සිංහල භාෂාව ප්‍රස්ථාව පිරුළු

යල් පැන ගිය තීන්දු තීරණ ඇතැම් විට යහපත් ඒවා වන්නටද පුලුවන.

ප්‍රස්තාව පිරුළු යනු

තැනට ගැලපෙන ආකාරයට විවිධ අවස්ථාවන්හිදී විශාල අර්ථයක් ප්‍රකාශ කිරීම වෙනුවට කෙටි වැකියක් (ප්‍රස්තාව පිරුළු) යොදාගැනීම සිංහල භාෂාවේ නිතර දක්නට ලැබේ. මෙය යම්විටෙක උපහාසාත්මක ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ද යොදා ගනී. බොහෝ අවස්ථා වලදී මෙම ප්‍රස්ථා පිරුළු බිහිවීම ගැන පසුබිම් කතන්දර/ජනකතා පවතී.

''ප්‍රස්තාව'' යනු අවස්ථාවටයි. වෙලාවටයි. සුදුසු මෙහොතටයි. ශ්‍රී සුමංගල ශබ්ද කෝෂයේ ''ප්‍රස්තාව'' යන්නට අවස්ථාව, වෙලාව අධිකාරිය, පටන් ගැන්ම 'විවාහය' යන අර්ථ ද දී තිබෙන අතර, පිරිවුඵ (පාරිවට්ට) යන්නට ඒ වෙලාවට පමණක් ප්‍රයෝජනය ගෙන පසුව හිමියාට භාරදෙනු පිණිස ඉල්ලාගත් දෙය (තාවකාලික දෙයක්) ලෙස පැහැදිලි කර තිබේ.

මේ අනුව බලන විට ''සුදුසු අවස්ථාවට ප්‍රයෝජන ලබාගැනීම සදහා අනුන්ගෙන් ලබාගත් වැකි'' යන්න ප්‍රස්තාව පිරුළු යන්න සුදුසුම ආසන්න අර්ථය බව දැක්වීම නිවැරදි වෙයි.

