*උඩරට නැටුම්වලදී බෙහෙවින් භාවිතා කෙරෙන, (කොන් දෙකට වඩා මැද මහත බෙරය) යනුවෙන් අර්ථකථනය කළ හැකි, උඩරට ප්‍රදේශයේ චිරාත් කාලයක් ප්‍රචලිත ව තිබීම නිසා වර්තමානයේ උඩරට බෙරය නමින් ද හැඳින්වෙන ගැටබෙරය නම් වූ ලොව මවිත කළ දෙඅතින් තැලීමෙන් හමින් ශබ්ද උපදවන මේ අවනධ්‍ය භාණ්ඩය කවදා කෙසේ ප්‍රභවය වූවක් ද, විදේශයකින් මෙහි ආදේශ වූවක් ද, එසේ විදේශයකින් ආදේශ වූයේ නම් ලොව වෙනත් කොතනකදී හෝ අනුරුවක් හෝ ඉතිරි ව තිබේ ද, එසේ නැතිනම් අපේ ම මුතුන් මිත්තන්ගේ නිර්මාණයක් ද, ලොව අන් රටවල මෙන් මුල් අවස්ථාවේ සරල ව නිර්මාණය වී ක්‍රමයෙන් සංවර්ධනය වී මේ තත්ත්වයට පැමිණි එකක් ද, නිගමනයකට එළඹීම අසීරු ය.
උඩරට බෙරය හෙවත් ගැට බෙරය දීර්ඝ කාලයක සිට ලංකාවේ වාදන භාණ්ඩ අතර ප්‍රමුඛස්ථානයක් ගත් ආතත භාණ්ඩයක් වේ. උඩරට නර්තනයේදී භාවිතා වන මෙම බෙරය දේශීය සංගීතයේ දී වැදගත් සංගීත භාණ්ඩයකි. උඩරට නැටුම් සම්ප්‍රදායේ දී සුවිශේෂීව භාවිතා වන නිසාත්, උඩරට නැටුම් ඉතිහාසයට උරුමකම් කියන නිසාත් මෙයට උඩරට බෙරය යන නාමය භාවිතා කරයි.
ඉතිහාසයේදී මෙන්ම අද ද උඩරට නැටුම සඳහා ගැටබෙරය මහත් සේවයක් කරයි. ධාතු වංශයේ මෙය "දෙණ්‌ඩිම" හා සමාන යෑයි කීව ද අද භාවිත වන ගැටබෙරය ඊට වෙනස් ය. ථූපවංශය, දඹදෙණි අස්‌න, සද්ධර්මාලංකාරය ආදී ග්‍රන්ථ කීපයක සඳහන් වන බෙර සංඛ්‍යාව අති විශාලය. සිංහල යුද්ධ හමුදාවේ ගැටබෙරය ද ඇතුළත් වන මෙම බෙර සියල්ලම වාදනය කළ බව ඉහත කී ග්‍රන්ථ සාක්‌කි දරයි. අදද හෙළ සටන් කලාව වන අංගම්පොර සටන් කලාව තුළ මෙම ගැට බෙරය භාවිතා වන බව කොරතොට අංගම්පොර සම්ප්‍රදායේ ශිල්පීන් දක්වයි. ලංකාවේ ඉතිහාස ග්‍රන්ථවල පවා සඳහන් වන මෙම බෙරය ලංකාවට ආවේණික වූ සුවිශේෂි වූ බෙරයකි. වෙස්සන්තර ජාතක කාව්‍යයේ එන පහත කවිය එයට හොඳව උදාහරණයයි.
එපමණක් නොව පහත සඳහන් වන තෙලපත්ත ජාතක කාව්‍ය තුළ දක්නට ලැබෙන කවිය ද මෙහි ඉතිහාසයට තවත් ප්‍රභල උදාහරණයකි.
කොහොඹ, ගං සූරිය, දේවදාර, ඇසල වැනි තද අරටු සහිත දැව වර්ග ගැටබෙර සකස් කිරීමේදී කඳ සඳහා යොදා ගනිමින් මෙම ගැටබෙරය නිර්මාණ කෙරේ. දිග සාමාන්‍යයෙන් අඟල් 28ක් පමණ වන ගැටබෙරයේ වම්පස මුහුණට වඩා දකුණු පස මුහුණත ප්‍රමාණයෙන් තරමක් කුඩා වනසේ සකස් කරනු ලැබේ. වම් පසට ඝන වූ ගව හම්ද, දකුණු පස බෙර ඇසට වඳුරු හමක් හෝ තලගොයි හමක් යොදා ගනියි.
ගැටබෙරයේ වාදනය කරන පද කිහිපයක් මේ ආකාරයට දැක්විය හැකිය
මඟුල් බෙර වාදනය සුභ කටයුතු, මංගල අවස්ථාවන්හිදී සහ ත්‍රිවිත රත්නයේතී, දෙවියන්ගේත්, ආශිර්වාදය පතා කරන වැදගත් වාදන අංගයකි. ගැටබෙරයේ වම් ඇසින් දොං තොං, කුඳ ආදී අකෂරද, දකුණු ඇසින් ජිං තං ජිත්, ආදී අක්ෂර ද වාදනය කරනු ලැබේ. උඩරට පළාත් වලටත් වන්නියටත් සතර කෝරළේ ඇතැම් පෙදෙස් වලටත් සීමාවු ගැමි නාට්‍ය විශේෂයක් වන සොකරි නාටකය තුළ භාවිතා වන්නේ ගැට බෙරයයි. එසේම උඩරට නැටුමේ ප්‍රධාන ශාන්තිකර්මය වන කොහොඹා කංකාරියේ දී ගැට බෙරය ප්‍රධාන වාද්‍ය භාණ්‌ඩය වේ.
දේශීය සටන් කලාව වන අංගම් ශිල්පයේ දී බෙර රාශියක් භාවිතා වූ බව සඳහන් වන අතර ඒ අතර ගැට බෙරය ද වේ. එසේම පෙර යුද භූමියට හමුදාව පිටත්ව ගියේ බෙර වයමින්, නළා පිඹිමින් ය. යුද ජයග්‍රහණය බෙර වාදනයෙන් පළ කළ අතර යුද පරාජය ද බෙරයෙන්ම දන්වන ලදී. එනම් බෙර යුද පිටියේ දමා ඒමෙනි. එපමණක් නොව අපරාධකරුවන් වධක භූමිය වෙත කැඳවා ගෙන ගියේ වධ බෙර ගසමින් ය.
This article uses material from the Wikipedia සිංහල article ගැට බෙරය, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.