පුරාතන ග්‍රීක ශිෂ්ටාචාරය

ඍඍ

පුරාතන ග්‍රීක ශිෂ්ටාචාරය
ඇතිනා දෙවඟන වෙනුවෙන් තැනුනු, ඇතන්ස්හී ඇක්‍රොපොලිස්හී පිහිටි පාතිනන් දෙවොල, පුරාතන ග්‍රීකයන්ගේ ශිෂ්ටාචාරයෙහි නියෝජන සංකේතයන්ගෙන් එකකි.

වර්ෂ ක්‍රමය/කාල නිර්ණය

අතීත ග්‍රීක ශිෂ්ඨාචාරය තුළ සම්මත වශයෙන් ගත්කල ආරම්භයක් හෝ අවසානයක් පිළිබඳ දින සටහනක් නොමැත. ග්‍රීක ශිෂ්ඨාචාරය ලෙස පොදුවේ හඳුන්වන්නේ රෝමය යටත් කර ගැනීමට පෙර කාලයයි. එය ඉතිහාසඥයින් පවසන අන්දමට එහි නිවැරදිම කාලයයි.


ග්‍රීක බසින් පවසන පරිදි ශිෂ්ඨාචාරයේ පරිහානිය ක්‍රි.පූ. 1150 දී සිදුවී ඇත. ඊට පෙර පුරාතන ග්‍රීක යුගයෙන් 'හෙලඩික්' ශිෂ්ඨාචාරය පරිහානියට පත්ව ඇත.පොදුවේ ඉතිහාසඥයින් පවසන පරිදි සටහන් කර ඇති පළමු දිනය ලෙස සැලකෙන්නේ ක්‍රි.පු 776 ඔලිම්පික් ක්‍රිඩා උළෙල පැවැත්වූ දිනය. එම ඔලිම්පික් උළෙල හා මයේසින ශිෂ්ඨාචාරයේ අවසානයත් අතර කාලය ග්‍රීකයේ අඳුරු යුගය ලෙස සැලකේ. මන්ද යත් එම කාලයට අයත් කිසිදු ලියවිල්ලක් හෝ පුරා වස්තු නොමැති කම නිසාවෙනි. බොහෝ විට එම කාලය පුරාතන ග්‍රීසිය යටත්ව තිබු කාලය වෙයි.


ක්‍රි.පූ. 323 දී ප්‍රභූ ඇලෙක්සැන්ඩර් ගේ මරණයෙන් පසුව පුරාතන ග්‍රීක යුගයේ බිඳවැටීම සිදුවිණි. කෙසේ ‍වෙතත් ක්‍රි.පූ. 146 දී බොහෝවිට ග්‍රීසිය රෝමන් යටත් විජිතයක් ව පවතින්නට ඇතැයි සැලකේ. ඇතැම් ලේඛකයන් පවසන පරිදි පුරාතන ග්‍රීක ශිෂ්ඨාචාරය 3 වන සියවසේ ක්‍රිස්තුවහන්සේ ගේ පැමිණිම දක්වා පැවතිණි. එහෙත් එය පදනම් විරහිත මතයකි.


ප්‍රායෝගිකව සලකා බලන කල පුරාතන ග්‍රීක යුගය, පරිච්ඡේද හතරකට බෙදා දැක්විය හැකිය. මුලික වශයෙන් කුඹල් කර්මාන්තයට හා දේශපාලනයට මුල් තැනක් තබා දී ඇත. කුඹල් කර්මාන්ත වලදී ජ්‍යාමිතික හැඩතල යොදා ගෙන තිබේ. එය ග්‍රීක අඳුරු යුගය ලෙස සලකනු ලැබේ (ක්‍රි.පූ. 1150 - ක්‍රි.පූ. 800).


