නෝ මෑන්ස් ස්කයි

No Man's Sky යනු Hello Games විසින් සංවර්ධනය කර ප්‍රකාශයට පත් කරන ලද ක්‍රියාදාම-ත්‍රාසජනක පැවැත්මේ ක්‍රීඩාවකි .

එය ලොව පුරා PlayStation 4 සහ Microsoft Windows සඳහා 2016 අගෝස්තු මාසයේදීත්, Xbox One සඳහා 2018 ජූලි මාසයේදීත්, PlayStation 5 සහ Xbox Series X සහ Series S කොන්සෝල සඳහා 2020 නොවැම්බර් මාසයේදීත්, Nintendo Switch සඳහා 2022 ඔක්තෝබර් මාසයේදීත්, macOS සහ iPadOS සඳහා තවමත් සංවර්ධනය වෙමින් පවතී. මෙම පරිගනක ක්‍රීඩාව කුළුණු පහක් වටා ගොඩනගා ඇත: ගවේෂණය, නොනැසි ජිවත් වීම, සටන් කිරිම, වෙළඳාම් කිරිම සහ මූලස්ථානය ගොඩනැගීමය. ක්වින්ටිලියන 18කට අධික ග්‍රහලෝක ඇතුළත් විවෘත විශ්වයක් තුළ ක්‍රීඩකයන්ට ක්‍රියා කිරීමට නිදහස තිබේන අතර ක්‍රීඩාවේ ග්‍රහලෝකවලට ඔවුන්ගේම ශාක හා සත්ව විශේෂ සහිත ආවේණික පරිසර පද්ධති ඇති අතර ග්‍රහලෝක පද්ධති තුළ සිටින විවිධ පිටසක්වල ජීවීන් සමග ක්‍රීඩකයාට සටන් කිරීමට හෝ වෙළඳාම් කිරිමට හැකියව ඇත. ක්‍රීඩකයින් ක්‍රීඩාවේ ඉදිරියට යන්නේ ඔවුන්ගේ උපකරණ බල ගැන්වීමට අවශ්‍ය සම්පත් කැණීම මගින්, හා ශාක හා සත්ත්ව විශේෂ ලේඛනගත කිරීම මගින් උපයාගත් මුදල් භාවිතා කරමින් සම්පත් මිලදී ගැනීම මගින්, හා ග්‍රහලෝක කඳවුරු ගොඩනැගීම සහ අභ්‍යවකාශ යාත්‍රා පුළුල් කිරීම මගින් සහ ඇට්ලස් ලෙස හඳුන්වන ආයතනය වටා ඇති අභිරහස සෙවීමෙනි.

Hello Games හි නිර්මාතෘ Sean Murray අවශ්‍ය වී තිබුණේ 1970 සහ 1980 ගණන්වල විද්‍යා ප්‍රබන්ධ කලාවේ ශුභවාදී හැඟීම ග්‍රහණය කර ගන්නා ක්‍රීඩාවක් නිර්මාණය කිරීමටයි. Sony Interactive Entertainment හි ප්‍රවර්ධන සහ ප්‍රකාශන සහාය ඇතිව Hello Games හි කුඩා කණ්ඩායමක් විසින් වසර තුනක් පුරා මෙම ක්‍රීඩාව සංවර්ධනය කරන ලදී. මෙම ක්‍රීඩාව කුඩා කණ්ඩායමක් සඳහා අභිලාෂකාමී ව්‍යාපෘතියක් ලෙස සලකනු ලැබූ අතර Murray සහ Hello Games එය මුදා හැරීම මගින් සැලකිය යුතු අවධානයක් දිනා ගත්හ.

