කොරල් පර යනු නොගැඹුරු නිවර්ථන පෝෂක පදාර්ථ ඉතා සුළු ප්‍රමාණයක් හෝ පෝෂ ද්‍රව්‍ය නොමැති සමුද්‍ර ජලයෙහි අන්තර්ගත ජීවි විශේෂ වලින් නිෂ්පාදනය කරනු ලබන ඇරගනයිට් ව්‍යුහයන් වේ.
කාෂිකාර්මික ප්‍රදේශ වලින් නිකුත් කරනු ලබන අධි පෝෂණය සහිත සංඝටක නිසා ඇල්ගි වල වර්ධනය දිරිමත් කිරීම මගින් මෙකී කොරල් පර වලට හානි සිදුවිය හැකිය. බොහෝ කොරල් පර වල ප්‍රමුඛතම ජීවි විශේෂයන් වනුයේ පාෂාණමය කොරල්ය. මේවා කැල්සියම් කාබනේට් බහිස්සැකිලි ස්රාවය කරන ගනාවාසයේ නිඩේරියාවන්ගෙන් සැදී ඇත. මෙලෙස සැකිලි ද්‍රව්‍ය එක්රැස්වීමෙන් සහ කැඩිබිදි ඒවා සාගර තරංග මගින් එකිනෙක මත ගොඩ ගැසි ජෛව විඛාදනයට පත් වීමෙන් සුවිශාල කැල්සියම් වලින් සැදුම්ලත් ගනාවාස බිහිවන අතර ඒවා මගින් අනෙකුත් ජීවි කොරල් වලට සහ විශේෂ මාදලි වල වෙනත් ශාක හා සත්ව ජීවිත වලට ආධාර සපයනු ලැබේ. මේකි කොරල් නිවර්තන සහ සෞම්‍ය ජලයෙහි දක්නට ලැබුණද කොරල් පර සෑදෙනුයේ සමකයෙහි සිට අක්ෂාංශ 30 කත් සහ දේෂාංශ 30 ක් අතර කලාපයේදීය. කොරල් ඉතා කුඩා ජීවියෙකුගේ නිර්මාණයකි.මේ කුඩා ජීවියා "පොලිප් ජීවියා" හෙවත් බුහුබාවා ලෙස හදුන්වයි. අපෘෂ්ඨ වංශික ගණයට අයත් කුඩා මෘදු විනිවිද පෙනෙන සතෙක් වන මේ ජීවියා සාගර ජලයේ ඇති කැල්සියම් කාබනේට් අවශෝශණය කරගෙන තම ශරීරයට පිටින් සැකිල්ලක් හෙවත් කවචයක් නිර්මාණය කර ගනී.මේ සතුන් දහස් සංඛ්‍යාවක් නිර්මාණය කරන ඇටසැකිලි කොරල් ලෙස හදුන්වයි.මෙම පොලිප් සතුන් හුණුගල් සැකිල්ලේ කෝප්පයකට සමාන ලෙස ජීවත් වේ. කොරල් පරය ආරම්භ වන්නේ තනි පොලිප් ජීවියෙකුගෙනි. සාගර ජලයේ පාවෙමින් සිටින ජීවියා තද මතුපිටක් හමු වු විට එහි පදිංචිවේ. එයින් පසු සැකිලි සෑදීම අරඹන අතර ,පැටවුන් දෙමාපිය පොලිප්ට බද්ධ වී සැකිලි සාදයි.පොලිප් ජීවියා මිය ගියද උගේ සැකිලි ඉතිරි වන අතර,ඒ සැකිල්ල මත වෙනත් ජීවීන් වර්ධනය වේ.