තෙරේසා මවුතුමිය: Mother teresa

මරිය තෙරේසා යන නමින් ද හඳුන්වනු ලබයි.

කල්කටාවේ භාග්‍යවන්ත තෙරේසා මවුතුමිය, එම්.සී.
1989 දී තෙරේසා මවුතුමිය රැස්වීමකට සහභාගී වූ අවස්ථාවක් බොන් නගරය, බටහිර ජර්මනිය
ආගමරෝමාණු කතෝලික
Orderලොරෙටෝ සහෝදරියන්
(1928–1948)
අසරණ සරණ ධර්මදූතයෝ
(1950–1997)
පෞද්ගලික තොරතුරු
ජාතිකත්වයතුර්කි (1910-12)
සර්බියන් (1912-15)
බල්ගේරියානු(1915-18)
යුගොස්ලෝවියානු (1918-48)
ඉන්දියානු (1948-1997)
උපතAnjezë Gonxhe Bojaxhiu
26 අගෝස්තු 1910(1910-08-26)
ස්කොජියාව, කොසොවෝ වියාලේට්, තුර්කි අධිරාජ්‍යය
(නව ස්කෝජියාව, මැකඩොනියා ජනපදය)
මරණය5 September 1997(1997-09-05) (වයස 87)
Calcutta, West Bengal, India
Senior posting
පදවියන්මදර් සුපිර්යර්
Period in office
1950–1997
අනුප්‍රාප්තිකයාසහෝදරිය නිර්මලා ජෝශි, M.C.
කල්කටාවේ භාග්‍යවන්ත තෙරේසා මවුතුමිය, එම්.සී.
තෙරේසා මවුතුමිය: ජීවිතයේ මුල් අවධිය, අසරණ සරණ ධර්මදූත සේවය, ජාත්‍යන්තර මට්ටමින් ස්වෙච්ඡා සේවයෙහි
භාග්‍යවන්ත තෙරේසා මවුතුමිය පිළිරුව,ශාන්ත තෝමස් මවුන්ට්
ගරු කරනු ලබනුයේකතෝලික පල්ලිය
(මිෂනාරින්ගේ සංගමය සහ ඉන්දියාව)
භාග්‍යවත් භාවයට එසවූයේ2003 ඔක්තෝබර් 19, ශාන්ත පීටර් බැසිලිකාව, වතිකානු නගරය, දෙවන ජෝන් පාවුළු පාප් වහන්සේ විසින්
ප්‍රධාන සිද්ධස්ථානමිෂනාරි සංගමයේ මුලස්ථානය, කල්කටාව, දකුණු බෙංගාලය, ඉන්දියාව
මංගල්‍යය දිනසැප්තැම්බර් 5
අනුග්‍රාහකත්වයලෝක තාරුණ්‍යයේ දිනය

1948 සිට ඉන්දියාවේ පුරවැසියෙක් ලෙස ජීව්තයේ වැඩි කාලයක් ගත කල කල්කටාවේ ශුද්ධවූ තෙරේසා මවුතුමිය, ලෙස විරුදාවලිය ලත් ඇල්බේනියානු සම්භවයක් තිබු තෙරේසා මවුතුමිය (1910 අගෝස්තු 26 – 1997 සැප්තැම්බර් 5), රෝමානු කතෝලික ආගමික පුජාවරියක් සහ ධර්මධාරියෙකු ද වුවාය.

තෙරේසා මවුතුමිය විසින් අසරණ සරණ ධර්මධාරීහු නමින් රෝමානු කතෝලික ආගමික සභාවක් පිහිට වු අතර 2012 වන විට එහි ක්‍රියාකාරී රටවල් 133ක් සාමාජිකාවන් අතර 4500ට වැඩි වූ ආගමික පුජකවරියන් ප්‍රමාණයක් අන්තර්ගතය.ඔවුන් අසරණ පුද්ගලයින් වන HIV/AIDS අසාදිතයින් ,ලාදුරු සහ ක්ෂය රෝගයන් වැලදී සිටින පුද්ගලයින් වෙනුවෙන් ගෙවල් සහ රෝහල් වල ඇවිදිමින්, දුප්පතුන්ට ආහාර සපයන ස්ථාන,බෙහෙත් ශාලා සහ ජංගම සායන, ළමා සහ පවුල් උපදේශනා වැඩසටහන්, ළමා නිවාස; සහ පාසල්වලටද මහත් සේවයක් ඉටු කළාය.එසේම කණ්ඩායමේ සාමාජිකයින් පවිත්‍රතාව රැකගැනීම, දිළිඳුකම, කීකරු බව,සහ හතර වන පොරොන්දුව වන "දුප්පතගේත් දුප්පතුන් වෙනුවෙන් ඔවුන්ගේ ස්වෙච්චා සේවයන් කිරීම" වෙනුවෙන් ද බැදී සිටි යුතු විය.

තෙරේසා මවුතුමිය 1979 නොබෙල් සාම ත්‍යාගය ඇතුළුව අනේක විධ ගරු බුහුමන් ලැබුවෙකි.2003 වර්ෂය අග භාගයේදී ඇය භාග්‍යවන්ත තනතුරට උසස් කරනු ලැබූ අතර ඇය කතෝලික පල්ලියේ භාග්‍යවන්ත තෙරේසා මවුතුමිය ලෙසින් හැදින් වීම සඳහා දෙවන ආශ්චර්යමත් සිදුවීමක්ද අවශ්‍යව තිබුණි.

ඇයගේ ජිවිත කාලය තුළ සහ මරණයෙන් පසුවත් මතභේදයට තුඩු දුන් කරුණක් වුයේ ඇයගේ විශාල වූ ධර්ම දුත මෙහෙවර වන අතර එහෙත් විශේෂයෙන් ගබ්සාවට සහ උපත් පාලන ක්‍රම අනුගමනය කිරීමට විරුද්ධව නැගී සිටීම ඇය මහත් වශයෙන් විවේචනයට ලක් වූ කරුණක් විය.[තහවුරු කර නොමැත]

ජීවිතයේ මුල් අවධිය

තෙරේසා මවුතුමිය: ජීවිතයේ මුල් අවධිය, අසරණ සරණ ධර්මදූත සේවය, ජාත්‍යන්තර මට්ටමින් ස්වෙච්ඡා සේවයෙහි 
ඇය උපන් ස්කොජ්යාවේ පිහිටි මදර් තෙරේසා අනුස්මරණ ශාලාව.

ඇය 1910 අගෝස්තු 26 වෙනිදා ඇන්ජීස් (Anjezë Gonxhe Bojaxhiu /ඇල්බේනියානු බසින් gonxha හි තේරුම "රෝස පොහොට්ටු" හෝ "කුඩා මල" යන්නයි) නමින් උපත ලැබුවාය. සත්‍ය වශයෙන්ම ඇය තමන්ගේ ඇත්ත උපන්දිනය ලෙස සලකන්නේ ඇය බෞතිස්ම කල දිනය වන අගෝස්තු 27 වෙනිදාය. ඇයගේ උපන් දේශය ස්කොජියවයි,දැන් එය මැක්ඩොනියා (Macedonia) ජනරජයේ අගනුවරයි.

ඇය නිකොල් බොජක්ෂු සහ ඩ්රැනෆිල් බොජක්ෂු (බර්නායි) යන දෙදෙනාගේ බාල දරුවා වුවාය. 1919 දී ඇල්බියන් දේශපාලනයේ නිරත වූවෙකු වූ ඇයගේ පියා මියයන විට ඇයට වයස අවුරුදු 8 ක් වුවාය. පියාගේ මරණයෙන් පසු මව විසින් ඇය රෝමානු කතෝලිකයෙකු ලෙස හදා ගත්තාය. ඇගේ පියා නිකොල් බොජක්ෂු ,කොසොවෝහි ප්‍රිසරන් (Prizren, Kosovo) නගර වැසියෙක් වු අතර මව කොසවෝ (Kosovo)හි ඩකොවිකා (Đakovica) ගමෙහි වැසියෙක් වුවාය.

ජෝන් ග්‍රාෆ් ක්ලුකස් (Joan Graff Clucas) විසින් ලියන ලද චරිතාපදානයට අනුව, ඇග්නස් (Agnes) ඇගේ ජිවිතයේ මුල් අවධියේ දී බෙංගාලයේ මිෂනාරි ජිවිත කතා සහ ඔවුන්ගේ සේවාවන් ගැන උනන්දුවෙන් සිටි අතර වයස අවුරුදු 12 වන විට ඇය ආගමික ජිවිතයක් ගෙවිය යුතු බව අවබෝධ කරගත්තා ය. ඒ අනුව වර්ෂ 1928 අගෝස්තු 28 වැනි දින ඇය නිතරම වන්දනාව සඳහා යන බ්ලැක් මැඩෝනා පල්ලියේ යාඥා කරමින් සිටින අතර තුර ඇය තම අවසාන තීරණය ගනු ලැබුවාය.

වයස 18 දී ඇය නිවාස අතහැර ගොස් ලොරෙටෝ සහෝදරියන් සමග දර්ම දුත මෙහෙවරට සම්බන්ද වුවාය. ඊට පසු ඇය නැවත කවදාවත්ම තමන්ගේ මව සහ සහෝදරිය නොදුටුවාය.

