නාලන්දා විද්‍යාලය, කොළඹ

නාලන්දා විද්‍යාලය, (ඉංග්‍රීසි: Nalanda College, Colombo) ශ්‍රී ලංකා‍‍වේ කොළඹහි පිහිටා ඇති අධ්‍යාපන අමාත්‍යංශය යටතේ මෙහෙයවනු ලබන රාජ්‍ය පාසලකි.

ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම බෞද්ධ පාසලක්‌ වන අතර විශිෂ්ඨම පාසල් අතරින් එකකි.

නාලන්දා විද්‍යාලය, කොළඹ
Nalanda College, Colombo
නාලන්දා විද්‍යාලය, කොළඹ
Location

තොරතුරු
වර්ගයරාජ්‍ය පාසලකි
ආදර්ශ පාඨය"අපදාන ශෝභිනී පඤ්ඤා"
ප්‍රඥාවෙන් චරිතය උපනැංවේ
ආරම්භ කලේ1924 නොවැම්බර් 01 වනදා
ආදිකර්තෘපැට්‍රික් ද සිල්වා කුලරත්න
විදුහල්පතිඉරාන් චම්පික ද සිල්වා
ශ්‍රේණිශ්‍රේණිය 1 - 13
බාලක/බාලිකාපිරිමි
Enrollment5000
වර්ණ(ය)ලෝහිත(maroon ) හා රිදී (silver)         
ආදී ශිෂ්‍යආදී නාලන්දියන්
වෙබ් අඩවියwww.nalanda.sch.lk

අතීතය

නාලන්දා විද්‍යාලය, කොළඹ 
කොළඹ නාලන්දා විද්‍යාලයයේ ප්‍රධාන දොරටුව

නාලන්දා විද්‍යාලය පී.ද.ඒස්. කුලරත්න විසින් ආනන්ද විද්‍යාලයේ ශාඛාවක් ලෙස ක්‍රි.ව. 1925 නොවැම්බර් මස 1 වන දින පිහිටුවන ලදී. ආනන්ද විද්‍යාලය ලෙසම මෙම විද්‍යාලයද පරමවිඥානාර්ථවාදී අමෙරිකානු‍ ජාතික කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් විසින් මෙහෙයවනු ලැබූ පරමවිඥාණාර්ථ සංගමයේ සහය ඇතිව ආරම්භකරන ලදී.

ආනන්ද විදුහලේ කොටසක් ලෙස

නාලන්දා විද්‍යාලය, කොළඹ 
කොළඹ නාලන්දා විද්‍යාලයයේ පැරණිතම ගොඞනැගිලි

නාලන්දා විද්‍යාලයේ ආරම්භය මූලික හේතුව වූයේ කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුලත් වීමට තිබූ අධික ඉල්ලුමට විකල්ප විසඳුමක් ලබාදීමවේ. එවකට විදුහල්පති පී.ද.ඒස්. කුලරත්න මැතිදා ආනන්ද විද්‍යාලයට යාබඳ කැම්බල් පෙදෙස ක්‍රීඩා පිටිය බද්දට ගෙන එහි උණ ලීයෙන් හා පොල් අතු සෙවිලිකල පංති කාමර තනා අමතර සිසුන් ඇතුලත් කරගන්නා ලදී.

වෙනම පාසලක් වීම

නාලන්දා විද්‍යාලය, කොළඹ 
කොළඹ නාලන්දා විද්‍යාලයයේ තක්ෂිලා මැදුර

අනතුරුව කොළඹ ආනන්ද විද්‍යාලයේ 39 වන සංවසර වන 1925 නොවැම්බර් පළමුදා පී.ද.ඒස්. කුලරත්න විසින් නාලන්දා විද්‍යාලය වෙනම පාසලක් ලෙස ආණ්ඩුවේ ලියා පදිංචි කරන ලදී. විසිවන ශතවර්ෂයේ ශ්‍රි ලංකාවේ ථෙරවාදී බුදුදහමේ විශිෂ්ට චරිතයක් වන බලංගොඩ ආනන්ද ‍මෛත්‍රී හිමිපානන් මෙම නවතම පාසැලට නාලන්දා යන නම තැබූ අතර එහි උපදේශ වාක්‍යය අපදාන ශෝභිනී පඤ්ඤා හෙවත් “ප්‍රඥාවෙන් චරිතය උපනැංවේ“ යන්න තෝරාගන්නා ලදී. එල්.එච්.මෙත්තානන්ද ආරම්භක විදුහල්පති වරයා වශයෙන් පත් කරන ලදී.

