ඩන්කන් වයිට්

පදක්කම් වාර්තාව
Men's athletics
ඩන්කන් වයිට් ලංකාව වෙනුවෙන් තරගකරු
Olympic Games
රිදී 1948 ලන්ඩනයේ දී මීටර් 400 කඩුලු මතින් දිවීම
Commonwealth Games
රන් 1950 Auckland 440 yard hurdles

ඔලිම්පික් පදක්කම් වාර්තාව

පිරිමි ක්‍රීඩා

රිදී පදක්කම-1948 - ලන්ඩනයේ දී -මීටර් 400 කඩුලු මතින් දිවීම මම සෙජාන් කේනුජ

1918 මාර්තු මස 01 වන දින ලත්පාන්දුර උපත ලැබූ ඩන්කන් වයිට් මෙලොවින් සමුගත්තේ 1998 ජුලි මස තෙවැනි දින වෝවික්ෂයර්හි දීය. ඔලිම්පික් තරඟාවලියක දී ලංකාව වෙනුවෙන් පදක්කමක් දිනා ගත් මුල්ම ක්‍රීඩකයා මොහු විය. මීටර් 400 කඩුළු පැන දිවීමේ තරඟයෙන් රිදී පදක්කම දිනා ගැනීමට වයිට් සමත් වූයේ 1948 වර්ෂයේ ලන්ඩනයේ පවත්වනු ලැබූ “සමර් ඔලිම්පික්ස්” තරඟාවලියේදීය.

කළුතරට නුදුරු ග්‍රාමයක් වූ ලත්පඳුර ඩන්කන් වයිට්ගේ උපන් ගමයි. එකවකට ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති අතර ඩන්කන් වයිට්, ජෝන් බර්නාර්ඩ් වයිට් සහ සෙසලිසා හෝක් වයිට්ට යන ඉංග්‍රීසි මවුපියන්ට දාව උපන් සිව් දරුවන්ගෙන් දෙවැන්නා විය. නුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ හෙතෙම එහිදී “ට්‍රිනිටි ලයන්” යන සම්මානයෙන් ද පිදුම් ලැබීය. නමුත් සුළු විනය ගැටළුවක් හේතුවෙන් පසුව ඔහුට මෙම සම්මානය අහිමි විය.

ඩන්කන් වයිට්ගේ ඔලිම්පික් ජයග්‍රහණයත්, ලංකාව බ්‍රිතාන්‍ය පාලනයෙන් මිදී නිදහස ලැබීමත් යන අවස්ථා දෙකම එකම වර්ෂයක සිදුවීම සුවිශේෂ වේ. එකී ඔලිම්පික් තරඟාවලියේ එම අංශයෙන් රන් පදක්කම දිනූ රෝයි කොව්රන් නැමැත්තා වසර හතරක් පුරා ඒ සඳහා පුහුණු වීම් කර තිබුණ ද ඩන්කන් වයිට් තම පුහුණුවීම් සඳහා යොදා ගත් කාලයමාස 3කට ආසන්න වේ. වයිට් මෙම තරඟය සඳහා ගතකර තිබූ කාලය තත්පර 51.8 ක් වන අතර ප්‍රථම ස්ථානය ලබා ගත් ක්‍රීඩකයාට වඩා ඔහු සිටියේ තත්පර 0.7 ක් පසුපසිනි. ඒත් සුළු වෙනස ද මෙම ඔලිම්පික් තරඟාවලියේ සුවිශේෂී වාර්තාවන් අතරට එක් වූවක් විය.

ඔලිම්පික් ජයග්‍රහණයෙන් පසුව වයිට් ට්‍රිනිටි විද්‍යාලයේ පවත්වනු ලැබූ උළෙලකින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබූ අතර ඔහුට අහිමිව ගිය “ට්‍රිනිටි ලයන්” යන ගෞරව සම්මානය නැවත වතාවක් එහිදී පිරිනැමුණි. එකී අවස්ථාවේ රැස්ව සිටි පිරිස අමතා කතා කළ වයිට් කියා සිටියේ “මාගේ ඔලිම්පික් ජයග්‍රහණය ගෞරවාන්විත එකක් වුව ද “ලයන්” ලෙස මා මෙහි දී නැවත හිමි කරගන්නා ලද සම්මානය මට ඊටත් වඩා ගෞරවයක් එක් කළ බවක් එය මා ඉතා ප්‍රීතියෙන් පිළගත් බවත්” ය.

