නාය යෑම යනු විශාල ප්‍රදේශයක පොළොව සෙලවීමේ භූගෝලීය සංසිද්ධියයි.
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. මූලාශ්‍ර සෙවීම: "නායයෑම්" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR |
එයින් ගිලාබැසීම ,ගල් වැටීම, සහ කඳු කොටස් ගැලවීයාම සිදුවිය හැක.මෙය බොහෝදුරට කඳුකර ප්‍රදේශවල සහ වෙරළ ආශ්‍රිතව සිදුවිය හැකිය. මෙම ක්‍රියාවලියට ප්‍රධාන ලෙස බලපාන්නේ ගුරුත්වාකර්ෂණයයි. එසේ වුවත් නායයෑම් වලට බලපාන තවත් සාධක රාශියක් ඇත.දැන් බොහෝමයක් නායයෑම් ඇතිවන්නේ මිනිස් ක්‍රියාකාරකම්වල බලපෑමෙන්ය. නාය යෑම භූමි කොටසේ ස්ථායිතාව මත රදා පවතී ,මෙම ස්ථායි -අස්ථායිතාවයට මිනිසාගේ ක්‍රියා සහ තවත් සාධක බලපායි
මිනිසාට හානි කරන උපද්‍රව අතරින් නායයෑම් ප්‍රධාන තැනක් ගනී. පසුගිය දශක දෙකක කාලය තුළ ශ්‍රී ලංකාවේ අති ප්‍රබල මට්ටමේ නායයෑම් කිහිපයක් ම සිදුවිය.මහාමාර්ග,දුම්රිය,රෝහල්,පාසල් ඇතුළු යටිතල පහසුකම් රැසක් ද මිනිස් ජීවිත වලට අමතරව විනාශයට පත් විය.අද වන විට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රීක්ක 25න් 10 ක් ම නායයෑමේ තර්ජනයට මුහුන පා සිටියි. නායයෑම සඳහා භෞතික සාධක සේම මානව සාධක ද බලපාන අතර අද වන විට මිනිසාගේ අක්‍රමවත් ක්‍රියාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස නායයෑම් උග්‍ර වී ඇත.නාය යාමක් යනු කුමක්ද?එහි ප්‍රති විපාක මොනවාද? ඉන් මිදෙන්නේ කෙසේද යන්න පිළිබඳව මිනිසා දැනුවත් කළ යුතුව ඇත.මේ සඳහා පහත ප්‍රධාන කරුනු ඔස්සේ අවධානය යොමු කරනු ලැබේ.
නාය යාමක් යනු කුමක්ද? නායයෑම ආශ්රිත ක්‍රියාවලිය නායයෑම් වර්ග නායයෑම් කෙරෙහි බලපාන සාධක නායයෑමක් ඇති වීමට පෙර ඇතිවිය හැකි ලක්ෂණ නායයෑම් වළක්වා ගැනීමට අපට කළ හැකි දේ
මේ සම්බන්ධව ඉදිරිපත් වී ඇති නිර්වචන 02ක් පහත දැක් වේ.
"නායයෑමක් යනු,ගුරුත්ව බලය හේතුකොටගෙන බෑවුමක පස,පාෂාණ,ගස් ගල් වැනි ද්‍රව්‍යයන් පහතට හා පිටතට පරිවහනය වීමයි."
-ඵ්.කේ.ලොබෙක් මහතා-
"උස් ස්ථානයක සිට පහත් ස්ථානයක් දක්වා බෑවුම දිගේ ගුරුත්ව බලය නිසා මැටි, රොන් මඩ,වැලි,බොරළු,විශාල ගල්වලින් සමන්විත ගලා යාමකි."