මුලින්ම ඇය, ලොරෙටෝ කන්‍යා සොහොයුරියන් විසින් ඉන්දියානු පාසල් දරුවනට පුහුණු කරන භාෂාව වූ ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමට අයර්ලන්තයේ රත්ෆර්නම් හි ලොරෙටෝ කන්‍යාරාමයට ගියා ය.ඇය 1929 දී ඉන්දියාවට පැමිණ හිමාලය කඳු අසල වූ දාර්ජිලින්ග්හි ඇය බෙංගාලි භාෂාව ඉගෙනගත් ශාන්ත තෙරේසා පාසලෙහි ඇයගේ සාමණේර ජීවිතය ආරම්භ කළා ය. ඒ අනුව 1931 මැයි මස 24 වන දින ඇය ප්‍රථම වරට කන්‍යා සොහොයුරියක් වශයෙන් සිය ආගමික ප්‍රතිඥාව දුන්නාය.එම කාලයේදී මිෂනාරි සංගමයේ ප්‍රධානින් විසින් ඇය, Thérèse de Lisieux ලෙස නම් කල අතර ඒ වන විටත් මෙම නමින් තවත් කන්‍යා සොහොයුරියක් එහි සිටි බැවින් ඇග්නස් විසින් සිය නම තෙරේසා ලෙස භාවිතා කිරීමට තීරණය කළා ය.

1937 මැයි මස 14 වන දින පෙරදිග කල්කටාවේ ලොරෙටෝ කන්‍යාරාමයට අයත් පාසලේ ගුරුවරියක් වශයෙන් සේවය කරමින් සිටි අතරතුර ඇය උසස් තනතුරකට පත්වෙමින් සිය ප්‍රතිඥාව දුන්නාය. තෙරේසා මවුතුමිය මුළුමනින්ම වසර 20ක පමණ කාලයක් එහි සේවය කල අතර 1944 දී ඇය එහි ප්‍රධානාචාර්ය තනතුරට පත් වුවාය.

ඇය පාසලේ ඉගැන්වීම් කටයුතු මගින් සතුටක් ලැබුවත් කල්කටාවේ ඇය අවට ප්‍රදේශයේ ජිවත් වූ දුප්පතුන්ට ඇති කරදර එන්න එන්නම වැඩිවිය. තවද 1943 දී බෙංගාල දුර්භික්ෂය එම නගරයට කාලකණ්නිකම සහ මරණය ලඟා කල අතර 1946 දී හින්දු/මුස්ලිම් සැහැසිකම් වර්ධනය වූ අතර එමගින් නගරය භීතියෙන් නිමග්න විය.

අසරණ සරණ ධර්මදූත සේවය

තෙරේසා මවුතුමිය: ජීවිතයේ මුල් අවධිය, අසරණ සරණ ධර්මදූත සේවය, ජාත්‍යන්තර මට්ටමින් ස්වෙච්ඡා සේවයෙහි 
කල්කටාවේ පිහිටි අසරණ සරණ ධර්මධුත සංගමයේ මුලස්ථානය
තෙරේසා මවුතුමිය: ජීවිතයේ මුල් අවධිය, අසරණ සරණ ධර්මදූත සේවය, ජාත්‍යන්තර මට්ටමින් ස්වෙච්ඡා සේවයෙහි 
මිෂනාරි සංගමයේ කන්‍යා සොහොයුරියන් කිහිපදෙනෙකු සාම්ප්‍රදායික ඇඳුමින් සැරසී සිටින අවස්ථාවක්

1946 සැප්තැම්බර් 10 වෙනි දින ඇය දුම්රියෙන් කල්කටා සිට ඩාර්ජ්ලින් නගරයේ පිහිටි ලොරෙටෝ කන්‍යාරාමය දක්වා ගමන් කරමින් සිටින විට ඇයට දේව පණිවුඩයක් මගින් දන්වා සිටියේ කන්‍යාරාමය තුලටම කොටු නොවී ඉන් පිටතටද පැමිණ මිනිසුන්ට සේවය කරන ලෙසයි.එය අණක් විය.එසේ කිරීමට නොහැකි වීම විශ්වාසනීයත්වය කඩ කිරීමක් බවද එම පණිවුඩයේ වැඩි දුරටත් සඳහන් විය.එක් ලේඛකයෙක් ලියා තිබු අන්දමට එය අනුගමනය කිරීමෙන් ඇය කිසිවෙකුටත් නොදැනීම තෙරේසා සොයුරිය, තෙරේසා මවුතුමිය බවටද පත් වු බවය.

1948 දී චාම් කපු සාරියකින් සැරසුණු ඇය දුප්පතුන් වෙනුවෙන් ඇයගේ දර්ම දුත මෙහෙවර ආරම්භ කළාය.ඇය ඉන්දියානු පුරවැසි භාවය ලැබීමෙන් අනතුරුව මාස කිහිපයක් පැට්නා නගරයේ පිහිටි ශුද්ධ වූ පවුලේ රෝහලේ ප්‍රාථමික වෛද්‍ය පුහුණුවක් ලැබුවාය. මුලික වශයෙන් ඇය කල්කටාහි මොටිජිල් (Motijhil) නගරයේ පාසලක් ආරම්භ කළ අතර පසුව අසරණ වුවන් සහ බඩගින්නේ පෙලෙන්නන් රැකබලා ගැනීම ආරම්භ කළාය. 1949 ආරම්භ වත්ම ඇය තමන්ගේ උත්සාහයෙන් "දුප්පතුන් අතර සිටින දුප්පතුන්" සඳහා පිහිට වීමට තරුණ කාන්තාවන්ගේ කණ්ඩායමක් සහ නව ආගමික සමාජයක් නිර්මාණය කරමින් රෝගීන් සඳහා අරමුදලක් ද පිහිට වුවා ය.

මේ අවධිය වන විට ඉන්දියානු බලධාරීන්ගේ දැඩි අවධානය ඇය වෙත යොමු වී තිබු අතර එවකට ඉන්දීය අගමැතිවරයා ඇයට ස්වකීය කෘතඥතාව පල කළාය.

තෙරේසා මවුතුමිය විසින් ලියා තිබු දින සටහන් වල, ඇය ස්වකීය ජිවිතයේ මුල් කාලය තුළ අඟහිඟකම් වලින් පිරුණු අතිශය දුෂ්කර කාලයක් ගතකළ බව සඳහන් විය.එසේම දැඩි ණය බරින් හා තනිකමින් පෙලුණු ඇය කන්‍යාරාමයේ ඇති සුවපහසු ජිවිතයට යාමට සිතුනු බවත් ස්වකීය දිනපොතේ ඇය ලියා තිබුණි.ඇයගේ දින පොතේ මෙසේ සඳහන් විය:

අප ස්වාමි දරුවනන්ට අවශ්‍ය වුයේ දුගී භාවය නම් කුරුසියේ මා නිදහස් කන්‍යා සොයුරියක් ලෙස දැකීමටය. අද මම ඉන් මහත් වූ පාඩමක් ඉගෙන ගෙන තිබේ.දුගී බවේ දැඩි තාපයෙන් ඔවුන් පෙලෙන අයුරු මට අවබෝධ විය.සෙවණක් සොයාගෙන දෙපා රිදෙන තුරු ඉතා දිගු දුරක් ගමන් කල මම ඔවුන් එම ගමන යාමේ දී විඳි දුක් කෙතරම් ද යන්න වටහා ගතිමි.එහි දී දෙවියන්ගේ නියමයේ සුව පහසුව පමණක් මට පිටි වහලක් විය.'ඔබ විශ්වාසය ගැන මෙනෙහි කරන්න.එවිට සියල්ල ඔබ සතු වනු ඇත,'මගේ දේව පියාණෙනි,ඔබට ඇති අසීමිත ආදරය මතඔබෙන් ලැබෙන සෑම දෙයක්ම පිළිගනිමි.එකඳු කඳුළු බිඳුවක්වත් නොසලමි.

1950 ඔක්තෝබර් 4 වන දින වතිකානුවෙන් ඇයට ලැබුණු වර ප්‍රසාද මත අසරණයන් වෙනුවෙන් විශේෂ වැඩ පිළිවෙලක් දියත් කිරීමට ඇයට සිදු විය. එහි පරිසමාප්ත අර්ථය වුයේ බඩගින්නේ පෙළෙන්නන්,සෙවණක් නැති,ගතට වස්ත්‍රයක් නැති , අංගවිකල, අන්ධ, බිහිරි, සමාජය විසින් නොසළකා හරිනු ලැබූ පුද්ගලයන් සහ ආදරයක් පිළිසරණක් නැති සමාජයට බරක් වූ පුද්ගලයින් සොයා ඔවුන්ට පිහිට වීම යි.

එය කලකටාව තුළ සුළුවෙන් සාමාජිකයින් 13 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලෙස ආරම්භ කළ අතර, 1997 වන විට එය කන්‍යා සොහොයුරියන් 4000 කටත් වඩා වැඩි ප්‍රමාණයක් දක්වා වර්ධනය වී තිබුණු අතර එමගින් අනාථ නිවාස, ඒඩ්ස් රෝගීන් සඳහා වූ ගිලන් හල්, ලොව පුරා විහිදුනු සහනාධාර මධ්‍යස්ථාන, සහ අනාථ වුවන් රැක බලා ගැනීම, අන්ධ, අබාධිත, වයස්ගත වුවන්, මතට ඇබ්බැහි වුවන්, සහ හිසට වහලක් නැති වුවන් මෙන්ම ගංවතුර, භුමිකම්පා, වසංගත, හදිසි විපත් මගින් සහන සැලැස්වීම ආදී සේවයන් සිදුවිය.

