නව වසර

නව වසර යනු නව ලිත් වර්ෂයක් ඇරඹීම සනිටුහන් කරන දිනය වන අතර, කිසියම් විශේෂිත දින දසුනක භාවිත වන වර්ෂ ගණනය වර්ධනය වන දිනයද වෙයි.

බොහෝ සංස්කෘතීන්හී, මෙම අවස්ථාව කිසියම් ආකාරයකට උත්සවශ්‍රීයෙන් සැමරෙයි.

වත්මන ලොව පුරා භාවිත වන්නාවූ ග්‍රෙගෝරියානු දින දසුනෙහි නව වසර, රෝමානු දින දසුනෙහි පරිචයම අනුගමනය කරමින් ජනවාරි 1 දින සැමරෙයි. නව වසරෙහි ආගමනය ස්වීය අයුරින් ගණනය කරන්නාවූ හා ප්‍රාදේශීය ලෙසින් භාවිතා වන්නාවූ විවිධ දින දසුන් බොහෝමයක් පවතියි.

ග්‍රෙගෝරියානු දින දසුන

ග්‍රෙගෝරියානු දින දසුන භාවිතා කරන රටවල, සාමාන්‍ය වශයෙන් නව වසර දිනය සමරනු ලබන්නේ ජනවාරි 1 දිනදීය.

ප්ලුටාච් සහ මක්‍රොබියස් ට අනුව ක්‍රිපූ 700 දී පමණ නුමා පොම්පිලියස් රජගේ කාලයේදී සිට රෝමානු දින දසුනේ මාස පිළිවෙල ජනවාරි සිට දෙසැම්බර දක්වා විය. ක්‍රිස්තියානි චාරිත්‍රය අනුව, ජනවාරි 1 දින වන්නේ ජේසුස්වහන්සේගේ චර්මඡේදනය (උපතින් දින අටක් ගෙවුනු දින) දිනය වන අතර, එදිනදී එතුමාට ජේසුස් යන නම දෙන ලදි (ලූක් 2: 21). එතැන් පටන්, ජනවාරි1 දින වසරෙහි පළමු දිනය වූ අතර, මෙයින් බැහැර වුනේ මධ්‍යතන යුගවලදී වෙනත් දින කිහිපයක් පළමු දින වූ විට (මාර්තු1, මාර්තු 25, පාස්කු, සැප්තැම්බර් 1, දෙසැම්බර් 25) පමණි.[උපහරණ ඇවැසිය]

විසිවන සියවසෙහිදී බටහිර සංස්කෘතිය ලොව අනෙකුත් ප්‍රදේශයන්ට පැතිරීමත් සමගම, ජනවාරි 1 දින භාවිතය ගෝලීය සම්මතයක් බවට පත්වුනේ, වෙනත් දිනවලදී ස්වීය නව වසර උත්සව පවත්නා රටවල පවා (නිද., චීනය සහ ඉන්දියාව) භාවිතයට පත්වෙමිනි.

වර්තමානයේදී, නව වසර සැමරීම ලොව පුරා ප්‍රධාන උත්සවාංගයකි. නව වසරෙහි උදාව (දෙසැම්බර් 31) සමගම බොහෝ විශාල ගිණිකෙලි උත්සව හා සමගින් බොහෝ මහා-පරිමාණ උත්සවාංග ලොව පුරා ප්‍රධාන නගරයන්හී පැවැත්වෙයි.

නව වසර 
ග්‍රෙගෝරියානු නව වසර උත්සව 2006දී නිව්-යෝර්ක් නගරයෙහි පැවැත්වුනු අයුරු.

