මයිකල් ජෝර්ඩන්

මයිකල් ජෝර්ඩන්
නම මයිකල් ජෝර්ඩාන්
ප්‍රමාණය ජර්සි (S)
උස අඩි 6 අඟල් 6 (මී. 1.98)
බර රාත්තල් 216 (කි.98)
උපන් දිනය 1963 පෙබරවාරි 17 (අවු.45) - නිව්යෝර්ක් හි බෲක්ලින්.

වෘත්තීය ජීවිතය පිළිබඳ තොරතුරු (1984 - 2003)

NBA Draft 1984/ 1වැනි වටය/Pick: අධ්‍යාපන ආයතනය : උතුරු කැරොලිනා විශ්ව විද්‍යාලයය.

වෘත්තීය කණ්ඩායම

චිකාගෝ බුල්ස් (1984 – 1993, 1995 – 1998)

ටොරින්ටන් විසාර්ඩ් (2001 – 2003)

ක්‍රීඩා ජීවිතයේ සංඛ්‍යා ලේඛණ

ලකුණු - 672 රිබවුන්ඩ් Assists5633

ක්‍රීඩා ජීවිතයේ විශේෂ අවස්ථා සහ ලබා ගත් පදක්කම්

NBA champion (1991, 1992, 1993, 1996, 1997, 1998)
NBA MVP (1988, 1991, 1992,1996, 1998)
NBA අවසාන MVP (1991 – 1993, 1996 – 1998)
NBA වර්ෂයේ ආරක්ෂක ක්‍රීඩකයා 1988 .
All – NBA පළමු කණ්ඩායම් තේරීම. (1987 – 1993, 1996 – 1998)
All – NBA දෙවැනි කණ්ඩායම් තේරීම. (1985)
NBA සමස්ත ආරක්ෂා පළමු කණ්ඩායම තේරීම. (1988 – 1993, 1996 – 1998)
වසරේ NBA රොකී.
NBA All - රොකී කණ්ඩායම.
NBA All - ස්ටාර් (1985 – 1993, 1996 – 1998, 2002 – 2003)
NBA All - ස්ටාර් ක්‍රීඩා MVP (1988, 1996, 1998)
NBA’s පනස් වෙනි සංවත්සරය All – time කණ්ඩායම.
NCAA පිරිමි බාස්කට් බෝල ශූරතාව (1982)
ACC වසරේ හොඳම නවකයා 1982.
වසරේ ACC පිරිමි හොඳම බාස්කට් බෝල ශූරයා.
වසරේ USBWA විද්‍යාල ක්‍රීඩකයා 1984.
වසරේ නේස්මිත් විද්‍යාල ක්‍රීඩකයා. 1984.
වසරේ ජෝන් ආර්. වුඩ්න් පදක්කම
වසරේ ඇඩොල්ෆ් රජ කුසලාන 1991 වසරේ ස්පෝර්ට් ඉලස්ට්‍රේටඩ් වසරේ ක්‍රීඩකයා.
රටේ හොඳම ESPY ක්‍රීඩකයා 2000
දශකයේ පිරිමි ESPY ක්‍රීඩකයා 1990.
1990 ESPY Pro Basket baller Decade.

සටහන

මයිකල් ජෙෆ්රි ජෝර්ඩන් (උපත. 1963.02.17) විශ්‍රාමික වාත්තීය බාස්කට් බෝල ක්‍රීඩකයෙකු මෙන්ම ක්‍රියාකාරී ව්‍යාපාරිකයෙකි. නැෂනල් බාස්කට් බෝල ඇසෝසියේෂන් නමින් (NBA) තිබෙන වෙබ් අඩවියේ ඔහුගේ ජීවිත කථාවෙහි මෙසේ සඳහන් වේ. “මයිකල් ජෝර්ඩන් යනු සියලු කල්හිම ශ්‍රේෂ්ඨ බාස්කට් බෝල ක්‍රීඩකයෙකි.” ජෝර්ඩන් ඔහුගේ පරම්පරාවේ වෙළඳ පලක් ඇතිකර ගත් කීප දෙනාගෙන්එක් අයෙකි. එසේම (NBA) ජාතික බාස්කට් බෝල සංගමය 1980 සහ 1990 දශක වල ලෝකය පුරා ජනප්‍රිය කිරීමට හේතු සාධක වූ පුද්ගලයාය.

ඔහු උතුරු කැරොලිනා විශ්ව විද්‍යාලයේ ගත කළ සාර්ථක වෘත්තීය කටයුතුවලින් පසු 1984 දී NBA හි චිකාගෝ බුල්ස් කණ්ඩායමට බැඳුනේය. සාර්ථකව ලකුණු ලබා ගැනීමෙන් ප්‍රේක්ෂක ජනතාව අමන්දානන්දයට පත්කරමින් ඔහු කණ්ඩායමේ තරුවක් ලෙස නැගී ආවේය. ස්ලැම්ඩන්ක් තරඟ වලදී නිදහස් විසි කිරීමේ රේඛාවේ සිට ඔහු විදහා දැක් වූ පැනීමේ හැකියාව ‍ෙහ්තුවෙන් ඔහුට ‘එයාර් ජෝර්ඩන්’ සහ ‘හිස් එයාර්නස්’ යන නම් පට බැඳුනේය. ඔහු බාස්කට් බෝල තරඟ වලදී හොඳම ආරක්ෂක ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකු වූ ගෞරවයද ලබා ගත්තේය. 1991 දී ඔහු ‘බුල්ස්’ කණ්ඩායම සමග ක්‍රීඩා කර ඔහුගේ පළමු ශූරතාවය දිනා ගත්තේය. එම ජයග්‍රහණය 1992 සහ 1993 වර්ෂවලදීද ලබා ගත්තේය. ඔහු 1993 – 94 වසර වල ‘බුල්ස්’ කණ්ඩායමෙන් ඉවත් වූ නමුත් නැවත 1995 දී කණ්ඩායමට බැඳී 1996, 1997, සහ 1998 වසරවල් සඳහා අතිරේක ශූරතාවයන්ද ලබා ගත්තේය. 1999 දී ඔහු දෙවැනි වතාවටත් ඉවත් විය. එහෙත් තවත් NBA තරඟ දෙකක් සඳහා 2001දී නැවතත් එම කණ්ඩායමට සම්බන්ධ විය. එසේ සම්බන්ධ වූයේ වොෂින්ටන් විසාර්ඩ් හි සාමාජිකයෙකු වශයෙනි.

