පර්යේෂණ

පර්යේෂණය දැනුමේ ප්‍රමාණය වැඩි දියුණු කරගැනීමට ක්‍රමානුකූලව සිදු කරනු ලබන නිර්මාණාත්මක කාර්යයකි, මෙයට මිනිසාගේ දැනුම, සංස්කෘතිය සහ සමාජය, සහ නව භාවිතයන් සොයා ගැනීමට මෙම දැනුම යොදා ගන්නා අයුරු අඩංගු වේ.

එය තොරතුරු පිහිටුවන්න සහ තහවුරු කරන්නට, පෙර කාර්යන්හි ප්‍රතිඵල යලි ගොඩ නගන්නට, නව හෝ පවතින ගැටළු නිරාකරණය කිරීමට, සිද්ධාන්ත වලට සහය දැක්වීම හෝ නව න්‍යායන් ගොඩ නැගීමට යොදා ගනියි. පර්යේෂණ ව්‍යාපෘතිය ක්ෂේත්‍රයේ පසුගිය කාර්යක විකාශනයක් වන්නටද පුලුවන. මෙවලම් වල, ක්‍රියාපටිපාටි වල,හෝ පරීක්ෂණ වල වලංගුතාවය පරීක්ෂා කිරීමට, පෙර ව්‍යාපෘති වල අංගයන් හෝ සමස්ත ව්‍යාපෘතියම පර්යේෂණය මගින් නැවත පිටපත් කරයි. මූලික පර්යේෂණයක ප්‍රධාන අරමුණු වනුයේ (ව්‍යවහාරික පර්යේෂණයට ප්‍රතිවාදීව) ලේඛණගත කිරීම, අනාවරණය කර ගැනීම, අර්ථකථනය හෝ මිනිස් දැනුම වැඩි දියුණු කිරීම සඳහා පර්යේෂණ සහ සංවර්ධන ක්‍රම, සහ පද්ධති යොදා ගැනීමයි. පර්යේෂණයට අදාල ප්‍රවේශයන්, මනුෂ්‍යත්වය සහ විද්‍යාව යන දෙකම සහ දෙක අතර සැලකිය යුතු ලෙස දෝලනය වන ඥානවිභාගයන් මත පදනම් වේ. පර්යේෂණයහි විවිධ ස්වරූපයන් වේ: විද්‍යාත්මක, මානව ශාස්ත්‍ර, කලාත්මක, ආර්ථික, සමාජයීය, ව්‍යාපාර, අලෙවිකරණ පර්යේෂණ, වෘත්තික පර්යේෂණ ආදිය.

පර්යේෂණ
උන්නත් කැටයම් මූර්ති ශිල්පය "පර්යේෂකයා දැනුමේ පහන අත දරා සිටී" (1896) ඔලින් ලෙවි වෝර්න්ර් විසින්. කොන්ග්‍රස් පුස්තකාලය, තෝමස් ජෙෆෙර්සන් ගොඩනැගිල්ල, වොශින්ටන්, D.C.

පර්යේෂණයන්හි ස්වරූප

විද්‍යාත්මක පර්යේෂණ

විද්‍යාත්මක පර්යේෂණය කුතුහලය පිරි, විද්‍යාත්මක ක්‍රමෝපායන්ගෙන් යුත් යෙදුම් මත රදා පවතී. මෙම පර්යේෂණ මගින් ලෝකයේ ස්වභාවය සහ ලක්ෂණ පිළිබද විස්තර කිරීම සදහා අවශ්‍ය විද්‍යාත්මක තොරතුරු සහ සිද්ධාන්තය සපයයි. එය සිදු කළ හැකි, ප්‍රායෝගික යෙදුම් නිපදවයි.විද්‍යාත්මක පර්යේෂණය සදහා පොදු අධිකාරීන් විසින්, පුණ්‍යාධාර ආයතන විසින් සහ විශාල ආයතන ප්‍රමාණයක් අඩංගු පෞද්ගලික ආයතන විසින් අරමුදල් සපයයි. විද්‍යාත්මක පර්යේෂණ, එවායේ ශාස්ත්‍රීය සහ යෙදුම් පුහුණුව මත නැවත අනු කොටස් වලට වර්ගීකරණය කරයි. විද්‍යාත්මක පර්යේෂණ යනු ව්‍යාපාර පාසල් වැනි අධ්‍යාපනික ආයතන විනිශ්චය කිරීමට බොහෝ ලෙස යොදා ගන්නා මිනුම් දණ්ඩකි, නමුත් සමහරු ආයතන වල වැරදි තක්සේරුව වැනි දෑ සම්බන්ධව තර්ක කරන අතර ඊට හේතුව වනුයේ පර්යේෂණයේ ගුණත්වය මගින් ඉගැන්වීමේ ගුණත්වය පිළිබඳ කියා පෑමක් සිදු නොකරන බැවිනි (මේවා සම්පූර්ණ ලෙස අත්‍යාවශ්‍යයෙන්ම සහසම්බන්ධ කිරීමක් නොමැත).

මානව ශාස්ත්‍ර පර්යේෂණ

මානව ශාස්ත්‍ර පර්යේෂණයට විවිධ ක්‍රමයන් සම්බන්ධ වේ, උදාහරණ ලෙස අර්ථ විවරණ ශාස්ත්‍ර සහ නිමිත්ත ධර්මවාදය සහ බොහෝ වෙනස් වූ සාපේක්ෂතා ඥාන විභාගය. මානව ශාස්ත්‍රඥයෝ සෑම විටම ප්‍රශ්නයකට අදාල ප්‍රශස්තම පිලිතුර සොයන්නේ නැත, ඒ වෙනුවට එය වටා ඇති ගැටළු සහ තොරතුරු සොයා බලයි. අන්තර්ගතය හැම විටම බොහෝ වැදගත් වන අතර එයට සාමාජයීය, ඓතිහාසික, දේශපාලනික, සංස්කෘතික හෝ ජනවාර්ගික ඇතුලත් වේ. මානව ශාස්ත්‍ර, පර්යේෂණයකට උදාහරණයක් වනුයේ, පෞරාණික ක්‍රම අන්තර්ගත ඓතිහාසික පර්යේෂණයයි. ඉතිහාසඥයන් ප්‍රාථමික මූලාශ්‍රයන් සහ අනෙකුත් සාධක යොදා ගනිමින්, ක්‍රමානුකූලව මාතෘකාව විමර්ශනය කොට පසුව පැරණි ආකාරයට පුරාවෘත්තයන් ලියයි.

