හේතුවෙන් එහි විපාක ඉක්මනින් අවසන් කිරීමට මුගලන් තෙරුන්ට අවශ්‍ය වු බවයි. බුදුරජාණන්වහන්සේ තවදුරටත් දේශනා කලේ සෘද්ධි බලයද මෙවැනි බලවත් කර්ම විපාක හමුවේදී ප්‍රයෝජනවත් නොවන බවයි.


මහායාන සුත්‍ර වල මුගලන් තෙරුන් වහන්සේ

මුගලන් මහ රහතන් වහන්සේ පිළිබඳ ප්‍රධාන වශයෙන්ම සඳහන් වන මහායාන සුත්‍රය වන්නේ උල්ලම්බන සුත්‍රයයි. එය බුදුරජාණන්වහන්සේ විසින් මුගලන් තෙරුන් වෙත දේශනා කරන ලද දරු පිළිබඳ සුත්‍රයකි. මෙය ජපානයේ ජනප්‍රිය වන අතර කොන්ෆියුනියස් හා නව කොන්ෆියුසියානු දහම සමඟ බොහෝ සෙයින් සමානය. ඔබොන් (Oban) දහමේ පදනම මෙම සුත්‍රයයි. එයට ‍හේතුව මෙම දහමද, මුතුන්මිත්තන් වන්දනා කිරීමයි. මේ නිසා උල්ලම්බන සුත්‍රය, කොන්ෆියුසියස් දහම, බුද්ධ ධර්මය සමඟ ඇති වෙනස්කම් හේතුවෙන් අසත්‍ය ලෙස විවේචනයට ලක්වීය.

මුගලන් මහරහතන් වහන්සේ පෙර ආත්මයක තරුණයෙක්ව ඉපිද සිටියහ.ඔහුගේ දෙමව්පියන් දෙදෙනාම අන්ධ විය.ඔහු තම දෙමව්පියන්ව හොදින් රැක්බලා ගෙන ජීවත් විය. මොහු විවාහ වීමෙන් පසු තම බිරිදගේ කීම අසා තම දෙමව්පියන්ට සැලකීම නතර කලහ.දිනක් ඔහු ඔහුගේ බිරිදගේ කීම අසා තම අන්ධ දෙමව්පියන් මහා වනයකට කැටුව ගොස් ඔවුන්ට වැරෙන් පහර දී ඇට කටු කුඩුවන තුරුම පහර දුන්හ.දෙමව්පියන් දෙදෙනා මිය ගිය පසු ඔවුන්ගේ මළ සිරුරු විසිකර දමා ගියහ.මේ සිද්දිය මුලු ගම පුරාම පැතිර ගිය අතර මේ කතාව එරට සිටි විශාල සොර කණ්ඩායමකටද ආරංචි විය.මොවුන් තුල ඔහු පිළිබඳ ඇති වූයේ දැඩි තරහකි.ඒ දෙමව්පියන් ඝාතනය කිරීම නිසාය.ඔවුන් එදා අදිටන් කර ගත්තේ ඔහුව මුණ ගැහුන සැනින් ඔහුට පහර දී මැරීමටය.ඔවුන් එදා පටන් සොරකම් කිරීමට යාමේදී පවා බලාපොරොත්තුවෙන් ගියේ මේ තරුණයාව කොහේදි හෝ මුන ගැහේවි යැයි සිතා.ඒ ආත්මයේදී එම සොර කණ්ඩායමට ඒ තරුණයාව සොයා ගත නොහැකි විය.ඉන් පසු එම තරුණයා බුදුන් ගේ කාලයේ මුගලන් මහරහතන් වහන්සේ ලෙස ඉපදුන කල අනික් සොර කණ්ඩායම ද එහි ඉපිදව තිබින. බුදු උනත් කල පවු වලට දඩුවම් විදීමට සිදු වූ බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත.එම නිසාම මුගලන් මහරහතන් වහන්සේද රහතන් වහන්සේ කෙනෙක් වුවත් තමා පෙර කල පවට දඩුවම් විදීමට සිදු විය..== සටහන් ==

Maudgalyayana

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

එස්. පණීභාරතශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී ලංකාවේ ආගමික පසුබිමශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීමමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයකාල් මාක්ස්ශිව දෙවියන්ලෝවැඩ සඟරාවජේසුස් වහන්සේසරම්පසාහිත්‍යයබලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිඋසස් පෙළ දේශපාලන විද්‍යාවස්ත්‍රී ප්‍රජනකාංග ඡේදනයඅධ්‍යාපන මනෝ විද්‍යාවතිසා වැවශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයදුටුගැමුණු රජසෝඩියම්දැන්වීම්කරණයවිනය (බුද්ධාගම)විකිමීඩියා පදනමඅමරදේවමොණරා සහ සෙබඩබැක්ටීරියාශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගරසායනික සූත්‍රසිංහල භාෂාවශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී ලංකා පොලිස් සේවයසොකරි නාටකයශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයදේවානම්පිය තිස්ස රජසජිත් ප්‍රේමදාසඅකුණුදකුණු පළාත, ශ්‍රී ලංකාවජාතික ගීය - ශ්‍රී ලංකාපෘථිවි වායුගෝලයසිංහල ටීකා සීපදඅභයගිරි විහාරයමහපොළථූපාරාමයපියයුරු සංසර්ගයබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්ග්‍රහලෝකශාන්තිකර්මක්ෂණික මෝචනයසිංහරාජ වනාන්තරයආකල්පශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවඉස්සන් වගාවශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලියශ්‍රී ලංකාවේ අධිකරණයපොන්නම්බලම් අරුණාචලම්ලේ ගැලීමශ්‍රී ලංකාවඅනුරාධපුර මහා විහාරයශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවස්වභාවික පරිසරයප්‍රභාසංශ්ලේෂණයඅමාවතුරඇල්බට්‍ අයින්ස්ටයින්කෝමාරිකාමහත්මා ගාන්ධිE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)හතරවන පරාක්‍රමබාහු රජඅප්‍රේල්දර්ශනයපොල්නාමල් උඩුගමරැකියා ආතතියසොලොස්මස්ථානලිංගික අප්‍රාණිකත්වයනෙප්චූන්මහවැලි ගඟ🡆 More