මෙසේ වසර දහස් ගණනක් තිස්සේ පොලිප් ජීවීන්ගේ කොලණියක් මගින් සෑදෙන ඉතා ඝනකම සහිත සැකිල්ල කොරල් පරයක් හෙවත් කොරල් පරයක් ලෙස හදුන්වයි. පොලිප් ජීවියා සත්ව ප්ලවාංග ආහාරයට ගන්නා අතර, ඒ ජීවියා සමඟ සහජීවී ලෙස ජීවත් වන සුසැන්තලේ නමැති අන්වීක්ෂීය පැලෑටිය මත කොරල් පරයේ වර්ධන ශක්තිය රඳා පවතී.පොලිප්ගේ බහිශ්රාවීය ද්‍රව්‍ය සහ හිරු එළිය උපයෝගී කරගෙන සුසැන්තලේ නමැති අන්වීක්ෂීය පැලෑටිය ප්‍රභාසංශ්ලේෂණය සිදු කරයි. ප්‍රභාසංශ්ලේශණය මගින් නිපදවන ඔක්සිජන් පොලිප් ජීවීන් ආශ්වාස කරයි. එපමණක් නොව කොරල් වලට සුන්දර වර්ණ ලැබෙන්නේ සුසැන්තලේ ගෙනි. කොරල් පර ගොඩනගන හෙවත් hermatypic කොරල් හමුවන්ගේ ප්‍රකාශ කලාපයේ (50m ට වඩා නොගැඹුරු )ය. එනම් ප්‍රභාසංශ්ලේෂණය වීමට තරම් ප්‍රමණවත් හිරු එළිය ලැබෙන ගැඹුරු මට්ටම තෙක් පමණී.කොරල් බහුබාවන් ප්‍රභාසංශ්ලේෂණය නොකළත්, ඒක සෛලික ඇල්ගාවක් වෙන zooxanthellate සමඟ සංකේතාත්මක සම්බන්ධතාවයක් පවතී.මෙම ඇල්ගී සෛල කොරල් බුහුබාවාගේ පටක තුළ ප්‍රභාසංශ්ලේෂණය කරමින් නිපදවන අමතර කාබනික පෝෂක කොරල් බුහුබාවන් විසින් ප්‍රයෝජනයට ගනු ලබයි.මේ සබැඳියාව නිසා වැඩි හිරු එළිය ප්‍රමාණයක් ලැබෙන පැහැදිලි ජලයේදී කොරල් පර වේගයෙන් වැඩේ. මෙම සහජීවනය නොමැතිනම් කොරල් පර ඒවායේ චමත්කාර ජනක ව්‍යුහය තෙක් වර්ධනය වීම ඉතාමත් සෙමෙන් සිදුවනු ඇත. කොරල් ලිංගික හා අලිංගික යන ආකාර දෙකෙන්ම වර්ගයා බෝකරගනී.තනි බුහුබාවකු හට සිය ජීවිත කාලය තුළදී මේ අකාර දෙකම උපයෝගී කරගෙන වර්ගයා බෝකර ගැනීමට හැකිය.කොරල් ලිංගිකව තම වර්ගයා බෝකිරීම අභ්‍යන්තර හෝ බාහිර සංසෙචනයෙන් සිදුකරයි. ප්‍රජනක සෛල උදර කුහරයේ රේඛාලෙස ඇති පටක ස්ථරයකින් ඇතුළට විහිදුනු මධ්‍යාන්ත්‍රක පටල වල ඇත.ඇතැම් වැඩුණු වයස්ගත කොරල් ද්විලිංගික වේ.අනෙක් කොරල් වෙන්වෙන් වශයෙන් ස්ත්‍රී ලිංග හෝ පුරුෂ ලිංගිකවේ. ඔවුන් වැඩෙන විට ඉතා සුළු ඒකාකාරී ලිංගික වෙනසක් දැකිය හැකිය.
ලෝකයේ දක්නට ලැබෙන ඉතාමත් චමත්කාර ජනක වුද, වෙරළ බඩ පරිසර පද්ධතියක් වශයෙන් කොරල් පර ආශ්රිත පරිසර පද්ධතිය හැදින්විය හැකිය. එමෙන්ම ජෛව ක්‍රියාවලියන් ආශ්රිත නිර්මාණය වන භූරූප පද්ධතියක් වශයෙන්ද මෙය හැදින්විය හැකිය.