ඉහත සඳහන් කළ පුරාතන යුගයේ (ක්‍රි. පූ. 800 - ක්‍රි. පූ. 500 ) දී වැඩිපුරම ශිල්පීන් යොමු වී ඇතතේ නිදහස් සිතුවිලි වලින් යුතු තනි අදහස් සහිත පුජකවරුන්ගේ සෙයියාවේ පිළිම නිර්මාණයටයි. බොහෝ විට එම පුරාතන යුගයේ නිමාව "ලෙම් ඇතන්" නම් දුෂ්ඨ පාලකයාගේ පරාජය ලෙස දැක්විය හැක. පුරාණ කාලයේ පැවති (ක්‍රි. පූ. 500 - ක්‍රි. පූ. 323) සමාජිය තත්වයේ ලක්ෂණ වලට නිදසුන් ලෙස ජානිනන් දෙව් මැදුර දැක්විය හැක.


ක්‍රි. පූ. 323 දී ඇලෙක්සැන්ඩර් රජුගේ මරණය සලකුණු කරා (හෙලතිස්නික කාලයේ ) ආරම්භය සලකමින් ග්‍රීක සංස්කෘතිය හා බලය මධ්‍යම නැගෙනහිරට ද විහි දී ඇත. රෝමයේ ජයග්‍රහණයත් සමඟ (ක්‍රි.පූ 146 දී) එම යුගයේ අවසානය විය .



පුරාණ ග්‍රීසියේ දේශපාලනය

මූලික වශයෙන් ග්‍රීක නගර ආණ්ඩු කඩා රාජධානි ලෙස පෙනී යයි. තවද, නිතරම රජුගේ චාරිත්‍රානුකූල උත්සව සිදුකෙරෙන නිල නගරයක් (බැසිලියස්) තිබුණි. උදා- ඇතන්ස්හි ආකොන් බැසිලියස්. කෙසේ වෙතත් පුරාතන යුගය සහ ප්‍රාග් ඓතිහාසික සමය වන විට බොහෝ දෙනෙක් වංශවත් රදලයන් බවට පත්ව සිටියහ. මේ වෙනස සිදු වූ ආකාරය අපැහැදිලිය. උදාහරණයක් වශයෙන් ගත් කළ ක්‍රි.පූ : 1050 වන විට රාජ පදවිය ජීවිතාන්තය දක්වා උරුම ප්‍රධාන මහේස්ත්‍රාත් පදවිය දක්වා (ආකොන්) පහතට බැසිණි; ක්‍රි.පූ 753 වන විට ඉහත පදවිය සඳහා වසර 10 කට වරක් ද ක්‍රි.පූ 683 වන විට වර්ෂයක් පාසාද පුද්ගලයන් පත්කරන ලදී. සෑම පියවරක් පාසාම වැඩි ජවයකින් රදල පැලැන්තියට සංක්‍රමණය වීම සිදු විය.



දේශපාලනය සමගම කුඩා කණ්ඩායම් හා පවුල්වලින් එකතු වූ ධන සම්භාරය, බොහෝ නගර ආණ්ඩුවල නොසන්සුන් බවක් ඇති කරළීය. බොහෝ නගරවල කෲර පාලකයන් ස්ව කැමැත්තට අනුව ආණ්ඩු පාලනය කළහ. නිතරම ඔවුන් බලයේ සිටීමට වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට වුහ.පන්ති භේදයෙන් බැට කෑමට ලක් වූ මෙවන් යුගයක නිතරම හොඳම විසඳුම වූයේ ශක්තිවන්තයෙකුගේ පාලනයයි.

