කාමෝද්දීපන චිත්‍රපට

කාමෝද්දීපන චිත්‍රපට හුදෙක් නරඹන්නාගේ ලිංගික හැඟීම් උද්දීපනය සඳහා වූ, ලිංගික ක්‍රියාවලිය සහ අනෙකුත් ලිංගික ක්‍රියාවන් විවෘතව ප්‍රදර්ශණය කෙරෙන චිත්‍රපටයි.

මෙම චිත්‍රපටි, 1900 මුල් භාගයේ සිනමා නිර්මාණ බිහි වී ඉතා කෙටි කලකට පසු නිර්මාණය විය. අසභ්‍ය ගණයට වැටෙන අනෙකුත් නිර්මාණ සහ මෙම චිත්‍රපට අතර පොදුවේ ගත් කළ බොහෝ සමානතා පවතී. “Pornography” යන්න බොහෝ විට “porn" ලෙස හඳුන්වන අතර එම ඝණයේ නිර්මාණ "porno” ලෙස හඳුන්වනු ලැබේ. මෙම චිත්‍රපට හැඳින්වීමේ පැරණි නම් අතර "adult film," (වැඩිහිටි චිත්‍රපට) "stag film," සහ "blue movie” ඇතුළත් වේ. සාමාන්‍යයෙන් "softcore" යන්න ලිංගික ක්‍රියාවලිය හෝ “අත්‍යන්ත ලිංගික ආශ්වාදය” ඇතුළත් දර්ශන පෙන්නුම් නොකරන එහෙත් කාමෝද්දීපන දර්ශන හැඳින්වීම සඳහා භාවිතා කරන අතර, "hardcore" යන්න ලිංගික ක්‍රියාවලිය සහ “අත්‍යන්ත ලිංගික ආශ්වාදය” සහිත දර්ශන හැඳින්වීම සඳහා යොදා ගනු ලැබේ. සිනමා කැමරාව, එහි ඉතිහාසයේ සිටම කාමෝද්දීපන දර්ශන රූගත කිරීම සඳහා භාවිතා කර ඇත. බොහෝ අවස්ථාවල දී ඒවා රහසේ බෙදා හැරුණු අතර නිවසේ හෝ පෞද්ගලික සමාජ ශාලා සහ රාත්‍රී සිනමා ශාලාවල ප්‍රදර්ශණය සඳහා මේවා යොදා ගැණුනි. මෙම චිත්‍රපට අර්ධ වශයෙන් නීත්‍යානුකූල කරනු ලැබුවේ 1970 දශකයේ දීය. 1980 දශකයේ දී අසභ්‍ය වීඩියෝ පිටපත් මීට දශක කිහිපයකට පෙර නොසිතූ පරිදි බෙදාහැරුණි. 1990 දශකයේ අගභාගයේ දී සහ 2000 මුල් භාගයේ දී අන්තර්ජාලයේ ව්‍යාප්තියත් සමඟ අසභ්‍ය නිර්මාණ බෙදා හැරීම ද වැඩි විය. එසේම එයින් අසභ්‍යත්වය පිළිබඳ නීතිමය පැමිණිලි ද සංකීර්ණ බවට පත් කළේය. අසභ්‍ය නිර්මාණ යනු සාර්ථකභාවයට පත්වන මූල්‍යමය වශයෙන් ලාභදායී ව්‍යාපාරයකි. 2004 වර්ෂයේ පළ වූ රොයිටර් ලිපියකට අනුව දැක්වෙන්නේ, ඩොලර් මිලියන ගණනක් උපයන මෙම ව්‍යාපාරය මඟින් සෑම වසරකම මෙවැනි DVD තැටි 11,000ක් බෙදා හරිනු ලබනු බවයි. මෙමඟින් අලුත් පරම්පරාව චිත්‍රපට රසවිදීම සඳහා යොමු කිරීමට තරඟ කරන චිත්‍රාගාර සහ තාක්ෂණ ආයතන කණ්ඩායම් දෙකක් අතර සටනක් ගෙන යාමට විශාල උත්සාහයක් ගනු ලැබේ.

කාමෝද්දීපන චිත්‍රපට

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

යශෝදරාසාර ධර්මපාසල්නාමල් උඩුගමභීතිකා ලැයිස්තුවබැක්ටීරියාමිශ්‍ර සිංහල හෝඩියව්‍යාපෘති කළමනාකරණයකුඹුක්වැදි භාෂාවශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ගුහා සිතුවම්මෞර්ය අධිරාජ්‍යයසත්තුපොන්නම්බලම් අරුණාචලම්ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයත්‍රිලක්‍ෂණහෝමෝ හැබිලිස්ලීසියූ හී තෙරේස් තුමියපළමුවන විජයබාහු රජපින්නවල අලි අනාථාගාරයශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයමුගලන් රහතන්වහන්සේශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයතෙරේසා මවුතුමියශ්‍රී ලංකා‍ අලියාරජරට රාජධානියේ අනුරාධපුර යුගයඇඩොල්ෆ් හිට්ලර්කුට්ටම් පොකුණපාහියංගලමයිකල් ජැක්සන්සිංහල ජන නාටකශ්‍රී ලංකා පොලිස් සේවයදෙවන ලෝක යුද්ධයඌව වෙල්ලස්ස කැරැල්ලශ්‍රී ලංකා රුපියලශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවසීනිඅප්‍රේල්නාගරීකරණයමොහන්දාස් කරම්චන්ද් ගාන්ධිදහඅට සන්නියආර්ථික විද්‍යාවධර්ම සංගායනාකර්කටක නිවර්තනයස්නායු පද්ධතියයාපහුව බලකොටුවඉසුරුමුණියරජරට රාජධානියමානසික ‍අක්‍රමතාරැකියා ආතතියඉරානයශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිකාර්මික විප්ලවයමධ්‍යම පළාත, ශ්‍රී ලංකාවශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයසන්නිවේදනයමහවැලි ගඟවකුගඩු රෝගමුන්නේශ්වරම් කෝවිලපිළිකාතුන්වන පරාක්‍රමබාහු රජකඩුපුල්ඝනත්වයබුද්ධාගමබුදු දහමබෞද්ධ කොඩියථූපාරාමය, අනුරාධපුරකළු වදුරානග්නත්වයඋඩරට ගිවිසුමඋප‍දේශන මනෝ විද්‍යාවසන්නාහ යුද්ධ රථචතුරාර්ය සත්‍යයආතර් සී. ක්ලාක්මුල් ළමාවියේ සංවර්ධනයකාල් මාක්ස්තැලසීමියාව🡆 More