කලාත්මක පර්යේෂණ

කලාත්මක පර්යේෂණය 'පුහුණුව පදනම් පර්යේෂණය' ලෙසද දැකිය හැක, එහි අරමුණු කලාත්මක නිමවුම් ආකාරයෙන් සිදු කල හැක. සම්පූර්ණයෙන් විද්‍යාත්මක ක්‍රමයක්, පර්යේෂණවල දැනුම සහ සත්‍ය සඳහා සොයා බැලීමට විකල්පයක් ලෙස පිරිනැමීම වාදයට තුඩුදෙන සංකල්පයකි.

අරිය පර්යේෂණ

නිරුක්තිය

පර්යේෂණ වදන

බුදුන් වහන්සේ පාලි බසින් පරියේසන වදන භාවිතාකර ඇත. මෙම වදනෙන් පර්යේෂණ යන්න බීඳි ඇත. පරියේසන යන පදය පරි (හාත්පස, අවට, සම්පූර්ණ) යන උපසර්ගය හා "ඒසන" (සෙවීම) යන පදය එක් වී සකස් වී තිබේ.

ඉංග්‍රීසි රිස'ච් වදන

පර්යේෂණ 
ඇරිස්ටෝටල්, 384 BC – 322 BC, - විද්‍යාත්මක ක්‍රමයේ විකාශනයේ එක් පුරෝගාමියෙක්.

රිස'ච් යන වචනය ඉපදී ඇත්තේ මධ්‍යම ප්‍රංශයේ "recherche" යන්නෙනි, එහි තේරුම වනුයේ "සොයන්නට යනවා"යි, එම වචනය ඉපදී ඇත්තේ පැරණි ප්‍රංශ "recerchier" යන්නෙනි, එය "re-" + "cerchier", හෝ "sercher", යන "සොයනවා" නම් වූ අර්ථය සහිතව එක් වී නිර්මාණය වී ඇත. පැරණිතම වාර්තාවන්ට අනුව මෙම වචනය 1577දී සොයාගෙන ඇත.

නිර්වචනයන්

පර්යේෂණය යන්නෙන් විවිධ ආකාරයට අර්ථ දැක්විය හැක. පර්යේෂණය පිළිබඳ පුළුල් නිර්වචනයක් ලබා දුන්නේ මාර්ටින් ශට්ල්වර්ත් විසිනි - "වචනයේ පුළුල්ම අර්ථයෙන්, දැනුම වැඩි දියුණු කිරීමට සිදු කරන ඕනෑම දත්ත, තොරතුරු සහ සිද්ධි එකතු කිරීමක් පර්යේෂණයේ නිර්වචනයට අඩංගු වේ"."

පර්යේෂණය පිළිබඳ අනිත් නිර්වචනය ඉදිරිපත් කර ඇත්තේ ක්‍රෙස්වෙල් විසිනි - "පර්යේෂණය යනු මාතෘකාවක් හෝ ගැටළුවක් සම්බන්ධව ඇති අපගේ අවබෝධය වැඩි කිරීමට අවශ්යව තොරතුරු එකතු කිරීම සහ විශ්ලේෂණය කිරීමේ ක්‍රියාවලිය සිදුකරන පියවරයන් වේ." එයට පියවර තුනක් අඩංගු වේ: ප්‍රශ්නයක් මතු කරනවා, ප්‍රශ්නයට පිළිතුරු සැපයීමට අවශ්‍යම දත්ත එකතු කිරීම, සහ ප්‍රශ්නයට පිළිතුරක් ඉදිරිපත් කිරීම.

Merriam-Webster මාර්ගගත ශබ්දකෝෂයට අනුව පර්යේෂණය යන්නෙහි සවිස්තර නිර්වචනය වනුයේ "උත්සාහවත් විමර්ශනයක් හෝ විභාගයක්; විශේෂයෙන්ම: සිද්ධි සොයා ගැනීම සහ පරිවර්තනය අරමුණු කරගෙන සිදු කරන විමර්ශනයක් හෝ සමීක්ෂණයක්, පිළිගත් සිද්ධාන්ත පුනරීක්ෂණය හෝ අලුත් කරණු වල ආලෝකයෙන් සැදුනු නීති,හෝ නව හෝ සිද්ධාන්ත පුනරීක්ෂණ හෝ නීති වල ප්‍රායෝගික යෙදුම්".

පර්යේෂණයක් දියත් කිරීමේ පියවර

බොහෝ විට පර්යේෂණය දියත් කරනුයේ පර්යේෂණයන්හි ඇති පෑතැටිය ආකෘති සැලස්ම භාවිතා කරගෙනය. පෑතැටිය ආකෘතිය ආරම්භ වන්නේ පර්යේෂණය සඳහා පුළුල් ප්‍රේක්ෂාවලියක් සමඟයි, ව්‍යපෘති ක්‍රමය තුළ මුල සිට අගටම, අත්‍යාවශ්‍ය තොරතුරු වලට අවධානය යොමු කිරීම (පෑතැටියේ ගෙල සේ), ඉන් පසු පර්යේෂණය සාකච්ඡා සහ ප්‍රථිපල තුළට ප්‍රසාරණය කිරීම. පර්යේෂණයක් දියත් කිරීමේ ප්‍රධාන පියවරයන් වනුයේ:

  • පර්යේෂණයට අදාළ ගැටළුව හදුනා ගැනීම
  • සාහිත්‍යය විමර්ශනය
  • පර්යේෂණයේ අරමුණ නියම වශයෙන් සඳහන් කිරීම
  • පර්යේෂණයේ විශේෂ ප්රමශ්න සහ උපකල්පිතයන් නිර්ණය කිරීම
  • දත්ත එකතු කිරීම
  • දත්ත විශ්ලේෂණය සහ පරිවර්තනය කිරීම
  • පර්යේෂණය වාර්තා කිරීම සහ ඇගයීම
  • පර්යේෂණයෙන් සොයා ගත් දෑ සහ සිදු වියහැකි නිර්දේශයන් ඉදිරිපත් කිරීම

