පළමුවන විමලධර්මසූරිය රජ: කොනප්පු බණ්ඩාර

පළමුවන විමලධර්‍මසූරිය ( ක්‍රි.ව.

1591-1604 ) මහනුවර රාජධානියේ රජු වි මුළු දිවයිනම ප්‍රථම වතාවට මහනුවර රාජධානිය යටතේ පාලනය ගෙන යන ලදි.

පළමුවන විමලධර්මසූරිය රජ
සිංහලේ රජ
පළමුවන විමලධර්මසූරිය රජ: කොනප්පු බණ්ඩාර
රාජ්‍ය සමය1590–1604
පූර්වප්‍රාප්තිකයාසීතාවක රාජසිංහ රජු
අනුප්‍රාප්තිකයාසෙනරත් රජු
උපත1591
සෙංකඩගල, ශ්‍රී ලංකාව
මරණය1604
ශ්‍රී ලංකාව
භූමදානයසෙංකඩගල
වල්ලභයාකුසුමාසන දේවිය හෙවත් දෝන කැතරිනා රැජිණ
භාර්යාවන්
දරුවන්මහඅස්ථාන කුමරු
සූරිය ‍දේවි
සාම දේවී
වංශයදිණරාජ
රාජවංශයදිණරාජ
පියාවීරසුන්දර බණ්ඩාර
ආගමබුද්ධ ධර්මය

උපතින් කොනප්පු බණ්ඩාර ලෙස හැඳින්වුනු මෙතුමාගේ පියා පළමුවැනි රාජසිංහ රජුගේ රාජ්‍යයට එරෙහිව කැරලි ගැසුවේ යැයි සැකයට ලක්වී බොරුවලකට වට්ටවා මරවනු ලැබීය. ඉන්පසු ආරක්ෂාව පතා පෘතුගීසීන් වෙත ගොස් කතෝලික දහමද වැළඳගෙන දොන් ජෝන් (දොන් ජෝන් ඔෆ් ඔස්ට්‍රියා, Don John of Austria) නමින් බෞතීස්ම ලබා සිටියේය. උඩරට යටත් කරගෙන සීතාවක සිට රජකම් කළ පළමුවන රාජසිංහ රජු පරාජය කිරීමට දොන් පිලිප් (යමසිංහ බණ්ඩාර) නම් රජකමට උරුමකම් කියන කුමාරයෙක් සමඟ පෘතුගීසීන්ට උදව් කළේය. නමුත් පෘතුගීසින් රජකමට පත්කළේ ඔහුව නොව දොන් පිලිප් නම් කුමාරයාවය. මීට එරෙහි වූ දොන් ජෝන් පෘතුගීසින් ඉවත්ව යනතෙක් සිට දොන් පිලිප් ට වස දී මරා දැමීය. පෘතුගීසින්ට තර්ජනය කොට මහනුවරින් එළවා දැමුවේ යැයි කියවේ. ඉන්පසු ප්‍රසිද්ධියේම කතෝලික දහම අතහැර බුදු දහම වැළඳ ගත්තේය. පළමුවන විමලධර්මසූරිය ලෙසින් සෙංකඩගල රජ විය.

මේ අසා පෘතුගීසීන් ඉන්දියාවේ ගෝවෙන් උපකාර ලබා නැවත සංවිධානය වී දෝන කැතරිනා (කුසුමාසන දේවිය) ද සමඟ 1594 ( උඩරටට විරුද්ධව සටනට පැමිණි නමුත් දන්තුරේදී ඉන් පැරද පළා ගියෝය. දෝන කැතරිනා විමලධර්මසූරිය රජුගේ සේනාවට අසුවුන අතර රජු ඇයව විවාහ කරගත්හ.