6 වැනි ශතවර්ෂයේ දෙවන භාගයේදී ඇතන්ස් නගරය කෲර පාලනය යටතේ ඇද වැටිණි. රදලයන් නැවත බලය අල්ලා ගැනීමට එරෙහිව දේශපාලනික විසඳුමක් වශයෙන් මෙම කෲර පාලනය අවසන් වූ විට ඇතන්ස් වැසියෝ ලොව මුල්ම ප්‍රජාතන්ත්‍රවාදය පිහිටවූහ. ක්‍රි.පූ 621 දී ඩ්‍රැකෝගේ ප්‍රතිසංස්කරණවල සිටම නාගරික ප්‍රතිපත්ති සඳහා වූ (එකල්සියා) රැස්වීම් පැවැත්විණි.සොලොන් ප්‍රතිසංස්කරණවලට පසු (6 වැනි ශතවර්ෂය මුලදී ) සියලුම වැසියන්ට එයට සහභාගී වීමට අවස්ථාව ලැබුණු නමුත් දරිද්‍රතාවයේ අන්තයේ සිටියවුන්ට රැස්වීම ඇමතීමට හෝ රජයේ රැකියා කිරීමට අවසර නොලැබුණි. ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවීමත් සමගම මෙම රැස්වීම ආණ්ඩුවේ ඩී ජර් යාන්ත්‍රණය බවට පත් වූ අතර ඉන්පසු සියලුම පුරවැසියන්ට රැස්වීමේදී සම අයිතීන් ලැබුණි. කෙසේ නමුත් ඇතන්ස්හිදී සිටි පුරවැසියන් නොවන්නවුන්ටද (විදේශිකයන් වැනි) වහල්ලුන්ටද දේශපාලන අයිතීන් හිමිවුණේ නැත.


ඇතන්ස්හි ප්‍රජාතන්ත්‍ර වාදයේ නැගීමත් සමගම අනෙක් නගර ආණ්ඩුද ප්‍රජාතන්ත්‍රවාදය පිහිටවූහ.කෙසේ වෙතත් බොහෝ නගර ආණ්ඩු පාරම්පරික ආණ්ඩු ක්‍රම පවත්වා ගැනීමට උත්සුක වූහ. නමුත් ස්පාටා නගරය ප්‍රවේණි අධිරාජ්‍යයවරු දෙදෙනෙක් යටතේ පාලනය විය. කෙසේ වෙතත් වැඩිහිටි අයවලුන්ගේ කවුන්සලයක් (ජෙරෝසියා) සහ රජවරුන්ට රැකවල් දා සිටි මහේස්ත්‍රාත්වරුන් නිසා මෙම රජවරුන්ගේ බලයට බාධා පැමිණුණි.

පුරාණ ග්‍රීසියේ පැවති දේශපාලනික ක්‍රම

පුරාණ ග්‍රීසියේ සිය ගණනකට ආසන්න නිදහස් නගර ආණ්ඩු පැවතුණි(පෝලිස්). මේවා ගෝත්‍රික වශයෙන් හා විශාල ප්‍රාන්ත වශයෙන් පාලනය කළ රාජධානි විය. ඒ නගරවල පැවති සමාජ රටාව සමකාලීන සමාජවලට වඩා වෙනස් ආරක් ගෙන තිබුණි. මීට සම කළ හැකි අවස්ථාවක් පීනීෂියා ජනපදයේ වෙරළාසන්න නගරවල දැකිය හැකිය. පුරාණ ග්‍රීසියේ කඩතොළු ස්වභාවයට හේතු වූ කඳුහෙල් හා ගංගා හේතුවෙන් ග්‍රීසියේ භූගෝලය ප්‍රධාන හා උප වශයෙන් බෙදී පැවතුන බව සැකයකින් තොරව කිව හැකිය. කෙසේ වෙතත් ග්‍රීකයන් සහජයෙන් ගෙන ආ දේවලින් යම් තත්ත්වයක් ගොඩ නැගී තිබුණි.ඔවුන්ට වූයේ එක එකම ආගමකි.එකම මූලික සංස්කෘතියකි. එකම භාෂාවකි. එහෙත් පෝලිස් හි ස්වෛරීභාවය තදින්ම ආරක්ෂා කෙරිණි. එක්සත් කිරීම යනු ග්‍රීකයන් විසින් කලාතුරකින් සලකා බැලුණු දෙයක් විය. මේනිසා පුරාතන ග්‍රීක දේශපාලනික පද්ධතියේ ප්‍රධාන විශේෂත්වයන් වන්නේ මූලික ලෙසම එහි කඩතොළු සහිත ස්වභාවයයි. මෙහි විශේෂයෙන් ගෝත්‍රික සම්භවය දක්නට නොලැබේ. දෙවනුව නාගරික ප්‍රදේශවල ඇති වූ විශේෂ කේන්ද්‍රගත වීමයි. මෙම විශේෂත්වයන් තව දුරටත් සාක්ෂාත් වන්නේ මධ්‍යධරණිය අවට වාසය කළ ජනපද තුළිනි. ඔවුන් එක්තරා ග්‍රීක පෝලිසයක් තම මව ලෙස සලකා ඇත.