සාමාන්‍යයෙන් මෙම පියවරයන් සමස්ත ක්රිකයාවලියම ඉදිරිපත් කරයි, කෙසේ නමුත් මෙය ස්ථීර පියවරයන් රාශියක් ලෙස නොව, නිරන්තරයෙන් වෙනස් වෙමින් නැවත නැවතත් සිදු වන ක්‍රියාවලියක් ලෙස දැකිය යුතුයි. බොහෝ පර්යේෂකයෝ අධ්‍යනයේ අරමුණුවල නියැලී නොසිට ගැටළුවේ සාමාන්‍ය ප්‍රකාශනයකින් පර්යේෂණය ආරම්භ කරයි. අධ්‍යනයේ නිවැරදි බව සැපයීම සඳහා සාහිත්‍යය විමර්ශනයට පෙර පර්යේෂණවල වැරදි හෝ සිදුරු හදුනාගනියි. නිතරම දී ඇති විෂය ක්ෂේත්‍රයකට සාහිත්‍යය විමර්ශනයක් දියත් කරනුයේ, පර්යේෂණ ප්‍රශ්න හදුනා ගැනීමට පෙරයි. පර්යේෂකයා විසින් හදුනාගත් වත්මන් සාහිත්‍යය විමර්ශනයේ පරතරයකින් පසුව පර්යේෂණ ප්‍රශ්න සකසයි. පර්යේෂණ ප්‍රශ්න උපකල්පිතයන්ට සමාන්තර වේ. උපකල්පිතයන් යනු පරීක්ෂා කිරීමට යන එවායෙහි සිතා ගැනීම් වේ. පර්යේෂකයා(වරු) උපකල්පිත පරීක්ෂා කිරීමට දත්ත එකතු කරයි. ඉන්පසු පර්යේෂකයා(වරු) ප්‍රත්‍යක්ෂමූලක පර්යේෂණ වලින් උගත් විවිධ සංඛ්‍යානමය ශිල්ප ක්‍රම යොදාගෙන දත්ත විශ්ලේෂණය සහ පරිවර්තනය කිරීම කරයි. දත්ත විශ්ලේෂණයෙන් ලද ප්‍රථිපල ස්ථිර කරමින් හෝ නිෂ්එල කරමින් අභිශුන්‍ය උපකල්පිතයන් ප්‍රතික්ෂේප කිරීමට පසුව වාර්තා කිරීම සහ අගය කිරීම සිදු කරයි. පර්යේෂකයා විසින් අවසානයේදී පර්යේෂණයේ වැඩි දුර කටයුතු සඳහා සාකච්ඡා කරයි.

රුඩොල්ෆ් රුමෙල්ගේ අදහසට අනුව "... පරීක්ෂණ එකක් හෝ දෙකක්වත් ස්ථිර ලෙස බාර ගැනීම එක් පර්යේෂකයකු විසින් සිදු කිරීමට අවශ්‍ය නැත. පරීක්ෂණ පරාසය වෙනස් නොවන විවිධ ස්වරූපයේ දත්ත, පර්යේෂකවරු, සහ ක්‍රම පවතින්නේ නම් පමණක් එක් අයෙකුට ප්‍රථිඵල ගැන විශ්වාසය තැබීමට පුළුවනි."

විද්‍යාත්මක පර්යේෂණ

පර්යේෂණ 
ප්‍රාථමික විද්‍යාත්මක පර්යේෂණය සිදු කරන ලද්දේ ඉඩාහෝ ජාතික විද්‍යාගාරයේ ඇති මයික්‍රොස්කොපි විද්‍යාගාරයේදීය.
පර්යේෂණ 
විද්‍යාත්මක පර්යේෂණ උපකරණ Institute_of_Technology MIT හි ඇති.

සාමාන්‍යයෙන් පර්යේෂණය තේරුම් ගෙන ඇත්තේ කිසියම් ව්‍යුහාත්මක ක්‍රියාවලියක් අනුගමනය කිරීමක් ලෙසය. කෙසේ වුවත් විෂය කරුණ සහ පර්යේෂකයා අනුව පියවරයන්හි අනුපිළිවෙල වෙනස්වීම රදා පවතී, පහත ඇත්තේ මූලික සහ ව්‍යවහාරික යන දෙකටම අදාළ විධිමත් පර්යේෂණයක සාමාන්‍යයෙන් අන්තර්ගත වන පියවරයන් වේ:

  1. නිරීක්ෂණයන් සහ මාතෘකාව නිර්මාණය: කිහිපදෙනෙකු කැමති විෂය ක්ෂේත්‍රයක් සහ එම විෂයට අදාළ පර්යේෂණකිරීමට, එම විෂය ක්ෂේත්‍රය අනුගමනය කිරීම මෙයට අඩංගු වේ. එම විෂය ක්ෂේත්‍රය අහඹු ලෙස තෝරා නොගත යුතු බැවින් එම මාතෘකාවට අදාළ ශාස්ත්‍රීය ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් කියවීමෙන් ගවේශකයාගේ අරමුණ පටු කරන ශාස්ත්‍රීය පරතරය හදුනා ගැනීමට හැක. තෝරා ගත් විෂය ක්ෂේත්‍රයක් පිළිබඳ ඇති බලවත් උනන්දුව වඩාත් සුදුසු වේ. පර්යේෂණය මගින් මාතෘකාව පිළිබදව දැනට පවත්නා දැනුම ඊට සම්බන්ධ කිරීමේ වැදගත් බව තහවුරු කල යුතුයි.
  2. උපකල්පිත: විචල්‍යයන් දෙකක් හෝ කිහිපයක් අතර පවතින සම්බන්ධය දැක්වීමට යොදා ගන්නා පරික්ෂා කල හැකි පුරෝකථනයක්
  3. සංකල්පිත නිර්වචනය: කිසියම් සංකල්පයක්, අනෙකුත් සංකල්පයන්ට සම්බන්ධ කරමින් සිදු කරන විස්තරයක්.
  4. මෙහෙයුම් නිර්වචනය: විචල්‍යන් අර්ථදැක්වීම සහ අධ්යඅනයේදී ඒවා මනිනු ලබන/තක්සේරු කරන ආකාරය පිළිබද තොරතුරු දැක්වීම.
  5. දත්ත එකතු කිරීම: සංගහනය හදුනා ගැනීම සහ නියැදියක් තෝරා ගැනීම,විශේෂ පර්යේෂණ මෙවලම් භාවිතා කර නියැදියෙන් සහ/හෝ නියැදිය ගැන තොරතුරු එකතු කිරීම මෙයට අයත් වේ. දත්ත එකතු කිරීමට යොදා ගන්නා මෙවලම් වලංගු සහ විශ්වසනීය විය යුතුයි.
  6. දත්ත විශ්ලේෂණය: ඒවායේ නිගමනයක් ලබා ගැනීමට දත්ත තනි කොටස් වලට වෙන් කිරීම සිදු කරයි.
  7. දත්ත පරිවර්තනය කිරීම: මේවා වගු මාර්ගයෙන්,සංඛ්‍යා මගින් සහ රූප සටහන් මගින් ඉදිරිපත් කළ හැකි අතර ඉන් පසුව වචන මගින් විස්තර කරයි.
  8. උපකල්පිත පරීක්ෂා කිරීම, සංශෝධනය
  9. නිගමනය, අවශ්‍ය නම් නැවත නැවත සිදු කිරීම