  1. "අනුනවයෙන් බේරුණා"- කිසියම් විපතක දී එම විපතට ආසන්නව සිට ගැලවීමේදී කියනු ඇසේ. මේයම ''අනුනවයි දශම නමයෙන් (දශම ගණනින්) බේරුණා" කියාද වත්මන් සමාජයේ අය මදක් වෙනස් කර ඇත. "කෙස් ගහෙන් බේරුණා'',''දෙයියෝ බේරුවා'' යන කියමන්වලින් ද ඉහල පිරුළේ අරථයම කියැවේ.
  2. ''අනුන්ට කල දේ තමන්ට පලදේ'' - අනුන් වෙනුවෙන් කල නරක ක්‍රියාවක ප්‍රතිඵල තමන් වෙත ද ලැබිය හැක
  3. "අටුව කඩා පුටුව සෑදුවා වාගේ'' - අතිතයේ ගම්බද ගෙවල් වල ධාන්‍ය වර්ග තැන්පත් කර ඇත්තේ කුස්සියේ ළිපට උඩින් ඇති සොල්දර තට්ටුවකය. කුස්සියේ බාල්කයට හතරැස් ලී හෝ ලෑලිදමා මෙය තනා ඇත. මේවැනි අටුවක් කඩා දමා එම ලී වලින් එක් අයෙකුට වාඩි වීමට පුටුවක් තැනීම මුල්කරගෙන වූ කතාවකින් මේ පිරුළ ගොඩ නැගී ඇත‍‍‍. සුළු ප්‍රයෝජනයකට විශාල පාඩුවක් කර ගැනීම අනුවන කමක් මෙයින් ප්‍රකාශ වේ.
  4. "අලි මදිවාට හරක්" - විශාල කරදරයක්, විපතක් ඇති අවස්තාවක තවත් අතුරු කරදර පැමිණීම.
  5. "අනුන්ගේ පහනින් එලිය බැලීම'' - කිසිවෙකුගේ මුවාවෙන් තමන් ප්‍රයෝජනය ගැනීමක් මෙයින් අදහස් කෙරේ. වෙනත් අයගේ කටයුතුවලට මැදිහත් වී ඒ මගින් ප්‍රයොජනයට ගන්නා පුද්ගලයන් අප අතර සිටි. ඔවුන් බොහො විට උස්සහ කරන්නේ වෙනත් අයගේ මහන්සියෙන්, වියදමින් කපටි ලෙස හොදනම ලබා ගැනීමයි.
  6. "අඬුව තිබෙද්දි අත පුච්චා ගැනීම" - කිසියම් කටයුත්තක් කිරීමේදි එය කළ යුතු නියම ක්‍රමයක් තිබේ. නියම ක්‍රමයෙන් නොහොත් හරි මාර්ගයෙන් කටයුතු නොකර වෙනත් ආකාරයකින් කටයුතු කිරීමට යාම නිසා සිදුවන වැරදීමේ දී මේ ප්‍රස්ථාව පිරුළෙන් කියති‍.
  7. ''අතීසාරෙට අමුඩේ ගැහුවා වගේ'' - අතීසාරය යනු පමණ ඉක්මවා බඩඑළිය යාමේ රෝගයකි එයට ප්‍රතිකාර කිරීම වෙනුවට අමුඩය ගසා තද කර ගැනීම අනුවන ක්‍රියාවකි.
  8. ''අබරා (අබරං,ගමරාළ) සිල් ගත්තා වා‍ගේ'' - තමාට නුපුරුදු දෙවල් කිරීමට ගොස් අමාරුවේ වැටීම.
  9. "අනුන්ගේ මගුල් ගෙදරක දී සැලකීම‍‍‍‍" - වෙනත් අයෙකුගේ මගුල් ගෙදරක කෑම මේසයේ දී තම හිත මිතුරන්ට අත දිගහැර සැලකීමක් මුල් කරගෙන මෙය නිර්මාණය වී තිබේ.
  10. "අනුන්ගේ රුපියලය වඩා තමන්ගේ සතය වටී" - අනුන් සතු ධනය තමන්ට උවමනා පරිදි ප්‍රයෝජනයේ යෙදිය නොහැකිය. හදිස්සියකදී තමාට රිසි පරිද්දෙන් වහා වැඩ ගත හැක්කේ තමා ළග ඇති මුලද පමණි.
  11. ''ආඬි හත්‍ දෙනාගේ කැද හැලිය ‍වාගේ'' - එකිනෙකා රැවටීමට ගොස් තමාම රැවටීම.
  12. ඇඟිල්ලේ තරමට ඉඳිමෙන්න - පමණ දැන කටයුතු කිරීම.
  13. ''අඬන්න ඉන්න මිනිහට ඇඟිල්ලෙන් අනින්නා වාගේ''
  14. ''අන්දරේ සීනි කෑවා වාගේ'' - ඉහළ පෙලේ අයගේ බොරු නිසා ඔවුන්ම අමාරුවේ දැමීමට පහළ පංතියේ අයටක් බොරුවෙන්ම හැකියාවක් ඇති බවයි
  15. ''අ‍‍ඟේ ඉඳං කන කන‍වා වාගේ''- කිසිවෙකුගෙන් යැපෙමින් ඔහු ළග සිට ඔහුටම විපත් සිදු කිරීමට කටයුතු කිරීමක් ගැන මෙයින් කියැවේ.
  16. ''අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයිලු''- අබුද්දස්ස කාලය නම් බුදු කෙනෙකු නැති කාලයයි. පුදුම සහගත දේවල් මේ කාලයේ සිදුවන බව පැරණි බෞද්දයන්ගේ විශ්වාසයයි. ලබු නැමැති එළවළු වර්ගය තිත්ත නැත. එහෙත් ගුණදම් නැති කාලවලදී ලබු පවා තිත්තවීම පුදුමයක් නොවේ.
  17. ''අබ කෑ මිනිහගේ මොළේ දනවා වාගේ''- තමා කළ කී දෑ දන්නේ තමාම පමණි. අබ සැර කුළුබඩු වර්ගයකි එය වැඩිපුර අහාරයට ගැනීමෙන් නාසයේ දැවිල්ල හටගනී. එහෙත් එය කිසිවෙකුට පෙනෙන්නෙත් දැනෙන්නෙත් නැත දැනෙන්නේ තමාට පමණි වරදක් කල තැනැත්තා පසුව ඒ ගැන පසුතැවිලි වේ.
  18. ''ඇටි කෙහෙල් කාපු උගුඩුවා වාගේ''
  19. ''අතු කඩා මොර කන්නා වාගේ''
  20. ''ඇතා වැහැරුනත් කොරහේ නාවන්නට බැරුවා වාගේ''
  21. ''අනුන්ගේ පහනින් එළිය බලනවා වාගේ''
  22. ''අන්ධයෝ අලියාගේ හැඩ කිව්වා වාගේ''
  23. ''අත්හැරෙන දීග හෙවනැල්ලත්ඇදයිල
  24. ''අශ්වයා පිට පුහුල් තැබුවා වගේ''