-මහාචාර්ය කපිල දහනායක මහතා-
කන්දක සිට වර්ෂාවත් සමග එහි තිබෙන ගස් ගල්, පාශාන ආදිය පහළට පැමිණීම නායයෑමයි
- මහාචාර්ය T.H. උදීෂ ඉවාන් මහතා-
කඳු බෑවුමක් මුලින් නිර්මාණය වීමේදී ඵහි මතුපිට සකස් වී ඇත්තේ මව් පාෂාණ වලිනි.කාලයක් ගත වීමත් සමඟ භෞතික,රසායනික හා ඓන්ද්‍රිය (ජීව විද්‍යාත්මක) ජීරණ ක්‍රියාවලියට මව් පාෂාණ නතු වීම නිසා ජීරණයට ලක් වේ.එම දිරාපත් වූ ශේෂ කොටස් කඳු බෑවුම මත තට්ටුවක් ලෙස තැන්පත් වේ.ඊට යටින් පිහිටා ඇත්තේ ජීරණයට ලක් නොවූ මව් පාෂාණයයි.තද වැසි ඇති වන විට මෙම ජීරණාවශේෂ තට්ටුව උරා ගන්නා ජල ප්‍රමාණය අධික වීම නිසා අවසානයේ ජීරණාවශේෂ තට්ටුව ජලයෙන් සංතෘප්ත වී එහි බර වැඩි වේ.එමෙන් ම භූ ගත ජල ප්‍රමාණය,මව් පාෂාණය හා ජීරණාවශේෂ තට්ටුව අතර තිබෙන ඉඩ තුලින් ගලා යෑමට පටන් ගැනීම නිසා ස්තර දෙක අතර ඒකාබද්ධතාවය බිඳ වැටේ.අවසානයේ ගුරුත්ව බලය හේතුවෙන් කඳු බෑවුමේ තැන්පත් වූ ජීරණාවශේෂ තට්ටුව පහළට රූරා යයි.මෙය විද්‍යාත්මකව ස්කන්ධ අවගමනය (MASS MOVEMENT) ලෙස ද හඳුන්වනු ලැබේ.
මෙය ප්‍රධාන කොටස් දෙකකට වෙන් කල හැකිය.
භෞතික සාධක
භූමි ප්‍රදේශයක් ප්‍රධාන කොටස් පහකින් සමන්විතය.තැනිතලා,මද බෑවුම්,මධ්‍යස්ත බෑවුම්,දල බෑවුම්,ඉතා මද දල බෑවුම් වශයෙනි.ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට අනුව බෑවුම් අංශක15-40 අතර බෑවුම් ප්‍රදේශවල ශ්‍රි ලංකාවේ නායයෑම් ඇති වේ.ඵ් අතරින් 20-30 අතර ප්‍රදේශවල වැඩියෙන් නාය යන බව දක්වයි.
කඳු බෑවුමක ඉරිතැලීම්,විභේද කුස්තුර,ආදී සාධක නායයෑම සඳහා හේතු වේ.වශේෂයෙන් ම මොහොර බෑවුම්වල පාදයෙහි පිහිටා ඇති බෑවුම් නිර්මාණය වී ඇත්තේ ඊට ඉහළින් පිහිටා ඇති පාෂාණ ජීරණයෙන් ඉතිරි වූ කොටස් ආශ්රයෙනි.මේවා හොඳින් ඒකාබද්ධ වී නොමඅති අතර,ස්ථාවර නොවේ.අධික වර්ෂාපතනයක් ඇති අවස්ථාවල මෙම බෑවුම් කොටස සංතෘප්ත වී නායයෑම් ඇති කරයි.
වෘක්ෂලතා ආවරණයක් සහිත ප්‍රදේශවලට වර්ෂාව ලැබෙන විට වැහි බිංදු ශාක මතට වැටී ක්‍රමයෙන් බිමට පතිත වේ.ඉවිට පාංශු ඛාදනය පාලනය වේ.
අධික තීව්රතාවයක් සහිත වර්ෂාපතනයක් දිගු කාලයක් තිස්සේ ලැබුනහොත් එය නායයෑම් කෙරෙහි බලපෑමක් ඇති කරයි.අධික වර්ෂාපතනයක් ලැබීම නිසා කඳු බෑවුමේ ජීරණාවශේෂ අධි සංතෘප්ත (Over Saturation)බවට පත් වේ. එය නායයෑමට අවශ්‍ය වටපිටාව සකස් කිරීමකි.
භූමිකම්පාවක් නිසා ඇතිවන කම්පන තරංග පෘෂ්ඨය මතුපිට ගමන් කිරීම නිසා අදාල ප්‍රදේශයේ බෑවුම් ප්‍රදේශ ද චලනයට ලක් වේ.එවැනි අවස්ථාවක කඳු බෑවුමේ පවතින පාෂාණ කොටස් ගැලවී ක්ෂණිකව පහළට කඩා වැටිය හැකිය.
මානව සාධක
ජන සංඛ්‍යාව සීඝ්රයෙන් වැඩි වීම සමග ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා වනාන්තර විනාශ කරන ලදී.ශාක වල මුල් මගින් පස් බැඳ තබා ගනී.එයින් එහි භෞතික තත්වය හා යාන්ත්‍රික ශක්තිය වැඩි වේ.එහෙත් වන විනාශය නිසා පසේ බෑවුම් වල ස්ථායිතාවය අඩු වී පස් අස්ථායි වේ.එවිට වැස්ස ආ විට මෙම පස් ස්තර ගැලවී යාමට ලොකු හැකියාවක් ලැබේ.දළ බෑවුම්වල දුම්කොළ වගාව මෙන්ම අවිධිමත් තේ වගාවත් නායයෑමට හේතු වේ.
