කාව්‍යශේඛරය

සත්තුභත්ත ජාතකය පදනම් කරගනිමින් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් (1448 ත් 1449 අතර) රචිත පද්‍ය කාව්‍යය කාව්‍යශේඛරය ලෙස සැළකේ.

කාව්‍යශේඛරය කව් 887 කින් හා සර්ග 15 කින් යුක්තව ප්‍රබන්ධනය කොට තිබේ.

මෙහි "ශේඛරය" යන්නෙන් උසස්, ශේෂ්ඨ, මුදුන් වැනි අරුතක් දේ. තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණෝ විසින් මෙහි තමන් වහන්සේ හඳුන්වනුයේ, "දෙමටාන ගම කඳවුරු, තොටගමු වැසි සොඳුරු, උතුරුමුළ මහ තෙරිඳු මුනුබුරු" යනුවෙනුයි. උන් වහන්සේ තොටගමුවේ විජයබා පිරිවෙන්පති ව විසූ බව මෙහි එන විජයබා පිරුවන කියන බණ මේ අසව් සතොසින යන කියමනෙන් තහවුරු කරයි. ග්‍රන්ථයේ ආරම්භයේ VI පරාක්‍රමබාහු රජු ගැන සඳහන් කරමින් රාජප්ප්‍රාප්ත වර්ෂය "බුදු වසිනෙක් දහස, නවසිය අටපනස් වස" යැයි කියැවේ. ඒ, ක්‍රි. ව. 1414 පමණ වන බැවින් එය රජු ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ දී කිරුළු පලන් වර්ෂය විය යුතු ය. මෙම කෘතිය ලියැවුණු වර්ෂය 'පැරකුම්බා නිරිඳු, සිව්තිස් වනු මෙ හවුරුදු' යනුවෙන් ග්‍රන්ථ අවසානයේ පවසයි. එබැවින් මෙම ග්‍රන්ථය ක්‍රි.ව. 1448-49 කාලයේ රචිත බව තහවුරු කළ හැකිය.

වස්තු බීජය

කාව්‍යශේඛරය රචනයට පදනම්ව ඇත්තේ පන්සිය පනස් ජාතක පොතෙහි 400වන ජාතක කථාව වන සත්තුභත්ත ජාතකය යි. මේ බණ පොත රචනා වී ඇත්තේ සය වන පරාක්‍රමබාහු රජුගේ දියණිය වූ උලකුඩය කුමරියගේ ආරාධනයෙන් බව 'උලකුඩය දේවී සඳ, උතුම් මෙබිසෝ සඳ' වැකියෙන් තහවුරු වේ.

ආශ්‍රිත ලිපි

මූලාශ්‍ර

භාහිර සබැඳි

Tags:

කාව්‍යශේඛරය වස්තු බීජයකාව්‍යශේඛරය ආශ්‍රිත ලිපිකාව්‍යශේඛරය මූලාශ්‍රකාව්‍යශේඛරය භාහිර සබැඳිකාව්‍යශේඛරයතොටගමුවේ ශ්‍රී රාහුල හිමි

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අපළමුවන විජයබාහු රජදේශපාලන විද්‍යාවදීඝ නිකායගණිකාවඅනුරාධපුර යුගයශ්‍රී ලංකාවේ ආදිවාසීන්හෙද සේවයෙහි ඉතිහාසයඅවුරුදු කුමරිය තේරීමසුළඟශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුවමහා ප්‍රජාපතී ගෝතමීකේතුවන්‍යෂ්ටික අවිශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයසතර සංග්‍රහ වස්තුනව යොවුන්වියමුතියංගණ රජ මහා විහාරයලෝ වැඩ සඟරාවආර්ථික විද්‍යාවශාන්ත ජුසේ වාස් තුමාලෝක ජනගහනයඅනගාරික ධර්මපාලප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)උඩරට නැටුම්මොණරවිල කැප්පෙටිපොළලිංගිකත්ව අධ්‍යාපනයමහනුවරඇන්තූරියම්හිරුකන්‍යාභාවයනොබැඳි ජාතීන්ගේ සංවිධානයගෞතම බුදුරජාණන් වහන්සේමීයාඡනසංඛ්‍යා වර්ධනයහින්දු දෙවිවරුන්ගේ ලැයිස්තුවලෝක පුදුමඅධ්‍යාපනයඊශ්‍රායෙල - පලස්තීන ගැටුමබුදු පිළිමය හා මුද්‍රාශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කඉංග්‍රීසි භාෂාවගුණදාස කපුගේශ්‍රී ලංකාවේ වල් පැලැටිබලං‌ගොඩ මානවයාහික්කඩුවේ සුමංගල තෙරණුවෝප‍්‍රාථමික අධ්‍යාපනයදඹුල්ල රජමහා විහාරයපදවිය වැවසාම්ප්‍රදායික සිංහල අහාරක්‍රිකට්උඩරට ගිවිසුමමෛත්‍රීපාල සිරිසේනරෝස්මෙරිඔස්ට්‍රලෝපිතකස්ආගමික නීතියපරිණාමයස්වාභාවික උපද්‍රවපොළොන්නරුව වටදාගෙයපන්සිල්ශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාබුද්ධාගමපුත්තාණ්ඩුපෘථිවි වායුගෝලයකෝට්ටේ යුගයරැකියා ආතතියජලභීතිකාවහින්දු ධර්මයසේනක බිබිලේඩී.එස්. සේනානායකදුටුගැමුණු රජකාව්‍යශේඛරයසූර්ය පද්ධතියේ ග්‍රහ වස්තුසේවා වියුක්තියකඩවතරසායනික මූලද්‍රව්‍ය🡆 More