කොරල් ඉතා කුඩා ජීවියෙකුගේ නිර්මාණයකි.මේ කුඩා ජීවියා "පොලිප් ජීවියා" හෙවත් බුහුබාවා ලෙස හදුන්වයි. අපෘෂ්ඨ වංශික ගණයට අයත් කුඩා මෘදු විනිවිද පෙනෙන සතෙක් වන මේ ජීවියා සාගර ජලයේ ඇති කැල්සියම් කාබනේට් අවශෝශණය කරගෙන තම ශරීරයට පිටින් සැකිල්ලක් හෙවත් කවචයක් නිර්මාණය කර ගනී.මේ සතුන් දහස් සංඛ්‍යාවක් නිර්මාණය කරන ඇටසැකිලි කොරල් ලෙස හදුන්වයි.මෙම පොලිප් සතුන් හුණුගල් සැකිල්ලේ කෝප්පයකට සමාන ලෙස ජීවත් වේ. කොරල් පරය ආරම්භ වන්නේ තනි පොලිප් ජීවියෙකුගෙනි. සාගර ජලයේ පාවෙමින් සිටින ජීවියා තද මතුපිටක් හමු වු විට එහි පදිංචිවේ. එයින් පසු සැකිලි සෑදීම අරඹන අතර ,පැටවුන් දෙමාපිය පොලිප්ට බද්ධ වී සැකිලි සාදයි.පොලිප් ජීවියා මිය ගියද උගේ සැකිලි ඉතිරි වන අතර,ඒ සැකිල්ල මත වෙනත් ජීවීන් වර්ධනය වේ.මෙසේ වසර දහස් ගණනක් තිස්සේ පොලිප් ජීවීන්ගේ කොලණියක් මගින් සෑදෙන ඉතා ඝනකම සහිත සැකිල්ල කොරල් පරයක් හෙවත් කොරල් පරයක් ලෙස හදුන්වයි. පොලිප් ජීවියා සත්ව ප්ලවාංග ආහාරයට ගන්නා අතර, ඒ ජීවියා සමඟ සහජීවී ලෙස ජීවත් වන සුසැන්තලේ නමැති අන්වීක්ෂීය පැලෑටිය මත කොරල් පරයේ වර්ධන ශක්තිය රඳා පවතී.පොලිප්ගේ බහිශ්රාවීය ද්‍රව්‍ය සහ හිරු එළිය උපයෝගී කරගෙන සුසැන්තලේ නමැති අන්වීක්ෂීය පැලෑටිය ප්‍රභාසංශ්ලේෂණය සිදු කරයි. ප්‍රභාසංශ්ලේශණය මගින් නිපදවන ඔක්සිජන් පොලිප් ජීවීන් ආශ්වාස කරයි. එපමණක් නොව කොරල් වලට සුන්දර වර්ණ ලැබෙන්නේ සුසැන්තලේ ගෙනි.
ලෝකයේ පවතින සෑම මුහුදකම කොරල් පර වර්ධනය වන්නේ නැත. කොරල් පර වර්ධනය සඳහා සුදුසු විශේෂිත පරිසර පද්ධතියක් ඇති සාගර වල පමණක් කොරල් පර වර්ධය වේ. එම විශේෂිත අවශ්‍යතා මොනවාද යන්න පහත දැක්වේ.
සාගර ජලයේ උෂ්ණත්වය එකවර සෙන්ටිග්‍රේඩ් අංශක 2 කින් පමණ වෙනස් වුවහොත් කොරල් පර විනාශ විය හැක. එයට හේතුව වන්නේ උෂ්ණත්වයේ ක්ෂණික වෙනස් වීම පොලිප් ජීවියාට ඔරොත්තු නොදෙන බැවින් එම ජීවියා මැරි යාමයි. එම ජීවියා විනාශ වු විට කොරල් පර වර්ධනයක් නොවන බැවින් කොරල් පර , අජීවී තත්වයට පත් වී විනාශ වී යයි. එම තත්වයම සාගර ලවණතාවය වෙනස් වූ විටද සිදුවිය හැක. කොරල් පර වර්ධනය මීටර් 50 දක්වා වූ ගැඹුරු මුහුද දක්වා සිදුවේ. එයට හේතුව සූර්යය තාපය ඊට වඩා ගැඹුරට නොයන බැවිනි.
