ප්‍රාදේශිය සභා

1987 අංක 15 දරන ප්‍රාදේශිය සභා පනත යටතේ ප්‍රාදේශිය සභා ස්ථාපිත කරන ලද අතර එය පළාත්පාලනආයතනයක් /ප්‍රාදේශිය ආණ්ඬුවක් ලෙස යම් කිසි නිශ්චිත නාගරික හෝ ග්‍රාමීය ප්‍රාදේශයක පරිපාලනය හා සංවර්ධනය අරමුණු පදනම් කොටගෙන ක්‍රියාත්මක වේ.

ගොනුව:Srilanka flag.jpg
ප්‍රාදේශිය සභා

හැදින්වීම

මෙහි විශේෂත්වය වන්නේ ඒවා නිතිමය පද්ධතියක්තුළ ක්‍රියාත්මක වීමයි. මධ්‍යම රජයට හා පළාත් සභාවලට ප්‍රාදේශිය සභා ආයතනවල අධීක්ෂණ බලතල පවරා ඇතත් එම අධීක්ෂණ කටයුතු කළ හැකි වන්නේ නිතියෙන් පැවරි ඇති සීමාවන්ට පමණි. මෙහිදී ප්‍රාදේශිය සභාක්‍රියාවලිය ක්‍රියාත්මක වන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති හා පළාත් පාලන ආයතනවලට අණ පණත් වලින් පැවරි ඇතිබලතල යටතේ නිතිමය ව්‍යුහවලට අනුකුලවය.

ප්‍රාදේශිය සභා දැක්ම 1987 අංක 15 දරන පනත තුළ අන්තර්ගත වන්නේ පහත අයුරිනි

"පරිපාලන සහ සංවර්ධන කටයුතුවලට අදාළව තිරණ ගැනිමේ ක්‍රියාවලියෙහි ජනතාව පළාත් මට්ටමින් ඵලදායි ලෙස සහභාගි විම සඳහා වැඩි අවස්ථා සලසා දිමේ අරමුණු ඇතිව ප්‍රාදේශිය සභා පිහිටු විම සඳහා ඳ එම සභාවල බලතල කාර්යයන් සහ කර්තව්‍යයන් නිශ්චය කිරිම සඳහාඳ පනතකි.

ප්‍රාදේශිය සභා වෙත පැවරි ඇති සියලු කාර්යයන් හා වගකිම් හා බලතල අයත් වන්නේ සංවර්ධනවිෂය ක්ෂේත්‍රයටය. මෙම සංවර්ධන කාර්යය ප්‍රාදේශිය මට්ටමෙන් පොදු පරිපාලන, මහජන උපයෝගිතා සේවා,මහජන සෞඛ්‍ය සේවා භෞතික සැලසුම් , මංමාවත්, ඉඩම් හා ගොඩනැගිලි, ජල සේවා, සුභ සාධක සේවා පහසුකම් යන ක්ෂේත්‍ර ගණනාවකට විහිදි ඇත.

මෙම පරිපාලන සහ සංවර්ධන කටයුතු සිදු කිරිම මධ්‍යම රජයේ ප්‍රතිපාදන, පළාත් සභා අරමුදල්, වරිපනම්, බඳු මුදල් හා දේශිය ණය සංවර්ධන අරමුදලින් ණය හා මීට අමතරව රාජ්‍ය නොවන සංවිධාන වලින් ලැබෙන ආධාර යටතේ සිදු වේ.

මෙහිදි ඒ ඒ ප්‍රාදේශිය සභා විසින් යෝග්‍ය වන්නේ යැයි අදහස් කරනු ලබන පරිදි තම බලතල විෂය ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක කිරිමට හැකියාව තිබේ. එසේ වුවත් මෙම ප්‍රාදේශිය සභා ස්වාභිමානය දෙයාකාරයකින් සීමා වි තිබේ.

යම් සේවාවක් තමන් කැමති ආකාරයට ප්‍රවර්ධනය කිරිමට අවශ්‍ය සාමාන්‍ය බලතල ප්‍රාදේශිය සභා සතු නොවේ. ප්‍රාදේශිය සභාවට හිමිව තිබෙන්නේ නියමිත වුත් සිමිත වුත් ව්‍යවස්ථාපිත බලතල පමණි. තවද ඒවා මධ්‍යම හෝ දෙවැනි පෙළ ආණ්ඬු විසින් පාලනය කරනු ලැබේ. එසේ වුවත් රැකියා ප්‍රවර්ධන,ආදායම් ඉපැයිම හා ප්‍රාග්ධන ආයෝජනය යන කරැණු සලකා බලන විට ප්‍රාදේශිය සභාවලට වැඩි බලතල ප්‍රමාණයක් පවරා දී තිබෙන බව පෙනෙයි.

