දුම්කොළ

දුම්කොළ (Nicotiana) ශාක වල කොළ වලින් සකස්කරන කෘෂිකාර්මික නිෂ්පාදන යක් ලෙස පදම්කළ දුම්කොළ දැක්විය හැක.

එය, පරිභෝජනය කළ හැක.කාබනික පළිබෝධනාශක ලෙස භාවිතා කරන අතර ඖෂධක් ලෙසද භාවිතා වේ.දුම්කොළ වල නිජ භූමිය දකුණු ඇමරිකාවයි.පසුව ඇමරිකාවට යුරෝපීයයන් පැමිණීම සමග මෙය ලොවපුරා වඩාත් ප්‍රචලිතවිය.වැඩි වඍයෙන්ම දුම්කොළ භාවිත කෙරෙන්නේ මත්ද්‍රව්‍යයක් ලෙසය.දුම්වැටි හා වෙනත් මත්ද්‍රව්‍ය නිපදවීමට හා දකුණු ආසියාතික රටවල බුලත්විට සමගද දුම්කොළ භාවිතා කරයි.

දුම්කොළ

දම්කොළ භාවිතය රෝග රැසකට හේතුවේ.හෘදයාබාධ,පෙනහළු අශ්‍රිත ආබාධ,අක්මා රෝග ලිංගික අප්‍රාණිකත්වය,මුඛය,උගුර,පෙනහළු හා වෙනත් බොහෝ පිළිකා රෝග රැසකටම දුම්කොළ භාවිතය හේතුවේ.ලොව බිහිසුනුම නිහඩ ඝාතකයා වන්නේ දුම්කොළය.

නිරුක්තිය

සිංහල බසින් දුම්කොළ යන්න දුම් පානය සදහා යොදාගන්නා කොළ යන අරුත දෙයි.ඉංග්‍රීසි බසින් යෙදෙන Tobacco යන වචනය ස්පාඤ්ඤ හා පෘතුගීසි බසෙහි දුම්කොළ සදහා යෙදෙන tabaco වදනින් බිඳී ආවකි.

ඉතිහාසය

සාම්ප්‍රධායික භාවිතයන්

ක්‍රිස්තු පූර්ව 1400-1000 අතර කාලයතුල මෙක්සිකානුවන් දුම්කොළ වගාකර ඇත.බොහෝ ඇමරිකානු ස්වදේශිකයන්ද අතීතයේ සිට දුම්කොළ භාවිතකර ඇත.ඇමරිකානු ස්වදේශික ආදිවාසී ජනයා දුම්කොළ භාවිතය අශ්‍රිත විවිධ චාරිත්‍ර වාරිත්‍ර අනුමගමනය කරති.

ප්‍රචාරණය

යුරෝපීයයන් ඇමරිකාවට සංක්‍රමණයවීමත් සමග ඔවුන් දුම්කොළ යුරෝපයට රැගෙන ගියහ.යුරෝපයේදී මෙයට ඉතා විශාල වෙළඳපල වටිනාකමක් ලැබිණ.දහසය වන සියවසයේ දුම්කොළ වගාව යුරෝපයතුල ප්‍රචලිතවිය.දුම්කොළ වලින් නිෂ්පාදිත දුම්වැටි එකළ යුරෝපයේ ජනප්‍රිය විය.විශේෂයෙන් දුම් පයිප්ප ඒතරවිය.දුම්වැටි වලට අමතරව දුම්කොළ සෑපීම,දුම්කොළ දුම නාසයට ඉරීම වැනි භාවිතයන්ද ඒ අතරවිය.දහනමවන ශත වර්ෂයේදී ජේම්ස් බොන්සැක් විසින් දුම්වැටි නිෂ්පාදන යන්ත්‍රයක් නිෂ්පාදනය කළහ.බටහිර යටත් විජිතකරණය හරහා ලෝකයේ බොහෝ රටවලට දුම්කොළ භාවිතය ව්‍යාප්තවිය.ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියාතික රටවලටද දුම්කොළ බටහිර ජාතීන්ගෙන් ලැබින.ඔවුන් භාවිතකල බුලත්විට වලට දුම්කොළ යොදා ගැනීම ක්‍රමයෙන් සිදුවිය.

සමකාලීන යුගය

විසිවන සියවසයේදී විද්‍යාත්මක පර්යේෂණ මගින් දුම්කොළ ශරීරයට අහිතකර මත්ද්‍රව්‍යයක් ලෙස සොයා ගැනුනණි.එසේම දුම්කොළ යනු ප්‍රබල පිළිකා කාරකයක් ලෙසද හඳුනාගනු ලැබීය.එමෙන්ම විවිධ රෝග රැසකටම හේතුවන භයානක මත්ද්‍රව්‍යයක් බව තවදුරටත් ඔප්පුවිය.නිකොටින් නම් ප්‍රබල පිළිකාකාරක හා සෞඛයට හානිකර රසායනය දුම්කොල තුල අඩංගුය.මේ සොයාගැනීම් නිසා සෞඛ්‍ය අංශ මෙන්ම රාජයන් විසින්ද දුම්කොළ භාවිතය අවම කිරීමට උස්සාහ ගත්හ.ලෝකයේ ඉතා ඉහළ ආදායම් ලබමින් වැජඹුන දුම්කොළ සමාගම් ක්‍රමයෙන් පාඩු ලැබීය.විවිධ රාජ්‍යයන් විසින් දුම්කොළ නිෂ්පාදන මත ඉහළ බහු පැනවීමට ක්‍රියා කළහ.