අනිවාර්ය ලෙසම කුඩා නගර ආණ්ඩුවලට වඩා විශාල ප්‍රාන්ත සැම විටම ඉහළින් සිටියා වුවත් වෙනත් නගර ආණ්ඩු මගින් පාලනය කිරීම ඉතා දුර්ලභ දෙයක් විය. නගර ආණ්ඩු එක්සත් මණ්ඩලවලට බෙදීම වෙනුවට සාමාජිකත්ව වෙනස් වීමක් පැවතිණි. පසුව සම්භාව්‍යය කාල පරිච්ඡේදයේදී එනම් එක්සත් මණ්ඩල ගණනින් කුඩා වුවත් බලවත් වූ කාලයේදී එක්පුරවරයක් පමණක් ඉහළින් බලපැවැත්වෙන ලදී. (විශේෂයෙන් ඇතන්ස්, ස්පාටා හා තීබ්ස්); එමෙන්ම නිතරම නගර ආණ්ඩු යුධ තර්ජනවලට යටත් විය. නැතහොත් සාම ගිවිසුම්වල පාර්ශවයක් ලෙස පෙනී සිටියේය. මැක්ඩෝන්හි II වන පිලිප් පුරාතන ග්‍රීසියේ අග්‍ර නගරයන් පරාද කළ පසු පවා ඔහු ප්‍රාන්ත යටත් කර ගැනීමට හෝ එය නව පළාතක් යටතේ එක්සත් කිරීමට පෙළඹුණේ නැත. ඔහු ආණ්ඩු විශාල ගණනක් තමාගේම කොරින්තියානු එක්සත් මණ්ඩලය යටතට ගැනීමට පමණක් කටයුතු කළේය.

පුරාතන ග්‍රීක ශිෂ්ටාචාරය 
Delian League ("Athenian Empire"), immediately before the Peloponnesian War in 431 BC