ජෝර්ඩාන් තනිවම ලබා ගත් සම්මාන, පදක්කම්, හා ගෞරවයන් අතරට MVP සම්මාන පහක් සමස්ත NBA - පළමු කණ්ඩායම් ගරු නාමයද,ඕල් ඩිෆෙන්සිටි පළමු කණ්ඩායම් ගෞරවයද NBA සමස්ත ස්ටාර් ගේම් පෙනී සිටීම් දාහතරක්ද, ඕල් ස්ටාර් MVP තුනක්ද NBA අවසාන MVP සම්මාන හතරක්ද සහ 1998 NBA වසරේ ආරක්ෂිත ක්‍රීඩකයා උපහාරයද, ඇතුලත් වේ. 1999 දී ESPN සේවය විසින් 20 වෙනි ශත වර්ෂයේ ශ්‍රේෂ්ඨ උතුරු අමෙරිකානු ක්‍රීඩකයා සම්මානය පිරිනමන ලදි.

ජෝර්ඩන් ඔහුගේ නිෂ්පාදන ඉදිරිපත් කිරීම් සම්බන්ධයෙන්ද සැලකිල්ල යොමුවුනු පුද්ගලයෙකි. 1985 දී හඳුන්වා දෙනුලැබූ NIKE පාවහන් නිෂ්පාදනයේ සාර්ථකත්වයටද ඔහු බෙහෙවින් උදව් කළේය. මෙම නිෂ්පාදනය මේ දක්වා ජනප්‍රියව පවතී. ඔහු 1996 දි ආරම්භ කරන ලද Space Jam නම් චිත්‍රපටියෙහිද රඟ පෑවේය. ඔහු වර්තමානයේ උතුරු කැරොලිනාවේ බාස්කට් බෝල මෙහෙයුමේ කළමණාකරුවෙකු සහ සම අයිතිකරුවෙකි.

References

http://en.wikipedia.org/wiki/Michael_Jordan

Tags:

මයිකල් ජෝර්ඩන් වෘත්තීය ජීවිතය පිළිබඳ තොරතුරු (1984 - 2003)මයිකල් ජෝර්ඩන් සටහනමයිකල් ජෝර්ඩන්

🔥 Trending searches on Wiki සිංහල:

විවාහ නීතිය - ශ්‍රී ලංකාජැක්සන් ඇන්තනීහෘදයසෝඩියම්2004 සුනාමියශ්‍රී දළදා මාළිගාවහොරශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝනාගදීපයස්ටීවන් හෝකිංපංච නීවරණශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවසමනලයාසමනල කන්දසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාවිර පුරන් අප්පුසියදිවි නසාගැනීමශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදයදුටුගැමුණු රජකෝට්ටේ යුගයපොළොන්නරුව පෞරාණික නගරයසෙනසුරු ග්‍රහලොවසප්ත බොජ්ඣංගප්ලේටෝආසියාවජලභීතිකාවජපානයඑස්. පණීභාරතස්ත්‍රී ප්‍රජනකාංග ඡේදනයශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගය අනූව දුම්රිය ස්ථාන ලැයිස්තුවඅනුරාධපුර ජේතවනාරාමයඇම්බැක්කේ දේවාලයආතර් වී. දියෙස්කුමාරතුංග මුනිදාසපංච මහා වාදගබ්සාවශ්‍රී ලංකාවේ නීති පද්ධතියඅළු කෑදැත්තාමවු පුවරුවෆේස්බුක්ගෞතම බුද්ධ පරිනිර්වාණයශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සමනලුන්සමාධි (බුදු දහම)ශ්‍රී ලංකා නාවික හමුදාවඅටමස්ථානගණිකාවකුසල් සහ අකුසල්රුවන්වැලිසෑයවළි කුකුළාලෝවාමහාපායඅධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයදෙමලිච්ච්චාබලං‌ගොඩ මානවයාමුනිදාස කුමාරතුංගසාමයනයිජීරියාවපාපන්දු ක්‍රීඩාවටොලමිගේ ලෝක සිතියමඔලිම්පික්ශ්‍රී ලංකාවේ A ශ්‍රේණියේ මාර්ග ලැයිස්තුවසාංචියතෝමස් අල්වා එඩිසන්අටසිල්සබරගමුව පළාතතාරකා විද්‍යාවඉස්ලාම් හි පංචස්තම්භශ්‍රී ලංකා කලු වදුරාබෙලිලෙනශ්‍රී ලංකාවේ ආදිවාසීන්බුද්ධදාස රජුසමාජානුයෝජනයසොරබොර වැවජලගැල්මකාවන්තිස්ස රජකාල් මාක්ස්ප්‍රස්තාව පිරුළු🡆 More