ඉගි වැකි හෙවත් රූඩී

ඇත්තක් කියා පැත්තක් ගියත් කමක් නෑ සෑමවිටම සත්‍ය කතා කළ යුතු බව

  1. ''ඉවසීමෙන් සැනසීම ලැබේ'' - ජයග්‍රහණ ලබාගැනීමට නම් ඉවසීමෙන් කටයුතු කල යුතුය.
  2. ''ඉක්මන් කොටයි'' - වැඩි හදිස්සියක් හොඳ නැත
  3. ''ඉඟුරු දීලා මිරිස් ගත්තා වාගේ'' _අනවශ්‍ය දෙයක් ඉවත් කර ඊට වඩා අනවශ්‍ය දෙයක් ළංකර ගැනීම
  4. ඉහේ මලක් පිපුණා වාගේ'' - විශාල සතුටකදී මෙවැන්නක් කියැවේ.
  5. ''ඉබිකටුක් බෙහෙතට ඔනෑවීම'' - අහක දමන දෙයත් ඔන අවස්තා තිබීම.
  6. ''ඉත්තෑවාගේ ගෙට කබල්ලෑවා රිංගුවා වාගේ''
  7. ''ඉස්සරින් ආපු කනට වඩා පස්සේ ආපු අඟ ලොකු වුනා වාගේ''
  8. ''ඉහේ ඇම්මට කොට්ටෙ මාරුකලා වාගේ''
  9. ''ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවා වාගේ'' - කෙනෙකු ළඟ නැති දෙයක් ඉල්ලා සිටීම.
  10. ''ඉබ්බා අහසින් ගියා වාගේ''
  11. ''ඉබ්බා දියේ දැම්මා වාගේ'' තමාට වුවමනා ලෙස කටයුතු කිරීමට අවස්ථා ලැබීම.

ප්‍රස්ථා පිරුළු සහ එම ප්‍රස්ථා පිරුළෙහි තේරුම

  1. ''උගුරට හොරා බෙහෙත් බීම" - තමන් ව තමන් විසින් ම රවටා ගැනීම
  2. ''ඌරන් කැකුණ තලනකොට හබන් කුකුළන්ට ජය මඟුල්"
  3. ''උරුලෑවා ගිය පාර වගේ"
  4. ''උගුරට හොරා බෙහෙත් බොනවා (කනවා) වාගේ"
  5. ''උණහපුළුවාට උගේ පැටියා මැණිකක්ලු"
  6. ''උඩ පැන්නොත් බිම වැටේ"
  7. "උරුලෑව බළලෙකු කරන්නට බැරි වීම" - ඇතැම් වැඩ කල නොහැකි වීම
  8. "ඌරගේ මාළු ඌරගේ ඇගේම තියලා කපනවා වාගේ"
  9. "උණු හින්දා බොන්නත් බෑ, කිරි හින්දා හලලත් බෑ"
  10. "උපාසක බළලා වාගේ" - හොඳ මිනිසුන් ලෙස සමාජයට පෙනී සිට වැරදි කිරීම.

