මහනුවර නායක්කාරවරු: මහනුවර ඓතිහාසික පසුබිම

මහනුවර නායක්වරු යනු 1707 සිට 1815 දක්වා මහනුවර අගනුවර කරගෙන උඩරට රාජධානිය පාලනය කළ රාජ වංශයක් වෙයි.

එසේම එම රාජ පරම්පරාව ලංකාව පාලනය කළ අවසාන රාජ පරම්පරාවද වූහ. කපු බලිජා ගෝත්‍රයේ තෙළිඟු සම්භවයක් ඇති විජය නගර මදුරෙයි නායකවරුන්ගේ රාජකීය පවුල්වලින් පැවතෙන්නෝය. මෙම රජ පරපුරේ 4 දෙනෙක් සිටියහ. අන්තිම රජතුමා බ්‍රිතාන්‍යයන් විසින් ඉන්දියාවේ වෙල්ලෝර් බලකොටුවට පිටුවහල් කරන ලදී. ඔවුන් කන්ද උඩරට රජවරු ලෙස බලයට පැමිණියේ විවාහ සබඳතා නිසා එවකට පැවති මරුමක්කදයම් නීතිය අනුවයි. මොවුහු හින්දු භක්තිකයන් වූ අතර පසුව බුද්ධාගම වැළඳ ගත්හ. එමෙන්ම බුද්ධාගමේ පුණර්ජීවනය සඳහා කටයුතු කිරීමේ වගකීම දැරුහ.

මහනුවර නායක් වංශය
මහනුවර රාජධානියේ රාජ ධජය
රටශ්‍රී ලංකාව
වංශානුගත ගෘහයමදුරෛ නායක් රාජධානිය
ප්‍රාරම්භකශ්‍රී විජය රාජ සිංහ
අවසන් රාජ්‍යෙශයාශ්‍රී වික්‍රම රාජසිංහ
ආරම්භය1739
නිරුද්ධිය1815 උඩරට ගිවිසුම කොන්දේසි ප්‍රකාර
Cadet branchesනැත

සම්භවය

මහනුවර නායක්කර් රජ පෙළපතට කලින් වූ මහනුවර රජ පරම්පරාව සෑම විටම වාගේ මදුරෙයි නායක් හෝ තන්ජෝර් නායක් වැනි රජ පවුල්වලින් බිරියන් සරණ පාවා ගත්හ. දකුණු ඉන්දියාවේ නායක්වරු ආරම්භ වන්නේ විජය නගර පෙළපතෙහි ආණ්ඩුකාරවරු වශයෙනි. ඒ 14 වෙනි සහ 15 වෙනි ශත වර්ෂ වලදීය. ඔවුහු තමිල්නාඩුවේ කොටසක්ද පාලනය කළහ. 16 වෙනි සියවසේ විජය නගර ආධිපත්‍යය බිඳ වැටුණු පසු මෙම ආණ්ඩුකාරවරු තම තමන් පාලනය කළ ප්‍රදේශවල ස්වාධීනත්වය ප්‍රකාශ කළහ. ඉන් පසු ඔවුන්ගේ රාජ්‍යයන් ගින්ගි, තන්ජෝර්, මදුරෙයි සහ චන්ද්‍රගිරි ප්‍රදේශවල පිහිටුවා ගත්හ. ඔවුහු තෙළිඟු සම්භවයක් ඇත්තෝ වූහ. තමිල්නාඩුවේ බටහිර පෙදෙස් වැඩි තෙළිඟු ජනගහනයක් සිටීමේ එක් හේතුවක්ද එයයි.

මහනුවර රජ පෙළපතේ අන්තිම රජු උරුමක්කාරයෙකු නොමැතිව මිය ගිය අවස්ථාවේ ඔහුගේ බිසවගේ සහෝදරයා සිහසුනට තෝරා ගත්තේ "මරුමක්කදයන්" නීතිය අනුව යමිණි. ඉන් පසු රජකමට පත් වූ සියලු රජවරු මදුරෙයි පරම්පරාවට අයත් අය වූහ.

යාපනයේ කරෙයියර් හමුදා ප්‍රධානීන් 1620 වසරේ තන්ජෝර් නායක්වරුන්ගෙන්, පෘතුග්‍රීසීන් පලවා හැරීම සඳහා උදව් ඉල්ලා සිටීම නිසා දකුණු ඉන්දීය නායක්වරු සමග හමුදාමය සම්බන්ධතාද තිබුණු බව පැහැදිලි වේ.

මදුරෙයි නායක්වරුන්ගේ මෙම ශාඛාවන්හි ප්‍රධානියා බංගරු තිරුමලෙයි නැමති යයි වාර්තා වේ. ඔහුගේ පුතා දරුකමට හදා ගන්නා ලද්දේ අන්නිම නායක් රජ බිසව වූ මීනක්ෂි විසිනි. බංගරුතිරුමලෙයි කෙළින්ම තිරුමලෙයි නායක්ගේ බාල සොහොයුරාගෙන් පැවත එන අයෙකි. එමෙන්ම ඔහු තිරුනෙල්වෙලි සහ මදුරෙයි පළාත්වල හමුදා පාලකයාද විය.

