පාරමිතා

සම්මා සම්බුද්ධ, පසේ බුද්ධ, අරහත් යන තුන්තරා බෝධියට පමුණුවන ලෝකෝත්තර කුසල ධර්ම දස පාරමිතා නම් වෙති.

දස පාරමිතා

ලෞකික සැප සම්පත් පතා කරන කුසලයෙන් ලෞකික සැප සම්පත්ම පමණක් ලබා දෙනු මිස සම්බෝධියට නො පමුණුවනු ලැබේ.එ බැවින් ඒ කුසලයෝ පාරමී සංඛ්‍යාවට නො ගැනෙති. සම්බෝධිය හෝ නිවන හෝ පතා කරන කුසලයෝ පාරමී සංඛ්‍යාවට අයත් වෙති.

"දානං සීලඤ්ච නෙක්ඛම්මං - පඤ්ඤා විරියෙන පඤ්චමං ඛන්ති සච්චමධිට්ඨානං - මෙත්තුපෙක්ඛාතිමා දස"

යනුවෙන් මෙම ගාථාවේ සදහන් වන පරිදි එම දස පාරමිතා මෙසේය,

  1. දාන පාරමිතාව
  2. ශීල පාරමිතාව
  3. නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතාව
  4. ප්‍ර‍ඥා පාරමිතාව
  5. වීර්‍ය්‍ය පාරමිතාව
  6. ක්ෂාන්ති පාරමිතාව
  7. සත්‍ය පාරමිතාව
  8. අධිෂ්ඨාන පාරමිතාව
  9. මෛත්‍රී පාරමිතාව
  10. උපේක්ෂා පාරමිතාවය යි පාරමිතා දසයෙකි. (උපුටා ගැනීම, මහාචාර්ය පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි- බෞද්ධයාගේ අත්පොත)

සය පාරමිතා

1. දාන

2. ශීල

3. ඛන්ති

4. වීර්ය

5. ධ්‍යාන

6. ප්‍රඥා

පාරමිතාවක් යනු පරිසමාප්ත කිරීමයි. බුද්ධ ධර්මයේදි පාරමිතා නම් වන්නේ යහපත් ගුණධර්ම සම්පුර්ණ කර ගැනීමයි. පාරමිතා පිරීම මඟින් තම කර්ම ප්‍රහීනකර නිර්වාණය අවබෝධ කර ගත හැක.

ථේරවාදි බුදු දහමේ දැක්වෙන පාරමිතා

ථේරවාදි බුදු දහමේ බුද්ධ වංශය, ජාතක පොත යන ග්‍රන්ථවල පාරමිතා පිළිබඳ සඳහන් වේ. එමනිසා පාරමිතා මුල් බුදු දහමේ අංගයක් ලෙස සැලකෙන නමුත් සූත්‍ර පිටකයේ පාරමිතා පිළිබඳ සඳහන් නොවීම නිසා මෙය අර්ධ මහායාන මතයක් බවට අදහසක් පවතී.

  • දාන-පරිත්‍යාගශීලිත්වය , මනසින් අත් හැරීම
  • ශීල-යහපත් හැසිරීම ,
  • නෙක්කම්ම-අභිනිෂ්ක්‍රමණය
  • ප්‍රඥා-විදර්ශනාව
  • වීර්ය-නොපසුබසින උත්සාහය
  • ඛන්ති-ඉවසීම
  • සච්ච-සත්‍යය
  • අධිට්ඨාන-අධිෂ්ඨානය
  • මෙත්තා-මෛත්‍රිය
  • උපේක්ෂාව-ශාන්තභාවය හා උපේක්ෂාව

අවසානයට සඳහන් මෙත්තා හා උපේක්ඛා සතර බ්‍රහ්ම විවරණයේද කොටසකි.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකා කලු වදුරාවිජය රජපේර ශාකයබුධජන කවිහොරසුගතපාල ද සිල්වාඅනුරාධපුර රාජධානියසෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයකළු කුහරආරාමරොට්වෙයිල(ර්)භගමණියදියතලාවයාපහුව බලකොටුවශ්‍රී ලංකාවේ බලකොටුශ්‍රී ලංකාවේ නීති පද්ධතියමෛත්‍රී බුදුරජාණන් වහන්සේශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයමහ පොළොවදයානන්ද ගුණවර්ධනසාගර පලන්සූරියපලිබෝධනාශකදුටුගැමුණු රජගෝලීයකරණයසුදු කොඩි නඩුවලෝක සෞඛ්‍ය සංවිධානයබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවවෛද්‍යවේදී සහ ශල්‍යවේදී උපාධියඅංගම්පොර සටන් කලාවඉන්දියාවේ ඉතිහාසයසිංහල ජනකවිඅළු කෑදැත්තාසන්නිවේදන තාක්ෂණය ඉතිහාසයඑනසාල්මිනිස් මොළයරතන සූත්‍රයපවුලමහත්මා ගාන්ධින්‍යෂ්ටික අවිපූජාවලියඅන්තර්ජාලයවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගතෙරේසා මවුතුමියශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුඊශ්‍රායෙල - පලස්තීන ගැටුමමී මැසි පාලනයසූනන් ඇඟ වැටීමේ ඵලාඵලකුරුල්ලෝපදවිය වැවඉතිහාසයමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියනෙප්චූන්සිංහල න-ණ ල-ළ බේදයලිංගික අප්‍රාණිකත්වයශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවජීවන්ත හා දිසාලාශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවජපානයචෙස්සිංහල වර්ණ මාලාවගිරවුසනත් නිශාන්තපංච නීවරණශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවජෛව ගෝලයහින්දු දෙවිවරුන්ගේ ලැයිස්තුවපද්මසිරි ත්‍රීමා විතාරණරෝස්මෙරිආදරයඅනුර කුමාර දිසානායකසිංහල පිල්ලම්මඩු දේවස්ථානයගොටුකොලමුල් ළමාවියේ සංවර්ධනයක්‍රීඩා🡆 More