තවද පී.ද.ඒස්. කුලරත්න මැතිදා ආනන්ද විද්‍යාලයෙන් තෝරාගත් හොඳම සිසුන් 330 නාලන්දා විද්‍යාලයේ ප්‍රාථමික හා උසස් පෙළ සිසුන් ලෙස ඇතුලත් කරගන්නා ලදී.

නව ගොඩනැගිලි

නාලන්දා විද්‍යාලය, කොළඹ 
කොළඹ නාලන්දා විද්‍යාලයයේ භාෂා විද්‍යාගාරය
නාලන්දා විද්‍යාලය, කොළඹ 
කොළඹ නාලන්දා විද්‍යාලයයේ පිහිනුම් තටාකය

අනතුරුව 1926 දී මහාචාර්ය ගුණපාල මලලසේකර මෑතිතුමා විදුහල්පති වීමෙන් පසු අනගාරික ධර්මපාල තුමාගේ සහයෝගයෙන් පංති කාමර ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක් තනන ලදී. නාලන්දාවේ 1926 හිටපු විදුහල්පති මහාචාර්ය ගුණපාල මලලසේකර මෑතිතුමා සිහිවනු වස් නාලන්දා විද්‍යාලයයේ ශිෂ්‍ය රැස්වීම් ශාලාව මලලසේකර රඟහල නමින් නම් කරන ලදී.

නාලන්දා විද්‍යාලය, කොළඹ 
කොළඹ නාලන්දා විද්‍යාලයයේ මලලසේකර රඟහල

නාලන්ද සිසුන්ගේ විශේෂ දක්‍ෂතා

අධ්‍යාපනය

නාලන්දාවෙ සිංහල බස ප්‍රධාන භාෂාව වන අතර හය වසරේ සිට නාලන්දා සිසු දරුවනට ඉංග්‍රීසි බසින් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාවද ඇත. සෑම වසරකම නාලන්දා ශිෂ්‍යයන් අ:පො:ස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ඉතා උසස් අන්දමින් සමත් වන්නාහුය.

විදෙස් ජයග්‍රහණ

නාලන්දාවෙන් සිප් සතර හැදෑරූ සිසුන් බොහොමයක් අද ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු මහත් ලොවටම මහඟු සේවයක් කරති. සමහරුන් ඉගෙනීමට පමණක් නොව ක්‍රීඩාවටද දක්ෂයෝය. නාලන්දා සිසුවෝ වසර 2011 දී ඇමරිකානු පරිගණක ආයතන ඔරැකල් තින්ක්ක්වෙස්ට් මගින් පවත්වනු ලැබූ ජ්‍යාත්‍යන්තර පරිගණක වැඩසටහන් නිර්මාණය කිරීමේ තරගයෙන් ලොව පළමු තැන හිමිකරගත්හ. වසර 2014 දී නාලන්දා සිසුවකු නැනෝ තාක්ෂණය යොදා ගෙන පියයුරු පිළිකා රෝගීන්ගේ ලියුකේමියා සෛල විනාශ කිරීමේ තාක්ෂණය තුළින් ප්‍රතිකර්මයක් සොයාගෙන ශ්‍රී ලංකා විද්‍යා හා ඉංජිනේරු සැණකෙළියේ දී පළමුවන ස්ථානය දිනා ඇමරිකානු ලෝස් ඇන්ජලිස් ඉන්ටෙල් අන්තර්ජාතික විද්‍යා හා තාක්ෂණ සැණකෙළිය නියෝජනය කරන්නට වරම් ලබා ලංකාවට අතිමහත් කීර්තියක් ගෙනදුන්නේය. වසර 2017 දී නාලන්දා සිසුවකු ජර්මනියේ ස්ටුට්ගාඩ් නුවරදී පැවැති ලෝක තරුණ විද්‍යාඥයන්ගේ සමුළුවේදී රුසියාව, ප්‍රංශය, ජර්මනිය ආදී ප්‍රබල රටවල් 40ක තරගකරුවන් 300ක් අතරින් රිදී පදක්කම දිනාගෙන ලෝකයේ දෙවන ලාබාලතම විද්‍යාඥයා වි ඇත.