පුරාණ ග්‍රීසියේ සමාජීය ව්‍යුහය

ජන්මයෙන්ම ඉඩම් කඩම් හිමි තැනැත්තන් පුරවැසි භාවය හිමි වු නියමු පුරවැසියන් යන නම ලද්දෝ වුහ. (පසුව පෙරිකල්ස් විසින් ජන්මයෙන්ම පුරවැසි භාවය හිමිවුවන්ගේ සීමා බැහැර කරන ලදී.) රෝමයේ වාගේ නොව වෙනත් බොහෝ නගරාණ්ඩු වල සමාජීය ප්‍රමුඛත්වය අනුව විශේෂ අයිතීන් හිමි නොවුණි. උදාහරණයක් වශයෙන් විශේෂ දෙපල හෝ අයිතීන්ගෙන් තොර සාමාන්‍ය පවුලක සාමාජිකයෙක් ගත හැකිය. සමහර අවස්ථාවලදී පවුල් විසින් ප්‍රසිද්ධ ආගමික උත්සව සංවිධානය කිරීම් සිදු කරනු ලැබිණි. නමුත් ඔවුන්ට ආණ්ඩුවේ අමතර බලයක් හිමි නොවුණි. ඇතැන්ස් හි ධනය වස්තුව මත පදනම් වු සමාජ පන්ති 4 ක් ලෙස ජනගහනය බෙදි පැවතුණි. මිනිසුන්ට තමුන් උපයන ආදායමේ හැටියට පන්ති වෙනස් කිරීමේ අයිතිය හිමිවී තිබුණි. ස්පාටාහි ඉගෙනීම් අවසන් කළ සියළු පුරුෂයින් “ සමාන” ලෙස නම් දරා තිබුණි. කෙසේ වෙතත් නගරාණ්ඩුවේ හමුදා හා ආගමික යන ද්විත්ව ආකාර වලින් සේවය කළ ස්පාටා වරු පෙළපත් දෙකකින් පැමිණියෝ වුහ. වහල්ලුන්ට කිසිදු තත්ත්වයක් හෝ බලයක් තිබුණේ නැත. ඔවුන්ට පවුල් වීමට හා දේපල ඇති කර ගැනීමට අයිතියක් තිබුණ මුත් දේශපාලන අයිතියක් තිබුණේ නැත. ක්‍රි.පු. 600 වන විට චංචල දේපල වහල් සේවය ග්‍රීසියේ ව්‍යාප්තව තිබුණි. ක්‍රි.පු. 5 වැනි ශත වර්ෂය වන විට සමහර නගරාණ්ඩුවල ජනගහනයෙන් 1/3 ක් වහල්ලු වූහ. ස්ටාපා වලින් පිටත වහල්ලු බොහෝ විට කැරලි ගැසීමට ඉදිරිපත් නොවුහ. ඔවුන් විවිධ ජාති වලින් යුක්ත වීම හා විසිර පැවතීම ඊට හේතු විය.

බොහෝ පවුල් වල සිටි වහල්ලු ගෘහ සේවයේ හා කම්කරුසේවයේ යෙදි සිටියෝ වූහ. දුප්පත් පවුල්වලට ඉතා කුඩා වහල්ලු ගණනක් සේවය කළහ. නමුත් වහල්ලු අයිතිකාරයින්ට තම වහල්ලුන්ට තැලීමට හෝ ඔවුන් ඝාතනය කිරීමට අවසර නොතිබුණි.හිමිකරුවෝ නිතරම අනාගතයේදි වහල්ලු නිදහස් කිරීමට පොරොන්දු වූහ. ඒ ඔවුන් තව දුරටත් වැඩෙහි යෙද වීමට කරන ධෛර්යක් වශයෙනි. එහෙත් මෙහි රෝමයේ මෙන් නිදහස් වු වහල්ලුන්ට පුරවැසි භාවය හිමි නොවීය. ඒ වෙනුවට ඔවුන් මෙටික්හි ජනතාව බවට පත් කරන ලදී. එහි වුයේ විදේශීය රටවලින් හෝ වෙනත් ආණ්ඩු වලින් පැමිණි ජනතාවයි. එහි ඔවුන්ට විසීමට නිල වශයෙන් ඉඩ හැර තිබුණි.

නගරාණ්ඩුව නීතිමය වශයෙන් අයිතිව තිබුණේ වහලුන්ටය. මෙම වහලුන්ට පවුල්වලට වැඩ කර දෙන වහලුන්ට වඩා විශාල නිදහසක් තිබුණි. ඇතැන්ස්හි ජනතාව වහල්ලුන් හොර සල්ලි අච්චු ගැසීම ගැන සෝදිසියෙන් සිටීමට ද දේවස්ථාන වල සිටි වහලුන්ව දෙවියන් වහන්සේගේ සේවකයන් ලෙසද පත් කර සිටියහ. ස්ටාපාහි හෙලොට්ස් නම් වු විශේෂ වහලුන් කොට්ඨාශයක්ද විය. හෙලොට්ස්වරු ග්‍රීක යුද්ධයේදී අල්ලාගත්තවුන් වූ අතර ඉන් පසු ඔවුන් බලහත් කාරයෙන් නිවෙස් වල වැඩට යොදවන ලදී. හොලට්ස් වරු ආහාර නිෂ්පාදනයද, ගෘහ අවශ්‍යතාද ඉටු කළහ.මෙනිසා කාන්තාවන්ට තම දරුවන් ලොකු මහත් කිරීමේ දී ද පුරුෂයන්ට හෙලොට්ස් වරු ලෙස පුහුණු වීම් වල යෙදීමට ද හැකියාව ලැබුණි. වහල්ලු තම හිමිකරුවන්ගෙන් කුරිරු සැලකීම් ලැබු අතර නිතරම ඔවුන්ට සීමා තහංචි යෙදි තිබුණි.