ඇටි කෙසෙල් කාපු උගුඩුවා වගේ.

  1. ''ඔය බලියට ඔය කට ඇති''
  2.කපන්න බැරි අත ඉඹිනවා වගේ 
  1. "කබලෙන් ළිපට වැටුනා වගේ" - විපතට පත්වූ අයෙක් ඊටත් වඩා විපතකට පත් වීම
  2. "කුළුවා නටන්නේ දිය රත්වෙන තුරුලු" - විපතකට පත්වීමට පෙර තාවකාලික සතුටක් ලැබීම
  3. "කළුවා මාරපන ගියා වගේ- අතීතයේ ඉහළ පැළැන්තියේ නිවසක කලුවා නමින් කොල්ලෙක් සිටියේ ය.ඔහු එම නිවසේ වැඩට සිටි කෙනෙකි .ඔහු ගෙදර ස්වාමියාට කීකරුව සිටියේ ය.මේ කලුවා තරමක මෝඩ පහේ කෙනෙකි.නිවසේ ස්වාමියට දිනක් යම් උවමනාවකට කලුවාව මාරපන් යැවීමට උවමනා විය.ඒ සඳහා ඊට පසු දින කලුවා යැවීමට සිතා පෙරදින රාත්‍රියේ කලුවාට මෙසේ කීවේය.

"කලුවෝ උඹ නිදාගනින් හෙට උඹ රැයින් මාරපන් ගිහින් එන්න ඕන." මේ අසා කලුවා රෑ නිදා ගත්තේය. ඊට පසු දින කලුවා උදෙන්ම නැගිට මාරපන් බලා පිටත් විය.උදේ නැගිටි ස්වාමියා කලුවාව මාරපන් යැවීමට ඔහුව හැමතැනම සෙවුවද කලුවා සිටියේ නැත.බොහෝ වේලාවකට පසු දාඩිය දමමින් කලුවා නිවසට දුවගෙන ආවේ ය. "කලුවෝ උඹ කොහෙද ගියේ?"

"මන් මේ උදේම මාරපන් ගියා" කිය කලුවා පැවසුවේය. මාරපන් යෑමට කී නිසා කලුවා උදේම මාරපන් ගොස් ඇත.එහෙත් හරිහැටි කාරණය නොදැන ගොස් ඇත. යම් කෙනෙක් කුමක් හෝ දෙයක් හරි හැටි නොදැන කරන අවස්ථාවක දී මෙම "කලුවා මාරපන් ගියා වගේ" යන පිරුළ භවිතා වේ ."

  1. "කබලෙන් ලිපට වැටුනා වාගේ"
  2. "කිඹුලා කන එක ඉවසන්න පුළුවන්" - කොහිල කටු ඇනෙන එක තමයි ඉවසන්න බැරි.
  3. "කන්න හිතුනම කබරගොයත් තලගොයා වෙනවලු"
  4. "කොකාට වාරයක් නම් තිත්තයාටත් වාරයක් එනවලු"
  5. "කොකා බක තපස් රැක්කා වාගේ"
  6. "කන කොකාගේ සුද පේන්නේ ඉගිලෙනකොටලු"
  7. "කම්මලේ ඉන්න බල්ලා වාගේ" - නිතර ම කරදර පැමිණීමෙන් ජීවිතය එයට හුරු වේ.
  8. "කතාව දෝලාවෙන් ගමන පයින්"
  9. "කොහොඹ ගහට කරවිල වැල ගියා ව‍ගේ"
  10. "කටුස්සාගේ කරේ රත්තරං බැන්දා වාගේ"
  11. "කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගේ"
  12. "කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලන්නා වාගේ"
  13. "කිඹුල් කඳුළු හෙලීම" - බොරුවට අඬනවා
  14. "කබරයාට තලනවා" - නිෂ්පල දඬුවමක් දීම
  15. "කිතුලට ගිය එකාටත් කියන්න දේවල් තිබුනලු"
  16. "කිරි ගහට ඇන්නා වගේ" - හරියටම හරි ගියා
  17. "කල දුටු කල වළ ඉහගෙන"