ප්‍රාදේශිය සභා ස්ථාපිත කිරීම

ප්‍රධාන ලිපිය - ශ්‍රී ලංකාවේ ප්‍රාදේශිය සභා ලැයිස්තුව

ප්‍රාදේශිය සභා ස්ථාපිත කිරිමට ප්‍රථම ප්‍රාදේශිය සංවර්ධනය අරමුණු කොටගෙන විවිධ යාන්ත්‍රණ පැවතිනි. මෙහිදි රාජ්‍ය පාලන සමය තුළ ප්‍රාදේශිය සංවර්ධනය සඳහා ගම්සභා ක්‍රමය ක්‍රියාත්මක වු බවට මහාවංශය,සෙල්ලිපි, ලෙන් ලිපි, ටැම් ලිපි, රොබට් නොක්ස් වාර්තා සාක්ෂි සපයයි. පසුව යටත් විජිත අවධිය තුළ ඩොනමෝර් සහ සොල්බරි යෝජනා තුළ ප්‍රාදේශිය සංවර්ධනය අරමුණු කොටගෙන විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක විය. අනතුරුව නිදහසින් පසු (1948 න් පසු) මෙරට ග්‍රාමීය හා නාගරික අංශ අතර පවතින දැඩි ආර්ථික අසමතුලිතතාවය තුරන් කිරීම සහ ග්‍රාමීය ප්‍රාදේශිය ඌණ සංවර්ධනයේ අසමානතාව අවම කිරීම සඳහා විවිධ සංවර්ධන ප්‍රතිපත්ති පදනම් කොටගත් උත්සාහයන් දරනු ලැබිය. නමුත් රජය විසින් සංවර්ධනය සඳහා මෙසේ සැලසුම් සකස් කළද සැලසුම් සම්පාදන ක්‍රියාවලිය හා ආර්ථික තිරණ ගැනිම අතර සබඳතාවයන් නොමැතිකම තුළ මෙම සංවර්ධන සැලසුම් අසාර්ථක විය.

අනතුරුව පසුගාමී සංවර්ධනය සහ සංවර්ධන ප්‍රතිථල අසමාන ලෙස බෙදීයාම සිදුවන්නේ මධ්‍යගත පාලන සංවර්ධන තුළින් හා මෙම මධ්‍යගත ආර්ථික සැලසුම්කරණය හා රාජ්‍ය මැදිහත් වීම ජාතික සංවර්ධන දෘෂ්ටියකින් සිදුවන අතර එය ක්‍රියාත්මක වීමේදී නාගරිකත්වයට පක්ෂපාතිබවක් දක්වන බව පැහැදිලිවු බැවින් ග්‍රාමීය මට්ටමේ සහභාගිත්වය ලබා ගැනීමේ හා සාර්ව ආර්ථික අසමතුලිතතාවයන් නැති කිරීම සඳහා විමධ්‍යගතකරණ ලද සංවර්ධන වැඩසටහන් 1970 දශකයේදී රජය විසින් හදුන්වා දෙන ලදී. එවැනි වැඩසටහන් අතර ප්‍රාදේශිය සංවර්ධන මණ්ඩල, දිසා දේශපාලන අධිකාරී ක්‍රමය සහ විමධ්‍යගත අය වැය වැඩසටහන, ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන, දිස්ත්‍රික් අමාත්‍ය ක්‍රමය දිස්ත්‍රික් සංවර්ධන සභා වැඩසටහන් යනාදිය ප්‍රමුඛතාවක් ගනු ලැබේ. නමුත් මෙහිදී 1987 දී අංක 15 දරන ප්‍රාදේශිය පරිපාලන හා සංවර්ධන සම්බන්ධයෙන් ගත් වඩා ප්‍රමුඛතම වැඩසටහන ලෙස පෙන්වා දිය හැකිය. මෙහිදි ආණ්ඩුවේ බලතල වලින් සෑහෙන ප්‍රමාණයක් මධ්‍යයේ සිට පරිධිය දක්වා විතැන් වීමක් සිදුවිය.