කොරල් පර ආශ්රිත වෙනත් ජීවීන්ගෙන් මිනිසාට අනාගතයේදී ලබා ගත හැකි ඵල ප්‍රයෝජන වැඩි වනු ඇත. මෑතදී ඇති වූ සීඝ්‍ර ජන සංඛ්‍යා වර්ධනයත් සමඟ කොරල් ආශ්රයෙන් ලබා ගන්නා ප්‍රයෝජන වේගවත් වී ති බේ.මේ තත්වය යටතේ මිනිසා මෙම මහඟු සම්පත ප්‍රමාණය ඉක්මවා ප්‍රයෝජනයට ගෙන ඇත. එබැවින් මෙම සම්පත තර්ජනයකට මුහුණ දී ඇත.ඒ සමඟම වෙරළ බඩ ඇති ඇතිවන පරිසර දූෂණයන්ද (අපද්‍රව්‍ය, රසායනික ද්‍රව්‍ය වැනි දේ ගංඟාවනට සහ මුහුදට යැවීම) මෙම පද්ධතිය පිරිහී යාමට හේතු වී ඇත.
මිනිසා හුදු අනිතගාමී ලාභ ප්‍රයෝජන සඳහා කොරල් පර ප්‍රදේශ යොදා ගැනීම නිසා එම පර වලට වන හානිය ස්වභාවික ක්‍රියාවලියෙන් වන හානියටත් වඩා අති මහත් ය.එවැනි අවස්ථා කිහිපයක් නම්,
ගංඟා නිම්න ප්‍රදේශවලට පෝෂක ප්‍රදේශ එළි කිරීම නිසා ගං වතුර ඇතිවේ. මෙහිදී ගං වතුර ගෙන එන රොන්මඩ අධික ප්‍රමාණයක් කොරල් පර සහිත ප්‍රදේශවල අධික ලෙස තැන්පත් වී ඒවා වැසී යාමෙන් කොරල් පර වර්ධනයට බාධා පැමිණේ.
මිනිසාට ආර්ථික වශයෙන් ඉමහත් ප්‍රයෝජනයක් ලබා දෙන්නා වු කොරල් ආශ්රිත මුහුදු ප්‍රදේශ එක් අතකින් මිනිසාට සෞන්දර්යය ලබා දීමෙන් මානසික තෘප්තියක් ඇති වේ. මුහුදු ජීවීන් සංඛ්‍යාවකට රැකවරණය ද සලසයි. මේ නිසා කොරල් පර වලින් ප්‍රයෝජන ගැනීමේදී මිනිසා මීට වඩා බුද්ධිමත්ව කටයුතු කළ යුතුව ඇත. ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළේ කල්කුඩා ප්‍රදේශයේ කොරල් කැඩීම නතර කිරීම නිසා ස්වභාවික ව තැන්පත් වු කොරල් වැටියක් නිර්මාණය වී ඉතා කෙටි කාලයකදී වෙරළ තීරයක් ගොඩ නැගී ඇත. ලෝකයේ වෙනත් රටවල් කොරල් පර සම්පත වැඩි කිරීම සඳහා කෘත්‍රීම ලෙස කොරල් නිර්මාණය කෙරේ.
තවත් සමහර රටවල පරණ නැව් මුහුදේ ගිල්වීමෙන් කොරල් වැඩීමට ඉඩ සලසා ඇත. දැනට ලංකාවේ හික්කඩුව ප්‍රදේශය තුළ අක්කර 110 ක සාගර අභය භූමියක් පිහිටුවා ඇත. එය 1979 සී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති කරන ලද්දකි.
ඉන්දු ශාන්තිකර කලාපයේ (රතු මුහුද , ඉන්දියන් සාගරය , අග්නිදිග ආසියානු සහ ශාන්තිකර සාගරද ඇතුළත්ව) වර්ග කිලෝමීටර් 284,300 පුරා පැතිර ඇති බවට ගණනය කර ඇති මෙම කොරල් පර සමස්ත කොරල් පරවලින් 91.9% වේ. මෙම සංඛ්‍යාවෙන් 32.3% ක් අග්නි දිග ආසියාවෙන් ද , 40.8% ක් ඕස්ට්‍රේලියාවෙන් ද ඇතුළත්ය. සමස්ත කොරල් පර ප්‍රමාණයෙන් 7.6% පමණක් අත්ලාන්තික් සහ කැරිබියානු කොරල් පර වේ.