පොදු වැරදි සංකල්පයක් වනුයේ උපකල්පිතය ඔප්පු කිරීමයි (ශූන්‍ය උපකල්පිතය තවදුරටත් බලන්න). සාමන්‍යයෙන් උපකල්පිතයක් යොදා ගන්නේ සමීක්ෂණයක ප්‍රථිඵල නිරීක්ෂණ්ය කිරීම මගින් පරීක්ෂා කළ හැකි පුරෝකථන නිර්මාණය කිරීමටයි. ප්‍රථිඵල උපකල්පිතය සමඟ නොගැළපුනහොත්, ඉන්පසු උපකල්පිතය ප්‍රතික්ෂේප වේ (සත්‍යාපනය කළ හැකි බව බලන්න). මෙම පරීක්ෂාකාරී බස යොදාගෙන ඇත්තේ විකල්ප උපකල්පිතයන් නිරීක්ෂණ සමඟ කොහොමත් ගැළපෙන බව පර්යේෂකයන් හදුනාගෙන ඇති බැවිනි. උපකල්පිත කිසිදාක ඔප්පු කළ නොහැක, නමුත් විද්‍යාත්මක පරීක්ෂණ වලට පමණක් උපකාර කරනවාට වඩා මේ අකාරයෙන් කල්පිතයක් කිසිදා ඔප්පු කල නොහැකි නමුත් එය වටා සබැදි විද්‍යාත්මක අත්හදාබැලීම් සහ සත්‍යයක් බව නිරායාසයෙන්ම සිතීමට පත් කිරීම තුලින් මතය ශක්තිමත් කල හැක.

ප්‍රයෝජනවත් උපකල්පිතයක් පුරෝකථනයන් වලට ඉඩ දීම සහ නිරීක්ෂණය සිදු කළ වේලාවේ නිවැරදි බව මත පුරෝකථනය ස්ථීර කෙරේ. කාලයත් සමඟම නිරීක්ෂණයන්ගේ නිවැරදි බව වැඩි වේ නම්, උපකල්පිතය තවදුරටත් නිවැරදි පුරෝකථනයක් ලබා නොදෙයි. මෙම අවස්ථාවේදී නව උපකල්පිතය විසින් පැරණි උපකල්පිතයට අභියෝගයක් එල්ල කිරීම සහ නව උපකල්පිතය, පැරණි උපකල්පිතයට වඩා බොහෝ නිවැරදි පුරෝකථන ලබා දෙයි, එම නිසා නව උපකල්පිතය පැරණි උපකල්පිතයේ තැනට පත් වේ. විචල්‍යන් අතර සම්බන්ධයක් නැති විට හෝ ස්වායත්ත හෝ පරායත්ත විචල්යටන්හි වෙනස්කම් ඇති විට, පර්යේෂකයන්ට ශූන්‍ය උපකල්පිතයක් යොදා ගැනීමටද හැකියාව ඇත. ශූන්‍ය උපකල්පිතයක් මගින් මුළු සංගහනය පිලිබඳවම නිගමනයකට එලඹීමට, සියළු ඒකකයන් ඇතුළත් වන ලෙස සාදා ගත් නියැදියක් යොදා ගනියි.

ඓතිහාසික ක්‍රමය

පර්යේෂණ 
ජර්මන් ඉතිහාසඥයකු වන ලියොපෝල්ඩ් වොන් රැන්කි (1795-1886), නවීන මූලාශ්‍රා පදනම් කරගත් ඉතිහාසය සොයා ගත් පුරෝගාමියෙක් ලෙස සැලකේ.

ඓතිහාසික ක්‍රමය යන්නට ඉතිහාසඥයින් විසින් පර්යේෂණය කිරීමට සහ පසුව ඉතිහාසය ලේඛණගත කිරීමට භාවිතා කළ ක්‍රමවේදයන් සහ මාර්ගෝපදේශයන් ඇති ඓතිහාසික මූලාශ්‍රායන් සහ අනෙකුත් සාධක අඩංගු වේ. ඉතිහාසඥයින් විසින් ඔවුන්ගේ කාර්යයන් සඳහා නිරන්තරයෙන් භාවිතා කරන බාහිර විචාරණය, අභ්‍යන්තර විචාරණය සහ ඒවායේ සංකලනය යන ශීර්ෂයන් යටතේ ඇති විවිධ ඓතිහාසික මාර්ගෝපදේශයන් මෙහි ඇත.මෙයට වඩා අඩු විචාරණය සහ ඉන්ද්‍රියන් මුල් වූ විචාරණය අඩංගු වේ.කෙසේ නමුත් ඒකකයන් වෙනස් වනුයේ මාතෘකාව සහ පර්යේෂකයා පදනම් කරගෙනයි, පහත සංකල්පයන්හි ඇත්තේ විධිමත් ඓතිහාසික පර්යේෂණයක ඇති කොටස්ය:

  • ආරම්භක දිනය හදුනා ගැනීම
  • ස්ථානගත කිරීමේ සාධක
  • කර්තෘත්වය හදුනා ගැනීම
  • දත්ත විශ්ලේෂණය
  • සම්පූර්ණත්වය හදුනා ගැනීම
  • විශ්වසනීයත්වය ආරෝපණය කිරීම

පර්යේෂණය කිරීමේ ක්‍රම

පර්යේෂණ ක්‍රියාවලියේ අරමුණ වන්නේ නව දැනුම බිහි කිරීම හෝ යම් මාතෘකාවක් හෝ ප්‍රශ්නයක් පිළිබද අවබෝධය වැඩිදියුණු කිරීමයි. මෙම ක්‍රියාවලිය ආකාර තුනකින් සිදුවේ.