තෙරේසා මවුතුමිය: ජීවිතයේ මුල් අවධිය, අසරණ සරණ ධර්මදූත සේවය, ජාත්‍යන්තර මට්ටමින් ස්වෙච්ඡා සේවයෙහි 
තෙරේසා මවුතුමිය විසින් ආරම්භ කල කලිඝාට් හි මරණාසන්න පුද්ගලයින් සඳහා වූ ගිලන් හලෙහි 2007 වසරේ ගත් ඡායා රූපයක් Nirmal Hriday, in Kolkata.

1952 දී තෙරේසා මවුතුමිය විසින් රජයේ අනුග්‍රහය ඇතිව කල්කටා නගරයේ පරණ හින්දු කෝවිලක මරණාසන්න පුද්ගලයින් සඳහා වූ ගිලන් ශාලාවක් ආරම්භ කළාය.එය පසුව කලිඝාට් හි ශුද්ධ වූ හදවත් ඇත්තන්ගේ නිවාස ලෙස ප්‍රසිද්ධ විය (Nirmal Hriday). මෙමෙගින් අනාථයින් ලෙස මිය යාමට සිදු වූ පුද්ගලයින්ට ගෞරවාන්විත මරණයකට හිමිකම් කිව හැකිවූ අතර මෙහි දී හින්දුන්ට ස්වකීය විශ්වාසයේ හැටියට ගංගානම් ගඟේ ජලය පානය කිරීමටත් , ඉස්ලාම් භක්තිකයන්ට කුරාණය ශ්‍රවණය කිරීමට සැලැස්වීමත් කිතුණුවන්ට ධර්මයට අනුව අවසන් වතාවන් කිරීමත් සිදු විය. ඇය කියා සිටියේ "සතුන් මෙන් ජිවත් වූ මිනිසුන්ට පසුව සමාජය විසින් සළකනු ලැබුවන් සහ දේව දුතයන් මෙන් ඉතා වාසනාවන්ත මරණයක්" හිමි වූ බවයි."

එලෙසම තෙරේසා මවුතුමිය ලාදුරු රෝගයෙන් පෙළෙන්නන් සඳහා ද ශාන්ති නගර් හි ගිලන් හලක් පිහිට වුවාය. මිෂනාරි සංගමය මගින් ද කල්කටාව පුරා ලාදුරු රෝගීන් සඳහා බෙහෙත්, වෙළුම්පටි සහ ආහාර සපයන තවත් චිකිත්සාගාර කිහිපයක් ව්‍යාප්ත කළේ ය.

මිෂනාරි සංගමයේ තවත් යහ ක්‍රියාවක් වශයෙන් 1955 දී අනාථ දරුවන් සඳහා වෙනම නිවාසයක් නිර්මල සිසු භාවන නමින් ආරම්භ විය.එය හිසට වහලක් නොමැති තරුණ පරම්පරාව වෙනුවෙන් ද, අනාථ දරුවන් වෙනුවෙන් ද වෙන් කලේ ය.

ඒ අනුව ඇයගේ අසරණයන් සඳහා වූ ව්‍යාපාරය 1960 දශකය වන විට අනාථ නිවාස, ගිළන් නිවාස,විශ්‍රාම නිවාස රාශියකින්යුතුව ඉන්දියාව පුරා විකාශනය විය.ඉන් පසු මෙහෙවර ලොව පුරා දියත් කළාය.1965 දී ඉන්දියාවෙන් පිට මුල්ම ආයතනය කන්‍යා සොහොයුරියන් 5 දෙනෙකුගෙන් වෙනිසියුලාවේ දී ආරම්භ විය. ඒ අනුව 1968 දී රෝමය, ටැන්සානියාව, ඔස්ට්‍රේලියාව යන රටවල ද ව්‍යාප්ත වූ අතර,1970 දශකය තුළ ආසියාව, අප්‍රිකාව, යුරෝපය සහ එක්සත් රාජධානිය ඇතුළු රටවල් 12ක් පුරා ව්‍යාප්ත විය.

1963 දී මිෂනාරි සංගමයේ කතෝලික පියා වරුන්ගේ සංගමය ආරම්භ විය.තෙරේසා මවුතුමියගේ සේවාව අගය කරමින් කතෝලික සහ කතෝලික නොවන අය ද ඇතුළු ව අනෙකුත් සංවිධාන වල ස්වෙච්චා සේවකයින්ගේද සහය ද ලැබුණි.1981 දී එතුමිය පුජ්‍ය පක්ෂය සඳහා ද සහන සංවිධානයක් ආරම්භ කළ අතර 1984 දී සර් ජෝෂප් ලන්ෆ්ර්ඩ් මිෂනාරි සංගමයේ කතෝලික පියවරු හා අමාත්‍ය මණ්ඩලය සමඟ එක්ව ඉහළ මට්ටමින් සහනසේවා සංවිධානයක් පිහිටුවා ගන්නා ලදී. 2007 වන විට ආසන්න වශයෙන් පියවරු 450ක් සහ කන්‍යා සොහොයුරියන් 5000ක් එක්ව,ලොව පුරා සහන සේවා 600ක් රටවල් 120ක් පුරා ව්‍යාප්ත වි තිබුණි.

ජාත්‍යන්තර මට්ටමින් ස්වෙච්ඡා සේවයෙහි

තෙරේසා මවුතුමියගේ වචන වලට අනුව ඇය කියා සිටියේ "මගේ සිරුරේ දුවන රුධිරය ඇල්බේනියානු වන අතර,පුරවැසි භාවයෙන් ඉන්දියානු වන අතර සත්‍ය වශයෙන්ම මා කතෝලික කන්‍යා සොහොයුරියක් වන අතර වචනයේ පරිසමාප්ත අර්ථයෙන් මා ජේසු සමිඳාණන්ගේ හදවතින් යුක්ත බවත්ය."

1982 වසරේ දී,බීරුට් නගරයේ අතිශය තීරණාත්මක අවධියකදී ඇය ඊශ්‍රාල සහ පලස්තීන ගරිල්ලා හමුදා අතරට පැමිණ තාවකාලික වශයෙන් ඇති කරගත් යුද්ධ මුක්ත කාල පරාසය තුළ යුද්ධයට කොටු වී සිටි ළමයින් 37ක් පමණ ප්‍රමාණයක් ඉන් මුදවාගනු ලැබුවාය. එහි දී ඇය රතු කුරුස සාමාජිකයින්ගේ සහයෝගයද ඇතිව බිහිසුණු යුද්ධ භූමි හරහා ගොස් යුද්ධයට කොටුවී සිටි එම ළමයින් බේරා ගැනීමට උනන්දු වුවාය.

1980 දශකයේ අගභාගයේදී නැගෙනහිර යුරෝපයට නිදහස් චින්තනයේ හිරු එළිය වැටෙන විට,තෙරේසා මවුතුමිය සමාජවාදී රටවලට ස්වකීය දර්ශනය පුළුල් කිරීම සඳහා ව්‍යාපෘතීන් රැසක් සිදු කරමින් මහත් පරිශ්‍රමයක් දැරුවාය.ඇය ස්වකීය අභිමතාර්ථය වූ යහපත් සමාජයක් බිහි කිරීම සඳහා ඇය විසින් පිළිගනු ලැබූ ගබ්සාව සහ දික්කසාදයට එරෙහි මතයේ දැඩිව එල්බ සිටියාය.එහිදී ඇයට දරුණු විවේචන වලට මුහුණ පෑමට සිදුවූ අතර එයට පිළිතුර වශයෙන් ඇය සිනහ මුවකින් පවසා සිටියේ "කවුරු කුමක් කීවත් ඔබ ඔබේ කාර්යය අනලස්ව කරගෙන යා යුතුය." යන්නයි.ඇය 1988 වර්ෂයේ සිදුවූ ස්පයිටැක් භුමිකම්පාව අවධියේදී ආමේනියාවේ ඇමති මණ්ඩලයේ සභාපතිවරයා වන නිකොලොයි රයිස්කොව් හමුවීමට අමතක නොකළා ය.

ඇයගේ සේවාවන් අතර දරුණු සාගතයෙන් පෙලුණු ඉතියෝපියාවේ සහ චර්නොබිල් (Chernobyl) පරමාණුක බලශක්‌ති ආයතනයේ ඇති වූ විකිරණ කාන්දු වීම නිසා අනතුරට පත්වූවන් ද,ආමේනියාවේ භූමිකම්පාවෙන් විපතට පත්වුවන්ටද එකසේ පිහිට වුවාය. 1991 වසරේදී ඇය ප්‍රථමවරට නිජබිම වන අල්බෙනියාවට පැමිණීමෙන් අනතුරුව ටිරාණා නගරයේ අසරණ වුවන් සඳහා පිහිටවන ආයතනයක් පිහිට වුවාය.