සමිති හා සංගම්

  • නාට්‍ය හා චිත්‍ර පට කවය
  • තාරකා විද්‍යා සංගමය
  • දැණුම මිනුම සංගමය
  • අහස් යාත්‍රා සංගමය
  • ධීර සමාජය
  • පුරාවිද්‍යා සංගමය
  • බෞද්ධ සංගමය
  • තොරතුරු මාධ්‍ය ඒකකය
  • පරිගණක සංගමය
  • වාණිජ සංගමය
  • ඉංග්‍රීසි විවාධ සංගමය
  • නාවික ඉංජිනේරු සංගමය

  • ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය
  • ඉංග්‍රීසි නාට්‍ය සංගමය
  • පරිසර සංගමය
  • ඉන්ටරැක්ට් සමාජය
  • ලිඕ සමාජය
  • ශිෂ්‍ය නායක සංගමය
  • ඡායාරූප හා කලා සංගමය
  • රොකට් ලොන්ච්සංගමය
  • ප්‍රෙහේලිකා සංගමය
  • මාර්ග ආරක්ෂක සංගමය

  • විද්‍යා සංගමය
  • ශේක්ෂ්පියර් නාට්‍ය සංගමය
  • සමාජ සේවා සංගමය
  • සිංහල කථික හා කලා සංගමය
  • සිංහල වාද හා විවාද සංගමය
  • සෞඛ්‍යදාන ඒකකය
  • එක්සත් ජාතීන්ගේ සංගමය
  • බටහිර තූර්ය වාදක සංගමය
  • වනජීවී හා පරිසර සුරැකීමෙ සංගමය

අතීත කාර්යමණ්ඩලය

හිටපු විදුහල්පතිවරු

නම සිට දක්වා
එල්.එච්.මෙත්තානන්ද
1925
1926
මහාචාර්ය ගුණපාල මලලසේකර
1926
1927
ජී.කේ.ඩබ්ලිව්.පෙරේරා
1927
1928
ජේ.එන්.ජිනේන්ද්‍රදාස
1928
1946
ඩී.සී.ලෝරිස්
1947
1952
එම් ද එස්.ජයරත්න
1953
1955
එම්.ඩබ්ලිව්.කරුණාරත්න
1956
1962
කේ.එම්.ඩබ්ලිව්.කුරුප්පු
1962
1963
ඩී.ජේ.එදිරිසිංහ
1963
1964
ගුණපාල වික්‍රමරත්න
1964
1969
සුගුනදාස අතුකෝරාල
1969
1982
ධර්මා ගුණසිංහ
1982
1990
ඩී.ජී.සුමනසේකර
1990
1994
එඩ්වඩ් රණසිංහ
1994
1999
හේමන්ත ප්‍රේමතිලක
1999
2010
රන්ජිත් ජයසුන්දර
2010
2017
තිලක්‌ වත්තුහේවා
2017
2023
ඉරාන් චම්පික ද සිල්වා
2023
අද දින

කීර්තිමත් ගුරුවරු

  • හීනටියන ධම්මාලෝක මහානාහිමි - විසිවන ශතවර්ෂයේ ශ්‍රිලංකාවේ ථෙරවාදී බුදුදහමේ විශිෂ්ඨ චරිතයකි
  • මහාචාර්ය පරවාහැර වජිරඥාන හිමි - විසිවන ශතවර්ෂයේ ශ්‍රිලංකාවේ ථෙරවාදී බුදුදහමේ විශිෂ්ඨ චරිතයකි
  • පියසේන රතුවිතාන - කීර්තිමත් ජ්‍යොතීර්වේදී,ප්‍රවීණ වාස්තු විද්‍යාඥ , කාව්‍ය රචක,ලේඛක , පත්‍ර කලාවේදී හා පරිපාලක
  • ලයනල් අල්ගම - ප්‍රවීන සංගීතඥ
  • ඔරුවල බන්දු - ප‍්‍රවීන ලේඛක
  • සිරි පෙරේරා (යූ. ඒ. එස්‌. පෙරේරා / සිරි අය්යා) - ප්‍රසිද්ධ ගුවන් විදුලි ළමා පිටිය වැඞසටහන් නිවේදක, හිටපු ගරු ශ්‍රී ලංකා තානාපති ඉන්දියාව

