1.
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. මූලාශ්‍ර සෙවීම: "බුද්ධ චරිතය" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR |
සිදුහත් කුමරුගේ පරපුර.
2.ප්‍රථම නියත විවරණය :බෝසතුන් සුමේධ තාපසව දීපංකර බුදුන් වෙතින් ලබන ලදි.
3.පංච මහා විලෝකන:
4. බුද්ධ චරිතයේ කඩඉම්, සිදුහත් කුමරුගේ උපතින්, පළමුදින - අසිත ( කාලදේවල) තවුසාට දැක්වීම හා පියරජුගේ පළමු වැදීම. පස්වන දින - නම් තැබීමේ උළෙල. හත්වන දින- මව වූ මහාමායා දේවිය කළුරිය කිරීම. මාස 05 දී -වප් මඟුල හා පිය රජුගේ දෙවන වැදුම. අවු: 16 දී - ශිල්ප දැක්වීම හා යශෝධරා දේවිය විවාහ කර ගැනීම. අවු: 29 දී - රාහුල පුත් කුමරු ඉපදීම හා ගිහිගෙයින් නික්මීම. අවු: 35 දී - බුද්ධත්වයට පත්වීම. අවු: 55 දී -ආනන්ද හිමියන් බුදුරඳුන්ගේ ස්ථීර උපස්ථායක තනතුරට පත්වීම. අවු: 80 දි - පරිනිර්වාණය.
5. සිදුහත බෝසතුන් ගිහිගෙය හැර යාමට හේතුව,
6.සුදොවුන් රජු තම පුතුට වැදුම් කළ අවස්ථා:
7.සිදුහත් තවුස් තුමා දුටු සීන පස:
පළමු වන සීහිනය - බෝසතානන් මහ පොළව යහන ලෙසද , හිමාලය පර්වතය කොට්ටය ලෙසද ගෙන දකුණු මුහුදට දෙපා දිගු ෙකාට බටහිර මුහුදට දකුණතද , නැගෙනහිර මුහුදට වම් අතද දිගුකොට සැතපෙන සේ දැකීම. (මෙය චතුරාර්‍ය්‍ය සත්‍ය අවබෝධකොට බුදුවන බවට පෙර නිමිත්තකි.) දෙවන සිහිනය - බෝසතුන්ගේ නාභියෙන් රතු ඊතන ගසක් නැගී අහස තෙක් පැතිර සිටින සේ දැකීම. (මෙය ලෝකයාට දහම් දෙසන බවට පෙර නිමිත්තකි) තෙවන සිහිනය - කළු හිස් ඇති සුදු පණුවන් බෝසතුන්ගේ දෙපතුලෙන් නැගී දෙදන තෙක් වසා සිටිනු පෙනීම.(බොහෝ ගිහි ජනතාව බදුන් සරණ යන බවට පෙර නිමිත්තකි.) හතරවැනි සිහිනය -නොයෙක් වර්ණ ඇති ළහිණියන් සිව් දෙනෙකු සිව් දෙසින් පියඹා අවුත් බෝසතුන්ගේ පාමුළ වසා සුදු පැහැ වනු පෙණිනි. (සිව් කුලයට අයත් ජනයා පැවිදි වීම එකම ශ්‍රාවක පිරිසක් බවට පත්වන බවට පෙරනිමිත්තකි.)
08.යමාමහ පෙළහර : ශරීරයෙන් එකවිට එකිනෙකට ප්‍රතිවිරුද්ධ ජලය හා ගින්දර යන දෙකම නිකුත් කිරීමයි. මෙසේ කළ හැකි වන්නේ තේජෝ හා ආපෝ යන කසිණ වලට ෂණිකව සම වැදීමෙනි. මෙය කළ හැකි වන්නේ බුදුරඳුන්ට පමණි.
9.බුදුරඳුන් යමාමහ පෙළහර පෑ අවස්ථා:
10.බුදුවීමට පෙරදා බෝසතුන්ට දන් පළිගැන්වීම: සේනානි නම් නියම් ගමෙහි සුජාතා සිටු දුව විසින්, එය කිරිපිඬු දානයකි.
1බුදුරඳුන්ට පළමු දානය පිළිගැන්වීම: තපස්සු , භල්ලුක වෙළඳ දෙබෑයන් විසිනි. එය විලඳ හා මී පිඩුය.