වර්ෂ 1996 වන විට,ඇය නොයෙකුත් සහනාධාර කටයුතු සඳහා අවස්ථා 517කදි රටවල් 100කට වැඩි ගණනක සංචාරය කර තිබුනා ය. නොබෝ කලකින් තෙරේසා මවුතුමියගේ අනාථයින් සඳහා වූ ආයතනයේ සාමාජිකයින් 12 සිට දහස් ගණනක් දක්වා වූ පිරිසකට සහන සලසන ලොව පුරා මධ්‍යස්ථාන 450ක් දක්වා ව්‍යාප්ත විය.මෙහි ප්‍රථම ඇමෙරිකානු සහනාධාර ආයතනය නිව්යෝර්ක් නගරයේ දකුණු දිග බ්‍රොන්ක්ස්(bronx) ප්‍රාන්තයේ පිහිට වූ අතර 1984 වර්ෂය වන විට එය රට තුළ ආයතන 19ක් ක්‍රියාත්මක විය. තෙරේසා මවුත්මිය ව්‍යක්ත ලෙස භාෂා 5ක් දැන සිටියාය. බෙංගාලි, ඇල්බේනියානු, සර්බියන්, ඉංග්‍රීසි, සහ හින්දු.

ශරීර සෞබ්‍යය දුර්වලවීම සහ මරණය

වර්ෂ 1983 රෝමයේ දී දෙවන ජෝන් පාවුළු පාප් වහන්සේ බැහැ දැකීමට ගොස් සිටියදී තෙරේසා මවුතුමිය හෘද්‍යාබාදයකට ලක් වුවාය.1989 දී දෙවන වරටත් ඇය හෘද්‍යාබධයකට ලක් වූ පසු ඇයට කෘතීම හෘද ස්පන්ධන උපකරණයක් ලැබිණි.එහෙත් 1991 දී බලවත් නිවුමෝනියා රෝගයකින් පෙලුණු ඇයට හෘද රෝගයද බලවත් විය.එහි දී ඇය මිෂනාරීන්ගේ සංගමයේ අධිපති තනතුරෙන්,ඉල්ලා අස්වීමට තැත් කලද,අනෙකුත් කන්‍යා සොහොයුරියන් රහසිගතව පැවැත් වූ ඡන්දයකින් ඇය එහි තව දුරටත් රැඳී සිටිය යුතු බව තීරණය කෙරුණු හෙයින් එයට ඇය එකඟ වුවාය.

1996 අප්‍රේල් මස සිදුවූ වැටීමකින් ඇයගේ උරහිස් ඇටය බිඳී ගියේය.අගෝස්තු මස ඇය මැලේරියා රෝගයෙන් පීඩා විඳි අතර හෘදයේ වම් කුටීරයේ ක්‍රියාකාරිත්වයද අඩපණ විය. ඇයට හදවත් සැත්කමක් කලද ඇගේ සෞඛ්‍යය පිරිහෙන බව සියල්ලන්ටම පැහැදිලි විය.කල්කටාවේ අගරදගුරු හෙන්රි සෙබෙස්තියන් ද සොයිසා පැවසුවේ තෙරේසා මවුතුමියව හදවත් රෝගය හේතුවෙන් ප්‍රථම වරට රෝහල් ගත කල අවස්ථාවේදී,ඇයගේ අනු දැනුමද ඇතිව ඔහු මන්තරගුරුකම් කිරීමට දේවගැති වරයෙකුද ගෙන්වූ බවය.මන්දයත් ඔහු සිතා ඇත්තේ ඇය යක්ෂයන්ගේ බලපෑමට ලක්ව ඇති හෙයින් මෙසේ සිදුවන බැවුය.

1997 දී ඇය මිෂනාරීන්ගේ සංගමයේ ප්‍රධාන තනතුරින් ඉවත් වුවාය.ඇය 1997 සැප්තැම්බර් 5 වෙනි දින මිය ගියාය.

ඇයගේ මරණය සිදුවූ කාලයේ තෙරේසා මවුතුමියගේ මිෂනාරි ව්‍යාපාරයේ 4000කට අධික කන්‍යා සොහොයුරියන් ප්‍රමාණයක්ද,සාමාජිකයින් 300කගෙන් යුත් සහෝදර සංගමයක්ද පැවති අතර,එමගින් රටවල් 123ක විවිධ වූ කර්තව්‍යන් 610ක් සිදු කෙරෙමින් තිබිණි. මෙයට ගිලන්හල් සහ HIV ආබාධිතයන්ට ලාදුරු රෝගීන්ට හා ක්ෂය රෝගීන්ට නිවාස,දුප්පතුන්ට ආහාර සපයන ස්ථාන,ළමා හා පවුල් උපදේශක වැඩසටහන්,පුද්ගලික උපකාරයන් , අනාථ නිවාස සහ පාසල් ඇතුලත් විය.වර්ෂ 1990 වනවිට මිෂනාරීන්ගේ සංගමයට මිලියනයකට වඩා වූ අනෙකුත් සේවකයන්ගේ උපකාරද හිමිවිය.

1997 සැප්තැම්බර් මස තෙරේසා මවුතුමියගේ දේහය අදාහනයට පෙර, කල්කටාවේ ශාන්ත තෝමස් දෙව්මැදුර හි මහජන ගෞරව පිණිස සතියක් පමණ ප්‍රදර්ශණය කෙරිණි.ඇය ඉන්දියාවේ දුප්පතුන් වෙනුවෙන් කල සේවය ඇගයීමක් වශයෙන් ඉන්දියානු රජය විසින් රාජ්‍ය ගෞරව සහිතව ඇගේ අවසන් කටයුතු කළේය.ගිහි පැවිදි දෙපිරිසම ඇගේ අභාවය හේතුවෙන් බෙහෙවින් කම්පා වුහ.එවකට පකිස්ථානයේ අග්‍රාමාත්‍ය Nawaz Sharif, ඇය සිහිපත් කරමින් පැවසු වදන් මෙසේය." ඇය බොහෝ දුර්ලභ සහ අසමසම පුද්ගලයෙක් වන අතර උසස් අරමුණක් උදෙසා දිගු දිවියක් ගතකල අයෙකි.ඇගේ මුළු දිවියේම,දුප්පත්,රෝගී හා අසරණ පුද්ගලයන්ට කල සේවය හා කැපවීම මුළු මහත් මනුෂ්‍ය වර්ගයාටම කළ උසස්ම උපකාරයට උදාහරණයකි." එක්සත් ජාතීන්ගේ සංගමයේ එවකට ලේකම්,ජෙනරාල් Javier Pérez de Cuéllar පැවසුවේ මෙසේය."ඇය මුළු මහත් එක්සත් ජාතීන්ගේ සංගමයයි.ඇය ලෝක සාමයයි.

හඳුනා ගැනීම සහ පිළිගැනීම

ඉන්දියාව තුළ

තෙරේසා මවුතුමියගේ සේවය ඇගයීමට ලක්කිරීම සඳහා 1962 දී පද්ම ශ්‍රී සම්මානයෙන්ද 1969 දී ජවහර්ලාල් නේරු අන්තර්ජාතික සම්මානයෙන් ද 1980 දී භාරතරත්න සම්මානයෙන් ද පිදුම් ලද අතර ඉන්දියානු රාජ්‍ය සේවයේ සිවිල් නිලධාරියෙකු වූ නාවින් චව්ලා විසින් ඇගේ චරිතාපදානය 1992 දී එලි දක්වන ලදී.

වර්ෂ 2010 අගෝස්තු 28 වන දින වන විට ඉන්දීය රජය විසින් ඇගේ සියවෙනි අනුස්මරණය වෙනුවෙන් විශේෂ රුපියල් පහේ කාසියක් එලි දැක්වුවා ය.එමෙන්ම ජනාධිපති ප්‍රතිභා පටෙල් ඇය වෙනුවෙන් විශේෂ ගෞරවයෙන් යුතු දේශනයක් ද කළා ය.

එහෙත් ඇතැම් ඉන්දියානු විචාරකයින්ගේ නොමඳ විවේචනයට ලක් වුවාය.භාරත ජනතා පක්ෂයේ නිබඳ දෝෂාරෝපණයට ද ඇය ලක් වුවාය. එයට හේතුව ඇය හින්දු දර්ශනයට පටහැනිව ක්‍රියා කල නිසාය..

ඉන්දියාවෙන් පිට

තෙරේසා මවුතුමිය: ජීවිතයේ මුල් අවධිය, අසරණ සරණ ධර්මදූත සේවය, ජාත්‍යන්තර මට්ටමින් ස්වෙච්ඡා සේවයෙහි 
1985 වසරේ ධවල මන්දිරයේ පැවති උත්සවයක දී ජනාධිපති රොනල්ඩ් රේගන් විසින් තෙරේසා මවුතුමිය නිදහස වෙනුවෙන් කළ කැපවීම වෙනුවෙන් ජනාධිපති සම්මානය පුද කළ අවස්ථාව

ඇය 1962 දී දකුණු සහ පෙරදිග ආසියාවේ දුප්පත් ජනයා වෙනුවෙන් කල සේවයට රේමන් මැග්සෙසේ සම්මානයෙන් ද පිදුම් ලැබූවේය. 1970 දශකයේ මුල් භාගය වන විට ජාත්‍යන්තර වශයෙන් ඇය මහත් කීර්තියක් ලබා සිටියාය. ඒ අතර 1969 දී ඇගේ සේවය ගැන ලියවුණු වෘතාන්ත චිත්‍රපටයකද තිරගත විය.