  • ගවේෂණාත්මක පර්යේෂණ, යම් ප්‍රශ්නයක් හෝ ගැටලුවක් හදුනාගැනීම සහ අර්ථ දැක්වීම සදහා උදව් වේ.
  • අර්ථකාරි පර්යේෂණ, යම් ප්‍රශ්නයක් හෝ ගැටලුවක් සදහා න්‍යායන් අත්හදා බැලීම සහ පිළිතුරු යෝජනා කිරීම.
  • අනුභාවික පර්යේෂණ, යම් පිළිතුරක් සදහා එහි ශක්‍යතාව අනුභාවික සාක්ෂි මගින් අත්හදා බැලීම.
පර්යේෂණ 
නිව්යෝර්ක් පොදු පුස්තකාලයේ ඇති පර්යේෂණ කාමරය, කෙරීගෙන යන ද්විතියික පර්යේෂණයකට උදාහරණයක්

පර්යේෂණ සැලසුම් කිරීම සදහා ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් පවතී: ගුණාත්මක පර්යේෂණ හා ප්‍රමාණාත්මක පර්යේෂණ වේ. පර්යේෂකයින් ගුණාත්මක හා ප්‍රමාණාත්මක ක්‍රමයන්ගෙන් ඔවුන්ගේ පර්යේෂණ මාතෘකාවට හා පිළිතුරු සෙවීමට බලාපොරොත්තු වන පර්යේෂණ ගැටලුව අනුව තෝරාගනු ලබයි.

පර්යේෂණ 
මෞරිස් හිල්ලෙමන් 20වන ශතවර්ෂයේ ජීවිත විශාල සංඛ්‍යාවක් ආරක්ෂා කළ පුද්ගලයා ලෙස ප්‍රසාදයට පත් වේ
    ගුණාත්මක පර්යේෂණය

මිනිස් හැසිරීම් සහ එම හැසිරීම් පාලනය කරන හේතු තේරුම්ගැනීමයි. පුළුල් ප්‍රශ්න ඇසීම සහ වචන, පින්තූර, වීඩියෝ ලෙස දත්ත එකතුකර ඒවා විශ්ලේෂණය කිරීම මෙන්ම තේමාවන් සෙවීම ඊට අදාළ වේ. මෙම වර්ගයේ පර්යේෂණයන් යම් ප්‍රශ්නයක් ප්‍රමාණාත්මක ලෙස මැනිය හැකි විචල්‍යයන් වෙත උත්සාහය යොමු නොකර විචල්‍යයන්ගේ භව්‍ය සම්බන්ධතා විමර්ශනය කෙරෙහි අවධානය යොමු කරයි. මෙය කල්පිත පරීක්ෂා කිරීමෙහිලා බාධා සහිත ලෙස දැකිය හැකි අතර කාලය වැයවන, සහ සාමාන්‍යයෙන් තනි පර්යේෂණ විෂයයන් කට්ටලයකට සීමා වන්නකි. ගුණාත්මක පර්යේෂණ නිතර ගවේෂණ පර්යේෂණ ක්‍රමයක් ලෙස භාවිතා වන අතර ප්‍රමාණාත්මක පර්යේෂණ කල්පිතයන් සඳහා පදනම සපයයි. ගුණාත්මක පර්යේෂණ සමාජ නිර්මාණකරනයෙහි දාර්ශනික සහ න්‍යායාත්මක ආකාරයන් හා සම්බන්ධ වෙයි.

ප්‍රමාණාත්මක ගුණ හා සංසිද්ධි මෙන්ම ඒවායේ සබෑඳියාව පිලිඹඳව සිදු කරනු ලබන පද්ධතික ආනුභාවික විමර්ෂණයයි. සීමා සහිත ප්‍රශ්ණ අසමින් සහ සංඛ්‍යාත්මක දත්ත එකතු කරමින් සංඛ්‍යාන ක්‍රම වල ප්‍රයෝජනයෙන් විෂ්ලේෂණය කරයි.ප්‍රමාණාත්මක ගවේෂණ පර්යේෂණාත්මක, සහ සම්බන්ධ හා සමාලෝචනය ( හෝ විස්තරාත්මක ) සැලසුම් වේ.ප්‍රමණාත්මක ගවේෂණ මගින් ලබා ගත් සංඛ්‍යාත්මක විස්තර විචල්‍ය අතර හවුල් හෝ කරණවාචී සම්බන්ධතා ගොඩ නෑගීමට යොදා ගනී.ප්‍රමණාත්මක ගවේෂණ ධනීයවාදයේ දර්ශන හා න්‍යායන් සමඟ සම්බන්ධව පවතී.

ප්‍රමාණාත්මක දත්ත එක්රැස් කිරීමේ ක්‍රම පෙර සැලසුම් කරන ලද ප්‍රතිචාර කොටස් සහිත අහඹු නියැදි සහ සකස්කරණ ලද දත්ත එකතු කිරීමේ උපක්‍රම භාවිතා කරයි. මෙම ක්‍රම මගින සාරාංශගත, සංසන්දනාත්මක සහ පොදු බවට හරවන ලද ප්‍රතිචාර නිපදවාගත හැකිය. ප්‍රමාණාත්මක පර්යේෂණය න්‍යාය තුලින් සනාථ වන කල්පිතය හෝ අභිරුචියේ සංසිද්ධියේ ප්‍රමාණය අත්හදා බැලීම කෙරෙහි උනන්දු වේ. පර්යේෂණය මත රදා පවතිමින් සහභාගී වන්නන්ට අහබු ලෙස තෝරාගත් පිළියම් ලබා දෙයි (සත්‍ය පර්යේෂණයක් ලෙස සැලකිය හැකි ප්‍රමාණාත්මක අද්‍යයනයන්ට පමණක් මෙය භාවිතා කරයි). මෙම ක්‍රමයේ ශක්‍යතාව නොමැති නම් පර්යේෂකයා විසින් සහභාගීවන්නා සහ අවස්ථානුකූල ලක්ෂණ අනුව සංඛ්‍යාත්මක පාලනයක් සදහා ඔවුන්ගේ බලපෑම මත ප්‍රතිපලය හෝ රදා පවතින විචල්‍ය ලබා ගනී. අරමුණ පර්යේෂණය සදහා සහභාගීවන කොටස විශාල කොටසක් සදහා පොදුවේ ආදර්ශනයට නම්, පර්යේෂකයා සහභාගී වන්නන් සෙවීමට සම්භාවිතා නියැදි භාවිතා කරයි..

