දඹදෙණිය යුගය

පැරණි ප්‍රාදේශීය බෙදීම් වලට අනුව දඹදෙණිය මායා රටට අයත්වේ.

එය කුරුණෑගලට සැතපුම් 18ක් නිරිත දෙසින් පිහිටියා වූ සුන්දර වන- - ලැහැබකින් සපිරුණු මනස්කාන්ත පර්වතයකි.

ක්‍රි .ව.1215/1216 දී කාලිංග මාඝ පොළොන්නරු රාජධානිය ආක්‍රමණය කිරීමත් සමග රජරට ශිෂ්ටාචාරය බිඳවැටුණි. දරුණු ආක්‍රමණිකයෙකු වූ මාඝගේ ක්‍රියා කලාපයට බියෙන් රජරට සිටි ජනතාව තෙත් කලාපය වෙත වැඩි වශයෙන් සංක්‍රමණය වන්නට විය.

කාලිංග මාඝගේ සේනා රට තුළට ඒම නවතාලීම පිණිස වනදුර්ග, ගිරිදුර්ග ආදී ස්වාභාවික ආරක්ෂක ස්ථානවල බලකොටු ඉදිකරගෙන ඒවා පාලනය කළ නායකයින් කිහිප දෙනෙක් විය.

* සංඛ සෙනෙවියා - මිණිපේ ගංදෙනිය පර්වතය.

* සුභ සෙනෙවියා - යාපහුව.

*බුවනෙකබාහු ආදිපාද - රුහුණේ ගෝවින්ද පර්වතය.

තුන්වන විජයබාහු රජු. (1232-1236)

දඹදෙණි රාජධානියේ ආරම්භක පාලකයා වූයේ මෙතුමාය. හෙතෙම කලක් වන්නිනායකයෙකු ලෙස කටයුතු කළ අයෙකි. වයෝවෘද්ධ අවදියේ දී රාජ්‍යත්වයට පත්වූ මෙරජුට රජකම් කළ හැකිවූයේ වසර 4ක කාලයක් පමණි .

තුන්වන විජයබාහු රජුගේ සේවාවන් .

* කාලිංග මාඝගේ ආක්‍රමණයට බියෙන් භික්ෂූන් වහන්සේලා විසින් කොත්මලේ සඟවා තිබූ දන්ත ධාතූන් වහන්සේ දඹදෙණියට වැඩමවා බෙලිගල කඳු මුඳුනේ දළදා මාළිගාවක් ඉදිකොට එහි තැම්පත් කිරීම.

* දඹදෙණියේ විජයසුන්දරාරාමය ඉදිකිරීම.

* කැලණි විහාරය ප්‍රතිසංස්කරණය කිරීම .

* බෞද්ධ පොත්පත් රචනා කිරිමට අධාර කිරීම .

* උපසම්පදා මංගල්‍ය යලි පවත්වා සංඝ සංශෝධනයක් කරවීම .

දෙවන පරාක්‍රමබාහු රජු.

තුන්වන විජයබාහු රජුගේ ජ්‍යේෂ්ඨ පුත්‍රයා වූ මෙතුමා දඹදෙණි රාජධානියේ සිටි ප්‍රබලතම පාලකයාය.කුඩා කාලයේදී රජ මාලිගාවේ ඇතිවූ කුමන්ත්‍රණයක් නිසා අගනුවරින් බැහැරව පිටිසර ගමක සැගවී සිටීමට මොහුට සිදුවූ බව ජනප්‍රවාදයේ දැක්වේ .

සංඝරක්ඛිත මාහිමියන්ගෙන් අධ්‍යාපනය හැදෑරූ පරාක්‍රමබාහු කුමරු ,

" කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත " යන උපාධි නාමයෙන් පිදුම් ලැබීය . සිංහලයේ පළමු මහා කාව්‍ය ලෙස සැලකෙන කව්සිළුමිණ මෙතුමාගේ කෘතියකි.

රටේ ඒකීය භාවය ආරක්ෂා කිරීම උදෙසා දිවිහිමියෙන් කටයුතු කළ මෙතුමා සතුරු උවදුරු කිහිපයකින් මෙරට මුදවාගනු ලැබීය.

* වසර 40ක් පුරා මෙරට දැඩි අමානුෂික පාලනයක් ගෙනගිය කාලිංග මාඝ ක්‍රි.ව.1255 දී පලවා හැරීම.

* චන්ද්‍රභානු නම් ජාවක ආක්‍රමණිකයා අවස්ථා දෙකකදී පරාජය කිරීම.

බුදු දහමේ අභිවෘද්ධිය උදෙසා විශාල සේවාවක් දෙවන පරාක්‍රමබාහු රජු විසින් සිදු කළේය .