ප්‍රාදේශිය සභා 

ප්‍රාදේශිය සභා 

ප්‍රාදේශිය සභාව ඔස්සේ සිදුකරන සංවර්ධන කටයුතු

ප්‍රාදේශිය සභාවේ ආදායම් වර්ගීකරණය

බදු

  • වරිපනම් බදු
  • අක්කර බදු
  • විශේෂ බදු

බලපත්‍ර ගාස්තු

  • වාහන සඳහා
  • වෙනත් (ව්‍යාපාර සඳහා)

සේවා ගාස්තු

  • ලියාපදිංචි කිරිමේ ගාස්තු
  • අය කර ගත හැකි ගාස්තු

වරෙන්තු ගාස්තු හා දඩ

  • පුස්තකාල දඩ
  • උසාවි දඩ

වෙනත් ආදායම්

  • පොළී
  • විකුණුම් (පුවත් පත්)
  • ක්‍රියාත්මක ආදායම්(මුද්දර ගාස්තු)

ආදායම් ආධාර

  • පරිපාලන ප්‍රතිපුර්ණය

කුලී

  • පදිංචි නිවාස
  • වෙළඳ ස්ථාන (කඩ කුලී)
  • බදු දීම (වැලි ව්‍යාපෘති)
  • බදු දීම(ඉඩම්)
  • කුලිය‍ට දීම(කාර්යාල ගොඩනැගිලි)

විනෝද බදු

ප්‍රාදේශි සභාවේ වියදම් වර්ගීකරණය

වැටුප් හා දීමනා

  • වැටුප් හා වේතන
  • අතිකාල හා නිවාඩු දින
  • නිල ඇදුම් හා දීමනා

වියදම්

  • පොදු පරිපාලන හා කාර්ය මණ්ඩල සේවා
  • සෞඛ්‍ය සේවා
  • ජල සේවා
  • මහජන උපයෝගිතා සේවා
  • භෞතික සැලසුම්
  • මංමාවත් ඉඩම් හා ගොඩනැගිලි
  • සුභසාධන සේවා සඳහා

සැපයුම් හා උපකරණ

  • කාර්යාල උපකරණ
  • ලිපි ද්‍රව්‍ය හා කාර්යාල උපකරණ
  • ඉන්ධන
  • රථවාහන නඩත්තු උපකරණ
  • මන්ත්‍රි ආහාර සඳහා
  • වෙනත්(සබන්,විෂබබීජ නාෂක ආදී)
  • වෙනත් ගබඩා භාණ්ඩ (රථ වාහන තහඩු, විල්බැරෝ)
  • සෞඛ්‍ය උපකරණ (ඉදල්, කොසු)
  • මදුරු මර්ධනය සඳහා
  • සුනඛයින් ඇල්ලීම සඳහා අවශ්‍ය ද්‍රවය
  • ජලනල උපකරණ
  • නල ලිං අලුත්වැඩියා
  • වාර්ග ඉදිකිරීම් හා නඩත්තු උපකරණ
  • ළදරු පාසල් උපකරණ
  • පුස්තකාල ලී බඩු, පොත්
  • ගොඩනැගිලි අලුත්වැඩියාව
  • වෛද්‍ය උපකරණ
  • විදුලි උපකරණ
  • රුක් රෝපණ කටයුතු
  • පුවත්පත් සඟරා, වාර ප්‍රකාශන
  • කාණු අලුත්වැඩියා කිරීම හා නඩත්තු කිරීම

ප්‍රාග්ධන වත්කම් හා අලුත්වැඩියා හා නඩත්තුව

  • වාහන යන්ත්‍ර සුත්‍ර අලුත්වැඩියා හා නඩත්තුව
  • ගොඩනැගිලි පහසුකම් අලුත්වැඩියා හා නඩත්තුව

ප්‍රවාහන සම්බන්ධතා, අවශ්‍යක හා වෙනත් සේවා

  • මුද්දර හා තැපැල් ගාස්තු
  • දැන්විම් ගාස්තු
  • රක්ෂණ ගාස්තු
  • විදුලි හා දුරකථන ගාස්තු
  • විගණන ගාස්තු
  • තක්සේරු ගාස්තු
  • නිතිඥ ගාස්තු
  • බැංකු ගාස්තු
  • උත්සව කටයුතු
  • මැණුම් කටයුතු
  • පිළිගැනීම් හා සංග්‍රහ සඳහා
  • වරිපනම්, පරිසර බලපත්‍ර හා ජල බිල්පත්
  • විදුලි පුවත්
  • සුනඛයින් විනාශ කිරීමේ ගාස්තු
  • මහජන සෞඛ්‍ය කටයුතු වෙනුවෙන් ගෙවිම්
  • සායක ගෙවිම්

