භගමණිය යනු ක්ෂීරපායින්, පැස්බරුන් සහ වෙනත් සතුන්ගෙන් සීමිත වර්ග සංඛ්‍යාවක ගැහැනු සතුන්ගේ ලිංගික අවයවවලට අයත් ව පිහිටා තිබෙන ලිංගික වින්දනයේ දී වැදගත් වන කුඩා ග්‍රන්ථියක් වැනි අවයවයකි.
මානව ස්ත්‍රීන්ගේ භගමණියහි දෘෂ්‍ය කොටස පිහිටා ඇත්තේ ඇතුල් යෝනි තොල්වල පියන් එක්වන තැන අසළ මුත්‍ර විවරයට ඉහළිනි. පිරිමි ශිශ්නයේ සමප්‍රභවය ලෙස සැලකුණත් මෙය එයින් වෙනස් වන්නේ මුත්‍රමාර්ගයක් ඒ තුළ නොපිහිටන බැවිනි. එමෙන් ම එහි ප්‍රජනනයට අදාල කාර්යභාරයක් ද නැති. පුල්ලි හයිනාවන්ගේ භගමණිය මුත්‍ර කිරීමට හැකි ලෙස සැකසී ඇති අතර ඔවුහු සිය වෙසෙසින් විශාල භගමණිය තුළින් මුත්‍රකිරීම මෙන් ම පැටවුන් වැදීම ද සිදුකරති. උණහපුළුවන් සහ මකුලු වදුරන් වැනි වෙනත් ඇතැම් සතුන්ට ද විශාල භගමණියක් පිහිටයි.
Clitoris | |
---|---|
තොරතුරු | |
පූර්වජ | Genital tubercle |
ධමනිය | Dorsal artery of clitoris, deep artery of clitoris |
ශිරාව | Superficial dorsal veins of clitoris, deep dorsal vein of clitoris |
ස්නායුව | Dorsal nerve of clitoris |
හඳුන්වනයන් | |
ග්‍රේ ගේ | p.1266 |
TA | A09.2.02.001 |
FMA | 9909 |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
මිනිසුන්ගේ සහ අනෙකුත් ක්ෂීරපායින්ගේ මෙය කළලයේ ඇති යුනික ගැටය (genital tubercle) නම් ප්‍රසරයෙන් විකසනය වේ. මුලින් වෙන් කර හදුනාගත නොහැකි වුවත් මෙම ගැටය ශිශ්නයක් හෝ භගමණියක් බවට ප්‍රජනක පද්ධතියේ වර්ධනයේ දී විකසනය වන අතර පුරුෂ හෝමෝනවල (androgens) බලපෑම මත මෙය තීරණය වේ.
ස්ත්‍රී ශරීරයේ තිබෙන වඩාත් ම සංවේදී ශෘංගාරෝද්දීපක කලාපය මෙය වන අතර පොදු වශයෙන් ස්ත්‍රී ලිංගික වින්දනයේ ප්‍රමුඛ ම අවයවය වෙයි.මානව භගමණියේ හිස දළ වශයෙන් හැඩයෙන් සහ ප්‍රමාණයෙන් මෑ ඇටයක් පමණ වන අතර සංවේදී ස්නායු අග්‍ර 8000ක් පමණ එහි පවතින බවට ගණන් බලා ඇත. භගමණිය සංකීර්ණ අවයවයක් වන අතර එහි ප්‍රමාණය සහ සංවේදීතාවය එකිනෙකින් වෙනස් විය හැකි ය.
භගමණියේ ඇතැම් කොටස් බාහිරවත් ඇතැම් කොටස් අභ්‍යයන්තරවත් පිහිටා ඇත. එය මුණ්ඩ (glans), දේහය (body) සහ ගාත්‍රා (crura) යන කොටස්වලින් සමන්විත වේ. දේහය ශිශ්නයේ ඇති ආකාරයේ පිම්බීමට හෙවත් සෘජු වීමට හැකි corpora cavernosa යනුවෙන් හදුන්වන පටක වලින් සමන්විත වේ. අභ්‍යයන්තර යෝනි තොල්වලින් සැකසෙන වැස්මක් ද සහ භගමණික හෝ යෝනික පිවිසුම් කලාපයෙන් එන බල්බයන් ද එයට ඇත. භගමණියේ වාගීකාවක් ඇති අතර මුණ්ඩවලට සැග වී පිිහිටා තිබෙන එය සෑදී ඇත්තේ ඇතුල් යෝනි තොල්හි මධ්‍යයම කොටස් දෙකිනි. කද කොටස මුණ්ඩයට ආධාරය සපයන අතර එහි හැඩය භගමණියේ පෙරසම හරහා දැකීමට හා විදීමට හැකි ය.
කාන්තාවන්ගෙන් 70-80%ක් පමණ ප්‍රතිශතයකට භගමණිය කෙළින් ම (වෙන ම ම) උත්තේජනය කිරීම (කිසියම් කාලයක් එක දිගට අතින්, මුඛයෙන් හෝ වෙනත් ක්‍රමයකින් භගමණියේ බාහිර කොටස් මත තෙරපවීම) සුරතාන්තයට පත්වීම සදහා වුවමනා වන බව පොදු සංඛ්‍යා දත්ත අනුව පෙනී යයි. යෝනි-ශිශ්න සංසර්ගයේ දී වක්‍ර ව සිදුවන භගමණිය උත්තේජනය වීම ද ප්‍රමාණවත් විය හැකි ය.
ක්ෂීරපායියන්ගේ ලිංගික විභේදනය තීරණය කෙරෙනුයේ X හෝ Y (පුරුෂ) වර්ණදේහයක් රැගෙන යන ශුක්‍රාණුව විසිනි.
අතිශයින් සසස්නායුකරිත තන්තුමය-වාහිනීමය වැස්මක් ලෙසින් භගමණිය කායෙහි අග මුණ්ඩය පවතින අතර, සාමාන්‍යයෙන් මෑ ඇටයක හැඩය සහ ප්‍රමාණය සහිත වන නමුදු සමහරවිටෙක එය වඩාත් විශාල හො කුඩා විය හැකිය.
This article uses material from the Wikipedia සිංහල article භගමණිය, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.