ජාතික නාමල් උයන

දඹුල්ල ගල්කිරියාගම ජාතික නාමල් උයන හා රෝස තිරිවානා කන්ද පිළිබඳ පුරාවෘත්තය ක්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසේ දේවානම් පියතිස්ස රජුගේ කාලය දක්වා විහිදෙයි.

අනුරාධපුර යුගයේ පෞරාණික නටඹුන් ‍රැසක් පවතින මෙහි බෝධිඝර, පෞරාණික ගල් පඩි හා ගල් කණු ආදියෙන් සමන්විතයි. වසර කෝටි 50 ක් පැරණි ශාක පොසිල රැසක් හා වසර 2000 ක් පමණ පැරණි ඉතිහාසයක් නාමල් උයන සතුය. ක්‍රිස්තු වර්ෂ 924 දී ශ්‍රී ලංකාවේ රජ කළ දප්පුල නම් රජු විසින් මිනිසුන් සඳහා වූ අභය භූමියක් ලෙස නාමල් උයන නම් කර ඇති බව නාමල් උයනට පිවිසෙන ආඩියාගල මාර්ගයේ ඇති සෙල් ලිපියේ සඳහන් වේ.

ජාතික නාමල් උයන
සිතියම
ජාතික නාමල් උයන
නා මල

අක්කර 760 කින් සමන්විත ජාතික නාමල් උයනේ පරිසර පද්ධති රැසක් දක්නට ලැබෙයි. ශ්‍රී ලංකාවේ එකම ස්ථානයක වැඩිම නා ගස් ප්‍රමාණයක් ඇති ස්ථානය ද මෙය වේ. මෙහි ප්‍රමුඛතම ශාකය නා වන අතර බටු නා, දිය නා ආදි විශේෂයන්ද ඇත.

ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය ලෙස නම් කළ නා ගසට අමතරව නාමල් උයන තුළ හල්මිල්ල, කළුවර, මිල්ල ආදි ශාක රැසක් ද දක්නට ලැබෙයි. අපේ රටට ආවේනික වූ හා ආවේනික නො වූ පක්ෂි වර්ග 18ක් ඇති බවත් ඖෂධීය ශාක විශේෂ 72 ක් හා කෘමි විශේෂ 75 ක් ඇති බවත් පර්යේෂණ මගින් අනාවරණය වී තිබේ.

පුරා විද්‍යා රක්ෂිතයක් ද වන නාමල් උයන කරුණු 5ක් යටතේ පුරා විද්‍යාත්මක අතින් වැදගත් වේ. ජාතික නාමල් උයනේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වසර කෝටි 50 ක් පමණ පැරණි යැයි විශ්වාස කෙරෙන රෝස තිරිවාන නිධියක් ද පවති.මෙය දකුණු ආසි‍යාවේ ඇති පැරණිතම හා විශාලතම රෝස තිරිවාන නිධිය ලෙස ද හැදින්වේ. තිරිවාන නිධිය තුළ "ආගනේය "නම් පාෂාණ විශේෂය ඇති බවත් පර්යේෂණ මගින් සනාථ ක‍රගෙන ඇත.

පුරා විද්‍යාගවේෂකයෙකු වන බන්දු වීර‍වර්ධන මහතා 2002 ජනවාරි මස දී වසර කෝටි 25 ක් පැරණි ශාක පොසිල ඇති බව ජාතික නාමල් උයන තුළ කළ පර්යේෂණ වලින් තහවුරු කර ගෙන ඇත. ඔහුගේ නිගමනයට අනුව මෙහි අක්කර 20 ක භුමි භාගයක පොසිල විසිර තිබේ. පුරා විද්‍යාත්මක, අධ්‍යාපනික හා පාරිසරික වටිනාකමකින් යුතු ජාතික නාමල් උයනේ සුවිශේෂ පස් වර්ග 3 ක් ද ඇති බව පර්යේෂණවලින් තහවුරු වී ඇත.