ආදි නාලන්දියයන්

කොළඹ නාලන්දා විද්‍යාලයේ පෙර ඉගෙනුම ලැබූ සිසුන් '"ආදි නාලන්දියයන්"නම්වේ. කීර්තිමත් සම්භාවනීය ආදි නාලන්දියයන් රැසක් අතුරින් කිහිප දෙනෙක් නම්:

ක්‍රීඩා

  • මලල ක්‍රීඩා
  • දුනු විදීමේ ක්‍රීඩා
  • බැඩ්මින්ටන්
  • බේස් බෝල්
  • බාස්කට් බෝල්

  • ශිෂ්‍ය භට
  • ශිෂ්‍ය භට තූර්ය වාදක
  • ක්‍රිකට්
  • චෙස්
  • ජිම්නාස්ටික්

  • හොකී
  • සටන් කළාව - කරාතේ, වූෂූ, ජුඩො
  • රගර්
  • ඉලක්කයට වෙඩි තැබීම
  • පාපන්දු

  • ස්කොෂ්
  • පිහිනුම්
  • ටෙනිස්
  • අත්පන්දු
  • ජලාශ්‍රිත ක්‍රීඩා(ඔරු පැදීම,ජල පෝලෝ)

  • කායවර්ධන ක්‍රීඩා,බර එසවීම
  • බොක්සිං

හර්මන් ලෝස්

හර්මන් ලෝස් අභියෝගතා කුසලානය දිනාගත් වර්ෂ

  • 1926 - ලුතිනන් වී.අයි.පෙරේරා
  • 1928 - ලුතිනන් වී.අයි.පෙරේරා
  • 1929 - ලුතිනන් වී.අයි.පෙරේරා
  • 1930 - ලුතිනන් වී.අයි.පෙරේරා
  • 1931 - ලුතිනන් වී.අයි.පෙරේරා
  • 1932 - ලුතිනන් වී.අයි.පෙරේරා
  • 1933 - ලුතිනන් වී.අයි.පෙරේරා
  • 1935 - ලුතිනන් වී.අයි.පෙරේරා
  • 1939 - උප ලුතිනන් ටී.ඇන්.මුණසිංහ
  • 1940 - උප ලුතිනන් ටී.ඇන්.මුණසිංහ
  • 1977 - ලුතිනන් ඒ.එම්.ඩබ්.ධනංජය
  • 1978 - ලුතිනන් ඒ.එම්.ඩ්බ්.ධනංජය
  • 2013 - ලුතිනන් එල්.එම්.ඇන්.විජේසේකර
  • 2016 - කපිතාන් එල්.එම්.ඇන්.විජේසේකර

ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගය

(ඉංග්‍රීසි: Ananda-Nalanda cricket match)

කොළඹ ආනන්ද විද්‍යාලය හා කොළඹ නාලන්දා විද්‍යාලය අතර පවත්වන වාර්ශික ක්‍රිකට් ක්‍රීඩා තගරය ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගයයි. ප්‍රතම වතාවට මෙය 1924 දී පවත්වන ලදී.