පුරාණ ග්‍රීසියේ සංස්කෘතිය

දර්ශනවාදය

ග්‍රීක දර්ශන විද්‍යාව පදනම් වුයේ කරුණු හා පරීක්ෂණ මතය. එයින් වර්තමාන විද්‍යාවට මෙන්ම වර්තමාන දර්ශන විද්‍යාව කෙරෙහිද වැදගත් බලපෑමක් ඇති කෙරිණි. එසේම පැහැදිලි හා නොබිඳුණු සිද්ධිවල මුලාරම්භය ග්‍රීක හා ග්‍රීක දර්ශනවාදීන් සිදු වු ආකාර, මධ්‍යකාලීන මුස්ලිම් දර්ශනවාදීන්ට හා විද්‍යාඥයින් හටද, යුරෝපීය පුනරුදයට හා වර්තමාන ලෞකික විද්‍යාවටද බලපෑමක් ඇති වුයේය.

ග්‍රීක ගවේෂණ විද්‍යාව හා පැරණි ශිෂ්ටාචාර ගවේෂණ අතර වෙනස පැහැදිලි කිරීමත් සමඟම ඊජීප්තු හා බැබිලෝනියානු යන මාතෘකා ඔස්සේ සිද්ධාන්තිකව කරුණු අධ්‍යයනය කිරීම ඇරඹිණි.


සාහිත්‍යය

වරක් ඇල්ෆඩ් නෝර්ත්ගේ ‘වයිට් හොඩ්' දර්ශන වාදය පිළිබඳ ඔහුගේ හිමිකම පෙන්වා දුන්නේය. සුළු පිරිසක් 'ප්ලෝටෝගේ' බව ප්‍රකාශ කළේය. අදහසක් වශයෙන් බටහිර සාහිත්‍යයේ එන පැරණි ග්‍රීසිය ගැන ලිවීම පුස්සක් බවත්, අතිශයෝක්තියක් බවත් ය. කෙසේවෙතත් සත්‍ය වනුයේ ග්‍රීසිය පිළිබඳ සාහිත්‍ය රචකයන්ගේ සංවාදයක් නොමැති බවයි.

පුරාතන ග්‍රීක ශිෂ්ටාචාරය 
Early Athenian coin, depicting the head of Athena on the obverse and her owl on the reverse—5th century BC
පුරාතන ග්‍රීක ශිෂ්ටාචාරය 
Attic red-figure pottery, kylix by the Triptolemos Painter, ca. 480 BC (Paris, Louvre)


ආගම හා මිත්‍යා මත

පුරාතන ග්‍රීක මිත්‍යා කථා වල සඳහන් වන්නේ ඔවුන්ගේ දෙවියන් හා වීරයන් පිළිබඳවයි. එසේම ලෝකයේ ස්වාභාවය හා නියම අර්ථය පිළිබඳ අභ්‍යාසයේ යෙදිම ඔවුන්ගේ ආගමයි. මුලික ග්‍රීක දෙවියන් වුයේ දක්ෂ ඔලිම්පික් ක්‍රීඩකයන් දොළොස් දෙනෙකි. සියුස්හේරාඩිමීටර්ඩයනයිසියස්හෙස්ටියාඅාර්ටෙමිස්අැපලෝපොසැඉඩන් සහ හැරකල්ස් අනෙකුත් වැදගත් දේවතාවන් වේ. සීයුස්ගේ මාපියන් ක්රොන්ස් හා රීයා වන අතර ඔහුගේ දරුවන් පොසිඩොන්, හැඩස්, හීරා, හෙස්ටියා, සහ ඕමිටර් වේ.