අනවශ්‍යදේ==

අත දීම සුදුසු නොවන බව =

  1. "ගමරාළ දිව‍්‍ය ලෝකේ ගියා වගේ"
  2. "ගමරාළගේ වංගෙඩිය වා‍ගේ" - සෑම දෙයකටම පාවිච්චි වන භාණ්ඩයකට මේ නම යෙදේ
  3. "ගඟට කැපුව ඉනි වගේ" - ප්‍රතිඵල නැති වැඩක් කිරීම
  4. "ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වාගේ"
  5. "ගහේ කටු උල් කරන්න ඕන ද"
  6. "ගල හොඳනම් අඹරන කහ මක් වේද"
  7. "ගඟෙන් දිය බී මුහුදට ආවඩන්නා වාගේ"
  8. "ගලෙන් පට්ට ගන්නවා වාගේ"
  9. "ගලේ පහරපු බළලා වාගේ"
  10. "ගල් පැලෙන බොරු කීම"
  11. "ගිනිපෙනෙල්ලෙන් බැට කාපු එකා කණාමැදිරි එළියටත් බයයිලු"
  12. "ගහ දන්න මිනිහට කොළ කඩා පාන්නා වාගේ"
  13. "ගිලී මලේ ඇත දත සුද්දෝ - ඉතා දුර්ලභ මිනිසුන් සිටීම"
  14. "ගිලීමලෙත් ඇත දත සුද්දෝ"
  15. "ගහපු පදේකුත් නෑ බෙරේ පලුවකුත් නැ"

  1. "ජාඩියට මූඩිය වගේ" - ඉතා තදින් ගැලපීම

තටු හැලුණු පක්ෂියා වගෙයි

  1. "දිලිසෙන සියල්ල රත්තරන් නොවේ"- බාහිර ඔපයට නොරැවටිය යුතුයිදී"
  2. "කිරට බළලුත් සාක්කිලු"- කවුරුත් වාසි ඇත පැත්ත ට එකතු වේ"
  3. "දිළිසෙන සියල්ල රත්තරං නොවේ"
  4. "දාහට අරං සීයට දුන්නා වාගේ"
  5. "දත් නැති දා උක් දඬු ගිනි තපින්නද"-
  6. ''දියකාවගේ පිටෙ ලුනු හැංගුවා වගෙ''
  7. ''දේසේ හැටියට වාසේ''

නරින්ට කුකුල්ලෝ බාර දුන්නා වගේ

  1. "නරියා හුවෙන් හඳුනා ගත හැකිය" - කපටියා කතාවෙන් හඳුනා ගත හැකිය
  2. "නයාට අඳුකොළ වගෙයි" - දැකීමට කොහෙත්ම අකමැති වීම
  3. "නටන්නට බැරි මිනිහා පොලව ඇදයි කීම" - අදක්ෂයා තම බැරිකම වහගැනීමට වෙන දෙයක වරදක් කීම
  4. "නටපු නැටුමකුත් නෑ, බෙරේ පළුවකුත් නෑ"
  5. "නංගි පෙන්නලා අක්කා දෙනවා වාගේ"
  6. "නිදා සිටින යෝදයෙකු වාගේ"
  7. " නොදන්න යකාට වඩා දන්න යකා හොදයි"'

