පංච නීවරණ

මුල් ත්‍රිපිටකය ලබා දෙන මූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවිවලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිළිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක් කරමු.බුද්ධ ධර්මය හැදෑරීමට විකිපීඩියාව භාවිත නොකරමු.ත්‍රිපිටක ධර්ම කරුණු නිර්මලව ම මතු පරපුරට උරුම කරමු!

පංච නීවරණ ත්‍රිපිටකය/බුදු දහම වෙනස් කළ නොහැක. පහසුවෙන් වෙනස් කළ හැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/කළ හැක.

බුද්ධ ධර්මයේ පංච නිවරණ ධර්ම යනු සාර්ථකත්වයට බාධා කරනු ලබන හා නිර්වාණයට මඟ අවුරණ ඍණාත්මක මානසික තත්ත්වයන්ය. මේ තත්ත්වයන් නම්,

  1. කාමච්ඡන්ද
  2. ව්‍යාපාද
  3. තීනමිද්ධ
  4. උද්ධච්ඡ කුක්කුච්ඡ
  5. විචිකිච්ඡා


පාලි ධර්ම ග්‍රන්ථවල සංයුක්ත නිකායේ මෙම පංච නීවරණ ධර්ම සමීපයෙන්ම නිර්වාණය ළඟා කර ගැනීමද උපකාරී වන සප්ත භොජ්ජංග දේශනා කර ඇත. උදා: ලෙස සංයුක්ත නිකායේ මෙලෙස සඳහන් කර ඇත.

“භික්ෂුණී මනස දූෂණය කරන හා ප්‍රඥාව ළඟා කර ගැනීමට බාධා පමුණුවන නීවරණයන් හෙව් බාධකයන් 5ක් පවතී.ඒවා නම් කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ,උද්ධච්ඡ කුක්කුච්ඡ, විචිකිච්ඡා වේ.එසේම භික්ෂුණි නිර්වාණය ළඟා කර ගැනීමට හේතු වන සාධක 7 ක් පවතී. මේවා මනස දූෂණය නොකරයි. බාධාකාරී නොවේ. මේවා දියුණු කළ විට සත්‍ය අවබෝධ කර ගැනීමට මාර්ගය පෙන්වනු ලබයි.එම හත නම්, සති, ධම්මවිජය, වීර්යය, ප්‍රීති, පස්සද්ධි, සමාධි හා උපේක්ඛා යන්නයි.”

සතිපට්ඨාන සූත්‍රයට අනුව ඉහත පංච නීවරණ ප්‍රහීණය කරමින් ධ්‍යාන වැඩීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කර ඇත. ‍

“මේ අන්දමට භික්ෂුව පංචනීවරණ ධර්මයන්හි නුවණින් බලමින් වාසය කරයි. ඔහු තමා තුළ කාමච්ඡන්දය ඇත්තේ යැයි තමා තුල ඇති කාමච්ඡන්දය දැනගනී. ඔහු තමා තුල කාමච්ඡන්දය නැත්තේ යැයි තමා තුල නැති කාමච්ඡන්දය දැනගනී. නූපන් කාමච්ඡන්දයන්ගේ ඉපදීමද උපන් කාමච්ඡන්දයන්ගේ ප්‍රහාණයද, ප්‍රහීන වූ කාමච්ඡන්දයන්හි නැවත නොඉපදීමද ඔහු දැන ගනී.”

ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ඡ කුක්කුච්ඡ, විචිකිච්ඡා යන නීවරණ සම්බන්ධයෙන්ද ඒ ආකාරයටම පසු ඡේදයන්හි සඳහන් කර ඇත.

කාමච්ඡන්ද

කාම වස්තු කෙරෙහි කැමැත්ත හෙවත් ආශාවයි. අභිජ්ඣා , කාමරාග යනු සමාන පදවේ.

ව්‍යාපාද

අසතුටුදායක, ප්‍රතිවිරුද්ධ අරමුණු ගැන ඇතිකරගන්නා වූ ගැටීමයි. අනෙක් අය පිළිබඳව ඇති ද්වේශ සහගත හැඟීම වියාපාද වේ.

ථීන මිද්ධ.

නීවරණ යටතේ එක් ධර්මයක් වශයෙන් ඉදිරිපත් කර තිබුනද ථීන හා මිද්ධ සැබැවින්ම දෙකකි . ථීන යන්නෙන් මානසික අකර්මණ්‍ය බවත් මිද්ධ යන්නෙන් කායික අකර්මණ්‍ය බවත් අදහස් කෙරේ. මානසික ඒකාග්‍රතාවක් නොමැති වීම හෙවත් අලසබව අදහස් වෙ.