විමලධර්මසූරිය රජු සිදුකල ශාසනික සේවය කෙසේද යත් රත්නපුර කුරුවිට දෙල්ගමුවේ කුරහන්ගලක සඟවා තිබූ දන්ත ධාතූන් වහන්සේද සෙංකඩගලට වැඩමවා රාජ්‍යත්වයට නියම හිමිකම ඇති කරගත්තෙන් නිල වශයෙන් මුළු ලංකාවටම රජ විය. (නමුත් වෙරළබඩ තවමත් පෘතුගීසීන් සතු විය)බුරුමයෙන් උපසම්පදාව ගෙන්වීමට කටයුතු කළහ. ගඩලාදෙණිය රිදී විහාරය ලංකාතිලකය ආදි වෙහෙර විහාරස්ථාන අලුත්වැඩියා කළේය.

ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ගොවාතැන හා කපුවගාව දියුණුකිරීම, කොත්මලේ වලපනේ නගරවල යකඩ හා වානේ කර්මාන්ත දියුණු කිරීම, ලුණුවෙඩි කර්මාන්තය දියුනු කිරීම සිදු කළහ.

ලන්දේසි ගවේශකයෙකු වූ ජොරිස් වැන් ස්පිල්බර්ජන් පෘතුගීසීන් පලවා හැරීම සඳහා සටන් කිරීමට සන්ධානයක් ඇති කර ගැනීමේ අදහසක් ඉදිරිපත් කළේය. එම සාකච්ඡාවලින් පසු අද්මිරාල් වයිබ්‍රැන්ඩ් වෑන් වොර්විජෙක් විසින් ඒකාබද්ධ ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සෙබෝල්ඩ් ඩි වීර්ට් එවනු ලැබීය. මෙම සන්ධානය ශෝකාන්තයකින් කෙළවර විය. මත්පැන් සාදයකදී අවිනීත ලෙස හැසිරුණු ලන්දේසීහු රජුට අපහාසය කිරීමේ ප්‍රථිඵලයක් ලෙස ඒ සියලු දෙනා මැරුම් කෑහ. නැවත 1612 දක්වා සන්ධානයක් බිහිවීම අවස්ථාවක් උදා නොවිණි. 1612 දී නව ලන්දේසි නියෝජිතයා වූ මර්සෙලිස් බොස්චවුචර් විමලධර්මසූරිය රජුට පසුව රජ පැමිණි සෙනරත් රජු සමග ගිවිසුමක් ඇති කර ගත්තේය. මෙහි ප්‍රථිඵලය වූයේ පෘතුගීසීන් ලංකාවෙන් ඉවත් කිරීමේ සිට ඉංග්‍රීසීන් මෙහි පැමිණ යටත් කර ගන්නා තෙක් පැවති ලන්දේසි පාලනය යුගයක් ආරම්භ වීමයි.1604 දී මෙතුමා උණ රෝගයකින් මිය ගියේය. ඔහු ලංකා ඉතිහාසයේ විශිෂ්ට රජ කෙනෙකි.

පළමුවන විමලධර්මසූරිය රජු බලයට පත් වීමත් සමඟ මුහුණ දුන් අභියෝග කිහිපයක්

යමසිංහ බණ්ඩාරගෙන් පසු උඩරට රජ බවට පත් පළමුවන විමලධර්මසූරිය රජු වීරසුන්දර බණ්ඩාරගේ පුතා විය. මෙතුමා උඩරට නව රාජවංශයක ආරම්භකයා වේ.
පළමුවන විමලධර්මසූරිය රජු බලයට පත් වීමත් සමඟ මුහුණ දුන් අභියෝග කිහිපයක් විය.

