කොලරාව

කොලරාව යනු Vibrio cholerae නම් බැක්ටීරියාවක් මගින් ඇති කරන බෝවන ‍ආන්ත්‍රික රෝගයකි.

මෙය මිනිසුන්ට බෝවන්නේ අපවිත්‍රවු පානීය ජලය හා ආහාර ද්‍රව්‍යයන් පරිභෝජනය මගිනි. කොලරා බැක්ටීරියා සංචිත කොට තබා ගන්නා ප්‍රධාන ස්ථානයක් වන්නේ මිනිස් සිරුර යි. නමුත් සැලකිය යුතු ප්‍රමාණයක් වන බැක්ටීරියාවන් ජලාශ්‍රිත පරිසර වලද දක්නට ලැබේ. Vibrio cholerae බැක්ටීරියාව ග්‍රෑම් වර්ණකයෙන් වර්ණ නොගැන්වෙන ග්‍රෑම් සෘණ බැක්ටීරියාවකි. මෙමගින් නිශ්පාදනය වන විෂ ද්‍රව්‍ය ආන්ත්‍රික විෂ වර්ගයට අයත්ය. මෙය කුඩා අන්ත්‍රයේ අපිච්චාද පටක මත ක්‍රියාත්මක වී පාචන තත්වය ඇති කරයි. රෝගයේ උච්චතම අවස්ථාවන් වලදී කොලරාව මගින් ඉක්මනින් මරණයත් ළඟා කරදිය හැකිය. නිසි කළට ප්‍රතිකාර නොලැබුණ හොත් රෝග ලක්ෂණයන් ඇතිවී පැයකින් අවරුධිර පීඩනය ඇතිවීම‍ටත් පැය තුනක් ඇතුළතදී මරණය පවා ඇතිවීමටත් පුළුවන. විජලනය වළක්වා ගැනීමේ ප්‍රතිකාර ක්‍රම ‍නොලැබුණ හොත් රෝගය පාචන තත්වයේ සිට කම්පන අවස්ථාවක් දක්වා පැය 4 සිට 12 ක් වු කාලය අතරතුරදී සහ පැය 18 සිට දින කිහිපයක් අතරතුරදී මරණය පවා ළඟා විය හැකිය.

කොලරාව
කොලරාව
කොලරා රෝගයේ ව්‍යාප්තිය (මෙම රූපයේ ශ්‍රී ලංකාව දක්වා ඇතත් මෑත කාලයේ එහි මෙම රෝගය වාර්තාවී නැත)

රෝග ලක්ෂණ

කොලරාව නිසා ඇතිවන පාචනය ක්ෂණිකව ඇතිවන්නක් වන අතර එය කෙතරම් දරුණුදයත් නිසි කලට නිසි ප්‍රතිකාර ක්‍රම ලබා නොදුනහොත් දරුණු විජලන තත්වයක් හෝ මරණය ඇති වෙයි.

සුසෑන් සොන්ටැග් නම් නවකතාකාරියට අනුව අනිකුත් මාරාන්තික රෝගයන්ට වඩා කොලරා රෝගය දරුණු වන්නේ එමගින් අදාල රෝගියා අමානුෂිකත්වයට පත් කරන බැවිනි. පාචනය හා විජලන කෙතරම් දරුණුද යත් ඇය විසින් විග්‍රහ කරන අන්දමට රෝගියකු‍ෙග් මරණයට පෙර ඔහු හෝ ඇය වියලී ගිය විකට රූපයක් බවට පත්වෙයි. අනෙකුත් රෝග ලක්ෂණ වන්නේ සීඝ්‍ර ‍විජලනය , හෘද ස්පන්දන වේගය ඉහල යාම , සම වියලීම , තෙහෙට්ටු ගතිය , බඩ කොරවීම ඔක්කාරය සහ වමනයයි.

ප්‍රතිකාර ක්‍රම

1992 දී සයරේ හි වෛද්‍ය කණ්ඩායමක් මගින් කොලරා රෝගියකුට ප්‍රතිකාර කරන අන්දම

විජලනය සහ සිරුරේ ඇති ලවණ ද්‍රව්‍ය සීඝ්‍රලෙස ඉවත්ව යාම ‍කොලරා රෝගයේදී සිදුවන බැවින් ඒවා නැවත යථා තත්වයට පත් කිරීම ප්‍රතිකාර ක්‍රම වලදී සිදුවෙයි. විජලනය වලක්වා ගැනීමේ පානිය ද්‍රව්‍යයන් භාවිතය වඩා ලාභදයී කාර්යක්ෂම ආරක්ෂාකාරී සහ අතුරු ප්‍රතිඵල වලින් තොර ප්‍රතිකාර ක්‍රමයකි.