මිනිසුන් තමන්ට නිවාස තැනීමට භූමිය හිඟ වූ නිසා කඳුකර ප්‍රදේශවල නිවාස හදන ලදී.අංශක90 බෑවුම කපා නිවාස හැදීම නිසා නායයෑම බහුලය.
ක්‍රමානුකූලව සකසා ඇති ජල ප්‍රවාහන පද්ධතියක් ඇත්නම් ජලය ගලා යාම ක්‍රමවත් වේ.
කළුගල් වැඩපලවල ඩයිනමයිට් යොදා පිපිරවීම් කරයි.එමගින් ඇති කරන කම්පනය භූමිකම්පාවකින් සිදුවන ක්‍රියාවලියට සමානය.ජීරණාවශේෂ තට්ටුව පිපිරීම නිසා සෙලවීමකට ලක් විය හැකිය.ජීරණාවශේෂ තට්ටු අතර ඒකාබද්ධතාවය නැති වීම නාය යාමට හේතු වේ.
මේ නිසා ජලය ගලායාමට බාධා ඇති වේ.අතීතයේ සිට කඳුකරයේ වගාවන් සඳහා යොදා ගත්තේ හෙල්මළු වගා ක්‍රමයයි.නමුත් අද දුම්කොළ,එළවළු ආදී වගාවන් වලදී මේ ක්‍රමය යොදා නොගනී.මෙය ජලය බැස යාමට බාධාවක් වන අතර මේ නිසා පාංශු ඛාදනය බහුලය.
එක් අවස්ථාවකදී නාය ගිය ප්‍රදේශයක් නැවත නාය යාමට ඇති ප්‍රවණතාවය වැඩිය. උදා-2003 වර්ෂයේ පුද්ගලයන් 60ක් පමණ මිය ගිය රත්නපුර ඇලපාත ප්‍රදේශයේ නායයෑම.
නායයෑම් බහුල ප්‍රදේශ වල දේශීය ශාක වෙනුවට විදේශීය ශාක වගා කිරීම. උදා-පයිනස් වගාව
මූලික ලක්ෂණ කිහිපයකි.
මෙය ප්‍රබලම හානියයි.මානව සම්පත රටේ ආර්ථිකයට ඉතා වැදගත් වේ.එබැවින් මෙලෙස මියයෑම ආර්ථිකයට බලපායි.
මෙය පුද්ගලයාට ආර්ථික වශයෙන් ද මානසික වශයෙන් ද බලපායි.
දිස්ත්‍රීක්කය | වර්ෂය | ස්ථානය | සිදු වූ ජීවිත හානි | නිවාස හානි |
---|---|---|---|---|
කෑගල්ල | 1947 | කඩුගන්නාව | 40 | 15 |
1957 | පහල කඩුගන්නාව | 05 | 15 | |
1981 | යටියන්තොට | 20 | 02 | |
1981 | අරණායක(බෙරවල) | නොදනී | 30 | |
1983 | මාවනැල්ල | 02 | 03 | |
1985 | වරකාපොල | 10 | 03 | |
2016 | අරණායක | 150 ක් පමණ | නොදනී | |
නුවර එළිය | 1970 | වලපනේ | 19 | නොදනී |
1973 | වලපනේ | 13 | නොදනී | |
1983 | හෝර්ටන් බ්‍රිජ් | 05 | නොදනී | |
1986 | මතුරට-කැටපලාන | 13 | නොදනී | |
රත්නපුර | 1979 | කුරුවිට | 05 | 10 |
1982 | පැල්මඩුල්ල | 08 | 15 | |
1982 | පතුල්පාන | 09 | නොදනී | |
1984 | ඇඹිලිපිටිය | නොදනී | 21 | |
1984 | කුරුවිට | නොදනී | 40 | |
1985 | ඇහැලියගොඩ | නොදනී | 46 | |
2003 | ඇලපාත | 75 | නොදනී | |
2003 | පලාවෙල | 60 | 40 | |
මාතලේ | 1982 | පිටකන්ද | 23 | නොදනී |
කළුතර | 1984 | බුලත්සිංහල | 42 | නොදනී |
මහනුවර | 1985 | නාවලපිටිය | 04 | 10 |
2003 වර්ෂය
විපත්තිය | සංඛ්‍යාව |
---|---|
තම ජීවිකාවට තර්ජනය එල්ල වූ පවුල් | 73,000 |
තම භූමි අහිමි වූ පවුල් | 3381 |
හානියට ලක් වූ කුඹුරු බිම් (හෙක්ටයාර) | 12,000 |
හානියට ලක් වූ කුඩා තේ වතු(හෙක්ටයාර) | 7595 |