ප්‍රමාණාත්මක හෝ ගුණාත්මක යන දෙකෙන් කුමක් වුවත් පර්යේෂකයා ප්‍රාථමික හෝ ද්විතීයික යන දත්ත දෙවර්ගයෙන් එකක් තෝරා ගැනීමට පෙළඹෙයි. ප්‍රාථමික දත්ත පර්යේෂණය කිරීමම අරමුණ කරගෙන සම්මුඛ සාකච්චා හා ප්‍රශ්නාවලි මගින් රැස් කරයි. ද්විතීයික දත්ත සදහා දැනට පවතින සංගණන දත්ත වැනි නැවත භාවිතා කල හැකි දත්ත භාවිතා කරයි. වඩාත් ආචාරශීලී වන්නේ හැකි සෑම විටම ද්විතීයික දත්ත භාවිතා කිරීමයි.

මිශ්‍ර-මාර්ග පර්යේෂණ, ප්‍රමාණාත්මක හා ගුණාත්මක අංග එකතුවෙනුත්, ප්‍රාථමික හා ද්විතීයික දත්ත භාවිතයෙනුත් කරන්නාවූ පර්යේෂණ මේ වන විට සුලභ දෙයක් බවට පත් වී තිබේ..

වෘත්තීයකරණය

විවිධ ජාතික සහ පෞද්ගලික අධ්‍යාපනික පද්ධති වල, විධිමත් රැකියා නාමයේ ප්‍රථිඵලයක් ලෙස ගවේෂණයක් වෘත්තීයකරණය සිදු වේ. රුසියාවේදී පෙර සෝවියට් ඒකාබද්ධ රාජ්‍යය සහ ඇතැම් පසු සෝවියට් රජයන්ගේ, පර්යේෂකයන් යන වචනය (රුසියානු: Научный сотрудник, nauchny sotrudnik) විද්‍යාත්මක පර්යේෂණයක් කරන සාමාන්‍ය මනුෂ්‍යයෙකු හැදින්වීමටත්, ඒ වාගේම විද්‍යාත්මක අධ්‍යනායතනය, සෝවියට් විශ්ව විද්‍යාල, සහ අනෙකුත් පර්යේෂණ මුල් කරගත් ආයතන රාමුව තුළ ඇති රැකියා නාම හැදින්වීමටත් යොදා ගනියි.ඇතැම් වෙලාවට nauchny sotrudnik වදන පර්යේෂණ අධිශිෂ්‍යයා", පර්යේෂණ සහභාගි වෙන්නා ලෙස පරිවර්තනය කර ඇත.

පහත ඇත්තේ nauchny sotrudnik මගින් ප්‍රකාශ කරන නිලයන්ය:

  • කණිෂ්ඨ පර්යේෂකයා (කණිෂ්ඨ පර්යේෂණයන්ට සහභාගි වෙන්නා)
  • පර්යේෂකයා (පර්යේෂණයන්ට සහභාගි වෙන්නා)
  • ජ්‍යෙෂ්ඨ පර්යේෂකයා (ජ්‍යෙෂ්ඨ පර්යේෂණයන්ට සහභාගි වෙන්නා)
  • ප්‍රමුඛ පර්යේෂකයා (ප්‍රමුඛ පර්යේෂණයන්ට සහභාගි වෙන්නා)
  • ප්‍රධාන පර්යේෂකයා (ප්‍රධාන පර්යේෂණයන්ට සහභාගි වෙන්නා)

ප්‍රකාශයට පත්කිරීම

පර්යේෂණ 
මුලින්ම නිකුත් කළ Nature, 1869 නොවැම්බර් 4.

අධ්‍යාපනික ප්‍රකාශයට පත්කිරීම් තුළින් විග්‍රහ කරනුයේ ශාස්ත්‍රාලීය විද්‍යාර්ථයින් සඳහා තුල්‍ය විමර්ෂණය අවශ්‍ය වන ඔවුන්ගේ කාර්යයන් සහ එය පුළුල් පාඨකයන් පිරිසකට පාවිච්චි කළ හැකි පරිදි සකස් කරන පද්ධතියකි. මෙම පද්ධතිය ක්ෂේත්‍රය අනුව විශාල ලෙස විචලනය වන අතර එය නිතරම සිදු වනුයේ සෙමිනි. බොහෝ අධ්‍යාපනික කාර්යයන් ප්‍රකාශයට පත්කරනුයේ ජර්නල් ලිපි හෝ පොත් ආකාරයටය. මෙහි ඇති විශාල පර්යේෂණ ප්‍රමාණයක් උපාධි නිබන්ධනයක් හෝ ශාස්ත්‍රීය නිබන්ධනයක් ආකාරයටය. මේ ආකාරයේ පර්යේෂණ, උපාධි නිබන්ධනය සහ ශාස්ත්‍රීය නිබන්ධනය ලෙස සුපැහැදිලිව දත්ත ගබඩා වල දැකිය හැක. ප්‍රකාශයට පත්කිරීමේදී, STM යනු විද්‍යාව, තාක්ෂණවේදය සහ වෛද්‍ය විද්‍යාවන් වල ප්‍රකාශයට පත්කිරීම් හැදින්වීමේ කෙටි යෙදුමක් ලෙසය.