12.බුදුරඳුන්ට අන්තිම දානය පිළිගැන්වීම: චුන්ද කර්මාර පුත්‍රයා විසිනි. එය සූකර මද්දවයයි .
13.සත් සතිය :
"පඨමං බෝධි පල්ලංකං- දුතියංච අනිම්මිසං
තතියං චංකමණං සෙට්ඨං- චතුත්ථං රතනාඝරං
පඤ්චමං අජපාලංච - මුචලින්දේන ජට්ඨමං
සත්තමං රාජායතනං - වන්දේතං මුනි සේවිතං"
පළමු සතිය - බෝරුක මුල දෙවන සතිය - අනිමිසලෝචන පූජාව තෙවන සතිය - රුවන් සක්මන සිව්වන සතිය - රැවන් ගෙය පස්වන සතිය - අජපල් නුග රුක මුල හයවන සතිය - මුචලින්ද නාග දරණය තුළ සත්වන සතිය- රාජායතන නම් කිරිපළු රුක මුල
14.පළමු ද්වේවාචික උපාසක පිරිස : තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන්, ඒවන වට සංඝ රත්නය බිහිවී නොමැති හෙයින් ඔවූහු බුදුන් දහම් පමණක් සරණ ගියහ.
15.බුදුරඳුන්ගේ පළමු ශ්රාවකයා : දම්සක් දෙසුම අසා පළමුවෙන් සෝවාන් වූ අඤ්ඤා කොණඩඤ්ඤ තෙරණු.
16.ප්‍රථම බුද්ධ වචනය : " අනේක ජාති සංසාරං - සන්ධා විස්සං අනිම්මිසං ගහකාරකං ගවේසන්තෝ - දුක්ඛා ජාති පුනංපුන ගහකාරක දිට්ඨෝසි - පුනගේහං නකාහසී සබ්බාතේ ඵාසුකා භග්ගා - ගහකූටං විසංඛිතං විසංඛාරගතං චිත්තං - තණ්හානං ඛයමජ්ඣගා"
තේරුම : සසර නැවත නැවත ඉපදීම දුකක් නිසා ඒ ඉපදීම නැමති ගෙය සාදන තණ්හාව නැමති වඩුවා සොයමින් නොයෙක් ජාති වල දිව්වෙමි. වඩුව තා මවිසින් දක්නා ලද්දෙහිය. යළි ගෙය නොකළ හැක්කෙහිය. තාගේ කෙළෙස් නැමති පරාල කඩා දමන ලදි. අවිද්‍යාව නැමති කැණිමඩල ගලවා දමන ලදි . සිත සංස්කාරයන්ගෙන් තොර විය. තණහාව නිමා විය.
17.අන්තිම බුද්ධ වචනය : " හන්දදානි භික්ඛවේ ආමන්තයාමී වෝ - වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ" (මහණෙනි , දැන් මා ඔබ අමතමි. සංස්කාරයෝ නැසෙන සුළුය නොපමාව නිවීම සාක්ෂාත් කරව්. )
18.බුදුරදුන්ගේ අනුශාසනය : බුදුරඳුන් හතලිස් පස් වසරක් තිස්සේ ලෝක සත්ත්වයාට දුකින් මිදීම පිණිස නොයෙක් අයුරින් අනුශාසනා කළහ. ඒ සියල්ල එක් කොට සාරාංශ කළ විට මෙසේය , " සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං - ඒතං බුද්ධානසාසනං" (සියළු පව් නොකිරීමත්, කුසල් රැස් කිරීමත්, සිත දමනය කිරීමත්, සියලු බුදුවරුන්ගේ අනුශාසනයයි.)
19.බුදුවරුන්ගේ චාරිකා ක්‍රම දෙක:
20.බුදුරදුන්ට එල්ල වූ විරෝධතා :
2 බුදුගුණ නවයකි. එනම් :
22.බුදුරඳුන්ගේ මහා කරුණාව : සතුරාටත් මිතුරාටත් එකසේ දක්වන කරුණාව මහා කරුණාව නම් වේ.එය හුදෙක් දෙව් මිනිසුන්ට නිවනට මාර්ගෝපදේශනය උදෙසා පවතී.
This article uses material from the Wikipedia සිංහල article බුද්ධ චරිතය, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.