1950 වර්ෂයේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නඟරයේ පැවති බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය තරඟාවලියේ දී ඩන්කන් වයිට් විසින් මීටර් 440 yard hurdles තරඟය ජයග්‍රහණය කළේ ලෝක වාර්තාවට තත්පර 0.3 ක් පසුපසින් හිඳිමිනි. තවද ඔහු 1949 “බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයා” යන සම්මානයෙන් ද පිදුම් ලැබීය.

නමුදු ශ්‍රී ලංකාව විසින් ඔහුට දැක්වූ ගෞරවය වූයේ වසර ගණනාවකට පසු ඔහු වෙනුවෙන් නිකුත් කරන ලද තැපැල් මුද්දරයයි. 1998 එංගලන්තයේ වෝර්වික්ෂයර්හි දී ඩන්කන් වයිට් මෙලොවින් සමුගත්තේය.

වයිට් විවාහප්‍රාප්ත වී සිටියේ ඇන්ජෙලා වියට්නේ සියබෙල් සමඟ වන අතර ඔහු සය දරු පියෙක් විය. නීටා, මැරිලෙන්, ෆියෝනා, ඩෑන්, මැක්සීන් සහ ක්‍රිස් යනු ඔහුගේ දරුවන් සය දෙනාය. වයිට්ට සහෝදරයන් තිදෙනෙකු වූ අතර ඉන් ෆෙඩ්‍රික් ඒ. වයිට් ද ක්‍රීඩකයෙකු විය. අනෙක් දෙදෙනා ස්ටැන්ලි ලෙනාර්ඩ් වයිට් හා ඩග්ලස් ඇන්ඩෲ වයිට් වන අතර ඔවුන් 1960 වසරේදී මරණයට පත් විය.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

දෙවොල් මඩුවදකුණු ආසියාවදකුණු කොරියාවසුදු බිංදුමදස පණතසෙංකඩගල පෙරහැර මංගල්‍යයඅවුකන බුදු පිළිමයජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයකාලස් පුයිජ්දෙමොන්ඝනත්වයමිෂෙල් දිල්හාරාගෞතම බුදුරජාණන් වහන්සේශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිඅපද්‍රව්‍ය කළමනාකරණයෆේස්බුක්උඩරට ගිවිසුමබුලත්රණසිංහ ප්‍රේමදාසරත්න ශ්‍රී විජේසිංහමිනිසාගේ ස්නායු පද්ධතියක‍ඩොලානඅංගම්පොර (තාවකාලික)රන්මසු උයනපරිගණක ඉතිහාසයහෘදයෆ්ලොරන්ස් නයිටිංගේල්වයඹ පළාත, ශ්‍රී ලංකාවශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවසජිත් ප්‍රේමදාසනිල් මානෙල්හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්සිංහල ජනකවිශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝD. J. Wimalasurendraරුහුණු කතරගම දේවාලයවින්‍ය ආරියරත්නවිකිමීඩියා පදනමඅයිසැක් නිව්ටන්ශ්‍රී ලංකාවේ රබර් වගාවඅනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයකිරි වෙහෙර, කතරගමශාන්තිකර්මඇල්බට්‍ අයින්ස්ටයින්ශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අආකල්පධර්මදූත ලූක් තුමාමහපොළනාමල් උඩුගමකාර්මික විප්ලවයශිව දෙවියන්උභය ජීවීන්රජරට රාජධානියේ අනුරාධපුර යුගයශ්‍රී ලංකා‍ අලියාඉන්දියාවලේ ගැලීමකලා වැවශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ගුහා සිතුවම්ඔලිම්පික්සී.ඩබ්.ඩබ්. කන්නන්ගරකෝළම්චලිතය පිළිබඳ නිව්ටන් නියමකර්කටක නිවර්තනයආයුර්වේදයවල්ගාතරුවශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයහෙන්රි ස්ටීල් ඕල්කට්සීගිරි බිතු සිතුවම්මානෙල්හැරී පොටර්බාලදක්ෂ ව්‍යාපාරයපර්යේෂණකැලණිය රජ මහා විහාරයආවර්තිතා වගුව2004 සුනාමියශාන්ත ජුසේ වාස් තුමාශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලිය🡆 More