ගුත්තිල කාව්‍යය: සාහිත්‍යය කෘතිය

තොටගමුවේ රාහුල හිමියන්ගේ ශිෂ්‍ය හිමි නමක් වූ වැත්තැවේ හිමියන් විසින් රචනා කරන ලද ගුත්තිල ඛණ්ඩ කාව්‍යය සඳහා ජාතක පොතේ 237 වැනි ජාතක කථාව වූ ගුත්තිල ජාතකය පාදක වී තිබේ.

ගුත්තිල කාව්‍ය තුළ පද්‍ය 511ක් ඇතුලත් වී ඇති අතර වෑත්තෑවේ හිමියන් විසින් වායු ගණය මුල් කොට ගෙන රචනා කර ඇත. ජාතික කථා පුවත් පදනම් කොට ගෙන කෝට්ටේ සමයේ දී ලියැවී ඇති කාව්‍ය කෘති දෙකෙන් දෙ වැන්න ගුත්තිල කාව්‍යයයි. රචනා කර ඇති විරිත සමුද්‍ර ඝෝශ යයි. එනම් සමුදුරෙ රිද්මයටයි. කෝට්ටේ යුගයට අයත් මෙම කාව්‍ය සංග්‍රහය තුළින් බෝසතුන් 'ගුත්තිල' නම් විණා වාදකයාව ඉපිද 'මුසිල' නම් තම ගෝලයා සමඟ වාද කළ අයුරු නිරුපණය කෙරේ.

කතුවරයා මෙම කෘතියට විශේෂ නාමයක් ලබා දී නොමැති අතර, එම නිසා ජාතක පොතෙහි එන ගුත්තිල නාමය ම මේ සඳහා භාවිත වේ. වෑත්තෑවේ හිමියන්, තොටගමුවේ ශී‍්‍ර රාහුල හිමිපාණන්ගේ ගෝලයෙකි. කාව්‍යාකරණයෙහි තම ගෝලයා තුල තිබු හැකියාව දුටු රාහුල හිමි ඒ කෙරෙහි තමා තුල පවතී අප්‍රසාදය පල කිරීමට තම අතවැසියෙකු විසින් වෑත්තෑවේ හිමියන්ට දිනපතා පලා කොළ 3 පංගුවක් බෙදන ලෙස උපදෙස් දුන්නේය. මෙසේ 'පල නො කියා පලා බෙදන' බව වටහා ගත් වෑත්තෑවේ හිමි පෙරලා ගමට වැඩි අතර, තම අකෘතඥයකු නොවන බව ගුරුතුමාට හැගවීම සදහා ගුත්තිල කාව්‍ය රචනා කරන ලදී.

ලෙන් බැහැර ව ගිය වෑත්තෑවේ හිමියන් තමන් ගුරු ද්‍රෝහියකු නොවන බව පෙන්වීම පිණිස ගුත්තිල කාව්‍යය රචනා කළ බවත් පැවසේ.

හය වැනි පරාක‍්‍රමබාහු රජ සමයේ (කෝට්ටෙ යුගයේ) මෙය ලියැවුණු බවට සැලකෙන ගුත්තිල කාව්‍යය, සිංහල සාහිත්‍ය ඉතිහාසයේ සුවිශේෂී නිර්මාණයක් ලෙසින් ද සිංහල පද්‍ය සාහිත්‍ය පෝෂණය කළ උසස් රසවත් ග‍්‍රන්ථයක් ලෙසින් ද ඉමහත් ප‍්‍රසාදයට ලක් වී ඇත. තවද සංසාර නෞකා වූ සර්වඥයන් වසහන්සේ වේළුවනාරාමයෙහි වැඩවසන සමයෙහි දේවදත්ත නම් ස්ථරවීරයන් වහන්සේ අරභයා මෙය දක්වන ලදි.

මූලාශ්‍ර

බාහිර සබැඳි

Tags:

කෝට්ටේ යුගයජාතක පොතතොටගමුවේ රාහුල හිමිවැත්තැවේ හිමි

🔥 Trending searches on Wiki සිංහල:

මහින්ද රාජපක්ෂදෙමළ අක්ෂර මාලාවමඩු දේවස්ථානයශ්‍රී ලංකා පොලිස් සේවයශාන්තිකර්මමනෝවිද්‍යාවශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවකතරගමණය පත්සර්වෝදයගැලලියෝ ගැලලීසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රආසියාවමානව බහිස්ස්‍රාවී පද්ධතියපිදුරුතලාගලශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවපවුලඝනත්වයත්‍රිවිද්‍යාගණේශසියදිවි නසාගැනීමශ්‍රී ලංකාවේ ආදිවාසීන්හොරහෙළයන්ගේ සම්ප්‍රදායික කැඳ වර්ගඑක්සත් අරාබි එමීර් රාජ්‍යයශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාපතිවරුමඩොල් දූවරනිල් වික්‍රමසිංහපොහොරසංස්කරණ සංඛ්‍යාව අනුව විකිපීඩියානුවෝමල්සිංහබාහු රජඕස්ට්‍රේලියාවහෙද සේවයරාශි චක්‍රයපෘතුගීසි ලංකාවඅධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයදර්ශනයබාලදක්ෂ ව්‍යාපාරයශ්‍රී ලංකා කොටියාකමල් අද්දරාරච්චිසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝරාජ්‍ය නොවන සංවිධානයාල ජාතික වනෝද්‍යානයඉස්ලාම්වළගම්බා රජසිකුරු ග්‍රහලොවවර්ණ සබැඳි සිද්ධාන්තරසදියඅභයගිරි දාගැබධාතුසේන රජස්තූපසිංහබාහුලිංගික අපරිකාමකත්ව ලැයිස්තුවනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.සී.ඩබ්.ඩබ්. කන්නන්ගරආයුර්වේදයඉසුරුමුණි කැටයම්තෙත් කලාපයේ ශාක විවිධත්වයලංකාවේ කැලෑ බළලුන්ශ්‍රී ලංකාවේ කඳු ලැයිස්තුවශ්‍රී ලංකාවේ නීති පද්ධතියභික්ෂූන් වහන්සේමාතලේ කැරැල්ලකළු ජූලියවෙරළුමී මැසි පාලනයලිංගාශ්‍රිත රෝගසිංහල සහ හින්දු අලුත් අවුරුද්දඩයලොග් ආසියාටාමහියංගනයතාරුණ්‍යය හා විවේකයඋප‍දේශන මනෝ විද්‍යාවපළමුවන පරාක්‍රමබාහු රජයු‍රේනස්ව්ලැඩිමියර් ලෙනින්සිවිල් නීතිය සහ පොදු නීතිය🡆 More