උද්ධච්ඡ කුක්කුච්ඡ

සිතෙහි පවතින නොසන්සුන්බව, විසිරුණු ගතිය, සෙලවෙන ගතිය (උද්ධච්ච) නම් වෙයි. කළ-නොකළ වරද පිළිබඳව තැවෙන ස්වභාවය (කුක්කුච්ච) නම් වේ. මේවා අකුසල සිතුවිලි දෙකකි. නොසන්සුන් වූ සිත, සිරගෙයක දුක් විඳින්නකු ලෙස සාමඤ්ඤඵල සූත්‍රයෙහි දක්වා ඇත.

විචිකිච්ඡා

දිගට පවතින පදනම් විරහිත සැකය විචිකිච්ඡා නම් නීවරණයයි. මාර්ගය හා ප්‍රතිපදාව පිළිබඳ පවතින සැකය ප්‍රඥාවේ උදාවට බාධකයකි.

පංච නීවරණ පලවා හැරීමේ ක්‍රමයන් සහ මාර්ගයන්

නැති කිරීමේ ආකාරය සහමුලින් දුරු කිරීමේ මාර්ගය/
නිවනි මඟ
කාමච්ඡන්ද

රූප,ශබ්ද ආදී (පංචේන්ද්‍රිය)
ලොභනිය වස්තූන්, අනිත්‍ය,
දුක්ඛ, අසුභ, අනාත්ම වශයෙන්
මෙනෙහි කිරීම.

අනාගාමී හෝ අරහත් භාවය
ව්‍යාපාද මෛත්‍රිය මත පදනම් වීම. අනාගාමී
තීනමිද්ධ

වීර්යයෙහි අනුහස් මෙනෙහි
කිරීම. (උදා: ආලෝකය
මෙනෙහි කිරීම)

අරහත්
උද්ධච්ඡ කුක්කුච්ඡ නුවණින් මෙනෙහි කිරීම අනාගාමී සහ අරහත්
විචිකිච්ඡා යෝනිසෝ මනසිකරය සෝවාන්

බාහිර යොමු

Tags:

පංච නීවරණ කාමච්ඡන්දපංච නීවරණ ව්‍යාපාදපංච නීවරණ ථීන මිද්ධ.පංච නීවරණ උද්ධච්ඡ කුක්කුච්ඡපංච නීවරණ විචිකිච්ඡාපංච නීවරණ පලවා හැරීමේ ක්‍රමයන් සහ මාර්ගයන්පංච නීවරණ බාහිර යොමුපංච නීවරණ

🔥 Trending searches on Wiki සිංහල:

මොණරවිල කැප්පෙටිපොළදුන්හිඳ ඇල්ලස්වයං වින්දනයචලිතය පිළිබඳ නිව්ටන් නියමනීතියදළ දේශීය නිෂ්පාදනයඋපායශීලී සැලසුම්කරණයපසළොස්වක පොහොය දොළහකොහොඹඋගුඩුවාවේදිකා නාට්‍යආදරයසිදත් සඟරාවසමනලයාඇන්තූරියම්ශ්‍රී ලංකා ජාතික සහ ආගමික උත්සවමිශ්‍ර සිංහල හෝඩියජාතිකත්වයක්ලියෝපැට්රාබයිබලයසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුසමාජයකැලණිය රජ මහා විහාරයශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියහජ්සිංහබාහුතෝමස් අල්වා එඩිසන්කිරි වෙහෙර, කතරගමචාමර වීරසිංහලිංගික සංසර්ගික ඉරියව්බුදුගුණ අලංකාරයභාෂාවේ සම්භවයයෝගශ්‍රී ලංකාවේ ස්වභාවික විපත්ප්‍රංශ විප්ලවයබෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයසියඹලාස්වභාවික වෘක්‍ෂලතාජලයශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමපණ්ඩුකාභය රජපින්නවල අලි අනාථාගාරයනාගදීප පුරාණ විහාරයඉස්ලාම් - යුතුක‍ම් හා චාරිත්‍ර - නීතිසිංහල සාහිත්‍යයක්‍ෂය රෝගයකුරුදුභෛරවී රාගයකඩොලාන පරිසර පද්ධතියකැලණියකෙසෙල්සිංහල ජනකවිපාස්කුවවිකිමීඩියා පදනමනාගරීකරණයගබ්සාවමහාවංශයකොරියානු භාෂාවසෞඛ්‍යයව්‍යාපාරවලිසිංහ හරිශ්චන්ද්‍රශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කදර්ශනයමුල් පිටුවශ්‍රී ලංකාවනියුමෝනියාවසුද්ධෝදන රජශ්‍රී ලංකාවේ නර්තනයන්කළු වදුරාඔක්සිජන්හෘදයාබාධයදළදා වහන්සේසිද්ධාර්ථ කුමරුනාලන්දා විශ්වවිද්‍යාලයස්වස්ථතාවලෝකයේ ආගම් සහ අධ්‍යාත්මික සම්ප්‍රදායන්කුණකටුවාශ්‍රී ලංකාවේ ගමනාගමනය🡆 More