කොරල් පර ඉතාම සීමිතව හෝ දක්නට නොමැති වන්නේ ඇමරිකානු සහ අප්‍රිකානු බටහිර වෙරළ තීරයන්ගේය. ගොඩගැනීම් ක්‍රයාවලිය සහ දැඩි සිසිල් සාගර දියවැල් මගින් මෙම ප්‍රදේශවල සාගර ජලයෙහි උෂ්ණත්වය පහත වැටීම ප්රාථමිකව මෙම සීමිත භාවයට හේතු වේ. ආසියාවේ වෙරළ තීරයෙන් එපිට පාකිස්ථානයේ සිට බංග්ලාදේශය දක්වා වෙරළ තීරයේ ද කොරල් පර සීමිත වී ඇත. ඇමසන් නදියෙන් සහ ගංගා නදියෙන් ඉතා විශාල වශයෙන් ජලය සාගරයට මුදා හරින බැවින් පිළිවෙලින් දකුණු ඇමරිකාවේ ඊසාන දිගින් ද බංග්ලාදේශය අවට ද කොරල් පර සීමිත වී ඇත.
ලෝකයේ ප්‍රසිද්ධ කොරල් පර සහ පිහිටා ඇති ප්‍රදේශ :-
ලොව පුරා කොරල් පර විනාශ වෙමින් පවතිති. විශේෂයෙන්ම, කොරල් පර කැඩීම, කෘෂිනාර්මික හා නාගරික අපහරණ, දූෂණය (කාබනික හා අකාබනික), අධික මස්මැරීම, පිපිරුම් මස්මැරීම, රෝග, සහ කාණු කැපීම සහ දිවයින් හා මුහුදු බොකු වෙත ප්රවාහණය යන දේ කොරල් පරිසර පද්ධතීන්ට ස්ථානගත තර්ජන වෙති. පුළුල් තර්ජන වන්නේ සාගර උෂ්ණත්වය ඉහළ යෑම, සාගර ජල මට්ටම ඉහළ යෑම සහ සාගර අම්ලකරණය නිසාවෙන් pH අගයෙහි වෙනස්වීම්, යන මේ හරිතාගාර වායු විමෝචනයන් හා බැඳි සියල්ල වෙති.[උපහරණ ඇවැසිය]
පෘථිවි සාගරවල ජීවත් වන කොරල්පර වලට මිනිස් ක්‍රියාකාරකම් විශාල තර්ජනයක් එල්ල කරයි. මෙම පරිසර පද්ධතිවලට එල්ලවී ඇති ප්‍රබලම තර්ජනය වන්නේ දූෂණය හා අධික ලෙස මසුන් මැරීමයි. බෝට්ටු ගමනාගමනය හා නැව් තදබදය නිසාද කොරල්පර භෞතික විනාශ වීම සිදු වේ. ආහාර පිණිස සිදුකරන මාළු වෙළඳාම මෙයට හේතු වී ඇත්තේ සයනයිඩ් (Cyanide) භාවිතා කිරීම නිසාය. මීට අමතරව එමඟින් නිවර්තන කලාපයේ ජීවත්වන මිනිසුන්ටද හානි ගෙන දේ. Hughes (2003) ගේ වාර්ථාවලට අනුව ජනගහන වර්ධනය හා ප්‍රවාහන ක්‍රමවල සිදුව ඇති දියුණුව කොරල්පර සඳහා විශාල වශයෙන් බලපා ඇත. නිදසුන් වශයෙන් මසුන් සහ අනෙකුත් ස්වාභාවික සම්පත් සඳහා ගෝලීය වෙළඳපොළක් ඇති වීමත් කොරල්පර ආශ්රිත සම්පත් සඳහා ඇති ඉල්ලුම සැපයීමේදී ඊට අදාළ ප්‍රභවයන් විනාශ වී යාමක් දැක්විය හැකිය. පර්යේෂකයින් දැනටමත් කොරල්පර පද්ධතියට බලපෑම් එල්ලකරන විවිධ සාධක නිවැරදිව තහවුරු කර ගනිමින් සිටී. මේ සඳහා විවිධ සාධක බලපායි. නිදසුන් වශයෙන් සාගරය විසින් සිදු කරනු ලබන කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය පෘථිවි වටපිටාවේ සිදුවන වෙනස්කම් පාරජම්බුල කිරණ සාගර ආම්ලීකරණය ජීව විද්‍යාත්මක වෛරස් (Virus) දූවිලි කුණාටුවල බලපෑම, ඇල්ගී හා අනෙකුත් ශාකවල බලපෑම දැක්විය හැකිය. වෙරළ ආශ්රිත ප්‍රදේශවලදී කොරල්පරවලට වැඩි තර්ජනයක් එල්ල වේ. මීට අමතරව ඉඩම් සංවර්ධනය හා දූෂණයද සැළකිය යුතු හානියක් සිදු කළත් ගැටළුව වඩා පුළුල් ස්වභාවයක් ගනී.