  • මේ දක්වා ආනන්ද විද්‍යාලය හා නාලන්දා විද්‍යාලය ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිලට දායාද කල ක්‍රිකට් ක්‍රීඩකයින් 30 දෙනෙකි.
  • ශ්‍රී ලංකා ප්‍රතම ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්නපුර ආදි නාලන්දියකි.
  • ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ආදි නාලන්දියකි.
  • ලංකාවට ප්‍රතම ලෝක කුසලානය 1996 ගෙනදුන් ක්‍රිකට් කන්ඩායමහි නායකයා වූයේ ආදි ආනන්දීය අර්ජුන රණතුංගයි.
  • ලෝකයේ ප්‍රතමයෙන්ම ගුවන් විදුලියෙන් සිංහල බසින් ක්‍රිකට් ක්‍රීඩා විචාරයක් පැවැත්වූයේද ආදි නාලන්දයීය කරුණාරත්න අබේසේකර මහතායි.
  • ආදි නාලන්දිය හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක රොෂාන් මහානාම අද ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල එලය්ට් පැනල් විනිසුරුවරයෙකි.
  • ආදි නාලන්දිය හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක කුමාර ධර්මසේන ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල විනිසුරුවරයෙකි.
  • ශ්‍රී ලංකාවට ජ්‍යාත්‍යන්තර ටෙස්ට් හා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරඟ වලින් එකම හා ප්‍රතම ලකුණු දස දහස රැස් කලේද ආදි නාලන්දිය මහේල ජයවර්ධනය.

නාලන්ද - ත්‍රිත්ව ක්‍රිකට් තරගය

(ඉංග්‍රීසි: Mahela-Sanga Challenge Trophy)

කොළඹ නාලන්දා විද්‍යාලය හා මහ­නු­වර ත්‍රිත්ව විද්‍යාලය අතර පවත්වන වාර්ශික ක්‍රිකට් ක්‍රීඩා තගරය මහේල සංගා කුසලානය වෙනුවෙන් පවත්වනු ලබයි.

වාර්ශික උත්සව

නාලන්දා කීර්තී ශ්‍රී සම්මානය

(ඉංග්‍රීසි: Nalanda Keerthi Sri)

ඒ ඒ රැකියාවෙහි විශේෂඥ වූ කීර්තිමත් ආදි නාලන්දියයන් ශ්‍රී ලංකාව ඇතුලු මුළු මහත් ලොවට කරන්නාවු මහඟු සේවයට ප්‍රසංසාත්මක පිළිගැනීමක් වශයෙන් නාලන්දා විදුහල පුදන ගෞරව සම්මානය නාලන්දා කීර්තී ශ්‍රී සම්මානය ගෞරව සම්මානය නමින් හැඳින්වේ.

ෆියුචර් මයින්ඩ්ස් අධ්‍යාපනික ප්‍රදර්ශනය

(ඉංග්‍රීසි: FUTURE MINDS)

කොළඹ නාලන්දා විද්‍යාලයයේ කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය විසින් වාර්ෂිකව පවත්වනු ලබන, ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ලත් අධ්‍යානික සංදර්ශනය ෆියුචර් මයින්ඩ්ස් නමින් හැදින් වේ.

නාලන්දා පාගමන

(ඉංග්‍රීසි: Nalanda Walk)

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදී නාලන්දීය ක්‍රීඩා සංගමය මගින් නාලන්ද කනිෂ්ඨ ආදී ශිෂ්‍ය සංගමය හා අනිත් සියලු ආදී ශිෂ්‍ය සංගම් වල සහභාගිත්වයෙන් සංවිධානය කරනු ලබන වාර්ශෂික උත්සවයකි. මෙමගින් ලැබෙන සියලු ආදායම පාසලේ ඉදිරි ක්‍රීඩා කටයුතු ඉහල නැංවීම සඳහා යොදවනු ඇත.

නාලන්දා සෑය

2600 සම්බුද්ධත්ව ජයන්තියේ වෙහෙර විහාර දහසේ ව්‍යාපෘති වෙනුවෙන් කොළඹ නාලන්දා විද්‍යාලයේ සිසු දරුවන් විසින් තනන ලද විහාරස්ථානයයි. නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට මායිම්ව සේරුවිල හා මැදවච්චියට මායිම්වයි පිහිටා තිබෙන පදවිය දලුක්ගල නමැති ගම්මානයේ මෙම විහාරස්ථානය තනවා ප්‍රදේශයේ බෞද්ධ ගම්වැසියනට 2011 හි ජූනි මාස පූජා කරන ලදී.