* දඹදෙණියේ දළදා මන්දිරයක් ඉදිකොට දළදා වහන්සේ එහි තැම්පත් කිරීම.

තමන්ට කුඩාකල සිටම උදව් උපකාර කළ

දේව පතිරාජ සෙනෙවියා ලවා රට සශ්‍රීක කරලීමටද දෙවන පරාක්‍රමබාහු රජු අමතක නොකළේය .

දඹදෙණි යුගය

පහත දැක්වෙන්නේ දඹදෙණි යුගයේ රජ කළ එක් එක් රජකුගේ රාජ්‍ය කාලයයි.


තුන්වන විජයබාහු රජ - ක්‍රිස්තු වර්ෂ 1232 සිට ක්‍රිස්තු වර්ෂ 1236 දක්වා

දෙවන පරාක්‍රමබාහු රජ - ක්‍රිස්තු වර්ෂ 1236 සිට ක්‍රිස්තු වර්ෂ 1270 දක්වා

හතරවන විජයබාහු රජ - ක්‍රිස්තු වර්ෂ 1270 සිට ක්‍රිස්තු වර්ෂ 1272 දක්වා

පළමු බුවනෙකබාහු රජ - ක්‍රිස්තු වර්ෂ 1272 සිට යාපහුවට රාජධානිය ගෙන යන තෙක්


සාහිත්‍යය

විසුද්ධි මාර්ග සන්නය, කව් සිළුමිණ, සද්ධර්ම රත්නාවලිය, භෙසජ්ජමඤ්ජුසාව, සිංහල ථූප වංශය, සමන්ත කූට වර්ණනාව, පූජාවලිය, සිදත් සඟරාව හා එළු සඳෙස් ලකුණ,දෛවකාමදේනුව,හත්තවනගල්ල විහාර වංශය දඹදෙණි යුගයේ බිහි වූ ග්‍රන්ථ කිහිපයෙකි. බුත්සරණ නම් වූ ග්‍රන්ථයට පසුව බිහි වූ දහම් සරණ හාසඟ සරණ නම් වූ ග්‍රන්ථ ද දඹදෙණි යුගයේ බිහි වූ බවට අනුමාන කෙරේ.පියුම් මල නම් කෝෂ ග්‍රන්ථය ද මෙම යුගයේ බිහි විය.

සබැඳි පිටු

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

කරණිය මෙත්ත සුත්‍රයගණිකාවවිකිපීඩියාලාඕසයඋණමධ්‍යම සැකසුම් ඒකකයභික්ෂූන් වහන්සේස්වයං වින්දනයහෙළ ගණන් ක්‍රමයනාගරීකරණය - ශ්‍රී ලංකාපෝෂක පදාර්ථචතුරාර්ය සත්‍යයපුත්තාණ්ඩුසිංහල පිල්ලම්හින්දු ධර්මයශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවඅභිධර්මයකන්තලේ වැවසිංහල පදආර්ථික විද්‍යාවඅනුරාධපුර රාජධානියඅපරාධශ්‍රී ලංකාවේ පිත්තල භාණ්ඩමනෝ විශ්ලේෂණවාදයප්ලේටෝකෝට්ටේ යුගයසීගිරියේ ඉතිහාසයයුද්ධසාර ධර්මඒබ්‍රහම් ලින්කන්සිඟාලෝවාද සූත්‍රයගෞතම බුද්ධ පරිනිර්වාණයආදිවාසීන්ශ්‍රී ලංකාවේ ශිලා ලිපිඅයිසැක් නිව්ටන්ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියබෞද්ධ දිනදසුනළමා අපයෝජනයපොළොන්නරුව වටදාගෙයමහා පත්තිනි දේවාලය, නවගමුවලෝ වැඩ සඟරාවවිලියම් ෂේක්ස්පියර්ධර්ම සංගායනාකාමරංගාවික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාවඑච්.ආර්. ජෝතිපාලපාසල් උපදේශකසොලොස්මස්ථානදානයබල්ලෝදිලීරසාගර පලන්සූරියආනන්ද සමරකෝන්කුරුල්ලෝකොට්ටම්බාපළමුවන විමලධර්මසූරිය රජවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගපැපොලශ්‍රී ලංකාවේ ආදි වාසීන්පොල්පලාපාරමිතාමල්වතු ඔයසී.ඩබ්.ඩබ්. කන්නන්ගරසිංහයාතිස්ස වැව (අනුරාධපුරය)බෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයචෙස්පවුලහෝමෝ හැබිලිස්සතරවරම් දෙවිවරුඡනසංඛ්‍යා වර්ධනයසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුසාහිත්‍යයරැකියා ආතතියබුද්ධ චරිතයජාත්‍යන්තර ප්‍රමිති සංවිධානයගල් විහාරය🡆 More