මේ අවධිය වන විට කතෝලික ජනයා අතර එතුමිය මහත් ගෞරවයට පත්ව සිටියාය. 1971 දී 6 වන පාප්තුමා විසින් ඇයට 23 වන ජෝන් පාප් සාම ත්‍යාගය පිරිනමන ලදී.තුමාගේ සම්මානයෙන්ද පිදුම් ලැබුවාය. 1976 දී ඇය පේසම් ඉන් ටෙරිස් සම්මානයෙන් ද පිදුම් ලැබුවා ය.

තෙරේසා මවුතුමිය විවිධ රාජ්‍ය හා ගෞරව සම්මානයන්ගෙන් පිදුම් ලැබිය.1982 වසරේදී ඇයගේ ඕස්ට්‍රේලියානු මහජනයාට කල සේවය වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ගරු පුරවැසිභාවයද හිමි විය. "තවද 1983 දී එක්සත් රාජධානියේ සහ එක්සත් රාජ්‍යයේ නැවත නැවතත් සම්මානයන්ට ප්‍රාප්ත විය.එමෙන්ම 1993 නොවැම්බර් 16 දින ඇමරිකානු ගෞරව පුරවැසි භාවයද හිමිවිය. 1994 දී එතුමියගේ නිජබිම ඇයට ජාතියේ ගෞරව රන් සම්මානය පුද කළා ය.

බටහිර සහ ඉන්දියානු විශ්වවිද්‍යාල විසින් ඇයට ගෞරව උපාධි පිරිනැමුවා ය. ඇයගේ මනුෂ්‍යත්වය වෙනුවෙන් 1978 දී බෑල්සන් ත්‍යාගය ද අනෙකුත් සාමාන්‍ය සම්මාන අතරට එක් විය.

1979 දී තෙරේසා මවුතුමිය සාමය වෙනුවෙන් සහ දුප්පතුන් වෙනුවෙන් කල සේවය වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබිය. ඇයගේ නොබෙල් දේශනයේදී ඇය තවදුරටත් පවසා සිටියේ ඇය බඩගින්න සම්පුර්ණයෙන්ම තුරන් කරලු බවත් එය ලෙහිසි පහසු කාර්යයක් නොවූ බවත් ය.

ඇයගේ ජිවිත කාලය තුළ තෙරේසා මවුතුමිය විසින් කාන්තාවන් 10 දෙනෙකු අතරින් වසර 18 ක් ගල්ලුප් සංගමය විසින් පිරිනමන උතුම් කාන්තාවට හිමි සම්මානයෙන් පිදුම් ලැබු අතර 1999 දී ලැයිස්තුවේ 1 වන තැනට පත් වුනාය.

විවේචනය

1979 දී නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබීමෙන් පසු ඇය උප්පත්ති පාලනය හා ගබ්සා සම්බන්ධයෙන් දරනු ලැබූ මත සම්බන්ධයෙන් දරුණු ලෙස විවේචන වලට මුහුණ පෑවා ය.තෙරේසා මවුතුමිය විසින් ගබ්සාවන් නැවතීමට සහ උපත් පාලන වලට එරෙහිව ඇගේ ඉගැන්වීම් සඳහා ඇය තම ප්‍රසිද්ධිය ප්‍රයෝජනයට ගන්නවා යැයි ඇය සමාජය තුළ මහත් විවේචනයට ලක් විය.

ඇයට එල්ල වූ චෝදනා තිබුන ද තව මිනිසුන්ගේ නොමඳ සහය සහ පරිත්‍යාගයන් තව දුරටත් ලැබුණි. තව ද බෙංගාලයේ ඇතැම් විවේචකයින් විසින් එතුමිය ජාත්‍යන්තරව ලැබූ ප්‍රසිද්ධිය අයුතු ප්‍රයෝජනයට ගනිමින් ඇය පිලිබඳ කල්කටාවේ ප්‍රතිරූපය පහතට ඇද දැමීමට උත්සාහ කළහ.

ඇයට එල්ල වූ දෝෂාරෝපණ සම්බන්ධයෙන් ඇය දැන සිටි අතර ඇය ඒ සියල්ල භාර ගනු ලැබුවාය. එනම් එක්තරා අවස්ථාවකදී 1981 මුල් භාගයේ හයිටි ප්‍රදේශයේ සිදුවූ මුදල් සොරකමක් ඇය දැන සිටි අතර ඒ පිලිබඳ ප්‍රකාශ කර සිටි අවස්ථාවේ දී ඒකාධිපති පාලනය විසින් අල්ලස් ඉල්ලා සිටියා ය.

ධනය සහ පරිත්‍යාග වැඩිවත්ම ඇය වෙත ලැබෙන දුක් ගැනවිලි ද එන්න එන්නම වැඩි විය.අනෙක් අතට ගත් කළ,ඔවුන්ට එකතු වුණු මුදල් වලින් වැඩි ප්‍රමාණයක් එක්සත් රාජ්‍යයේ පොලී රහිත ගිණුම් වල කිරීම හා මිෂනාරී කර්තව්‍යයන් වැඩි දියුණු කිරීම සඳහා නව කන්‍යාරාම විවෘත කිරීමටත්, තවත් කොටසක් මරණාසන්න පුද්ගලයින් සඳහා වූ නිවසේ චාම් නඩත්තු කටයුතු සඳහා ද වියදම් කළෝ ය.මේ අතර ඔවුන් පවසා සිටියේ කවුරු මොන තරම් එදිරිවාදීකම් කළ ද අසරණයන් ට යෑමට මෙතරම් සුදුසු මෙවැනි ස්ථානයක් වෙන කොතැනකවත් නොමැති බවයි.

ඇය විවේචනයට ලක් වූ තවත් කරුණක් නම් දුක්විඳින්නන් පිලිබඳ දැරූ මතය යි.ඇයට දැනුනේ දුක් විඳිම මගින් ජනයා ජේසුතුමා වෙතට රැගෙන යන බව යි. තෙරේසා මවුතුමියගේ දර්ශනයට අනුව, එය 'දුකින් පෙලෙන්නන් වෙත ජේසු සමිඳානන් ළඟා වීම ඔවුන්ට ලැබුනු ඉතාමත් ලස්සන ත්‍යාගයක්' විය."

ඇය ශුද්ධ නිවස්නය බටහිර ආරයේ රෝහලක් බවට හැරවීම හෝ කල්කටාවේ උසස්-තාක්ෂණ වෛද්‍ය පහසුකම් සඳහා පරිත්‍යාගශිලින්ගෙන් මුදල් ඉල්ලා නොසිටි බවටද විවේචකයින් චෝදනා එල්ල කළෝ ය. 1990 දශකය මද භාගයේදී බටහිර වෛද්‍ය මුද්‍රණාලයක ලේඛකයන් දෙදෙනෙකු, විදිමත් රෝග විනිශ්චය සහ ශක්තිමත් නිර්වින්දක වැනි නවීන වෛද්‍ය ආරක්ෂක උපාංග භාවිතය නොසළකා අසනිපයන් හා දුක් විඳිමට ඇයට විරුද්ධව ලියා තිබුණි. ඇයගේ ආරක්ෂකයින් පවසා සිටියේ එම නිවසේ වෙසෙන්නන්ට ප්‍රථමාධාර පිරිනැමීමට අයිතිවාසිකමක් නොමැති අතර, අසරණ වුවන්ට මෙම ස්ථානය හැරෙන්න වෙන යාමට මිට වඩා සුදුසු තැනක් නොමැති බව යි. බාධක වලින් මිදී රෝගීන් සඳහා වේදනාව නැති කිරීමට උසස් තාක්ෂණය සහ විශේෂඥවරු අවශ්‍ය වූ අතර තෙරේසා මවුතුමියගේ අභාවයෙන් වසර 10කටත් පමණ පසු මෙම ගැටළු තවත් උග්‍ර අතට හැරුණාය. මරණාසන්න පුද්ගලයින් සඳහා වූ නිවස්නය දුක්මුසු ස්ථානයක් නොව, සතුට රැඳී ස්ථානයක් බවට ස්වේච්ඡා සේවකයින්ගේ(බටහිර වෛද්‍ය සුදුසුකම් සහ අත්දැකීම් සහිත) වාර්තාවල සඳහන් විය. "ඉන්දියාව තුළ වේදනාවට සහනය නව මතයක්", බවත් "වේදනා නාශක භාවිතා කෙරුනේ 1997 සිට පමණක් " බවත් වර්ෂ 2001 දක්වා කරන ලද පර්යේෂණ වලට අනුව සනාථ විය. එමගින් 2012 වර්ෂයේ දී පමණක් බටහිර බෙංගාල රජය විසින් අවසාන වශයෙන් සංශෝධනය කල අදාළ රෙගුලාසි ලිහිල් කිරීම මගින් "අතමිට සරුවීම, ගමනාගමනය, මිළදී ගැනීම්, විකිණීම්,සහ රාජ්‍යයන් අතර නිර්වින්දක හුවමාරුව ද, 'පිළිගත් වෛද්‍ය ආයතන' මගින් නිර්වින්දක පිළියෙළ කිරීම ද සිදු විය."