පොළී ගෙවීම්

ආධාර මුදල්

  • දායක මුදල්
  • සහනාධාර
  • සුභසාධන ගෙවීම්
  • නිදහස් දුම්රිය බලපත්‍ර
  • ප්‍රජා මණ්ඩල ආධාර

විශ්‍රාම වැටුප්

  • වැන්දඹු හා අනත්දරු
  • විශ්‍රාම ප්‍රතිලාභ
  • පාරිතෝෂික

අඩවියෙන් බැහැර පිටු

local government[1]

local government[2]

ආශ්‍රිත ග්‍රන්ථ

1) අ‍බේරත්න, උපුල්, 2003, පළාත් පාලන ආයතන, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, කොළඹ.

2) දික්වැල්ල, රංජිත්, 2003, ශ්‍රි ලංකාවේ ප්‍රාදේශිය සංවර්ධන පරිපාලනය, ආරිය ප්‍රකාශන, ජයනි ප්‍රින්ට් ග්‍රැෆික්, බෞද්ධ විද්‍යාල මාවත, වරකාපොල.

වාර්තා

1) පළාත් පාලන ආයතන සඳහා කාර්යය පරිපාටි සංග්‍රාහය, 2002, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, රජයේ ප්‍රකාශන කාර්යාලය, කොළඹ 01.

Tags:

ප්‍රාදේශිය සභා හැදින්වීමප්‍රාදේශිය සභා ස්ථාපිත කිරීමප්‍රාදේශිය සභා වේ ආදායම් වර්ගීකරණයප්‍රාදේශිය සභා ප්‍රාදේශි සභාවේ වියදම් වර්ගීකරණයප්‍රාදේශිය සභා අඩවියෙන් බැහැර පිටුප්‍රාදේශිය සභා ආශ්‍රිත ග්‍රන්ථප්‍රාදේශිය සභා වාර්තාප්‍රාදේශිය සභා

🔥 Trending searches on Wiki සිංහල:

ක්‍රිස්තියානි ආගමසසුන සුරැකි සංගායනාමන්නාරම බයෝබැබ් ගසසිදත් සඟරාවමානෙල්දළ දේශීය නිෂ්පාදිතයපැස්බරානාගරීකරණයනාගරීකරණය - ශ්‍රී ලංකාසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමජපන් සංස්කෘතියශ්‍රී ලංකාවේ මහනගර සභාක්ලියෝපැට්රාඑදිරිවීර සරච්චන්ද්‍රපේර ශාකයපණ්ඩුකාභය රජදකුණු කොරියාවසංස්කෘතියශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමසිංහල සාහිත්‍යයරසායනික සූත්‍රනව අරහාදී බුදුගුණසෙනසුරු ග්‍රහලොවSLS ප්‍රමිති ලැයිස්තුවක්‍ෂුද්‍රජීව විද්‍යාවදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයතැපැල් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාකෝට්ටේ යුගයශ්‍රී ලංකාවේ පළාත්කුඩාපොළ හිමිසෙම්ප්‍රතිශ්‍යාවදියලුම ඇල්ලසංජානනයරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවගුත්තිල කාව්‍යයඇන්තූරියම්මුහම්මද් නබිශ්‍රී ලංකා මහ බැංකුවශ්‍රී ලංකාවේ ශිලා ලිපිබෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුවඅෂ්ඨපානබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතවිකිපීඩියාසසම්භාවී ප්‍රවේශ මතකයරුසියානු-යුක්‍රේන යුද්ධයබෞද්ධ කොඩියගොටුකොලඋණ්ඩුකපුච්ඡ ප්‍රදාහය (ඇපෙන්ඩිසයිටීස්)ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවගේ කුරුල්ලාසීගිරියසන්දේශ කාව්‍යක්‍ෂය රෝගයගඩලාදෙණිය විහාරයධර්ම සංගායනාආතර් වී. දියෙස්කෙටිකතාගොංගාලේගොඩ බණ්ඩාශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියසිංහල මිණුම් ඒකකචන්ද්‍ර ග්‍රහණයශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අසෙංකඩගල රාජධානියලිංගික සංසර්ගයසුරතාන්තයදඬුලේනාකලා වැවරාමසාන් උත්සවයසිබිල් වෙත්තසිංහපටිච්චසමුප්පාදයවැදි ජනයාකාර්මික විප්ලවයපුරාතන ග්‍රීක ශිෂ්ටාචාරයමහනුවරසිංහල ව්‍යාකරණසිංහල සන්ධි🡆 More