කුණකටුවා

පොළොං තෙලිස්සා හෙවත් කුණකටුවා නිශාචර භෞමික වාසී සර්ප විශේෂයකි.

කුණකටුවා
කුණකටුවා
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
වංශය: Chordata
උපවංශය: Vertebrata
වර්ගය: Reptilia
ගෝත්‍රය: Squamata
උපගෝත්‍රය: Serpentes
කුලය: Viperidae
උපකුලය: Crotalinae
ගණය: 'Hypnale'
විශේෂය: H. hypnale
ද්වීපද නාමය
Hypnale hypnale
(Merrem, 1820)
පර්යාය නාම(ය)
  • [Cophias] Hypnale Merrem, 1820
  • Trigonoc[ephalus]. hypnale
    – Schlegel, 1837
  • Trimeresurus ? Ceylonensis
    Gray, 1842
  • Trigonocephalus Zara Gray, 1849
  • Trigonocephalus hypnalis
    – Blyth In Kelaart, 1852
  • Hypnale affinis Anderson, 1871
  • Trimaculatus (?) Ceylonensis
    – Higgins, 1873
  • Ancistrodon hypnale
    – Boulenger, 1890
  • Ancistrodon millardi Wall, 1908
  • [Agkistrodon] hypnale – Pope, 1935
  • [Agkistrodon] millardi – Pope, 1935
  • Agcistrodon hypnale
    – Deraniyagala, 1949
  • Hypnale hypnale – Gloyd, 1977

සිලින්ඩරාකාර ශරීරයක් දරන මේ සර්පයාගේ ගෙල පැහැදිලිව ගෙලෙන් වෙන් වී පවතී. ත්‍රිකෝණාකාර මහත හිසක් ඇත. පෘෂ්ඨයක් මතුපිට සිටින විට හිස අංශක 45කින් පමණ ඔසවාගෙන සිටී. කුඩා නාස් පුඩු දරන මේ සර්පයාට මදක් ඉදිරියට නෙරූ දුඹුරු පාට ඇස් පිහිටා ඇත. ශරීරයේ කලු පාට පැල්ලම් දැකිය හැක. 35 cm පමණ දිගකට වැඩෙන කුණකටුවා කුඩා සර්ප බිත්තර, කුඩා ක්ෂීරපායින්, සිකනලුන්, ගෙම්බන් ආහාරයට ගනී.වැඩුනු ගැහැණු සතුන් මාර්තු ජුලි අතර කාලයේ පැටවු දැමීම සිදු කරයි. වරකට පැටවුන් 7ත් 14ත් අතර සංඛ්‍යාවක් උපත ලබන අතර උපතේදී මේ සර්පයින් 15 cm දිගකින් යුක්ත වේ.

උප විශේෂ

පොළොං තෙලිස්සා සහ කුණකටුවා වෙනස් විෂ සහිත සර්ප වර්ග දෙකක් ලෙස සිංහල වෛද්‍යවරු කලකයි. එකමුත් සතත්‍ව විද්‍යත්මකව තවමත් උප විශේෂ නම්කිරීමක් සිදුවී නැත. එනමුත් විවිධ වර්ණ වලින් යුක්ත සතුන් හමුවෙන අතර මොවුන් වර්ණ වෙනස්කම් රාශියක් පෙන්වයි. බොහෝ විට අදුරු දුඹුරු පාටයි. ඇතැම් විට තද දුඹුරු පාටින් යුක්ත වේ.

දෂ්ඨකිරීම

දෂ්ඨණ මාරාන්තික විය හැකි සර්පයෙකි. සර්පයා දෂ්ඨ කළ පසු තුවාලය අවට දැඩි වේදනාවක් ඇතිවේ. රාත්‍රී කාලයට ක්‍රියාශීලි වන මේ සර්පයා දිවා කාලයේ දිරාගිය කොළ රොඩු, ගල් කොටන් යට සැගවී සිටී. රාත්‍රී කාලයේදී සිදුවූ පහරදීම් වාර්තා වේ. කුපිත වූ විට වලිගය තදින් සෙලවීමක් මේ සර්පයාගෙන් දැක ගත හැක.


ආශ්‍රිත ලිපි


මූලාශ්‍ර

Tags:

කුණකටුවා උප විශේෂකුණකටුවා දෂ්ඨකිරීමකුණකටුවා ආශ්‍රිත ලිපිකුණකටුවා මූලාශ්‍රකුණකටුවා

🔥 Trending searches on Wiki සිංහල:

සිංහරාජ වනාන්තරයබැක්ටීරියාමුතියංගන චෛත්‍යයමෝටර් රථඑනසාල්කාවන්තිස්ස රජශ්‍රි ලංකාවේ ජනවාර්ගික අර්බුදයසරත් ගුණපාලමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිශ්‍රී ලංකාවේ සර්ප නාමාවලියමොරගහකන්ද වේල්ලපරිගණක මෙහෙයුම් පද්ධතිසෙංකඩගල රාජධානියමොණරා සහ සෙබඩශ්‍රී ලංකාවේ කුල ක්‍රමයතාක්‍ෂණයලංකාරාමයනිකොලස් කොපර්නිකස්සතර සතිපට්ඨානයදෙමලිච්ච්චාදෙමළ ඊළාම් විමුක්ති කොටිජයලත් මනෝරත්නමානව සැකිලි පද්ධතියධාතුසේන රජගැලලියෝ ගැලලීමාලිගාතැන්න ආරණ්‍ය සේනාසනයවිජය රජශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිඅළු කෑදැත්තාඅහිකුණ්ඨකසාම්ප්‍රදායික සිංහල විවාහශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයයුනෙස්කෝරසායනික මූලද්‍රව්‍යහබන් කුකුළාවැදි භාෂාවරනිල් වික්‍රමසිංහදාගැබ්ඕපනායක යෝධ පුස් වැලස්වයං වින්දනයකොළඹමහගම සේකරපංච මහා වාදක්‍රීඩාඅභිධර්මයකලාඳුරු (පැලෑටිය)සත්ත්ව වංශවිවාහයආතර් සී. ක්ලාක්ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සමනලුන්බුද්ධදාස රජශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවපොළොන්නරුව පෞරාණික නගරයසුළඟනායකත්වයකෙසෙල්සීතාවක රාජධානියභගමණියරාජ්‍ය නොවන සංවිධානසතරවරම් දෙවිවරුචීනයනාසාලිංගික ඊර්ෂ්‍යාවනෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලපින්නවල අලි අනාථාගාරයසොංක්‍රන් (තායිලන්තය)අ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාඇල්බර්ට් එලිස්සජිත් ප්‍රේමදාසඉසුරුමුණියසමනල කන්දඇසළ (ගස)ශ්‍රී ලංකාවේ දියඇලික්‍රි.ව.1818 පළමු නිදහස් සටනපරිගණක ජාලශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)තිසා වැව🡆 More