කෙසේ වෙතත් සියල්ල ප්‍රායෝගිකව සිදුවුව ද,ඇයට වැළඳී තිබු ඇයගේ මරණයට හේතුවූ හදවත් රෝගය උග්‍ර වීම ඇයගේ මුරණ්ඩු භාවයට සාක්ෂි සපයන අතර,මිෂනාරි සංගමය සම්බන්ධ කරුණු ඇයගේ ක්‍රියාකාරී ජීවිතය දීර්ඝ කිරීමට පෙලඹවූ නමුත් එය ප්‍රතික්ෂේප විය. ඇය තමන්ගේ බරපතල වයසට එළඹ ඇති බැවින් සුපිරියර් ජෙනරල් තනතුරෙන් ඉවත් වීමට තැත් කල ද,කන්‍යා සොහොයුරියන් එක්ව ඒකමතික ඡන්දයකින් නැවත ඇය එම තනතුරට තෝරා පත් කරගනු ලැබුවේ 1990 දිය. ඒ වනවිටත් ඇයට වයස අවුරුදු 80ක් විය.

ආධ්‍යාත්මික ජීවිතය

ඇයගේ ක්‍රියාවන් සහ ජයග්‍රහණයක් සළකා බලමින් දෙවන ජෝන් පාවුළු පාප් වහන්සේ අසා සිටියේ: "කොහෙන්ද තෙරේසා මවුතුමිය ශක්තිය සහ දැඩි උත්සාහය සොයාගත්තේ ඇය විසින් සම්පුර්ණයෙන්ම අන්‍යන්ට සේවය කිරීමට? ඇය එය සොයාගත්තේ යාඥා කිරීමෙන් සහ ජේසුස් වහන්සේගේ ශුද්ධ වූ මුහුණින් සහ පාරිශුද්ධ වූ හදවතිනි." පෞද්ගලිකව, තෙරේසා මවුතුමිය, තම ජිවිතයේ අවසන් වසර 50ක කාලය තුළ ඇයගේ ආගමික විශ්වාසයන් සම්බන්ධයෙන් වාද විවාද හා ගැටුම් මගින් අත්දැකීම් ලබා තිබුණා.තව ද ඒ වන විට ගරු බ්‍රයන් කොලොඩිජැක් පවසන අන්දමට ඇයගේ මතය අනුව, "කුමක් නමුත් දෙවියන් කවදාවත් පෙනී නොසිටින බවත්", "හිතින්වත් එසේ නොවන බවත් ය." තෙරේසා මවුතුමිය ප්‍රකාශ කලේ දෙවියන්ගේ පැවැත්ම පිළිබඳ බලවත් සැකයක් ඇති වුයේ ඇයගේ ශ්‍රද්ධාව අඩු බැවින් යනුවෙනුයි:

කොහෙද මගේ ශ්‍රද්ධාව? ගැඹුරුම වුවත් ... හිස්බව සහ අඳුර හැරෙන්නට කිසිවක් නොමැත ... දෙවියන් එහි සිටිත්නම්-කරුණාකර මට සමාවුව මැනවි. මම මගේ සිතුවිලි ස්වර්ගය වෙත ඔසවා තැබීමට උත්සාහ දැරුව ද, මෙතරම් හිස්බවින් මගේ සිතට හැඟෙන්නේ තියුණු පිහියකින් මගේ හදවතය අනිනවා වැනි සහ මගේ මුළු ආත්මයම රිදුම් දෙන්නක් වැනි ය ... කොතරම් වේදනාත්මකද මෙම නොහැඟෙන වේදනාව-මට කිසිම ශ්‍රද්ධාවක් නැත. පසුබැස්ම, හිස් බව, ශ්‍රද්ධාවක් නැත, ආදරයක් නැත, උද්‍යෝගයක් නැත, ... මොකටද මම සේවය කරන්නේ? දෙවියන් යනුවෙන් කෙනෙක් නොවේනම්, ආත්මයක් ද තිබිය නොහැක. ආත්මයක් නොමැතිනම්, ජේසුනි, ඔබ ද සත්‍යක් නොවේ.

තෙරේසා මවුතුමිය: ජීවිතයේ මුල් අවධිය, අසරණ සරණ ධර්මදූත සේවය, ජාත්‍යන්තර මට්ටමින් ස්වෙච්ඡා සේවයෙහි 
තෙරේසා මවුතුමිය වෙනුවෙන් පුජා කළ ඵලකය, වෙන්චෙස්ලස් චතුරශ්‍රය, චෙකොස්ලෝවැකියාව.

ඉහත වදන් විමසා බැලීමෙන් ගරු බ්‍රයන් කොලොඩිජැක් පවසා සිටියේ , ඇයගේ සත්‍ය භාවය වෙනුවෙන් සාක්ෂි එකතු කරන් නිළ පුද්ගලයා කියා සිටියේ සමහරු ඇයගේ අදහස වැරදි ලෙස වටහා ගෙන ඇති බවට ඔහුට හැඟෙන බව ද, නමුත් ඇය දෙවියන් වහන්සේට කැපවී සිටි කාලයේ ඇයගේ දෙවියන් කෙරෙහි ශ්‍රද්ධාව තිබු බවත් එකල්හි ඇය දෙවියන්ගේ පැවැත්ම පිලිබඳ ප්‍රශ්න නොකළ බවත් ය. අනෙකුත් බොහොමයක් ශාන්තුවරයන් ද ආධ්‍යාත්මික ශුෂ්ක බව සඳහා ඊට සමාන වූ අත්දැකීම් ලබා තිබු අතර, කතෝලිකයන්ට අනුව එක කර්මය නිසා බලපානු ලබයි.එමෙන්ම, තෙරේසා මවුතුමිය ලෙස නම ඇති තැනැත්තා,( St. Therese of Lisieux) "හිස් බවේ රාත්‍රියක් " ලෙස කියැවේ. සමහර තැනැත්තන්ගේ වැරදි සහගත විශ්වාසයන්ට අනුව ඇය ශාන්තුවරියක් බවට ප්‍රකාශයන් කර තිබුණත්, නිවැරදි වන්නේ එයට ප්‍රති විරුද්ධ දෙයයි; අත්දැකීම් සමඟ සසඳද්දී මුනිවරයින්ගේ නාමාවලියට ඇතුලත් වීමට ඉතා සුදුසු ය.

විවිධ අවිශ්වාස වලින් වසර 10කට පසුව,ඇදහිල්ල නැවත අළුත් වූ බව තෙරේසා මවුතුමිය පවසා සිටියා ය.1958 වසරේ 12 වන පියස් පාප් වහන්සේගේ මරණය සිදු වූ කාලයේ ඔහුගේ අවසන් පුජාවේ යාඥාවට සහභාගී වූ අතර, ඇය පවසා සිටියේ ඇය "විශාල අඳුරක් විසින් ඇය වෙළාගෙන ඇති බවත්:එය විශාල වේදනාවක් බවත් ය." කොහොම නමුත්, සති 5කට පසු , ඇය විස්තර කළ අන්දමට ඇයට විශ්වාස කිරීමට අපහසු තත්වයක් ඇතිවී තිබුණි.

ඇය අවුරුදු 66ක කාලයක් පුරාවට තමන්ගේ ප්‍රධානින් වෙත ඇයගේ පාපොච්චාරණය කරමින් ලිපි ලීවා ය. ඇය තමන් ලියන ලද ලිපි විනාශ කරන මෙන් ඉල්ලා සිටි අතර,එසේ නොවුනොත් "මිනිසුන් මා පිලිබඳ දෙවියන්ට වඩා වැඩි ඇල්මක් දක්වා වි" යනුවෙන් ඇය වැඩි දුරටත් සඳහන් කර සිටියා ය.කොහොම නමුත්, මෙම ඉල්ලීමට විරෝධය පළ කර තිබිය දීත්, එම ලිපි එකතු කර තෙරේසා මවුතුමිය: එන්න මට ආලෝකය වන්න (ඩබල්ඩේ) යනුවෙන් ග්‍රන්ථයක් ද සම්පාදනය කර තිබුණි. තව ද ආගමට සම්බන්ධ මිතුරෙකු වන ගරු.මයිකල් වන් ඩර් පීට්ඉන් (Michael van der PeetIn) වෙත ප්‍රසිද්ධියේ ලබා දී තිබු ලිපියක ඇය සඳහන් කර තිබුනේ, "ජේසු සමිඳා ඔබට මහත් ලෙස ආදරය කරයි.නමුත් මා වෙනුවෙන් නිහඬව ඉන්න එය උතුම් දෙයකි.තව ද මම බැලු නමුත් නොදුටු, මම සවන් දුන් නමුත් නොඇසුණු,මම දිව සෙලවූ නමුත් කතා කර ගැනීමට නොහැකිවූ අතර ... මට අවශ්‍ය වන්නේ නුඹලා මා වෙනුවෙන් යාඥා කිරීමයි.ඒ මක්නිසාදයත් මම ඔහුගේ අත් නිදහස් වීමට ඉඩ හැරීමට අවශ්‍ය බැවිනි."