පැපුවා නිව්ගිනියාහි අවුස් දිවයිනෙහි ගුවන් ඡායාරූපයක් ඉහත දැක්වේ. අවුස් දිවයින, මැනුස් පළාත සහ පැපුවා නිව්ගිනියා යන ප්‍රදේශවල පදිංචිකරුවන් විසින් ඔවුන්ගේ කොරල් කලපු හයක සම්ප්‍රදායික ක්‍රමයට මසුන් මැරීම සීමා කරන ලදහ. රැහැනේ ඇති මසුන් මැරීමට අවසර දුන් අතර සංස්කෘතික චාරිත්‍ර අනුව දැල් යොදා සහ පොලු වලින් ගසා මගින් මසුන් මැරීම සීමා කරන ලදී. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මසුන් මැරීම සම්පූර්ණයෙන්ම සීමා නොකළ ප්‍රදේශ වලට ජෛව ස්කන්ධය සහ එක් එක් මසුන්ගේ ප්‍රමාණය සැලකිය යුතු තරම් විශාල විය. ලෝකයේ දැනට තිබෙන කොරල් පර වලින් 60% ක් පමණ මිනිස් ක්‍රියාකාරකම් නිසා අවදානමට මුහුණපා ඇති බව ඇස්තමේන්තු කර ඇත. විශේෂයෙන් ගිණිකොණ ආසියාවේ කොරල් පරවල බලපා ඇති තර්ජනය අති මහත්ය. එමනිසා එම කොරල් පරවලින් 80% ප්‍රමාණයක් විනාශ වී යාමේ තර්ජනයට ලක්වී ඇත . කොරල් කේ. කවුන්ටර්පාර්ට් වැනි සංවිධාන සහ දකුණු පැසිපික් කලාපීය ජනතාවගේ පදනම කොරල්පර/ කොරල් පර වළල්ල ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති නූතනයේ පවත්වාගෙන යනු ලැබේ. මෙහිදී ඔවුන් පැලෑටි ප්‍රචාරණය යන සරල ක්‍රමය භාවිතා කරයි. පැක්ටිකල් ඇක්ෂන් වැනි අනිකුත් සංවිධාන කොරල් පර ප්‍රතිසංස්කරණ කටයුතු කෙසේ සංවිධානය කළ යුතුද යන්න පිළිබඳව තොරතුරුමය ලේඛනයක් මහජනයා වෙත නිකුත් කර තිබේ.
කොරල් පර පෝෂක ද්‍රව්‍ය දුලබ නිවර්තන ජලයේ පිහිටා තිබුණ ද කොරල් පර සදහා අසාමාන්‍ය ජෛව විවිධත්වයක් පවතී. කොරල් පර, zooxanthellae සහ අනෙකුත් කොරල් පර ජීවීන් අතර පෝෂක ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය වීමේ ක්‍රියාවලිය මඟින් මෙම ජලයෙහි කොරල් පර ඇතිවීමේ සුලභත්වය පිළිබඳව විග්රහ කිරීමක් සිදු කෙරේ. ප්‍රතිචක්‍රීකරණය මගින් සම්පුර්ණ කොරල් පර ප්‍රජාව සදහා ආධාර සැපයීමට අවම පෝෂක සංඝටක ප්‍රමාණයක් පැවතීම පිළිබඳව තහවුරු කරයි.