මධයම රාත්‍රියේදී, මිලියන එකහමාරකට වැඩි ජනකායක් ඉදිරිපිට, 80,000 කට වැඩි ගිණිකෙලි ප්‍රමාණයක් සිඩ්නි නගරයෙහිදී දල්වනලදි; 2009දී ලොව පුරා ‍රූපවාහිනී නාලිකා ඔස්සේ වඩාත්-නැරඹුනු ප්‍රචලිත උත්සවාංගයද වූයේ මෙයයි. වල්පරයිසෝ හිදී ස්වභාවික පසුතලයක සිට එළිදැක්වුනු විශාලතම ගිණිකෙලි සන්දර්ශනය නැරඹීමට දෙමිලියනයකට අධික ආගන්තුක පිරිසක් වරම් ලැබූහ; මෙය සමන්විත වූයේ වල්පරයිසෝ වාණිජ වරාය නගරයෙහි සිට කොන්කොන්, චිලි දක්වා මුහුදුබොක්කේ, මුළුමනින් කිලෝමීටර 21 කට වඩා වැඩි දුර ප්‍රමාණයක් තුල, විනාඩි 25 ක් තුල පැවැති ගිණිකෙලි සංදර්ශන වලිනි.

ආශ්‍රිත

Tags:

සංස්කෘතිය

🔥 Trending searches on Wiki සිංහල:

යෝගජපන් සංස්කෘතියපර්යේෂණප්‍රංශ විප්ලවයඅනගාරික ධර්මපාලමොනරාපෘථිවියෙහි භ්‍රමණයශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවපුරාවිද්‍යාවථූපාරාමය, අනුරාධපුරකෘත්‍රීම බුද්ධියචාමර වීරසිංහදියවැඩියාවශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාපතිවරුශ්‍රී ලංකාවේ දාගැබ්සිංහල ව්‍යාකරණමලල ක්‍රීඩා - ජවන හා පිටිය ඉසව්ශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුනොබෙල් ත්‍යාගයකැලණිය රජ මහා විහාරයදඹුල්ල රජමහා විහාරයකන්‍යා පටලයකුඩාපොළ හිමිකිතුල්අධ්‍යාපන මනෝ විද්‍යාවශ්‍රී පාදස්ථානයශ්‍රී ලංකා පොලිස් සේවයසිංහල හෝඩිසිංහල සදැස් පද්‍ය සාහිත්‍යසිංහරාජ වනාන්තරයඉන්දියාවේ ඉතිහාසයමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිසංස්කෘතියශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)ඒ.ටී. ආරියරත්නගබ්සාවඑල්ලේ ක්‍රීඩාවේ රීතිපාංශු සංරක්ෂණයඋසස් බාලිකා විදුහල, මහනුවරමුන්නේශ්වරම් කෝවිලපෙබරවාරි 13ලිංගික අප්‍රාණිකත්වයනාගරීකරණයශ්‍රී ලංකාවේ ශිලා ලිපිතොටගමුවේ ශ්‍රී රාහුල හිමිනියඟයශ්‍රී ලංකා‍ අලියාඇන්තූරියම්ශ්‍රී ලංකා ජාතික කොඩියසිංහල පිල්ලම්අතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තනාලන්දා විශ්වවිද්‍යාලයසොකරි නාටකයශ්‍රී ලංකාවේ ආදිවාසීන්ශාක විවිධත්වය - ශ්‍රී ලංකාකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයසෙංකඩගල පෙරහැර මංගල්‍යයශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචියවල්පොල රාහුල තෙරණුවෝනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.විවිධ හින්දු ආගමික දෙවියන්ගේ සංකේතශ්‍රී ලංකා වියළි කලාපීය වියළි සදාහරිත වනාන්තරක්‍රිකට්දේශපාලන විද්‍යාවශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවසබරගමු මහ සමන් දේවාල‍යේ ඇසළ පෙරහැරසාන්ත. බෙනඩික් විදුහල, කොළඹවී බිස්සපසළොස්වක පොහොය දොළහසිංහල ජන නාටකහෙද සේවයෙහි ඉතිහාසයපවුලශ්‍රී ලංකා නාවික හමුදාවසසම්භාවී ප්‍රවේශ මතකයරුසියානු-යුක්‍රේන යුද්ධයශ්‍රී ලංකා කලු වදුරා🡆 More