16 වැනි බෙනඩික් පාප්තුමා වන ඩයස් කැරිට්ස් ඊස්ට්ගේ මහජනයා දැනගනු වස් කල්කටාවේ තෙරේසා මවුතුමිය පිලිබඳ 3 වතාවක් ප්‍රකාශ කරමින් කියා සිටියේ එතුමන් ද ඇයගේ ජීවිතයේ යම් යම් කරුණු ආදර්ශයට ගන්නා බව ය.ඔහු වැඩි දුරටත් පවසා සිටියේ "භාග්‍යවන්ත තෙරේසා මවුතුමියගේ උදාහරණයකට අනුව දෙවියන් වෙනුවෙන් යාඥා කිරීමට කාලය කැපකිරීමෙන් අපට පැහැදිලි චිත්‍රයක් මැවිලා තිබුනත් එය ඵලදායි නොවන උද්‍යෝගය හීන වන දෙයක් වුවත් අපේ අසල්වාසීන්ට සේවය කිරීමෙන් හා ආදරය කිරීම ඉතා වටිනා දෙයක් " බවයි. තෙරේසා මවුතුමිය කියා නිරුපණය කළ අන්දමට "එය හුදෙක් මනසින් කරන යාඥාවක් හෝ ආගම කියවීමක් පමණක් නොව එමගින් යාඥාවේ ආනිසංස ද වර්ධනය කර ගත හැකි බවයි."

තෙරේසා මවුතුමියගේ පාලනය සහ ප්‍රැන්සිස්තුමන්ගේ පාලනය අතර ඍජු සම්බන්ධයක් නොමැති වුවත්, ඇස්සිසි හි ශාන්ත ප්‍රැන්සිස් තුමා ඇය උතුම් ලෙස ගරුකරන්නෙකු විය. එපරිද්දෙන්, ඇයගේ පාලනය සහ ජීවිතය, ප්‍රැන්සිස් තුමාගේ ආගමික පාලනය ලෙස ගෙන ගියේය.මිෂනාරි ව්‍යාපාරයට සම්බන්ධ කන්‍යා සොහොයුරියන් සෑම උදැසනකම ශාන්ත ප්‍රැන්සිස් තුමාගේ සාම යාඥා හඬ නගා කට පාඩම් කළ අතර බොහොමයක් පොරොන්දු සහ යැදීම් ඇයගේ යාඥාවේ පොරොන්දු සමඟ සමාන විය.ශාන්ත ප්‍රැන්සිස් තුමා දුගී බව, බ්‍රහ්මචර්යාව, කීකරු බව සහ ජෙසුතුමාට යටත් වීම පිලිබඳ අවධාරණයෙන් කියා සිටියා ය. ඔහු ද තම ජීවිතය දුප්පතුන් වෙනුවෙන් විශාල සේවයක් කිරීමට කැප කළ අතර, විශේෂයෙන් ඔහු ජිවත් වූ ප්‍රදේශයේ වූ ලාදුරු රෝගීන් වෙනුවෙන් මහත් ලෙස කල විය.

ශාන්තුවරිය පිලිබඳ ඇදහිය නොහැකි වෘතාන්ත

1997 දී තෙරේසා මවුතුමියගේ අභාවයෙන් පසු, තීරණාත්මක වුත් අතිශයින් දුෂ්කර වුත් තෙවෙනි අවධියක් ලෙස එතුමියගේ මාර්ගෝපදේශකත්වයන් මත පදනම් වූ නව යුගයක ආරම්භය සනිටුහන් විය.

වර්ෂ 2002 දී, මොනිකා බෙස්රා නම් ඉන්දියානු කාන්තාවකගේ ආමාශයේ හටගත් ආබාධයක්,තෙරේසා මවුතුමියගේ පිළිරුවක් සහිත මාල පෙත්තක් පැළඳ සිටීමෙන් සුව අතට හැරුණි.ඇය ප්‍රකාශ කරන අන්දමට , එතුමියගේ පිළිරුව මගින් විහිදුනු ආලෝක කදම්භයක් මගින් එම පිලිකාමය තත්වයේ තිබු ගැටිත්ත සුව වූ බවය. එහෙත් වෛද්‍ය වාර්තාවන් සහ මුලිකවම බෙස්රා නැමැත්තියගේ ස්වාමි පුරුෂයා විසින් කියා සිටියේ සාම්ප්‍රදායික වෛද්‍ය ප්‍රතිකාර මගින් මෙය සුව වූ බවය. වෛද්‍ය රංජන් මුස්ටෆි විසින් The New York Times පුවත් පතට කියා සිටියේ ඇයගේ අමාශයේ ඇතිවී තිබුනේ පිළිකාමය තත්වයක් නොව ක්ෂය රෝගය නිසා හටගත් විෂ ගෙඩියක් බවයි.ඔහු තව දුරටත් ප්‍රකාශ කර සිටියේ ඇය මාස 9ක් වෛද්‍ය ප්‍රතිකාර ලබාගත් අතර එය තෙරේසා මවුතුමියගේ ආනුභාවය නිසා සිදු වුවක් නොවන බවයි.

මෙම කරුණු සම්බන්ධයෙන්,ඇය ප්‍රතිකාර ලැබූ රෝහල වූ Balurghat රෝහලේ නිලධාරින් කියා සිටියේ,මෙහි දී Betta කන්‍යා සොහොයුරිය ඇතුළු එම මිෂනාරි කතෝලික පල්ලිය විසින් මෙම වාර්තා තබාගෙන සිටින අතර,රෝහලේ කාර්ය මණ්ඩලයට මෙය ප්‍රාතිහාර්යක් නිසා සිදුවූවක් බවට ප්‍රකාශ කරන ලෙස බලපෑම් එල්ල වූ බවයි.

කෙසේ වෙතත් තෙරේසා මවුතුමියගේ මෙම සුව කිරීමේ ප්‍රාතිහාර්යමය තත්වය ගැන කතෝලික පල්ලියේ ප්‍රධාන පාලක මණ්ඩලය විසින් ප්‍රසිද්ධ කරනු ලැබූ සහ නොලැබූ වාර්තාවන් ඇසුරෙන් මෙම ආරෝපණය සිදු කර ඇත.ඔවුන්ගේ ප්‍රකාශයන්ට අනුව තෙරේසා මවුතුමියගේ කරුණු සම්බන්ධයෙන් ඔවුන් විසින් කරන ලද පරීක්ෂණයන්ට අනුව , ශාන්තුවරයන්ගේ කමිටුවේ බලපෑම් හා සසඳා බැලීමේ දී කිසිඳු අහිතකර බලපෑම් තත්වයක් ඇයගේ සුවකිරීම් තත්වයට අභියෝග වශයෙන් පිළිගත නොහැකි බවයි.කෙසේ වෙතත් ඇයට එල්ල වූ විවේචන මත පදනම් කරගත් ඇතැම් ලේඛකයන් කියා සිටියේ ඇය හාත්පසින්ම වෙනස් වූ චරිතයක් බවයි. කෙසේ වෙතත් ඇය ශාන්තුවරියක් වශයෙන් ප්‍රසිද්ධියට පත් වීම සඳහා අනාගතයේ දී දෙවන ප්‍රාතිහාර්යයක්ද සිදුවිය යුතු ය.

උරුමය සහ සංස්කෘතිය

අනුස්මරණෝත්සවය

තෙරේසා මවුතුමිය: ජීවිතයේ මුල් අවධිය, අසරණ සරණ ධර්මදූත සේවය, ජාත්‍යන්තර මට්ටමින් ස්වෙච්ඡා සේවයෙහි 
ටිරාණා හි මදර් තෙරේසා ජාත්‍යන්තර ගුවන්තොටුපල.

තෙරේසා මවුතුමිය සඳහා විවිධ වූ අනුස්මරණ අවස්ථාවන් පැවැතුණි. කෞතුකාගාර වලට ඇයගේ සිහිවටන ප්‍රධානය කර තිබු අතර,විවිධ පල්ලි වල අනුශාෂිකාව වශයෙන් නම් වූ අතර, ඇල්බේනියාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපල ඇතුළුව විවිධ මාර්ග පවා ඇයගේ නමින් හැඳින් විය. ඔක්තෝබර් 19 දින මදර් තෙරේසා දිනය (Dita e Nënë Terezës) වශයෙන් ද එදින ඇල්බේනියාවේ රජයේ නිවාඩු දිනයක් ලෙස ද නම් කරන ලදී. 2009 වර්ෂයේ මදර් තෙරේසා අනුස්මරණ ශාලාව ඇයගේ නිජබිම වූ මැකඩොනියා ජනපදයේ ස්කොජියා නගරයේ ආරම්භ කළේය. දැනට සංස්කරණ යටතේ ඇති කොසොවෝ හි ප්‍රිස්ටිනා හි ප්‍රධාන දේවස්ථානයමගින් ද ඇය වෙත ගෞරවයන් පිරිනමා ඇත.

මදර් තෙරේසා කාන්තා විශ්වවිද්‍යාලය , තමිල්නාඩුවේ කොඩිකානල් හි පිහිට වූ අතර 1984 දී එය ජාතික විශ්ව විද්‍යාලයක් ලෙස ඉන්දියාවේ තමිල්නාඩු රජය මගින් ප්‍රකාශයට පත් කළාය.