නාමල් උයනේ අසිරිය වැඩි කරනුයේ රෝස තිරිවාන නිධිය නිසාය. මෙය අක්කර 250 ක් පමණ පෙදෙසක විසිර ඇත. පුරා විද්‍යාත්මක පර්යේෂණවලට අනුව රෝස තිරිවාන වලින් නිපැයු පබළු හමුවී ඇති අතර මෝගල් අධිරාජ්‍යයාගේ පෙම්වතිය සිහිවීම සඳහා ඉදි කළ ටජ් මහල් මන්දිරයේ ජනේල අලංකාර කිරීමට ද රෝස තිරිවාන යොදා ගෙන ඇති බව සනාථ වී ඇත. පරිගණක අමතර කොටස් සඳහා හා වාහනවල වින්ඩිස්ක්‍රීන් සඳහාත් රෝස තිරිවාන යොදා ගැනේ.

සංරක්ෂිත වනාන්තරයක් වන ජාතික නාමල් උයන මේ වන විට ජනාධිපති පරිසර සම්මානලාභී වනවාසී රාහුල හිමියන්ගේ භාරකාරත්වයෙන් පවතී. උන්වහන්සේ නාමල් උයන සංරක්ෂණය කරවීමට දක්වන මෙහෙය පරිසර හිතකාමීන්ගේ ප්‍රශංසාවට ලක්වී ඇත.

ජාතික නාමල් උයන ජාතික නාමල් උයන


මුලාශ්‍ර

(විජය පුවත්පත අනුග්‍රහයෙන් )

මේ අඩවියත් බලන්න

ශ්‍රි ලංකාවේ ජාතිකත්වය

Tags:

අනුරාධපුරදඹුල්ල

🔥 Trending searches on Wiki සිංහල:

අවුරුදු කුමරිය තේරීමඇල්බර්ට් එලිස්පෝෂක පදාර්ථපෙර පාසල්රුවන්වැලිසෑයඅයිසැක් නිව්ටන්යෝනි මාර්ගයනාගරීකරණයගඩලාදෙණිය විහාරයඋඩරට ගිවිසුමබෝඹුරු ඇල්ලවිර පුරන් අප්පුයුගල පද, සිංහල භාෂාවවික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාවශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවලේ ගැලීමපුවත්පත්වොලිබෝල්ගොංගාලේගොඩ බණ්ඩාකුරුල්ලෝමිරිසවැටියවර්ණ සබැඳි සිද්ධාන්තශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයසොංක්‍රන් (තායිලන්තය)ඉස්ලාම් හි පංචස්තම්භසිංහබාහු රජශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයලිංගික සංසර්ගයබෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයශ්‍රී ලංකා රුපියලශ්‍රී ලංකා කොටියාමෛත්‍රී බුදුරජාණන් වහන්සේමහා පත්තිනි දේවාලය, නවගමුවහයිඩ්‍රොකාබනඇසළ (ගස)රන්ජන් රාමනායකශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියදුන්හිඳ ඇල්ලකළුතර බෝධියමොනරාදෙමළ ජනතාවආනන්ද කුමාරස්වාමිඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යපනාගදීපයවට්ස්ඇප්ධර්මරාජ විද්‍යාලයසිංහල සහ හින්දු අලුත් අවුරුද්දරන්කොත් වෙහෙරහජ්බිලාවල් රාගයදැල්පන්දුගස්ලබුසන්දේශ කාව්‍යස්ත්‍රී ප්‍රජනකාංග ඡේදනයවළි කුකුළානෙප්චූන්ශ්‍රී සුමංගල විද්‍යාලය, පානදුරවැස්සබුදුගුණ අලංකාරයසීතාවක රාජධානියකමල් අද්දරාරච්චිධම්මික පෙරේරාතල් ශාකයබට ඇටි කුකුළාවිවාහයපණිභාරතශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදයමර්සලින් ජයකොඩිනීතිය - හැඳින්වීමමෞර්ය අධිරාජ්‍යයඌව පළාතසංස්කෘතියසිරිමාවෝ බණ්ඩාරනායකපොළොන්නරුව පෞරාණික නගරයශ්‍රී ලංකාවේ ආදි වාසීන්තිස්සමහාරාමයෂර්ලොක් හෝම්ස්🡆 More