පිහිටුවා ලද බොහෝ අධ්‍යාපනික ක්ෂේත්‍ර වල ඔවුන්ටම ආවේණික වූ විද්‍යාත්මක ජර්නලයන් සහ ප්‍රකාශයට පත් කිරීමේ මාර්ගයන් පවතී, එනමුත් බොහෝ අධ්‍යාපනික ජර්නලයන් යම් ප්‍රමාණයකට අන්තර්ක්ෂේත්‍රීය, සහ ඔවුන් එවා ප්‍රකාශයට පත් කරනුයේ එකිනෙකට සම්බන්ධ නොවූ ක්ෂේත්‍රයන් හෝ උපක්ෂේත්‍රයන්හි සිටය. ඇතැම් ප්‍රකාශයට පත්කිරීම් දැනුමට දායකත්වය සැපයූ ලෙස පිළිගත් සහ මුද්‍රණය කිරීමේ සිට ඉලෙක්ට්‍රොනික් නිමැවුම දක්වා බොහෝ ලෙස ක්ෂේත්‍රයන් අතර වෙනස් වූ පර්යේෂණ වේ. මෙම අධ්‍යනය යෝජනා කරනුයේ, නිතරම සිදුනොවන කරුණු පිළිබඳ පර්යේෂකයන් විසින් වැඩි අවධානයක් යොමු නොකළ යුතුයි. එසේම එය යෝජනා කර ඇත්තේ, සියළු ප්‍රකාශයට පත්කරන ලද අධ්‍යනයන්, ඔප්පු නොකළ කරුණු වලින් වැළැක්වීම සඳහා වන වලංගුතාවය අගය කිරීමේ හෝ එහි සාධක වල විශ්වාසනීයත්වය මැනීමේ විශයට අනුකූල විය යුතු බවයි.ව්‍යාපාර ආකෘතීන් ඉලෙක්ට්‍රොනික් පරිසරයෙන් වෙන් වේ. 1990ට පෙර සිටම, ඉලෙක්ට්‍රොනික් උපකරණ, විශේෂ ජර්නල් වලට බලපත්‍ර නිකුත් කිරීම බොහෝ සුලභ විය. මෑත කාලයේ, විද්‍යාර්ථීය ජර්නල් පිළිබඳ අවධානය යොමු කිරීමේදී ප්‍රධාන නැඹුරුතාවය වනුයේ විවෘත ප්‍රවේශයයයි.විවෘත ප්‍රවේශයන් ප්‍රධාන ආකාර දෙකකි: විවෘත ප්‍රවේශ ප්‍රකාශයට පත්කිරීම, ප්‍රකාශිත කාලය තුළ ලිපි හෝ මුළු ජර්නලයම නිදහසේ පාවිච්චි හැක, සහ ස්වකීය-ලේඛණකරණය යනු ලේඛකයා ඔහුගේ නිමැවුමේ පිටපතක් වෙභි නිදහසේ පාවිච්චි හැකි වන ලෙස තබයි.

පර්යේෂණ අරමුදල්

බොහෝ විද්‍යාත්මක පර්යේෂණ සඳහා අරමුදල් පැමිණෙන්නේ ප්‍රධාන මූලාශ්‍ර තුනකිනි: ඒකාබද්ධ පර්යේෂණ සහ සංවර්ධන දෙපාර්තමේන්තුව; පෞද්ගලික පදනම්, උදාහරණයක් ලෙස, Bill and Melinda Gates පදනම; සහ USAහි ජාතික සෞඛ්‍ය ආයතනය වැනි රාජ්‍යය පර්යේෂණ විධායක සභා සහ UK වල වෛද්‍ය පර්යේෂණ විධායක සභා. මේවා පාලනය කරනු ලබන්නේ විශ්ව විද්‍යාල හරහා සහ සමහර අවස්ථා වලදී යුධ හමුදා කොන්ත්‍රාත්කරුවන් විසිනි. බොහෝ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයන් (කණ්ඩායම් නායකයන් වැනි) ඔවුන්ගේ කාලයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් පර්යේෂණ අරමුදල් ඉල්ලුම් කිරීමට ගත කරයි. මෙම දීමනාවන් පර්යේෂකයන්ට ඔවුන්ගේ පර්යේෂණ කරගෙන යාමට පමණක් නොව කුසලතා මූලාශ්‍රයක් ලෙසද හැදින්විය හැක.

සමාජ මනෝවිද්‍යා ජාලය, පරිපූර්ණ U.S. රජයේ සහ පෞද්ගලික පදනම් වල අරමුදල් මූලාශ්‍ර ලැයිස්තුවක් සපයයි.

තාත්වික පර්යේෂණ

තාත්වික පර්යේෂණ යනු සාරාංශය, විමර්ශනය හෝ පර්යේෂණයේ විෂය මත පෙර ප්‍රකාශයට පත්කිරීම්වල සංකලනයන් මත විශේෂයෙන්ම පදනම් නොවූ පර්යේෂණයකි.මෙම කරුණු ප්‍රාථමික මූලාශ්‍රයේ ලක්ෂණය.තාත්වික පර්යේෂණයන්හි අරමුණ වනුයේ අලුත් ආකාරයකට තිබෙන දැනුම ඉදිරිපත් කරනවාට (උදා., සාරාංශගත හෝ වර්ගීකෘත) වඩා නව දැනුම බිහිකිරීමයි.

විවිධ ආකාර

අදාල නීතීන් පදනම් කොට ගෙන තාත්වික පර්යේෂණ විවිධ ස්වරූපයන් ගනී. සමීක්ෂණ කටයුතු වලදී,පරීක්ෂා කළ විෂයේ(යන්) ඍජුව හෝ වක්‍රව නිර්‍රික්ෂණ අදාල වේ, උදා. විද්‍යාගාරයේදී හෝ ක්ෂේත්‍රයේදී, සමීක්ෂණයක හෝ සමීක්ෂණ කිහිපයක ක්‍රමවේද, ප්‍රථිඵල සහ නිගමනයන් ලේඛණගත කිරීමේදී, හෝ පෙර ප්‍රථිඵල වල අළුත් පරිවර්තනයන් පිරිනැමීමේදී. විශ්ලේෂණාත්මක කාර්යන් වලදී, සමහර නියමානුකූල අළුත්(උදාහරණ සඳහා) ගණිතමය ප්‍රථිඵල නිපදවන හෝ පවතින ගැටළුවට ප්‍රවිශ්ට වන අළුත් මාර්ගයක් මෙහි ඇත. සමහර විශයන් වලදී නියම ලෙස මේ ආකාරයේ සමීක්ෂණ හෝ විශ්ලේෂණ කරගෙන යන්නේ නැත, අපූර්වත්වය වනුයේ හදුනා ගැනීමේ පවතින විශේෂ ක්‍රමය වෙනස් වී ඇත හෝ පර්යේෂකයාගේ කාර්යයේ ප්‍රතිඑලය පදනම් කරගෙන නැවත අර්ථය පහදා දීමයි.