පූර්වප්‍රාප්තික රාජවංශය

මහනුවර රජ පරපුරේ අන්තිම නුවර රජු වූයේ 1707 සිට 1739 දක්වා උඩරට පාලනය කළ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුය. 1707 දී මෙම රජු සිහසුනට පත් වූ අතර ඔහු උගත් මෙන්ම ශ්‍රද්ධාවන්ත අයෙකු ලෙස සළකනු ලැබුවේය. 1708 දී ඔහු මදු‍රෙයි නගරයේ රාජකීය පවුලේ කුමාරිකාවක් වූ පිට්ටි නායක්කර්ගේ දුව සරණ පාවා ගත්තේය. නැවතත් 1710 දී තවත් කුමරියක් මදුරෙයි නගරයෙන්ම විවාහ කර ගත්තේය. මෙම දෙදෙනාගෙන්ම රජුට දරුවෙකු ලැබුණේ නැත. ඔහුට මාතලේ උසස් පවුලක තවත් බිරිඳක් ද සිටියාය. ඇය ඔහුට දාව දරුවෙකු වැදුවාය. රජුට උසස් කුලයක තවත් අනියම් බිරිඳක් වූවාය. ඇයද පුතෙකු බිහි කළාය. ඔහුගේ නම උනම්බුවේ විය. ඔහු ජීවත්ව හුන් නමුත් ඔහුට රජකමට පත්වීමට බාධාවක් වූයේ මවට රාජකීයත්වයක් උරුම නොවීමයි.

එම නිසා රජු ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස තම පළමු බිසවගේ සහෝදරයා නම් කළේය. එම සහෝදරයා, ඔහුගේ සහෝදරිය රජු විසින් විවාහ කර ගන්නා ලද දිනයේ පටන් රජ මාළිගයෙහිම විසූ කෙනෙකි. ශ්‍රී ලංකාවේ පැවතුණු අනුප්‍රාප්තික නීතිය අනුව සිහසුන සෑම විටම අයිති වූයේ පියාගෙන් (අගබිසවගේ) පුතාට නැතහොත් සහෝදරයාගෙන් සහෝදරයාට ආදී වශයෙනි.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

බඹරකන්ද ඇල්ලසුනාමිජාතික ගීය - ශ්‍රී ලංකාපෙර පාසල්1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතපුරාණ ශ්‍රී ලංකාවේ මුදල්දහඅට සන්නියඅධිකරණයයු‍රේනස්ශ්‍රී ලංකාවේ කොළඹ කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවඅංගුලිමාල පිරිතශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිචන්ද්‍රයාගුත්තිල කාව්‍යයපරිගණක ඉතිහාසයකොළඹ බස් මාර්ගසන්නිවේදනයශ්‍රී ලංකාවේ කම්කරු නීතියවිවාහ නීතිය - ශ්‍රී ලංකාපවුලතාරාවාපේශි පටකයවෛරසශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාක්ෂුද්‍ර ජීවීන් සහ රෝගශ්‍රී ලංකාවේ කුල ක්‍රමයස්වස්ථතාවලංකාවේ වාරි කර්මාන්තයඝනත්වයශ්‍රී ලංකා පොදුජන පෙරමුණඅනුරාධපුර පෞරාණික නගරයආචාර්ය එස්‌. පනීභාරතසෙනසුරු ග්‍රහලොවකොහාජලභීතිකාවපිළිකුත්තුව රජ මහා විහාරයයගුලිය විසි කිරීමවෛද්‍යවේදී සහ ශල්‍යවේදී උපාධියබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවස්ටීවන් හෝකිංසඳකඩපහණඋණ්ඩුකපුච්ඡ ප්‍රදාහය (ඇපෙන්ඩිසයිටීස්)භූපාලි රාගයකුප්පමේනියසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයශ්‍රී ලංකා මහ බැංකුවප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)විකිදකුණු ආසියාවමාධ්‍යවිකිශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය, 2015දෙවොල් මඩුවලිංගික ඊර්ෂ්‍යාවසිලින්ඩරලෝක ආහාර අර්බුදයදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)සිබිල් වෙත්තසිංහසිංහල ව්‍යාකරණඋපසර්ගමන්දාකිණිකතරගමශ්‍රී ලංකාවේ මැණික්එල්ලේ ක්‍රීඩාවේ රීතිසිංහල සන්ධිසුසන්තිකා ජයසිංහකලා වැවඇදුමක්ෂණික මෝචනයමී ගසඊලෝන් මස්ක්දේශපාලන විද්‍යාවපරිසර දූෂණයශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවපාංශු සංරක්ෂණය🡆 More