දීපවංශය

දීපවංශය යනු ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැන ලියවී ඇති පැරණිම ග්‍රන්ථයයි.

දීපවංශය රචනා වී ඇත්තේ මහාවංශය රචනා කිරීමට පෙරය. මෙම කෘතිය ලියවී ඇති කාලය පිළිබද විවිධ මත පැවතිය ද ඓතිහාසික ගවේෂකයකු වන ඕල්ඩර්න් බර්ග්ට අනුව ක්‍රිස්තු වර්ෂ 4-5 සියවස අතර රචනා කරන ලද බවට සලකනු ලබන මෙය අට්ඨකථා මූලාශ්‍ර කොටගෙන ඇතැයි සැලකනු ලබයි. මහාවංශය සහ දීපවංශය යන දෙකෙහි එකතුව ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ අතීතයේ සිදුවීම් රැසකට සාක්ෂි දරයි. වෙනත් කිසිම සාහිත්‍ය කෘතියක නැති පරිදි දීපවංශයෙහි 18 වැනි පරිචේදය සම්පුර්ණයෙන්ම භික්ෂුනීන් සාසන ඉතිහාසය පිළිබද දීර්ග විස්තරයක් කරයි. දීපවංශ ටීකාව යනුවෙන් වෙනම ග්‍රන්ථයක්ද පවතී.

දීපවංශය
TypePost-canonical text; Vaṃsa
Composition3rd-4th Century CE
AttributionAnonymous
PTS AbbreviationDīp
Pāli literature

කතෘත්වය

දීපවංශ වංශ කථාව අට්ඨ කථා සහ තවත් මුලාශ්‍ර පදනම් කරගෙන 3 – 4 සියවස් වලදී සංග්‍රහ කරන ලදැයි විශ්වාස කෙරේ. මහා වංශය සමග මෙම කෘතියද ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ ඉතිහාසය පිළිබද බොහෝ කරුණු වල මුලාශ්‍රයයි. එහි ඇති වැදගත්කම රදා පවතින්නේ එය ඓතිහාසික මුලාශ්‍රයක් සහ ප්‍රරාවෘතයක් වු නිසාම පමණක් නොව එය බෞද්ධ හා පාලි සාහිත්‍ය පිලිබද ඉතා වැදගත් කෘතියක් ද වීම නිසාය.

මෙම කෘතිය B.C.ලෝ (Low) විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කර ඇත. අනුරාධපුර මහා විහාරවාසී බෞද්ධ භික්ෂු න් වහන්සේලා කීප නමක් විසින් 3 – 4 සියවස් වලදී එය සම්පාදනය කරන්නට ඇත. එහි පුර්විකාවෙන් මෙසේ සදහන් වේ. “අසනු මැනව” එම බුදුන්ගේ ලංකා ගමනය ගැනද දන්ත ධාතුව සහ ශ්‍රී මහා බෝධිය ලංකාවට ගෙන ඒම බුදු දහම දිවයිනෙහි ව්‍යාප්ත වීම , ගුරුවරුන්ගේ පහළ වීම සහ විජයගේ ලංකා ගමනය ගැනද එම විස්තර කරමි. අනුරාධපුරයේදී වාර්ෂිකව පැවැත්වෙන මහින්ද උත්සවයේදී ‘දීපවංශය’ මහ හඩින් සජ්ඣායනය කරන ලෙස ධාතුසේන රජු (4 වන සියවස) නියෝග කොට තිබුණි.

මහාවංශය සමග

දීප වංශයේ බුදුන් වහන්සේ දිවයිනට තුන් වරක් වැඩම කළ බව සදහන් වේ. එම ස්ථාන නම් කැළණිය, දීඝවාපිය, අනුරාධපුර මහමෙව්නා උයනේ පසුව බෝ අංකුරය සිටවු ස්ථානයයි. විජයගේ කතන්දරය කීමේදී, මං පහරන තවලම් කොල්ල කෑ සිංහ නම් දාමරිකයෙකුගේ බිරිද වු කාලිංග වංග කුමාරිය ආදි වශයෙන් විජයගේ මුතුන් මිත්තන් ගැන කීමේදී දීපවංශය ඊට පසු ලියන ලද මහා වංශය තරම් ස්වාභාවිකත්වයෙන් ඔබ්බට ගොස් නැත. මේ අතරේදි සිංහ බාහු සහ සිංහ සීවලී ලාල (ලාට) රාජ්‍යයෙහි රජු ගෙන ගන දේවිය වශයෙන් නිවුන් පිරිමි දරැවන් දහය වතාවකදී බිහිකළහ. පළමු වැනි ගා විජය වු අතර සුමිත්ත දෙවැන්නා විය. විජ‍ය බොහෝ මුරණ්ඩු සහ කෲර පුද්ගලයෙක් විය. කෝපයට පත් වු මහජනතාව විජය මරාදමන ලෙස රජුට කීහ. එහෙත් රජු විජයට සහ ඔහුගේ හත්සියයක් වු පිරිසට රටින් පිටවන ලෙස කරුණු යෙදුවේය. එම පිරි්ස හරියටම බුදුන් පිරිනිවන් පෑ දිනයේ ලංකාවේ තම්භපන්නි වෙරළට ගොඩ බැස්සාහ.