  1. "විද්දේ හාවාට වැදුනේ පදුරට" -
  2. "පනින්නට පෙර සිතා බලනු" - යමක් කිරීමට පෙර කල්පනා කර බැලිය යුතුයි
  3. "පුහුල් හොරා කරෙන් දැනේ" - බාහිර ඉරියවු වලින් වරදකරු සොයා ගැනීම
  4. "පවට පින් දෙන්න බෑ" - බලහත්කාරයෙන් කෙනෙකුට යහපතක් කල නොහැකිය
  5. "පිරුණු කලේ දිය නොසැලේ" - උගතුන් නිහතමානී වේ.
  6. "පුවක් ගහෙන් බහින්නා වගේ" - යම්දෙයක් ඉතා පහසුවෙන් සහ ඉක්මනින් කිරීම
  7. "පනින රිලවුන්ට ඉනිමං බදින්නා වා‍‍ගේ"
  8. "පරංගියා කෝ‍ට්ටේ ගියා වාගේ"
  9. "පුහුල් හොරා කරෙන් දැනේ"
  10. "පල නොකියා පලා බෙදන්නා වාගේ"
  11. "පෙරහැරේ යන අලි කොට අදින්නේ නැතුවා වාගේ"
  12. "පෙරලෙන ගලේ පාසි නොබැදේ"
  13. ''පාලු ගෙහි වලන් බිදුනා වගේ'' -

  1. "බීරි අලියා ට වීනා වයනවා වගේ" - අවවාද නොඅසන්නෙකුට අවවාද කිරීම
  2. "බුරන බල්ලා හපා නොකයි"
  3. "බල්ලට ඇති වැඩකුත් නෑ හිමින් ගමනකුත් නෑ"
  4. "බල්ලා පිඳුරු කන්නෙත් නෑ, කන ගොනාට දෙන්නෙත් නෑ"
  5. "බල්ලෙක් බිරුවට කන්දක් පාත් වේද"
  6. "බළලුන් ලවා කොස් ඇට බාවනවා වාගේ = තමන්ට කිරීමට අපහසු වැඩක් කපටි කමින් වෙන කෙනෙක් ලවා කරවා ගැනීම "
  7. "බල්ලගේ වැඩේ බූරුවා කරන්න ගියා වාගේ"'
  8. ''බත් නැති දා කොස් තිත්තලු''

  1. "මුහුද හත් ගව්වක් තියා අමුඩ ගහන‍වා ව‍ාගේ"
  2. "මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑවා වාගේ"
  3. "මඩ සෝදා ගත් කළ ගොවියා රජකමටත් සුදුසුය"
  4. ''මඩේ සිටවූ ඉන්න වගේ'' - ස්ථිර බවක් නොමැති

  1. "යන්නෙ කොහේද මල්ලෙ පොල් කීවාලු"
  2. "යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද"

  1. "රයිගමයයි, ගම්පලයයි වාගේ" - නොගැළපෙන දෙදෙනෙකු වැඩට යෙදවීම.
  2. "රෑ වැටුන වලේ දවල් වැටීම"

  1. "ලූලා නැති ව‍ලට කනයා පණ්ඩිතයා"
  2. "ලැජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයිලු"
  3. ''ලෙඩ කපුටෝ වැල කනවා වාගෙයි''

  1. "වක්කඩේ හකුරු හැංගුවා වගෙයි" - යම් දෙයක් ප්‍රවේසම් කිරීමට ඊට නොගැළපෙන ස්ථානයක සැඟවීමෙන් එය විනාශ වීම
  2. "වත්ත බද්දට දී ඇස්සට දත නියවනවා වාගේ"
  3. "වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව"
  4. "වඩුවගේ ගෙදර පුටුව නෑ වාගේ"
  5. "වන්සේ කබල් ගාන්නා වාගේ"
  6. "වෙහෙර ගිලපු එවුන්ට අග්ගලා කජ්ජක්ද"
  7. "වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුනා වාගේ"
  8. "විෂ්ණු දෙයියෝ බටකොළ කෑවා වාගේ"

  1. "සෙල්ලම ලෙල්ලම වෙනවාලු"

