ජෝසෆ් ස්ටාලින්

ජෝසෆ් විසාරියොනොවිච් ස්ටාලින් (18 දෙසැම්බර් 1878 - 5 මාර්තු 1953) යනු ජෝර්ජියානු සම්භවයකින් යුත් සෝවියට් විප්ලවවාදියෙකු සහ දේශපාලනඥයෙකි.

1922 සිට 1952 දක්වා සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂයෙහි මධ්‍යම කමිටුවේ ලේකම් ලෙස සහ 1941 සිට 1953 දක්වා සෝවියට් සංගමයේ ප්‍රධානියා ලෙස ද, 1920 ගණන්වල මැද බාගයේ සිට 1953 ඔහුගේ මරණය දක්වා සෝවියට් සංගමය පාලනය කළේය. තනි-පක්ෂ පාලන ක්‍රමවේදයක් යටතේ රජයේ ප්‍රධානියා වූ ස්ටාලින් ඇත්ත වශයෙන්ම 1937 වනවිට රටේ ඒකාධිපති (de facto dictator) බවට පත්ව සිටියේය. මාක්ස්වාදය හා ලෙනින්වාදය ගරුකළ ස්ටාලින් එම මතවාද මාක්ස්වාදය-ලෙනින්වාදය ලෙස ආකෘතිකරණයට උදව් දුන්නේය. ඔහුගේම ප්‍රතිපත්ති ස්ටාලින්වාදය ලෙස ජනප්‍රිය විය.

Иосиф Сталин (රුසියානු)
იოსებ სტალინი (ජෝර්ජියානු)
ජෝසෆ් ස්ටාලින්
General Secretary of the Communist Party of the Soviet Union
තනතුර දරමින්
3 April 1922 – 16 October 1952
පූර්වප්‍රාප්තිකයාVyacheslav Molotov
(as Responsible Secretary)
අනුප්‍රාප්තිකයාNikita Khrushchev
(as First Secretary)
Chairman of the Council of Ministers
තනතුර දරමින්
6 May 1941 – 5 March 1953
First DeputiesNikolai Voznesensky
Vyacheslav Molotov
Nikolai Bulganin
පූර්වප්‍රාප්තිකයාVyacheslav Molotov
අනුප්‍රාප්තිකයාGeorgy Malenkov
පුද්ගලික තොරතුරු
උපත
Ioseb Besarionis dze Jughashvili

18 දෙසැම්බර් 1878(1878-12-18)
Gori, Tiflis Governorate, Caucasus Viceroyalty, Russian Empire
විපත5 March 1953(1953-03-05) (වයස 74)
Kuntsevo Dacha, Kuntsevo, Russian SFSR, Soviet Union
Resting placeLenin's Mausoleum, Moscow (9 March 1953 – 31 October 1961)
Kremlin Wall Necropolis, Moscow (from 31 October 1961)
ජාතියSoviet
දේශපාලන පක්ෂයCommunist Party of the Soviet Union
කලත්‍රයාEkaterine Svanidze
(1906–07)
Nadezhda Alliluyeva
(1919–32)
දරුවන්Yakov Dzhugashvili
Vasily Dzhugashvili
Svetlana Alliluyeva
දෙමව්පිය(s)Besarion Jughashvili and Ekaterine Geladze
අත්සනජෝසෆ් ස්ටාලින්
අපනාමයKoba
හමුදා සේවය
Allegianceජෝසෆ් ස්ටාලින් Soviet Union
ඛණ්ඩය/සේවයSoviet Armed Forces
සේවා කාල සීමාව1943–53
නිලයMarshal of the Soviet Union (1943–45)
CommandsAll (supreme commander)
සටන්/යුද්ධWorld War II
Central institution membership
  • 1917–53: Full member, 6th–19th Presidium
  • 1922–43: 11th–19th Secretariat
  • 1920–52: 9th–18th Orgburo
  • 1912–53: Full member, 5th–19th Central Committee

Other offices held
  • 1941–47: Minister of Defense
  • 1941–45: Chairman, State Defense Committee
  • 1920–22: Chairman, Workers' and Peasants' Inspectorate of the Russian SFSR
  • 1917–22: People's Commissar, Nationalities of the Russian SFSR
Leader of the Soviet Union