1999 දී ඉන්දියාවේ පොන්ඩිචෙරි රජය විසින් මදර් තෙරේසා පශ්චාත් උපාධි සහ පර්යේෂණ සෞඛ්‍ය විද්‍යා ආයතනය, පොන්ඩිචෙරි නගරයේ පිහිට වුවාය.

ඉන්දියාවේ පුණ්‍ය ආයතනයක් වන සේවලයා ආයතනය විසින් මදර් තෙරේසා බාලිකා නිවාසය තෙරේසා මවුතුමියට ගෞරවයක් වශයෙන් පිහිටවෙවූ අතර, එමගින් තමිල් නාඩුවේ කසුවා ගමෙහි සිටි අසරණ දුප්පත් ගැහැණු දරුවන් වෙනුවෙන් හිසට වහලක්, නොමිලේ ආහාර, ඇඳුම්, සහ අධ්‍යාපනයට අත හිත දුන්නෝ ය.

ඇයගේ ජිවන චරිතාපදාන ලේඛිකාව වන නාවින් චව්ලා විසින් තෙරේසා මවුතුමිය පිලිබඳ විවිධ ගුණ කථන ඉන්දියාවේ විවිධ පුවත් පත් සහ සඟරා වලට ලිපි පල කරන ලදී.

වර්ෂ 2010 අගෝස්තු 26 වන දින තෙරේසා මවුතුමියගේ සියවන ජන්මදිනය සමරමින් ඉන්දියානු දුම්රිය මාර්ග පිලිබඳ අමාත්‍යාංශය මගින් "මදර් එක්ස්ප්‍රස්" නමින් නව දුම්රියක් හඳුන්වා දෙන ලදී.

තමිල් නාඩු ප්‍රාන්ත රජය විසින් 2010 දෙසැම්බර් මස 4 වන දින චෙන්නායි හි දී තමිල්නාඩු මහා ඇමති එම්.කරුණානිධි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තෙරේසා මවුතුමියගේ සියවන ජන්ම දින සැමරුම් උත්සවය මහත් හරසරින් පැවත් විය.

එක්සත් ජාතීන්ගේ සභාව එක්ව ඇයගේ අනුස්මරණ දින සංවත්සරය නිමිති කරගෙන 2013 සිට සැප්තැම්බර් 5 වනදා, ජාත්‍යන්තර සහන සේවා දිනය ලෙස නම් කරන ලදී.

චිත්‍රපට සහ ශාස්ත්‍රීය පොතපත

1969 දී වාර්තාගත චිත්‍රපටියක් මගින් ද 1972 දී " දෙවියන් වහන්සේ පිළිබඳ චමත්කාර දේ " යන කෘතිය මගින් ද තෙරේසා මවුතුමිය ගැන අගය කොට ඇති අතර 1997 දී කලා සම්මාන උළෙලෙහි දී ජයග්‍රාහී ජෙරල්ඩින් චෑප්ලින් විසින් ඇය හඳුන්වනු ලැබුවේ දෙවියන් වහන්සේගේ දුප්පත් ශ්‍රාවකයා නමිනි.වර්ෂ 2003 දී ඉතාලියේ කල්කටාවේ තෙරේසා මවුතුමිය නමින් විකාශය වූ ටෙලි නාට්‍යය 2007 දී නැවත විකාශයට පත් වූ අතර ඒ සඳහා කැමී සම්මානය ද හිමි විය.එහි දී මෙම චරිතය සඳහා රංගනයෙන් දායක වූයේ මේගන් ෆොක්ස් ය. 1994 දී හිචන්ස්ගේ (Hitchen)වාර්තා වලට අනුව සඳහන් වන්නේ, දුප්පත්කම යනු ස්වකීය දෛවය දෙවියන් වහන්සේගේ කැමැත්තට සිදුවූවක් බව ඇය විසින් දුප්පතුන් සඳහා ඒත්තු ගැන්වූ බවය.

ආශ්‍රිත ලිපි

මුලාශ්‍ර

තෙරේසා මවුතුමිය: ජීවිතයේ මුල් අවධිය, අසරණ සරණ ධර්මදූත සේවය, ජාත්‍යන්තර මට්ටමින් ස්වෙච්ඡා සේවයෙහි 
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
තෙරේසා මවුතුමිය
නව සංස්ථාපනය මිෂනාරි සංගමයේ මදර් සුපිරියර්
1950–1997
අනුප්‍රාප්තික
සහෝදරිය නිර්මලා ජෝශි,එම්.සී.
සම්මාන
පූර්වප්‍රාප්තිකයා
ජෙනිවිව් කොෆිල්ඩ්
රේමන් මැග්සේසේ සම්මානය
1962
අනුප්‍රාප්තික
සාම බලකාය
New award ටෙම්පල්ටන් ත්‍යාගය
1973
අනුප්‍රාප්තික
ෆ්‍රියර් රෝගර්
පූර්වප්‍රාප්තිකයා
අන්වර් සදත්, මෙනාචම්
නොබෙල් සාම ත්‍යාගය
1979
අනුප්‍රාප්තික
ඇඩෝල්ෆෝ ප්‍රිස්
පූර්වප්‍රාප්තිකයා
කේ.කුමරාජ්
භාරත් රත්න
1980
අනුප්‍රාප්තික
විනොබා භේව්

This article uses material from the Wikipedia සිංහල article තෙරේසා මවුතුමිය, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.

Tags:

තෙරේසා මවුතුමිය ජීවිතයේ මුල් අවධියතෙරේසා මවුතුමිය අසරණ සරණ ධර්මදූත සේවයතෙරේසා මවුතුමිය ජාත්‍යන්තර මට්ටමින් ස්වෙච්ඡා සේවයෙහිතෙරේසා මවුතුමිය ශරීර සෞබ්‍යය දුර්වලවීම සහ මරණයතෙරේසා මවුතුමිය හඳුනා ගැනීම සහ පිළිගැනීමතෙරේසා මවුතුමිය ආධ්‍යාත්මික ජීවිතයතෙරේසා මවුතුමිය ශාන්තුවරිය පිලිබඳ ඇදහිය නොහැකි වෘතාන්තතෙරේසා මවුතුමිය උරුමය සහ සංස්කෘතියතෙරේසා මවුතුමිය ආශ්‍රිත ලිපිතෙරේසා මවුතුමිය මුලාශ්‍රතෙරේසා මවුතුමිය ප්‍රභවතෙරේසා මවුතුමිය බාහිර යොමුතෙරේසා මවුතුමියen:Maria Theresa (disambiguation)

🔥 Trending searches on Wiki සිංහල:

පස්වග මහණුන්විජය රජශ්‍රී ලංකා‍වේ බුදු පිළිමබර්ගර් ජනයාකාංසා අක්‍රමතාවයසිංහල වර්ණ මාලාවලෝක ආහාර අර්බුදයදාගැබ්බක් පසළොස්වකශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයපුරාතන කාර්තේජ්ශ්‍රී ලංකාවේ රබර් වගාවශාන්ත ජුසේ වාස් තුමාසෙම්ප්‍රතිශ්‍යාවගාලු කොටුවආසියාවදියවැඩියාවමුනිදාස කුමාරතුංගසොලොස්මස්ථානජාත්‍යන්තර ප්‍රමිති සංවිධානයසමාජානුයෝජනයඉසුරුමුණි කැටයම්ජෛව විවිධත්වයඉන්දු නිම්න ශිෂ්ටාචාරයප්‍රෝටීන්මධ්‍යම සැකසුම් ඒකකයබුද්ධදාස රජුපැබ්ලෝ පිකාසෝලෝවැඩ සඟරාවශ්‍රී ලංකාවේ සර්ප නාමාවලියපළමුවන පරාක්‍රමබාහු රජඑස්‌. මහින්ද හිමිසඳකඩපහ‍ණේ විකාසනයපෘථිවියෙහි භ්‍රමණයඋණදකුණු පළාත, ශ්‍රී ලංකාවසාගර පලන්සූරියශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියලිංගාශ්‍රිත රෝගකෘමියෝමෝටර් රථදානයජැක්සන් ඇන්තනීධවල පත්‍රිකාවයාපහුව බලකොටුවවාරණ රජ මහා විහාරයමාරි කියුරිශ්‍රී වික්‍රම රාජසිංහ රජහෙද සේවයමොණරවිල කැප්පෙටිපොළනෙළුම් කුළුණපින්නවල අලි අනාථාගාරයකොට්ටම්බාපද්මසිරි ත්‍රීමා විතාරණවිර පුරන් අප්පුකොහාවැදි ජනයාෆ්ලොරන්ස් නයිටිංගේල්කාල් මාක්ස්දඹුල්ල රජමහා විහාරයවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගවෛරසශ්‍රී ලංකාවේ වී ගොවිතැනචලිතය පිළිබඳ නිව්ටන් නියමනාගදීපයතිරසාර සංවර්ධනයකැහිබෙල්ලාමහාද්වීපඅපරාධ නීතියශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාසිරිල් පොන්නම්පෙරුමසොරබොර වැවගෞතම බුද්ධ පරිනිර්වාණයජාතික ජන බලවේගයසිරිමාවෝ බණ්ඩාරනායකසූත්‍ර පිටකයගුත්තිල කාව්‍යය🡆 More