  1. "හිත ඇත්නම් පත කුඩාද"
  2. "හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා ‍වැටුනා වා‍ගේ"
  3. "හිඟන්නාගේ තුවාලය වාගේ"
  4. "හැමදාම දකින කුකුළගේ කරමලේ සුදු වුණා වාගේ"
  5. '"හොරාගෙ අම්මගෙන් පේන අහන‍වා වාගේ"
  6. "හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ"

තටු හැහැළුණු පක්ෂියා වගේ

[[ප්‍රවර්ගය:සිංහල සංස්කෘතිය]ttvnidvu]

Tags:

සිංහල භාෂාව ප්‍රස්ථාව පිරුළු ප්‍රස්තාව පිරුළු යනුසිංහල භාෂාව ප්‍රස්ථාව පිරුළු [Kiuwoth saga nasi nokiwoth wehera nasi 1]සිංහල භාෂාව ප්‍රස්ථාව පිරුළු ඉගි වැකි හෙවත් රූඩීසිංහල භාෂාව ප්‍රස්ථාව පිරුළු ප්‍රස්ථා පිරුළු සහ එම ප්‍රස්ථා පිරුළෙහි තේරුමසිංහල භාෂාව ප්‍රස්ථාව පිරුළු නරින්ට කුකුල්ලෝ බාර දුන්නා වගේසිංහල භාෂාව ප්‍රස්ථාව පිරුළු තටු හැහැළුණු පක්ෂියා වගේසිංහල භාෂාව ප්‍රස්ථාව පිරුළු

🔥 Trending searches on Wiki සිංහල:

මණ්ඩලගිරියආසියාවසංවිධාන ගැටුම්ශ්‍රී ලංකා රේගුවරාජ්‍ය නොවන සංවිධානපණීභාරතශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචියහක්ගල උද්භිද උද්‍යානයශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවකනඩෙංගුවෘත්තීය අධ්‍යාපනයඉංග්‍රීසි භාෂාවශ්‍රී ලංකාවේ සම්මත වේලාවසාම්ප්‍රදායික සිංහල විවාහග්ලිරිසීඩියා සේපියම්දියවැඩියාවමඩොල් දූවඅනුර කුමාර දිසානායකකෘෂි කර්මාන්තයකෙලවල්ලාලිංගික අපරිකාමකත්ව ලැයිස්තුවසියදිවි නසාගැනීමඑක්සත් ජාතික පක්‍ෂයසිකුරු ග්‍රහලොවශ්‍රී ලංකාවේ අධිකරණයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවේ වැවෙන එළවළු වර්ගනුවරඑළියසිංහරාජ වනාන්තරයඡනසංඛ්‍යා වර්ධනයසිද්ධි ලෙබ්බේලිංගික සංසර්ගික ඉරියව්සිංහල ජනයාඉන්දු නිම්න ශිෂ්ටාචාරයශ්‍රී ලංකාවේ සිනමාවපරමාණුශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයබීටීඑස්කැලණියසීගිරි බිතු සිතුවම්සාර ධර්මලංකාවේ කැලෑ බළලුන්පුරාවිද්‍යාවශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයබෞද්ධ දිනදසුනපරිගණක වෛරසකාමාවචර ලෝකදෙමළ ජනතාවපොළොන්නරුව පෞරාණික නගරයරසායනික බන්ධනකමල් අද්දරාරච්චිදිවුල්මඩු දේවස්ථානයමිරිසවැටියනේටෝමුල් පිටුවයාපහුව බලකොටුවශිව දෙවියන්ක්‍රීඩාදඹුල්ල රජමහා විහාරයබුලතා යෝධයාවළගම්බා රජයෝනි මාර්ගයමහවැලි ගඟසිංහල සාහිත්‍යයබුද්ධි ගලනයකෝළම්මානව විද්‍යාවගණේශව්‍යාපාරඑක්සත් රාජධානියපරාක්‍රම සමුද්‍රයසූර්ය ග්‍රහණවන විනාශයහෙද සේවයසිංහල හින්දු අලුත් අවුරුද්ද🡆 More