පුරාතන ග්‍රීසියේ අධ්‍යාපනය

ස්පාර්ටාහි හැරුණු විට සමස්ථ ග්‍රීසියේම අධ්‍යාපනය, පෞද්ගලික අංශය මඟින් මෙහෙයවන ලදි. හෙලන් යුගයේ දී (Hellenistic Period) පොදු පාසල් ආරම්භ විය. තවත් පවුල් වලට පමණක් අධ්‍යාපනය සීමාවිය. පිරිමි දරුවන් පමණක් ලිවීම, කියවීම හා සාහිත්‍ය ඉගෙන ගත්හ. ඔවුන් ගායනය හා වාදනයද ඉගෙන ගත් අතර හමුදා සේවය සඳහා ද පුහුණු කරන ලදි. ඔවුන් රැකියාවක් සඳහා ඉගෙන නොගත් අතර හොඳ පුරවැසියන් වීමට උගත්හ. ගැහැණු දරුවන් ද ලියවීම, කියවීම උගත් අතර ඔවුන් ප්‍රධාන ලෙස ගෘහාශ්‍රිත කටයුතු සඳහා උගත්හ. නමුත් කුඩා අවධියෙන් පසු ඉදිරියට අධ්‍යාපනය නොලැබුහ.

පිරිමි දරුවන් අවුරුදු 7 දී පාසල් වෙත හෝ හමුදා බැරැක්ක වෙත යොමු කෙරුණි. වර්‍ග තුනක අධ්‍යාපනයක් එකල පැවතිණි. එනම් ගණිත ශාස්ත්‍රි, සංගීත, නැටුම් හා ක්‍රීඩා වශයෙනි.

ධනවත් පවුල්වල දරුවන් නිවෙසේ සේවකයතු යටතේ පෞද්ගලික පාසල් වෙත යොමු කෙරුණි. පාසල් ගුරුවරුන්ගේ නිවෙස් තුළ එම පෞද්ගලික පාසල් පැවති අතර එහිදී ඔවුන්ට ලිවීම, කියවීම, ගණිතය, ගායනය, වාදනය ක්‍රිඩාව පුහුණු කෙරුණි. දරුවන්ගේ වයස අවුරුදු 12 වන විට මල්ලවපොර, දිවීම, යගුලිය විසිකිරීම, හෙල්ලය විසිකිරීම ආදියට යොමු කෙරුණි. වසර දෙකක හමුදා පුහුණුවකින් පසු අවුරුදු 18 දී අධ්‍යාපනය නිම කෙරුණී.

ස්පාර්ටානියානු ක්‍රමයට අනුව දරුවන් සුළු පිරිසක් කුඩා අවධියෙන්ද පසු අධ්‍යාපනය කරගෙන ගියහ. තරුණයින් සිය භාරකාරයින් ආශ්‍රයෙන් දේශපාලනය පිළිබඳව යම් අවබෝධයක් ලබාගත් අතර ඔවුන්ට සහායවීමටත්, පොදු ජන කටයුතුවල නියැලීමට අවැසි ආභාෂයත් ලබාගත්හ. ධනවත් සිසුන් ප්‍රසිද්ධ ගුරුවරුන් යටතේ අධ්‍යාපනය ලැබු අතර, ලයිසියම්, ඇකඩමි, යනු එකල ප්‍රකට පාසල් විය. ධනවත් ග්‍රීක්වරුන්ගේ අධ්‍යාපන ක්‍රමය පයිඩියා(paideia) යනුවෙන් හැඳින්විණි.