ජීව විද්‍යාව

දුම්කොළ ශාකය තුල ප්‍රධාන වශයෙන් නිකොටින් නම් විෂ රසායනය අඩංගුය.කෙසේ වෙතත් දුම්කොළ අයත් සොලනේසියේ කුලයට පවුලට අයන් අනෙකුත් ශාකවල අඩංගු ට්‍රොපේන් ඇල්කොලොයිඩ් වැනි උග්‍ර විෂ ඇති රසායනය අඩංගු නැත.දුම්කොළ ශාකයේ අඩංගු නිකොටින් නිසා ශාකභක්ෂක කෘබීන්ගෙන් මෙම ශාකයට ඇතිවන හානිය අඩුය.

නිෂ්පාදනය

දුම්කොළ වගාව අනෙකුත් කෘෂිකර්මික වගාවන් හා සමානය.දුම්කොළ බීජ සාරවත් පස් සහිත බදුන්වල හෝ පත්තිවල දමා නිසි පරිදි ජලය හා හිරු එළිය ලැබෙන්නට සළස්වයි.මෙම දුම්කොළ පැළෑටි සෙන්ටිමීටර් 20 පමණ අසින් වැඩෙන විට ඒ සදහා සකස්කල විශෙෂ වාගාබිම්තුලට ගෙනවිත් වගා කරයි.වාගාබිම්තුල ස්ථීරව පිහිටුවීම සිදු කරන්නේ වැසි සමය එළඹීමත් සමගයි.දුම්කොළ වාර්ෂික බෝගයක් බැවින් වසරක් පාසා වගාකරනු ලබයි.

පරිහෝජනය

බලපෑම්

ආර්ථිකය

මූලාශ්‍ර

Tags:

දුම්කොළ නිරුක්තියදුම්කොළ ඉතිහාසයදුම්කොළ ජීව විද්‍යාවදුම්කොළ නිෂ්පාදනයදුම්කොළ පරිහෝජනයදුම්කොළ බලපෑම්දුම්කොළ ආර්ථිකයදුම්කොළ මූලාශ්‍රදුම්කොළ

🔥 Trending searches on Wiki සිංහල:

ආතර් සී. ක්ලාක්මහින්ද රාජපක්ෂවිනය පිටකයශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයකළුතර බෝධියගෝලයමිනිස් ආහාර ජීරණ පද්ධතියඇසඔලිම්පික්මහවැලි සංවර්ධන වැඩසටහනශාක විවිධත්වය - ශ්‍රී ලංකාපද්මසිරි ත්‍රීමා විතාරණකුවේට් රාජ්‍යයබල්ලෝමරියතුමිය (ජේසුස් වහන්සේගේ මෑණියෝ)කොහුමනමේකන්‍යා පටලයතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයනවයොවුන් ලිංගිකත්වයඑඩිෂම් බංගලාවආරුමුග නාවලර්කලාව යනුරාහුල රහතන් වහන්සේනෙළුම්ආටානාටිය සූත්‍රයදෙමළ අක්ෂර මාලාවසංස්කෘතියනව යොවුන්වියමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිබුද්ධ ප්‍රතිමාපටිච්චසමුප්පාදයශාන්තිකර්මකතරගමරොට්වෙයිල(ර්)Digital object identifierක්‍රීඩාසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුඋපසර්ගකාලී දෙවඟනස්වභාවික පරිසරයධම්මපදයවාමන ග්‍රහලෝකකොළඹ විශ්වවිද්‍යාලයජර්මනියපළමුවන පරාක්‍රමබාහු රජශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවනිරවි යුද්ධයපංච නීවරණගණිකාවපොරොන්දම්බුධනිල් අවරියමුල්කිරිගල රජ මහා විහාරයනයිජීරියාවේ ඉතිහාසයඉසුරුමුණි කැටයම්මාතලේගැට බෙරයතෙත් කලාපයේ ශාක විවිධත්වයටී.බී. ජයාබැක්ටීරියාහෝර්ටන් තැන්න ජාතික උද්‍යානයප්ලේටෝශ්‍රී ලංකාවේ කම්කරු නීතියරෝසජපන් සංස්කෘතියඅටමස්ථානග්‍රීක දර්ශනවාදීන්ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවකන්ද උඩරට ඉතිහාසයදළදා පෙරහැරගණේශවන්නම්රණසිංහ ප්‍රේමදාසඋඩරට සාම්ප්‍රදායික මංගල ආභරණසෝමාවතිය විහාරය🡆 More