සයනෝ බැක්ටිරියා මගින් කොරල් පර සදහා නයිට්රජන් තිර කිරීම නම් ක්‍රියාවලිය ඔස්සේ ද්‍රාව්‍ය නයිට්රජන් සපයනු ලබයි. කොරල් පර කරදිය ජලය මගින් අකාබනික නයිට්රජන් සහ පොස්පරස් සෘජුවම අවශෝෂණය කර ගනී. ඉන්පසු ඒවා චලනය වන ජලය ඔස්සේ හමායන සත්ත්ව ප්ලවාංග සදහා ආහාර සපයනු ලබයි. කොරල්පර වල ප්‍රාථමික නිෂ්පාදනය ඉතා ඉහළ අගයක් ගන්නා අතර එය දිනකට වර්ග සෙන්ටිමීටරයට ග්‍රෑම් 5 සිට 10 අතර ප්‍රමාණයක් තරම් වු ඉහළ අගයක් ගත හැකිය. කොරල් පර ප්‍රජාවන්හි නිෂ්පාදකයන් වනුයේ සහජීවි zooxanthella, කොරල් ඇල්ගි සහ විවිධ මුහුදු පැලෑටීන්ය. විශේෂයෙන්ම කුඩා ආකාරවලට පිඩැලි ඇල්ගී යැයි ව්‍යවහාර කෙරුණද මෙම ජීවින් විශේෂ වන වැදගත්කම් පිළිබදව විද්‍යාඥයින් තුළ එතරම් එකගතාවයක් නොමැත.
කොරල් පර විවිධ නිවර්තන කොරල් පර මත්ස්‍යයින් සඳහා නිවාස සපයයි. එම මත්ස්‍යයින් වන්නේ වර්ණවත් ගිරා මතස්‍යයන්, එන්ජල් මත්ස්‍යයින්, තරුණ damselfish මත්සයින් සහ සමනල මත්ස්‍යයින්ය. කොරල්පර පද්ධති ආශ්‍රිතව දක්නට ලැබෙන අනෙකුත් මත්ස්‍ය කාණ්ඩයන් වනුයේ කණ්ඩායම් වශයෙන් සැරිසරන මත්සයින් groupers, snappers, grunts සහ wrasses යන මත්ස්‍යයින්ය. කොරල් පර පරිසර පද්ධතිවල මත්ස්‍යයින් විශේෂ 4000 කට වැඩි ප්‍රමාණයක් ජීවත් වෙති. කොරල් පර ආශ්‍රිතව ජීවත් වන ඉතා විශාල මත්ස්‍ය විශේෂ ප්‍රමාණයක් සදහා ඉඩ කඩ සපයාදීමට හැකියාව ලැබී ඇත්තේ එලෙස ලැබී ඇති නිදහස් ඉඩ ප්‍රමාණය ඉතා සීඝ්රයෙන් මුල්වරට ප්ලවාංග මත්ස්‍ය පිළවුන් මගින් අත්පත් කර ගන්නා බැවිනි. මෙම මත්ස්‍යයින් මඟින් ඔවුන්ගේ ජීවිත කාලයෙහි ඉතිරි කොටස මෙම ඉඩකඩ ප්‍රමාණය අත්පත් කර ගනිති. මෙලෙස මොවුන් සදහා නැගී ඇති නිදහස් ඉඩ ප්‍රමාණය ඔවුනට අත්පත් වීම අහඹු ලෙස සිදුවන්නක් වන අතර එබැවින් එය ජීවත් වීම සදහා අවකාශය ලබාගැනීමට සිදු කරන ලොතරැයියක් ලෙස හැදින්වේ.