රෝගය උත්සන්න වන ඇතැම් අවස්ථාවලදී ශිරාගත කරන තරලමය ද්‍රව්‍ය මගින් විජලනය වලක්වා ගත හැකිය. ටෙට්‍රාසයිකලීන් නම් ප්‍රතිජීවක ඔ‍ෟධය ඇතැම් අවස්ථාවලදී භාවිතා කෙරුණද ඇතැම් බැක්ටීරියා විශේෂ මේ සඳහා ප්‍රතිරෝධීතාවයක් පෙන්නුම් කරයි. කෝට්‍රයිමොක්සෝල් එරිත්‍රොමයිසීන් , ඩොක්සි සයික්ලීන් , ක්ලෝ‍රැම්ෆිනිකෝල් සහ ෆියුරසොලිඩෝන් මෙහිදී භාවිතාවන අනිකුත් ප්‍රතිජීවකයන් වේ. ෆ්ලුවොරොක්විනොලෝන් වර්ගයට අයත් නොෆ්ලොක්සසීන් නම් ඖෂධයද භාවිතා කරන නමුත් ඒ සඳහා ප්‍රතිරෝධීතාවයන්ද වාර්තා වී ඇත.

ඖෂධයන් ‍බොහෝමයක් සඳහා ප්‍රතිරෝදී වන බැක්ටීරියා විශේෂ ක්ෂණිකව හදුනාගැනීම සඳහා ක්‍රමෝපායන් බිහිවී ඇත. මෙම බැක්ටීරියාව සඳහා ඵලදායි ලෙස භාවිතා කළ හැකි නව ඖෂධ වර්ගද සොයා ගෙන ඇත.

බාහිර සබැඳි

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

සෙංකඩගල පෙරහැර මංගල්‍යයනිල් මානෙල්සෞරග්‍රහ මණ්ඩලයශ්‍රී ලංකාවේ ආදි වාසීන්වෘෂණ කෝෂයපොරොන්දම්සිංහල හෝඩිබිලාවල් රාගයමහින්ද රාජපක්ෂගුණදාස කපුගේසිංහල භාෂාවකලාව යනුවිශ්‍‍වකෝෂ‍ය‍ශ්‍රී ලංකා ජාතික කොඩියසිකුරු ග්‍රහලොවගැලලියෝ ගැලලීබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවමහා පිපිරුමතුන් සිංහලේඅභිනිෂ්ක්‍රමණයසංවර්ධනය වෙමින් පවතින රටවල්නාගරීකරණයසිංහල ව්‍යාකරණඋල්කාපාතසියදිවි නසාගැනීමජාතික ජන බලවේගයහිරෝෂිමාඅහරකුක්කාඑස්‌. මහින්ද හිමිකාව්‍යශේඛරයහෙද සේවයවෛරසජාතික ගීය - ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල නාමාවලියවිහාරමහා දේවියදරු නැලවිලි ගීසීගිරියේ ඉතිහාසයදකුණු ආසියාවතල් ශාකයශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියසුදු කොඩි නඩුවආදරයකෝට්ටේ යුගයමිෂෙල් දිල්හාරාස්වභාවාදයඅක්මාවපෝෂක පදාර්ථදාම්මධ්‍යම පළාත, ශ්‍රී ලංකාවශ්‍රී ලංකා රුපියලශ්‍රී ලංකාවේ ආදිවාසීන්එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සිවිල් ජනයාට සිදුකළ ප්‍රහාර ලයිස්තුවසත්ත්ව වංශමී මැසි පාලනයකාර්මික විප්ලවයකතරගමසූර්ය ග්‍රහණසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුසතරවරම් දෙවිවරුරුහුණු කතරගම පුදබිමේ සිංහල දෙවියන්ප්‍රථමාධාරප්‍රංශ විප්ලවයඑච්.ආර්. ජෝතිපාලඑනසාල්අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ලැයිස්තුවශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයලිංගාශ්‍රිත රෝගසදාචාරයශ්‍රී ලංකා පොදුජන පෙරමුණආතර් සී. ක්ලාක්රබින්ද්‍රනාත් තාගෝර්පළමුවන පරාක්‍රමබාහු රජකළු කවුඩාපාරමිතාගල් විහාරයසිංහල අකුරු🡆 More