දරු නැලවිලි ගී

දොයි දොයි දොයි දොයි දෙයියෝ බයි බයි බයි බයි දෙය්යෝ දොයි දොයි බයි බයි දෙය්යෝ නින්දක්‌ නිදි ගන් දෙය්යෝ

දොයි දොයි දොයිය බබෝ බයි බයි බයි බයිය බබෝ

මගේ පුතා නැලවෙන්නේ නැලවි නැලවි නිදියන්නේ තොටිල්ල තාලෙට යන්නේ සැම දෙවියනි රැකදෙන්නේ

කපුටු කාක් කාක් කාක් ගොරක දේන් දේන් දේන් අමුතු වාව් වාව් වාව් කොට කිඹුලා වැට බිඳලා ගෑ පොල් කුඩු ඌ කාලා පිලට ගියා පිල ඇඳිරී උච්ච කාක්කෝ

ඔන්න බබෝ හොරු එන වා අඬන ලමයි අල්ලන වා කරේ තියා ගෙණ යන වා උන් විකුණා රා බොන වා

උත්තම ගුණ ඇති වේවා ලත් තැන වැඩ සෑදේවා උවදුරු බයකුත් නේවා රෑ සඳ නුඹ රැකදේවා

ඔන්න බබෝ ඇතින්නියා ගල් අරඹේ සිටින්නියා ගලින් ගලට පනින්නියා බබුට බයේ දුවන්නියා

පුතා මගේ හරි හපනා දවසට කොළඹට යනවා පවුම් තිහක්‌ පඩි කනවා ඉන් පවුමක්‌ මට දෙනවා

උඹෙ අම්මත් ඉතා කළුයි නුඹෙ අප්පත් ඉතා කළුයි නුඹ නලවන මාත් කළුයි නුඹ විතරයි තල එළළුයි

බාලොලි ලොලි බාලොලියේ බාල පුංචි ලමයින්නේ අම්මා කොයිදෝ ඉන්නේ නිම්මාවක් නැත උන්නේ

දෑතේ වළළුත් නැතිකෝ දෙපයේ ගිගිරිත් නැතිකෝ අප්පා එයි දැන් හනිකෝ නාඩන් සුරතල් මැණිකෝ

නුබේ අම්මා කොතැන ගියා කොහිල විලේ පතට ගියා පත් උදුරා එන්ට ගියා එන්ට නැතිව පමා ගියා

අඹර කුරක්කන් කළුවේ ගලකට පිටි කොයි කළුවේ රොටී එකක් උය කළුවේ අම්මට දීපන් කළුවේ

තවත් එකක් උය කළුවේ අප්පට දීපන් කළුවේ මටත් එකක් දිය කළුවේ උඹත් එකක් කා කළුවේ

සුරතල් දරු බිය වෙති කුරුළු පැටවු නො හඩති නැළවිල්ලෙන් කම් නැති කිරිල්ලෝද සැතැ පෙති

තොටිල්ල සැම සුව පිරි පැද්දෙයි තාලෙට සරි අසමින් ගී සුමි හිරි නිදන්නෑ පුත රන්කිරී

නුඹේ අම්මා කිරට ගියා කිරි එරවා එන්ට ගියා කිරි මුට්ටිය ගඟේ ගියා ගගට උඩින් කොක්කු ගියා

අතට වෙරළු ඇහිද ගෙනේ ඉණට පලා නෙලා ගෙනේ බරටම දර කඩා ගෙනේ එයි අම්මා විගසින්නේ

මුණි සිරිපා සිඹිමින්නේ සමනොළ ගිරි පෙදෙසින්නේ මද සුලඟයි මේ එන්නේ මගේ පුතා නිදියන්නේ

පුතේ නුඹේ ලොකු අම්මා අතේ වළල්ලක් දැම්මා නැතේ සෙනේ එහි නිම්මා නාඩන් පුත දොයිඅම්මා

බුද්ධං සරණයි පුතාට ධම්මං සරණයි පුතාට සංඝං සරණයි පුතාට මේ තුන් සරණයි පුතාට

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ත්‍රිපිටකයඅනුරාධපුර යුගයේ සිතුවම්වෘත්තියබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්තිරසාර සංවර්ධනයඅඟහරු ග්‍රහලොවලිංගික ඉන්ද්‍රියන්බිතු සිතුවම්සෙංකඩගල පෙරහැර මංගල්‍යයනියුමෝනියාවප්‍රශස්තිශ්‍රී ලංකාවේ විදේශ සබඳතාශාක විවිධත්වය - ශ්‍රී ලංකාඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවලියනාඩෝ ඩා වින්සිශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවවිජය රජසිංහල අලුත් අවුරුද්දසුළඟකන්තලේ වැවඅනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයඋසස් පෙළ දේශපාලන විද්‍යාවසත්මහල් ප්‍රාසාදයත්‍රිකුණාමලයසංවර්ධනය වෙමින් පවතින රටවල්එක්සත් අරාබි එමීර් රාජ්‍යයසීගිරි බිතු සිතුවම්මිනිසාගේ ආහාර ජීරණ පද්ධතියබදුලු ටැම් ලිපියවෛද්‍යවේදී සහ ශල්‍යවේදී උපාධියශාන්ත ජුසේ වාස් තුමාත්‍යාග (නීතිය)ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයසිකුරු ග්‍රහලොවකොලෙස්ටරෝල්කාමරංගාළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)මහාවංශයශ්‍රී ලංකාවේ දාගැබ්හුරුළු වැවශ්‍රී ලංකාවේ දියඇලිසෙම්ප්‍රතිශ්‍යාවශ්‍රී ලංකාවේ ස‍්වභාවික පරිසර පද්ධතිඅක්මාවේ තෙල්ශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමසිංහල හින්දු අලුත් අවුරුද්දභීතිකා ලැයිස්තුවඅනගාරික ධර්මපාලරුහුණු කතරගම දේවාලයJalani premadasaගෝලීයකරණයයුදෙවුවෝජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලලංකා බැංකුවශ්‍රී ලංකාවේ රබර් වගාවදඹුල්ල රජමහා විහාරයලිංගික ඊර්ෂ්‍යාවඅපද්‍රව්‍ය කළමනාකරණයඑස්‌. මහින්ද හිමිසිංහල සහ හින්දු අලුත් අවුරුද්දඅජන්තා ලෙන්කළුතර බෝධියසබරගමුව පළාතක්ෂුද්‍ර ජීවීන්හෙළයන්ගේ සම්ප්‍රදායික කැඳ වර්ගශ්‍රී ලංකා කොටියාතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයතවාන් පාලනයබාලදක්ෂ ලොග් සටහන් පොතසියඹලාසිංහල වෙදකමශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනලංකාවේ කැලෑ බළලුන්හිසරදය🡆 More