හානියට ලක් වූ කුඩා වැව් | 69 |
හානියට ලක් වූ අමුණු ප්‍රමාණය | 675 |
විනාශයට ලක් වූ පාසල් | 106274 |
විපතේ ස්වභාවය | සිදු වූ හානිය රුපියල් | සිදු වූ හානිය ඇ.ඩොලර් |
---|---|---|
කෘෂි ක්ෂේත්රය තුළ ඇස්තමේන්තුගත අලාභහානිය | 38,000,000 | 400,000 |
තේ වගා ක්ෂේත්රය තුළ ඇස්තමෙන්තුගත අලාභහානිය | 86,400,000 | 900,000 |
ප්‍රධාන වාරි ක්ෂේත්රය තුළ | 106,147,000 | 1,105,700 |
කුඩා වාරි සහ ජල සංරචක ක්ෂේත්රය තුළ | 768,000,000 | 800,000 |
පාසැල් වැඩි දියුණුව සඳහා වන පිරිවැය | 133,008,000 | 1,385,500 |
පාසැල් වලට අවශ්‍ය උපකරණ ලබා දීම සඳහා වන පිරිවැය | 96,000,000 | 1,000,000 |
එකතුව | 586,355,200 | 5,591,200 |
01.U.S. Geological Survay දත්තවලට අනුව 1999 දෙසැම්බර් මස වෙනිසියුලාවේ සිදු වූ නායයෑම් වලින් සිදු වූ මරණ සංඛ්‍යාව 30,000ක් තරම් විශාල විය.
02. u.s. Geological Survay දත්ත වලට අනුව 21 වන ශත වර්ෂයේ ඉතා විශාල නායයෑම් 02 ක් වාර්තා විය. ඒවා නම් 1980 දී ශාන්ත හේලන්ස් (වොෂින්ටන්) සිදු වූ නායයෑම ඉන් එකකි. මෙම නායයෑම මගින් දළ වශයෙන් ප්‍රමාණයෙන් ඝණ සැතපුම් 1.7 ක් තරම් විශාල පාෂාණ හා මඩ තට්ටුවක් පහතට කඩා වැටුණි.අනෙක් විශාල නායයෑම වන්නේ 1911 දී ටජිකිස්තාන්හි සිදු වූ නායයෑමයි.
-ශ්‍රී ලංකාවේ නුවරඑළිය,බදුල්ල,රත්නපුරය,කෑගල්ල,මාතලේ,කළුතර,මහනුවර,ගාල්ල,මාතර,හම්බන්තොට නායයෑමේ තර්ජනයට මුහුන පා ඇති දිස්ත්‍රීක්ක වේ. -එය ශ්‍රී ලංකාවේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 20%ක් පමණ වේ.
-අරණායක එළගපිටිය කන්දේ සිදු වුයේ ශ්‍රී ලංකාවේ මෙතෙක් ඇති වු නාය යාම් අතුරින් විශාලතම නායයෑමයි.
-දැනට ඇති වාර්තා වලට අනුව මෙම ශතවර්ෂය ආරම්භයේ එනම් මුල් දශක හය තුළ විශාල නායයෑම් 6 ක් සිදු වූ අතර ඊට පසුව 1981-1986 දක්වා වර්ෂ 06 තුළ විශාල පරිමාණ නායයෑම් 4ක් සිදු වී ඇත. 1989 ජූලි මාසයේදී තවත් විශාල ප්‍රමාණයේ නායයෑමක් ඇති විය.ඊට පසුව සෑම වසරකදී ම විශාල ප්‍රමාණයේ නායයෑම් වාර්තා වේ.
ක්‍රමවත් ඉඩම් ප්‍රතිපත්තියක් යටතේ--------------------
-පාංශු සංරක්ෂණයට ක්රමෝපායන් හඳුන්වා දීම.
-කඳුකර බිම්වලට උචිත භූමි පරිභෝගයක් ස්ථාපිත කිරීම.
-සැලසුම් සහගත නොවන ඉදි කිරීම් නතර කිරීම.
-පරිසරයට වන හානිය අවම කර ගනිමින් සංවර්ධන සැලසුම් ඉදිරිපත් කිරීම.
-ජනතාවගේ දැනුම මට්ටම වර්ධනය.
-නවීන තාක්ෂණික ක්‍රියා මාර්ග අනුගමනය කිරීම.
This article uses material from the Wikipedia සිංහල article නායයෑම්, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.