කොරල් පර වෙනත් ජීවී විශේෂ සමුහයක් සදහා ද වාසස්ථාන සපයයි. එම ජිවි විශේෂ නම් ඉස්පන්ජියන්, නිඩෙරියාවන් (මේ සදහා ඇතැම් ආකාර වල කොරල් සහ ජල්ලීන් අයත්වෙයි.), පණුවන්, ක්රස්ටේසියාවන් (කූනිස්සන්, උල්සහිත පොකිරිස්සන් සහ කකුළුවන් මේ සදහා අයත්වෙයි.), මෘද්වංශිකයින් (සෙෆලෝපෝඩාවන් මේ සදහා අයත්වෙයි.), ශල්‍ය චර්මිකයින් (තාරකා මත්ස්‍යයින්, මුහුදු කැකිරි මේ සදහා අයත්ය.), මුහුදු වස්තියන් , මුහුදු ඉබ්බන් සහ මුහුදු නයින්ය. මිනිසුන් හැරුණු කල ක්ෂීරපායින් කොරල් පර පරිසර පද්ධතිවල මෙම පරිසර පද්ධතිවල සැරිසැරීම සඳහා පැමිණෙන තල්මසුන් සහ ඩොල්ෆින් මත්ස්‍යයින් මොවුන් අතර ප්රමුඛත්වයක් ගනී. මෙම ජීවීන් අතරින් ඉතා සුළු ප්‍රමාණයක් පමණක් සෘජුවම කොරල් පර ආශ්‍රිතව යැපෙති. අනෙකුත් ජීවින් කොරල් පර ආශ්‍රිතව ඇති ඇල්ගී වර්ග මත යැපෙමින් සංකිර්ණ ආහාර ජාලයක් සෑදීමට දායක වෙති.
අපෘෂ්ඨ වංශකයින් සමුහයක් හට පොදුවේ Cryptofauna යැයි හැඳින්වේ. ඔවුන් කොරල් පර සැකිලි උපස්ථර ආශ්‍රිතව වාසය කරති. ඔවුන් ඔවුන්ගේ සැකිලි ජෛව විඛාදනය නම් ක්‍රියාවලිය ඔස්සේ මෙම කොරල්පරවලට ඇලි පවතින අතර එමගින් ඉන් කොරල්පරවල ඉන් පෙර පැවති හිඩැස් හා විවරයන් වසා දමති. මෙලෙස කොරල් පරවලට ඇලී පවතින ජීවි විශේෂ වනුයේ ඉස්පන්ජියන්, ද්විකපාටමොළස්කාවන් සහ Sipunculans නම් ජීවීන්ය. කොරල් පර මත ජීවත් වන අනෙකුත් ජීවි විශේෂ වනුයේ ක්රස්ටේසියාවන් සහ බහුකීට පණුවන්ය.
මේවායෙහි ඉතා විශාල ජෛව විවිධත්වය නිසා ලොව පුරා රජයන් බහුතරයක් මගින් ඔවුන්ගේ කොරල් පරිසර පද්ධති ආරක්ෂා කර ගැනීම සදහා ක්‍රියා මාර්ග ගෙන ඇත. ඔස්ට්‍රේලියාවේ මහා බාධක පරය ආරක්ෂා කරනුයේ Great Barrier Reef Marine Park Authority විසිනි. මෙය Biodiversity Action Plan නම් ව්‍යවස්ථා සම්ප්‍රදායට යටත්ව ඇත.
පර්යේෂකයන් සොයා ගෙන ඇති ආකාරයට නිරෝගී කොරල්පරවල ඇල්ගී වර්ග ප්රමුඛව පවතින බවට සාක්ෂි සොයා ගෙන ඇත. ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාවාස නොවු පැසිපික් දූපත්වල සිදු කරන ලද සමීක්ෂණයකට අනුව පර්යේෂණවලට භාජනය කරන ලද කොරල් ස්ථාන වලින් විශාල ප්‍රමාණයක ඇල්ගි දක්නට තිබුණි. මේවායින් විශාල ඇල්ගී ප්‍රතිශතයක් පිඩැලි ඇල්ගී, කොරල් ඇල්ගී විශාල ඇල්ගී වර්ග වේ.
This article uses material from the Wikipedia සිංහල article කොරල් පර, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.