සිංහල භාෂාව තනි වචන

වචන කිහිපයක් වෙනුවට යොදන තනි වචන සිංහල භාෂාවේ දක්නට ලැබේ.

  1. පාද හතරක් ඇති - සිවුපා
  2. පොත් සදහා කාලය ගත කිරීමට ඇති ස්ථානය - පුස්තකාලය
  3. දෑසම නොපෙනෙන පුද්ගලයා - අන්ධයා
  4. ප්‍රගතියට යාමට කැමති - ප්‍රගතිශීලී
  5. බිය උපදන සුළු - බියජනක
  6. පවුලක උපන් පළමු දරුවා - කුළුඳුල්
  7. සමාජයට කැමති - සමාජශීලී
  8. මිලකළ නොහැකි - අමිල
  9. දොළොස් මසකට වරක් - වාර්ෂික
  10. ගසක අතු බෙදෙන තැන - දෙබල
  11. ජනතාව අඩු - ජනශුන්‍ය
  12. මෙරටට ගෙන එන - ආනයන
  13. මෙරටින් විදේශවලට යවන - අපනයන
  14. ඇඳුම් මසන්නා - සන්නාලියා
  15. කොණ්ඩය කපන්නා - කරණවෑමියා
  16. කෑම උයන්නා - අරක්කැමියා
  17. සපත්තු මහන්නා - සපතේරුවා
  18. ගමෙහි වාසයකරන්නා - ගැමියා
  19. රජුට තුති ගී ගයන්නා - වන්දිභට්ටයා
  20. ස්වාමියා මළ ස්ත්‍රිය - වැන්දඹුව
  21. ජලය නැති කාලය - ඉඩෝරය
  22. පාගන ලද ගොයම - මැඩවුම
  23. පරපුරෙන් පරපුරට පැවත එන - පාරම්පරික
  24. නළලට වැටෙන කෙස්රොද - කියඹුව
  25. උස බිමක ඇති තැනිතලා බිම්කඩ - සානුව
  26. තාපසයන් වාසයකරන ස්ථානය - අසපුව
  27. යකඩින් කරන ලද - අයෝමය
  28. දැවයෙන් කරන ලද - දැවමුවා
  29. රිදියෙන් කරන ලද - රිදීමුවා
  30. ගලින් කරන ලද - ශෛලමය
  31. සාමයට කැමති - සාමකාමී
  32. සැමදාම පවතින - සදාකාලික
  33. අනුන් ගැන සිතන්නා - පරාර්ථකාමී
  34. තමන් ගැන පමණක් සිතන්නා - ආත්මාර්ථකාමී
  35. දිවි ඇති තාක් - යාවජීව
  36. ජලය නොමැති - නිරුදක
  37. අඳුර වැටී රෑ බෝවෙන වෙලාව - ගොම්මන
  38. නෙත් පිනවන - නෙත්කළු
  39. සිත් පිනවන - සිත් කළු
  40. කන් පිනවන - කන් කළු
  41. ඔටුනු පැළඳවීමේ මංගල්‍යය-මෞලිමංග්‍ය
  42. මඩෙහි උපන් - පංකජ
  43. ජනතාව බොහෝ ඇති -ජනාකීර්ණ
  44. දෙව් මිනිසුන් සහිත - සනරාමර
  45. එක් ව ගමන් ගන්නා-සහචර

Tags:

සිංහල භාෂාව

🔥 Trending searches on Wiki සිංහල:

සෝවාන්නායයෑම්ඩෙංගුඉත්තෑවාශ්‍රී වික්‍රම රාජසිංහ රජසිදත් සඟරාවරිච්මන්ඩ් විද්‍යාලයතෝමස් අල්වා එඩිසන්ආවර්තිතා වගුවපෘථිවියෙහි භ්‍රමණයසතරවරම් දෙවිවරුපාස්කු උත්සවයකොහොඹා කංකාරියඅනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයශ්‍රී ලංකාවේ ආදිවාසීන්මන්නාරම බයෝබැබ් ගසශ්‍රී ලංකාවේ ජාතික කොඩියත්‍රිශික්‍ෂාඋපසර්ගඇඩොල්ෆ් හිට්ලර්ජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලපූජාවලියසමාජ විද්‍යාවහරිත විප්ලවයසංචාරක කර්මාන්තයආපදා‍ කළමනාකරණයඅර්ජුන රණතුංගශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවරිටිගල ස්වාභාවික දැඩි රක්‍ෂිතයසම්බන්ධක පටකයපින්නවල අලි අනාථාගාරයසත්ත්ව වංශහෝර්ටන් තැන්න ජාතික උද්‍යානයබෞද්ධ කොඩියචාල්ස් ඩාවින්ඊලෝන් මස්ක්යු‍රේනස්මද්දුම බණ්ඩාරසංගීතයදළදා වහන්සේසිංහල භාෂාවසිද්ධි ලෙබ්බේශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයහෙන්රි ජයසේනමානව සම්පත් කළමනාකරණයහෙළ ගණන් ක්‍රමයභූචලනශ්‍රී ලංකාවේ සිනමාවයූටියුබ්ටී.බී. ජයාඅධ්‍යාපන මනෝ විද්‍යාවනිරවි යුද්ධයශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)ශ්‍රී ලංකාවේ වී ගොවිතැනවන්නම්නිෂ්පාදන හැකියා මායිමබල්ලෝශ්‍රී ලංකාවේ මැණික්හින්දුස්ථානී තාලවිජය රජශ්‍රී ලංකාවේ අධිකරණයනත්තලශ්‍රී ලංකාවේ නගර සභා ලැයිස්තුවසිංහල ජන නාටකවිකිබුද්ධි ගලනයශ්‍රී ලංකාවේ සර්පයෝආගම්ස්ත්‍රී ස්වයං වින්දනයබලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිජේතවනාරාමය, අනුරාධපුරඉතිහාසයමන්දාකිණිජංගම දුරකථනයේ උපතශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසසිංහයාසිවිල් නීතිය සහ පොදු නීතියපාපන්දු ක්‍රීඩාවඅධිකරණය🡆 More