පර්යේෂණයේ අපූර්වත්වයේ ප්‍රමාණය රදා ඇත්තේ ප්‍රධාන වශයෙන් අධ්‍යාපනික ජර්නල්වල ප්‍රකාශයට පත්කිරීමට නියමිත ලිපි වල සහ තුල්‍ය විමර්ශණයේ ස්ථානගත කළ පසුවයි. උපාධිධාරී ශිෂ්‍යයන් සාමාන්‍යයෙන් නිබන්ධ වල කොටසක් ලෙස තාත්වික පර්යේෂණයක් කිරීම අත්‍යාවශ්‍ය වේ.

කලාත්මක පර්යේෂණ

කලාත්මක ඉගැන්වීමේ විවාදාත්මක නැම්ම බොහෝ සේ දැනුම පදනම් වීම අනෙකුත් නීතීන් සමඟ බලන කළ කලා අංශයේ මූලික ප්‍රශ්න ඇතිවීමේ ක්‍රමයක් ලෙස කලාත්මක පර්යේෂණ පිළිගැනීමට ලක්ව ඇත.කලාත්මක පර්යේෂණ වල එක් ලක්ෂණයක් වනුයේ පැරණි විද්‍යාත්මක ක්‍රමයන්ට ප්‍රතිවිරුද්ධව විෂයානුගත බව පිළිගත යුතු බවයි. එසෙයින්, එය භාවිතයේදී ගුණාත්මක පර්යේෂණ සහ අන්තර්විෂයානුගත බව මැනුම් යෙදීමේ සහ විවේචනාත්මක විශ්ලේෂණයේ උපකරණයක් ලෙස සමාජ විද්‍යාවට සමාන වේ.

ස්ටොක්හෝම්හී නර්තන සහ සර්කස් විශ්වවිද්‍යාලය (Dans och Cirkushögskolan, DOCH) විසින් කලාත්මක පර්යේෂණ නිර්වචනය කර අත්තේ මේ ආකාරයටය - "කලාත්මක පර්යේෂණ යනු අපගේ නීතීන් තුළ සහ නීතින් සඳහා දැනුම ලබා ගැනීමේ අරමුණෙන් විමර්ශනය සහ පරීක්ෂා කිරිමයි.එය පදනම් වනුයේ කලාත්මක පුහුණු කිරීම්, ක්රුම සහ විචාරාත්මක බව මතයි.ඉදිරිපත් කර ඇති ලේඛණ හරහා , ලබා ගත් තීක්ෂණ බුද්ධිය, සන්දර්භයට යොදවයි."කලාත්මක පර්යේෂණ අවධානය යොමු කරනුයේ දැනුම වර්ධනය කිරීම සහ කලාත්මක ඉදිරිපත් කිරීම් ඇසුරින් තේරුම් කිරීමටයි. කලාත්මක පර්යේෂණ වල වර්තමාන කේන්ද්රීrය ගැටළු සමීක්ෂණයට Giaco Schiesser බලන්න.

බොහෝ ලේඛකයන්, ඔවුන්ගේ කලාත්මක කාර්යයට උපකාරයක් ලෙස ප්‍රබන්ධ කථා හෝ ප්‍රබන්ධ කථා නොවන ඕනෑම ග්‍රන්ථයකට පර්යේෂණ කළ යුතුයි.පසුතල පර්යේෂණ වලට උදාහරණයක් ලෙස භූගෝලීය හෝ පටිපාටිගත පර්යේෂණ අඩංගු කල හැක.

මූලාශ්‍ර

Tags:

පර්යේෂණ යන්හි ස්වරූපපර්යේෂණ නිරුක්තියපර්යේෂණ නිර්වචනයන්පර්යේෂණ යක් දියත් කිරීමේ පියවරපර්යේෂණ විද්‍යාත්මක පර්යේෂණ ඓතිහාසික ක්‍රමයපර්යේෂණ ය කිරීමේ ක්‍රමපර්යේෂණ වෘත්තීයකරණයපර්යේෂණ ප්‍රකාශයට පත්කිරීමපර්යේෂණ අරමුදල්පර්යේෂණ තාත්වික පර්යේෂණ කලාත්මක පර්යේෂණ මූලාශ්‍රපර්යේෂණ වැඩිදුර කියවීම්පර්යේෂණ

🔥 Trending searches on Wiki සිංහල:

ගිනි කඳුෆ්ලොරන්ස් නයිටිංගේල්චෛත්‍යබක්බලශක්ති සංරක්‍ෂණයමී මැසි පාලනයවික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ වල් පැලැටිපොළොන්නරුව වටදාගෙයප්‍රෝටීන්කුමාරතුංග මුනිදාසදැල්පන්දුතෙරේසා මවුතුමියඉරානයඇසළ (ගස)ඇම්බැක්කේ දේවාලයමී ගසසිංහල ජනකවිවැදි භාෂාවනයිජීරියාවේ දේශපාලනයශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවලිංගික ඊර්ෂ්‍යාවශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාපතිවරුජෛව ගෝලයමුගලන් රහතන්වහන්සේඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යපගබ්සාවක්‍රි.ව.1818 පළමු නිදහස් සටනඅභයගිරි දාගැබශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරආපදා‍ කළමනාකරණයසතර අපායසිංහරාජ වනාන්තරයනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.රණතුංග කරුණානන්දමහාද්වීපආනන්ද කුමාරස්වාමිනව අරහාදී බුදුගුණකන්‍යා පටලයපිදුරුතලාගලනෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයපුවත්පත්අනගාරික ධර්මපාලස්ටීවන් හෝකිංඑස් පහ (5S) ක්‍රමයනාලන්දා විද්‍යාලය, කොළඹසීලජෝන් ලොගී බෙයාඩ්රුහුණු කතරගම දේවාලයඉන්දියාවපරිගණක දෘඩාංගදකුණු පළාත, ශ්‍රී ලංකාවකැහිබෙල්ලාභික්ෂු සාසනයශ්‍රී ලංකාවේ රබර් වගාවශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවඡනසංඛ්‍යා වර්ධනයමහියංගනය රජ මහා විහාරයශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයසිංහල අකාරාදි අනුපිලිවෙලරාජ්‍ය නොවන සංවිධානයාපහුවමානවම්ම රජශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුසමාජානුයෝජනයශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයබුද්ධි ගලනයමිහින්තලයශාන්ත ජුසේ වාස් තුමාශ්‍රී ලාංකීය සංස්කෘතියහජ්හිරුශ්‍රී ලංකාවේ කම්කරු නීතියබුධලාඕසය🡆 More