ග්‍රීක ශිෂ්ටාචාරයෙන් ලොවට ලැබුන දායාද

Ancient_Greece Social_Structure

• නූතන ප්‍රජාතන්ත්‍රවාදය ඇරඹීම • ඔලිම්පික් ක්‍රීඩාව

Tags:

පුරාතන ග්‍රීක ශිෂ්ටාචාරය වර්ෂ ක්‍රමයකාල නිර්ණයපුරාතන ග්‍රීක ශිෂ්ටාචාරය පුරාණ ග්‍රීසියේ දේශපාලනයපුරාතන ග්‍රීක ශිෂ්ටාචාරය පුරාණ ග්‍රීසියේ පැවති දේශපාලනික ක්‍රමපුරාතන ග්‍රීක ශිෂ්ටාචාරය පුරාණ ග්‍රීසියේ සමාජීය ව්‍යුහයපුරාතන ග්‍රීක ශිෂ්ටාචාරය පුරාණ ග්‍රීසියේ සංස්කෘතියපුරාතන ග්‍රීක ශිෂ්ටාචාරය පුරාතන ග්‍රීසියේ අධ්‍යාපනයපුරාතන ග්‍රීක ශිෂ්ටාචාරය ග්‍රීක ශිෂ්ටාචාරයෙන් ලොවට ලැබුන දායාදපුරාතන ග්‍රීක ශිෂ්ටාචාරය

🔥 Trending searches on Wiki සිංහල:

ඊශ්‍රායෙල - පලස්තීන ගැටුමප‍්‍රාථමික අධ්‍යාපනයමඩු දේවස්ථානයමොනාලිසාවික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාවධර්මදූත ලූක් තුමාක්ෂණික මෝචනයකාව්‍යයේ මුඛ්‍යාංගජේතවනාරාමය, අනුරාධපුරලිංගික අපරිකාමකත්ව ලැයිස්තුවපුත්තාණ්ඩුත්‍රිපිටකයසූර්ය ග්‍රහණදේශබන්ධු තෙන්නකෝන්වැදි ජනයායෝනි මුඛයශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියදකුණු පළාත, ශ්‍රී ලංකාවසමනලයාබර්ටෝල් බ්‍රෙෂ්ට්මිනිස් ඇසසියදිවි නසාගැනීමනොබැඳි ජාතීන්ගේ සංවිධානයශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවහෘද සාක්ෂියවිටමින්රනිල් වික්‍රමසිංහමානවම්ම රජසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුලෝවාමහාපායජැක්සන් ඇන්තනීනොනගතයජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවහොරසඳකඩපහණතල් ශාකයවිලියම් ෂේක්ස්පියර්ඔහියකුරුඳුවත්ත රාජකීය විද්‍යාලයසූනන් ඇඟ වැටීමේ ඵලාඵලළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාකම්කරු නීතියබෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයදකුණු ආසියාවශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවික්‍රිස්තියානි ආගමදේවානම්පිය තිස්ස රජප්‍රථමක සංඛ්‍යාකතරගමජානශ්‍රී ලංකාවේ ජාතික කොඩියසිංහල භාෂාවසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමතුන්වන පරාක්‍රමබාහු රජකේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාලාදුරුකෙසෙල්කොරෝනා වෛරසයතනි වචන (සිංහල භාෂාව)ආයුර්වේදයපින්නවල අලි අනාථාගාරයපටිච්චසමුප්පාදයකනවිදුර වික්‍රමනායකසාම්ප්‍රදායික සිංහල විවාහනොබෙල් ත්‍යාගයවසභ රජනෙළුම්ගෞතම බුදුරජාණන් වහන්සේමුදු කරවලාගොංගාලේගොඩ බණ්ඩාඍතුකොහොඹදිවාලිසමාධි බුදු පිළිමයඇල්බට්‍ අයින්ස්ටයින්🡆 More