දීපවංශය සංඝමිත්තාවන්ගේ පැමිණීම ගැන ඉතා දිර්ඝ විස්තරයක් සදහන් කරයි. එහෙත් දුටුගැමුණු වීර චරිතය විස්තර කර ඇත්තේ කෙටියෙනි. පාලි ගාථා 10 කින් පමණි. එහෙත් මහා වංශය මේ සදහා පරිච්ජේද 11 ක් කැප කර ඇත.

දීපවංශ කථාව මහා වංශයට මුලාශ්‍ර වු ලෙස සළකනු ලැබේ. එසේම මහා වංශය දීපවංශයට වඩා සැලකිල්ලෙන් සකස් කර ඇති පාලි භාෂාවේ කරන ලද ආගමික හා ඓතිහාසික තොරතුරැ අඩංගු විශිෂ්ඨ කෘතියක් ලෙස සැලකේ. මහා භාරතය හා රාමායනය මෙන් නොව මහා වංශයේ සදහන් ඓතිහාසික කතා පුවතකි. (ඉහත කී ප්‍රමාණයට දීපවංශයේද) අශෝක රජුගේ මරණින් පසු බොහෝ දුරට නිවැරදි බව විශ්වාස කෙරේ.

අමතර අවධානයට

මූලාශ්‍ර

භාහිර සබැඳි

Tags:

දීපවංශය කතෘත්වයදීපවංශය මහාවංශය සමගදීපවංශය අමතර අවධානයටදීපවංශය මූලාශ්‍රදීපවංශය භාහිර සබැඳිදීපවංශයඕල්ඩර්න් බර්ග්මහාවංශය

🔥 Trending searches on Wiki සිංහල:

අකුණුලෝක පුදුමජලයඇසඅපරාධඩන්කන් වයිට්ඇසළ (ගස)කෝපිමානව පැපිලෝමා වෛරසයශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයමානසික ‍අක්‍රමතාදර්ශනයශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවපෙරකෙළියකාමෝද්දීපන චිත්‍රපටබළලාවැලිවිට සරණංකර හිමිවිෂ්ණුබාලදක්ෂ ව්‍යාපාරයබලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිසමාජ වගකීම සහ ජන මාධ්‍යස්ත්‍රී ස්වයං වින්දනයතාරුණ්‍යය හා විවේකයකඩොලාන පරිසර පද්ධතියසීලවර්ණ සබැඳි සිද්ධාන්තස්වර්ණා මල්ලවආරච්චිරජරට රාජධානියයුගල පද, සිංහල භාෂාවදැල්පන්දුහෘදයාබාධයලෙප්ටොස්පයිරෝසිස්දෙමලිච්ච්චාස්ටීවන් හෝකිංපලතුරු වර්ග ලැයිස්තුවවිටමින් Aමනමේසන්නිවේදනයශ්‍රී ලංකාවේ ක්‍රීඩාවඋපත් පාලන කොපුයෝනි මුඛයශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයඋපාදානමුගලන් රහතන්වහන්සේබර්ගර් ජනයාසිංහල මිණුම් ඒකකමාධ්‍යවිකිතෙරේසා මවුතුමියබයිබලයතාරකා විද්‍යාවඅනන සූත්‍රයමිනිස් දත්චාල්ස් ඩාවින්ශ්‍රී ලංකා‍ අලියාවෛද්‍ය විද්‍යාවප්ලේටෝරසායනික සූත්‍රපාස්කුවපරාක්‍රම නිරිඇල්ලඇඩොල්ෆ් හිට්ලර්සබරගමු නැටුම්දකුණු කොරියාවශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයකම්කරු නීතියජංගම දුරකථනයේ උපතක්ෂුද්‍ර ජීවීන්ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනය10 ශ්‍රේණිය සිංහල සාහිත්‍යා වන “හානා හීය පානා අඪහැරෙන් දැනේ”පංච නීවරණතල් ශාකයපයිතගරස් ප්‍රමේයයධම්මපදයක්‍රිකට්පාරිසරික ගැටළුගෙම්බාහෝර්ටන් තැන්න ජාතික උද්‍යානය🡆 More