No Man's Sky හට එහි 2016 දියත් කිරීමේ දී මිශ්‍ර සමාලෝචන ලැබුණි, සමහර විචාරකයින් ක්‍රියා පටිපාටිමය වශයෙන් ජනනය කරන ලද විශ්වයේ තාක්ෂණික ජයග්‍රහණ ප්‍රශංසා කළ අතර තවත් සමහරු ක්‍රීඩාව දුර්වල සහ පුනරාවර්තන යැයි සැලකූහ. කෙසේ වෙතත්, බහු ක්‍රීඩක හැකියාවන් වැනි විශේෂාංග කිහිපයක් ක්‍රීඩාවේ නොමැතිකම නිසා තීරනාත්මක ප්‍රතිචාර වාර්තා වී ඇති . දියත් කිරීමෙන් පසු මාස කිහිපය තුළ Hello Games හි සන්නිවේදනයේ ඌනතාවය හේතුවෙන් ක්‍රීඩාව තවදුරටත් විවේචනයට ලක් විය, එහි සමහර ක්‍රීඩකයන්ගෙන් ප්‍රතිරොදි ප්‍රතික්‍රියාවක් නිර්මාණය විය. ක්‍රීඩාව වටා ඇති උද්දීපනය සහ දියත් කිරීමේදී බලාපොරොත්තු වූවාට වඩා විශාල ක්‍රීඩකයින් සංඛ්‍යාව පාලනය කිරීමට Hello Games අපොහොසත් වූ බවත්, ක්‍රීඩාවට යාවත්කාලීන කිරීම් නිකුත් කිරීමට ආසන්න වන තෙක් නිහඬව සිටීමේ ප්‍රවේශයක් ගත් බවත් Murray පසුව ප්‍රකාශ කළේය. නෝ මෑන්ස් ස්කයි සඳහා ප්‍රවර්ධනය සහ අලෙවිකරණය විවාදයට තුඩු දුන් අතර වීඩියෝ ක්‍රීඩා අලෙවිකරණයේදී වළක්වා ගත යුතු දේ පිළිබඳ උදාහරණයක් ලෙස දක්වා ඇත.

Tags:

මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්මැක් ඕඑස් එක්ස්සත්ත්‍ව සංහතිය

🔥 Trending searches on Wiki සිංහල:

අ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාදකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානයගඩලාදෙණිය විහාරයජැක්සන් ඇන්තනීඅධිකරණයශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියආරුමුග නාවලර්මී මැසි පාලනයපාෂාණශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවජලයශ්‍රි ලංකාවේ සාක්ෂරතාවසූනන් ඇඟ වැටීමේ ඵලාඵලරැකියා ආතතියකොළඹමානව විද්‍යාවබයිබලයකජුඅවුකන බුදු පිළිමයමොහන්දාස් කරම්චන්ද් ගාන්ධිමානසික ‍අක්‍රමතාරුහුණු කතරගම පුදබිමේ සිංහල දෙවියන්සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ස්වර්ණවාහිනීජල චක්‍රයශ්‍රී මහා බෝධිය, අනුරාධපුරඅනුරාධපුර පෞරාණික නගරයවල්ගාතරුවවෙසක් උත්සවයශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේභගමණියවිටමින් Eකතරගමනිල් මානෙල්හලාවතත්‍රිලක්‍ෂණසීගිරි බිතු සිතුවම්සිංහල සන්ධිකන්‍යා පටලයගෙන්දගම්කරපිංචාලිංගික ඊර්ෂ්‍යාවජී‍.බී. සේනානායකපංච කල්‍යාණත්‍රිපිටකයකරණිය මෙත්ත සුත්‍රයපන්සියපනස් ජාතක පොතලෝක පුදුමකාංසා අක්‍රමතාවයසූත්‍ර පිටකයහෝමෝ හැබිලිස්සිංහල ටීකා සීපදපරිගණක දෘඩාංගකෘත්‍රීම බුද්ධියනේටෝකමතස්ත්‍රීවාදයදඬුලේනාඅපරාධ නීතියබුද්ධඝෝෂ හිමිජනමාධ්‍යයතුර්කියසීනිවෛරස් පිළිබඳ හැඳින්වීමක්කැහිබෙල්ලා2004 සුනාමියකුප්පමේනියකැළණිය විශ්වවිද්‍යාලයපේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයපර්යේෂණමහියංගනයරජරටහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්සෙම්ප්‍රතිශ්‍යාවනව අරහාදී බුදුගුණඋසස් පෙළ දේශපාලන විද්‍යාව‍‍සේවක විනයරාමායණය🡆 More