ජේතවනාරාමය, අනුරාධපුර

ජේතවනාරාමය, ශ්‍රී ලංකාවේ අනුරාධපුර පුරාණ නගරයේ පිහිටා තිබූ විහාර සංකීර්ණයකි.

ජේතවනාරාමය, අනුරාධපුර
ප්‍රතිසංස්කරණය නිම වූ ජේතවනාරාමයේ දාගැබ

ජේතවනාරාම දාගැබ

ජේතවනාරාමය දාගැබකි. අඩි 269 ක් (මීටර් 120) උසින් යුතු එය ලෝකයේ උසම ස්ථූපයයි. එමෙන්ම මේ දක්වා ගඩොලින් පමණක් නිර්මාණය කරන ලද විශාලතම ගොඩනැගිල්ල වේ.(නමුත් වර්තමානයේ දී රුවන්වැලි මහා සෑය විශාලම ස්ථූපය ලෙස සලකයි.ජේතවනාරාමයේ කොතෙන් කොටසක් කඩා වැටී තිබුණත් එය ප්‍රතිසංස්කරණ නොකරන්නේ සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා රුවන්වැලි මහා සෑයේ තැන්පත් කර ඇති බැවිනි.) ශ්‍රී ලංකාවේ විශාලතම ස්ථූපය ඉදි කරවූවේ මහායාන බෞද්ධ මහසෙන් (273 - 301) රජුයි. බුදුන් වහන්සේ පැළඳි පටී ධාතුවේ කොටසක් එහි නිධන් කර ඇතැයි විශ්වාස කෙරේ. එබැවින් මෙය පාරිභෝගික චෛත්‍යයක් වේ.

පුරාණ ලෝකයේ 'ගීසා' හි පිහිටි මහා පිරමීඩ දෙක හැරුණු විට 3 වැනි විශාලතම ඉදි කිරීමයි. දළ වශයෙන් එය ඉදි කිරීමට පිළිස්සූ ගඩොල් 93,300,000 ක් යොදන්නට ඇත. (රත්නායක 1993) මෙම ථූපය (සාගලික නිකායට) අයත් විය. ඒ වටා පරිශ්‍රය අක්කර 8 ක් පමණ (හෙක්. 5.6) විශාලය. 3000 ට වඩා බෞද්ධ භික්ෂූන්ට වැඩ සිටීමට පහසුකම් තිබුනේය. ථූපයේ එක පැත්තක දිග අඩි 576 කි. හතර පැත්තෙන් ඇතුළුවීම සඳහා තිබෙන පිය ගැට පෙළ අඩි 28 ක් පමණ පළලින් යුතුය. අංගනයෙහි පිහිටුවා තිබෙන පූජාසනයෙහි උළුවහු කණුවක උස අඩි 27 කි. ස්ථූපයේ අඩිතාලම මීටර් 6 ක් ගැඹුරට විහිදෙන අතර එය පිහිටි ගල මත ඉදි වූයේය. ගොඩනැගිලි කර්මාන්තයට උර දුන් මහජනතාවගේ නම් ශෛලමය පුවරුවක සටහන් කර ඇත.

ජේතවනාරාමය, අනුරාධපුර 
ජේතවනාරාමය - අනුරාධපුර ශ්‍රී ලංකාව

==ජේතවනාරාමය පිළිබදව කෙටි සටහනක් ==

ජේතවනාරාම බෝධීඝරය

80°24′13″E / 8.35167°N 80.40361°E / 8.35167; 80.40361

Ratnayake, Hema (1993) Jetavana. In The Cultural Triangle of Sri Lanka. Paris: Unesco Publishing/CCF.

බාහිර සබැඳි

Tags:

අනුරාධපුර (පෞරාණික නගරය)

🔥 Trending searches on Wiki සිංහල:

උඩරට නැටුම්තුන් සිංහලේසිංහල ව්‍යාකරණපලිබෝධනාශකශ්‍රී ලංකාවේ විදේශ සබඳතාමාතලේ පාසල් නාමාවලියසුසන්තිකා ජයසිංහගුණදාස කපුගේපොල්උපත් පාලන කොපුඉස්සන් වගාවපාෂාණගබ්සාවපවුලතල් ශාකයලිංගික අප්‍රාණිකත්වයචීනයඝනත්වයරාමසාන් උත්සවයඉසුරුමුණි කැටයම්ශ්‍රී ලංකා යුද්ධ හමුදාවආයුර්වේදයයාපහුව බලකොටුවජලභීතිකාවශ්‍රී ලංකාවේ කුල ක්‍රමයදස මහා යෝධයෝතෝමස් අල්වා එඩිසන්ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවශ්‍රී ලංකාවේ ජාතික සංකේතශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයපණ්ඩුකාභය රජරාහුල රහතන් වහන්සේමහනුවරබිලාවල් රාගයවෘත්තියගැලලියෝ ගැලලීශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියශ්‍රී ලංකා පොලිස් සේවයසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුවයඹ පළාත, ශ්‍රී ලංකාවසිංහල අක්ෂර මාලාවධාතුසේන රජත්‍රිකුණාමලයකැහිබෙල්ලාචතුරාර්ය සත්‍යයදකුණු කොරියාවමෛත්‍රී බුදුරජාණන් වහන්සේක්‍රිස්තියානි ආගමවන්නම්ධවල පත්‍රිකාවපාහියන් ලෙනගණිතයටී.බී. ජයාඋඩරට සාම්ප්‍රදායික මංගල ආභරණවැව්ශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවමද්දුම බණ්ඩාරතාරුණ්‍යය හා විවේකයහෙද සේවයසනත් නිශාන්තශ්‍රී ලංකාවේ දියඇලිඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තමහාද්වීපපරිගණක මෘදුකාංගසෛලය (ජීව විද්‍යාව)සියදිවි නසාගැනීමසත්මහල් ප්‍රාසාදයඅන්වීක්ෂයසිංහබාහුකාව්‍යශේඛරයශ්‍රී ලංකාවේ ආදි වාසීන්කුවේට් රාජ්‍යයසොලොස්මස්ථානඅනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයඅනුර කුමාර දිසානායකදිලීර🡆 More