රුසියානු අධිරාජ්‍යයේ ගෝරි හි දුප්පත් පවුලක හැදී වැදුණු ස්ටාලින්, තරුණ වියේ දී රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයට බැඳුණේය. ඔහු පක්ෂයේ පුවත්පත වූ ප්‍රව්ඩා සංස්කරණය කල අතර සොරකම්, පැහැරගැනීම් සහ ආරක්ෂක කල්ලි (protection rackets) ලෙස කටයුතු කරමින් ව්ලැඩිමීර් ලෙනින් ගේ බෝල්ෂෙවික් පක්ෂය සඳහා අරමුදල් සපයා දුන්නේය. බොහෝ වාර ගණනක් අත්තඩංගුවට පත් වූ ඔහු පිටුවහල් කිරීම් කිහිපයකට ද ලක්විය. 1917 ඔක්තෝබර් විප්ලවය මගින් බෝල්ෂෙවික්වරු බලය ලබාගෙන රුසියානු සෝවියට් ජනරජය පිහිටුවීමෙන් පසු, ස්ටාලින් රුසියානු සිවිල් යුධ සමයේ පාලන තන්ත්‍රයෙහි අසුන් ගනිමින් 1922 දී සෝවියට් සංගමය පිහිටුවීමට සහාය දුන්නේය. ලෙනින්ගේ විරුද්ධත්වය නොසලකා හරිමින් 1924 දී ඔහුගේ මරණයෙන් පසු ස්ටාලින් බලය තහවුරු කර ගත්තේය. ස්ටාලින් ගේ නිල කාලය තුලදී "එක රටක සමාජවාදය" මූලික සංකල්පයක් බවට පත් වූ අතර ලෙනින්ගේ නව ආර්ථික ප්‍රතිපත්තිය, මධ්‍යගත කරන ලද සැලසුම් කල ආර්ථිකය, කාර්මීකරණය සහ රාශිභූතකරණය (Collectivization) මගින් ප්‍රතිස්ථාපනය කරන ලදී. මේවා මගින් රට කාර්මික බලවතෙකු බවට සිඝ්‍රයෙන් පරිවර්තනය වූ නමුත් ආහාර නිෂ්පාදනය කෙරෙහි බලපෑම් ඇති කිරීම නිසා 1932-33 අතර කාලයේ දී විශේෂයෙන්ම යුක්රේනයට වැඩි බලපෑම් එල්ල කල සාගතය ඇති කිරීමට හේතු විය. ඒවා "වැඩ කරන පන්තියේ සතුරන්" ලෙස සළකා මුලුනුපුටා දැමීම සඳහා 1934 සිට 1939 දක්වා ස්ටාලින් මහා පවිත්‍රකරණය/නෙරපා හැරීම (Great Purge) ක්‍රියාත්මක කර ඉහළ දේශපාලන සහ හමුදා නිලධාරින් ද ඇතුළුව සිය දහස් ගණනක් සිරගත කිරීම, පිටුවහල් කිරීම හෝ මරණ දඬුවමට ලක් කිරීම සිදු කරන ලදී.

Tags:

ජෝර්ජියාවදේශපාලනඥයෝමරණයසෝවියට් සංගමය

🔥 Trending searches on Wiki සිංහල:

එදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යමිනිසාගේ ස්නායු පද්ධතියඉන්දු නිම්න ශිෂ්ටාචාරයබුදු දහමනිදහස් දිනය (ශ්‍රී ලංකාව)චෙස්සිංහල පිල්ලම්සාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රශ්‍රී ලංකාවේ කැටයම් කලාවපසළොස්වක පොහොය දොළහසිංහල නිපාත පදත්‍රිලක්‍ෂණශ්‍රී ලංකාවේ නර්තනයන්ශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවජේතවනාරාමය, අනුරාධපුරඇදුමයෝනි මාර්ගයසඳකඩපහණනාමල් උයනමෛත්‍රීපාල සිරිසේනනියුමෝනියාවඅහිකුණ්ඨකකුසල් සහ අකුසල්පැබ්ලෝ පිකාසෝලෝ වැඩ සඟරාවඒ.ටී. ආරියරත්නD. J. Wimalasurendraශ්‍රී ලංකාවේ අපරාධඡනසංඛ්‍යා වර්ධනයපන්සිල්චෛත්‍යසැළලිහිණි සන්දේශයනෙළුම් කුළුණහොරආනන්ද කුමාරස්වාමිස්ත්‍රී ප්‍රජනකාංග ඡේදනයගේ කුරුල්ලාබෝධි ඝරජාතික ජන බලවේගයනීල් ආම්ස්ට්‍රෝන්හෙන්රි ස්ටීල් ඕල්කට්කාමාවචර ලෝකශ්‍රී ලංකාවේ ඉතිහාසයකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයසොරබොර වැවජන කවිනිදිකුම්බාචන්ද්‍රිකා වැව ගොවිජනපද ව්‍යාපාරයපොල්මයිනාසෙංකඩගල පෙරහැර මංගල්‍යයවිටමින් Aසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුමනෝ විශ්ලේෂණවාදයකමල් අද්දරාරච්චිනෙප්චූන්ජල චක්‍රයවිෂ්ණුතාක්‍ෂණයඉසුරුමුණි කැටයම්ශ්‍රී ලංකාවේ දූපත් ලැයිස්තුවදළදා වහන්සේපොළොන්නරු යුගයපර්යේෂණඋඩුනුවර ලංකාතිලක විහාරයලන්දේසි ලංකාවඅභයගිරි විහාරයශ්‍රී ලංකාවේ දික්කසාද නීතිඇල්බර්ට් එලිස්මවු පුවරුවඔසරියවිවාහයසිංහල ව්‍යාකරණහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්තිස්සමහාරාමයඅළු ගිරවා🡆 More