  • නීත්‍යනුකූල රාජ්‍ය උරුමයක් නොවීම.(දෝන කතරිනා හෙවත් කුසුමාසන දේවිය සරණපාවා ගැනීම)
  • උඩරට රාජධානිය පෘතුගීසි ග‍්‍රහණයෙන් බේරාගත යුතු වීම.(දන්තුරේ හා බලන සටන් මගින් පෘතුගීසීන් පරාජය කිරීම)
  • උඩරට රාජ්‍ය සීතාවක බලපෑමෙන් මුදාගත යුතු වීම.(ගනේතැන්න සටන)
  • පරිහානියට පත් බුදු සසුන නගා සිටු විය යුතු වීම.(බුරුමයෙන් උපසම්පදාව ගෙන ඒම)
  • මහනුවර රාජධානියේ ආර්ථික කටයුතු දියුණු කළ යුතු වීම.(කොත්මලේ , වලපනේ යකඩ කර්මාන්තය දියුනු කිරීම)


උඩරට රාජ්‍ය ආශ‍්‍රිත වෙඩි ලූණු කර්මාන්තයේ දියුණුවට පියවර ගැනීමමෙසේ විවිධ මාර්ගයන්ගෙන් උඩරට රාජධානිය ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ පළමුවන විමලධර්මසූරිය රජු හදිසියේ වැළඳුණු දරුණු උණ රෝගයකින් ක‍්‍රිස්තු වර්ෂ 1604 දී මරණයට පත් විය.

මේවාද බලන්න

Tags:

මහනුවර රාජධානිය

🔥 Trending searches on Wiki සිංහල:

පාලිඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්දකුණු කොරියාවශ්‍රී ලංකාවේ පුරාවස්තුඅභයගිරි දාගැබකටුස්සාබුද්ධ ප්‍රතිමාඅවුකන බුදු පිළිමයශ්‍රී ලංකාවේ කම්කරු නීතියවිජය කුමාරණතුංගප්‍රේමසිරි කේමදාසනයිජීරියාවේ දේශපාලනයබෝධිපාක්‍ෂික ධර්මඡනසංඛ්‍යා වර්ධනයපාලිත තෙවරප්පෙරුමඅනුර කුමාර දිසානායකඌව පළාතසොකරි නාටකයබ්‍රිතාන්‍ය ලංකාවේ ආණ්ඩුකාරවරුසංස්කෘතියශ්‍රී වික්‍රම රාජසිංහ රජශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවක්ෂුද්‍ර ජීවීන් සහ රෝගඅලිබෞද්ධ දිනදසුනපංච නීවරණජෛව විවිධත්වයවිවාහ නීතිය - ශ්‍රී ලංකාසෙම්ප්‍රතිශ්‍යාවසුද්ධෝදන රජවැදි භාෂාවශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසනේටෝමුරගලතාප රසායනයශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)කෘත්‍රීම බුද්ධියමරියානා අගාධයතුන්වන පරාක්‍රමබාහු රජබක් පසළොස්වක පෝයශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිකාංසා අක්‍රමතාවයආකිමිඩීස්චාමර වීරසිංහසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුපන්සියපනස් ජාතක පොතසිංහල අලුත් අවුරුද්දඇම්බැක්කේ දේවාලයනව යොවුන්වියජපානයසීතාවක රාජධානියසිංහබාහු රජසිංහල මිණුම් ඒකකඑළාර රජආතර් වී. දියෙස්හෙන්රි ස්ටීල් ඕල්කට්උඩරට ගිවිසුමVesakමානෙල්නාමල් උයනමහා කාශ්‍යප රහතන් වහන්සේසිරිමාවෝ බණ්ඩාරනායකසිබිල් වෙත්තසිංහපළමුවන විමලධර්මසූරිය රජචන්ද්‍රයාපරාක්‍රම සමුද්‍රයමෞර්ය අධිරාජ්‍යයමී මැසි පාලනයබුදු පිළිමපරිසර දූෂණයවට්ස්ඇප්ශ්‍රී ලංකා‍වේ බුදු පිළිමසියදිවි නසාගැනීමඇරිස්ටෝටල්ඡායාරූපයකැහිබෙල්ලාශ්‍රී ලංකාවේ ආගමික පසුබිමලෝවැඩ සඟරාව🡆 More