නාලන්දා ගුරු ප්‍රණාම පිං බිම

කොළඹ නාලන්දා විද්‍යාලයයේ බෞද්ධ සංගමය මගින් නාලන්දාවේ ගුරුවරුන්ට විශ්‍රාම යෑමෙන් පසු නවාතැන් ගැනිම සදහා කඩුවෙල ඉහළ බෝමිරියේ තනනු ලබන ගුරු උපහාර ගම්මානය මෙනමින් හදුන්වනු ලැබේ.

වැඩිදුර කියවීම්

බාහිර සබැඳුම්

Tags:

නාලන්දා විද්‍යාලය, කොළඹ අතීතයනාලන්දා විද්‍යාලය, කොළඹ නාලන්ද සිසුන්ගේ විශේෂ දක්‍ෂතානාලන්දා විද්‍යාලය, කොළඹ සමිති හා සංගම්නාලන්දා විද්‍යාලය, කොළඹ අතීත කාර්යමණ්ඩලයනාලන්දා විද්‍යාලය, කොළඹ ආදි නාලන්දියයන්නාලන්දා විද්‍යාලය, කොළඹ ක්‍රීඩානාලන්දා විද්‍යාලය, කොළඹ වාර්ශික උත්සවනාලන්දා විද්‍යාලය, කොළඹ නාලන්දා සෑයනාලන්දා විද්‍යාලය, කොළඹ නාලන්දා ගුරු ප්‍රණාම පිං බිමනාලන්දා විද්‍යාලය, කොළඹ වැඩිදුර කියවීම්නාලන්දා විද්‍යාලය, කොළඹ බාහිර සබැඳුම්නාලන්දා විද්‍යාලය, කොළඹඉංග්‍රීසි භාෂාවකොළඹශ්‍රී ලංකාව

🔥 Trending searches on Wiki සිංහල:

ග්‍රහලෝකසංවර්ධිත රටවල්ආර්ය අෂ්ඨාංගික මාර්ගයශ්‍රී ලංකාවේ වල් පැලැටිසීෂෙල්ස්මාධ්‍ය නිදහසශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසැල් ලැයිස්තුවවැදි සාහිත්‍යයඅංගම්පොරසිංහබාහු රජහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුබුද්ධ ප්‍රතිමාරුවන්වැලිසෑයශ්‍රී ලංකාවේ නර්තනයන්භාෂාවඉරානයනීතියජපානයසිංහල ප්‍රස්ථාව පිරුළුඕලු මල්සිංහබාහුකොහාඉත්තෑවාක්‍ෂුද්‍ර ජීවීන්මොණරවිල කැප්පෙටිපොළසොලොස්මස්ථානහෘදයාබාධයඋඩුනුවර ලංකාතිලක විහාරයපලිබෝධනාශකනේටෝකළු වදුරාමහගම සේකරචෙස්අක්මාවමුල්ලේරියා සංග්‍රාමයසතර අගතිත්‍රිපිටකයපොල්විවාහ නීතිය - ශ්‍රී ලංකාජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලසජිත් ප්‍රේමදාසසොකරි නාටකයසමනල කන්දශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයඅටසිල්නිදිකුම්බාමානව සැකිලි පද්ධතියශ්‍රී ලංකාවේ ස්වභාවික විපත්දීඝ නිකායලෝකයේ රටවල්අධ්‍යාපනයබෞද්ධ කොඩියකාලී දෙවඟනයශෝදරාපේශ කර්මාන්තයකුඹුක්පියදාස සිරිසේනශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවඋපසර්ගඅපරාධ නීතියහින්නෝන්මාදයපියයුරු සංසර්ගයවිධායක ඡනාධිපතිශ්‍රී වික්‍රම රාජසිංහ රජඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝබයිබලයසුසන්තිකා ජයසිංහශ්‍රී ලංකාවේ ආදි වාසීන්කෝට්ටේ යුගයශ්‍රී ලංකාවේ සංස්කෘතියසුරාබදු ආඥා පනතමුල් පිටුවඅශෝක අධිරාජයාරුසියාවකාර්මික විප්ලවය🡆 More