ක්ෂණික මෝචනය

ලිංගික සංසර්ගය අතරතුර ඉතා අඩු කාලයකින් ශ්‍රක්‍ර මෝචනයවීම ක්ෂණික මෝචනය ලෙස හදුන්වයි.එමගින් නිසියාකාරයෙන් ලිංගික තෘප්තියක් ලැබීමට අපහසුවේ.සාමාන්‍යයෙන් සංසර්ගය ආරම්භවී විනාඩියක් ඇතුලත ශ්‍රක්‍ර මෝචනයක් සිදුවන්නේනම් එය ක්ෂණික මෝචනයක් ලෙස හදුන්වයි. ජාත්‍යන්තර රෝග වර්ගීකරණය (ICD-10) යටතේ තප්පර 15 අතුලත ශුක්‍ර මෝචනයක් වන්නේනම් එය ක්ෂණික මෝචනයක් ලෙස සළකයි. එහෙත් මේ පිළිබදව විවිධ මත පවතී.

බොහෝ පුරුෂයන් ශුක්‍ර මෝචනය හැකිතරම් පමාවනවාට කැමැත්තක් දක්වයි.සාමාන්‍යයෙන් පුරුෂයෙකු ගේ ශුක්‍ර මෝචනය විනාඩි 4-8 අතර කාලය තුල සිදුවේ. ශුක්‍ර මෝචනය ප්‍රමාදවීමේ රෝගයක්ද ඇත.

ක්ෂණික මෝචනය කෙරෙහි ශාරීරික හේතු හැරුනු විට මානසික හේතුද බලපායි.ඇතැම් විට ස්ත්‍රීන් ගේ මානසික පීඩනයන්ද මෙයට බලපෑහැකි බව පැවසේ.

හේතුව

ක්ෂණික මෝචනයට හේතුව අවිනිශ්චිතය.බොහෝ න්‍යායන්ට අනුව නව යොවුන් වියේදී ස්වං වින්දනයට හුරුවන පිරිමි දරුවන් ඉතා වේගයෙන් ස්වං විදනය කිරීමට හුරුවීම නිසා පසුව ඉක්මනින් ශුක්‍ර මෝචනය වීම සිදුවන බවයි.ඉතා ඉක්මනින් ස්වං විදනය කිරීමට හුරුවීම වෙනුවට සෙමෙන් ක්‍රම ක්‍රමයෙන් ස්වං විදනය කිරීම සුදුසුය.එසේ නොවුන හොත් එය ක්ෂණික මෝචනය ඇතිවීමට හේතුවක්වනු ඇතිබව පර්යේෂකයන් පෙන්වාදෙයි.මීට අමතරව ඇතැම් මානසික සංකූලතාද මෙයට හේතුවේ.ආතතිය,කාංසාව හා නොවිසඳුන ඊඩිපස් සංකීර්ණ ගැටළුද මෙයට හේතුවේ.

ඇතැම් කායික වෛද්‍ය පර්යේෂකයින් පවසන්නේ ක්ෂණික මෝචනය හෙරෙහි සෙරටීන් නම් ස්නායු සම්ප්‍රේෂකයේ බලපෑම ඍජුව බලපාන බවයි.එසේම ස්නායු පද්ධතියේ දෝෂ හා ශිශ්නයේ සංවේදී බවද මෙයට හේතුවේ.

ශුක්‍ර මෝචනය පාලනය කරන්නේ මොළයේ විශේෂිත කලාපයක් තුලිනි.ස්නායු පද්ධතිය හරහා මොළය වෙත ලැබෙන පණිවුණ මත එය තීරණයවේ. ශිශ්නය හා මොළය වෙත පණිවුඩ ගෙනයන ස්නායු වල පවතින දෝෂ නිසා ද ක්ෂණික මොචනය ඇතිවේ.මීට අමතරව පුරස්ථි ග්‍රන්තියේ ඇතිවන රෝග තත්වයන් නිසාද ක්ෂණික මෝචනය ඇතිවේ.

ක්‍රියාවලිය

ශුක්‍ර මෝචනයේදී මුලින්ම ශුක්‍ර තරලය වෘෂණ කෝෂවල සිට ශුක්‍ර නාල හරහා පුරස්ථි ග්‍රන්තිය වෙත ලගා වෙයි. දෙවනුව මුත්‍ර නාල වෙතට වේගයෙන් විදීම සිදුවේ.එක්තරා රිද්මයකට අනුව මංශ පේෂී චලනය වීමෙන් මෙසේ සිදුවේ.මුත්‍ර නාල ඔස්සේ ගමන් කරන ශුක්‍ර තරලය ශිශ්නයේ අගින් පිටතට විහිදේ .

ස්වං සාධක ස්නායු මගින් අවිච්ඡානුගව මෙම ශුක්‍ර මෝචනය පාලනය කරයි.මෙම ස්නායු සුසුම්නාව මගින් මොළයට සම්භන්දවේ.

කාලය

1948 දී කින්සි නම් පර්යේෂකයා චාර්ථා කර ඇත්තේ පුරුෂයන්ගෙන් හතරෙන් තුනක් (3/4) ම පවසා ඇත්තේ ඔව්න් ලිංගික සංසර්ගය ආරම්භකර විනාඩි දෙකක් ඇතුලත ශුක්‍ර මෝචනය සිදුවූ බවයි.

වර්ථමාන පර්යේෂකයන්ට අනුව වයස අවුරුදු 18 ත් 30 අතර වයසේ පසුවන පුරුෂයන්ගේ ශුක්‍ර මෝචනය සදහා ගතවන කාලය මිනිත්තු හයක් බව පැවසේ. එබැවින් සංසර්ගය ආරම්භවී මිනිත්තු දෙකකට වඩා අඩු කාලයකින් ශුක්‍ර මෝචනය වන්නේනම් එය ක්ෂණික මෝචන තත්වයක් ලෙස පෙන්වාදිය හැක. ඇතැම් විට පුරුෂයන් ඉතා දීර්ඝ කාලයක් සංසර්ගයේ යෙදීමට දක්වන කැමැත්ත නිසා ශුක්‍ර මෝචනය සාමාන්‍ය තත්වයක තිබුනද මානසිකව ඔහු එයින් සෑහීමනට පත් නොවන නිසා අනියත බියක් ඇතිකරගනී.

රෝග විනිශ්චය

ක්ෂණික මෝචනය සදහා වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාර ඇත. මීට වසර 20 කට පෙර ක්ෂණික මෝචනය වර්ග දෙකකට බෙදා දක්වනු ලැබීය.එනම් ජීවිත කාලය පුරා පවතින ක්ෂණික මෝචනය හා තාවකාලික ක්ෂණික මෝචනය වශයෙනි. වර්ථමානයේ දී මෙම ක්ෂණික මෝචනය සම්පූර්ණයෙන්ම වෛද්‍ය විද්‍යානුකූල ප්‍රතිකාර මගින් පාලනය කරහැකි බව පෙන්වාදෙයි.එමෙන්ම මානසික හේතු මත ඇතිවන ක්ෂණික මෝචනය මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර මගින් යථාතත්වයට පත්කළහැක.

කායික හේතූන්ට අමතරව ලිංගික සංසර්ගය සිදු කරන අවස්ථාවේ පවතින මානසික තත්වය,පාරිසරික බලපෑම් ආදී බාහිර බලපෑම් මෙන්ම ලිංගික සහකාරිගේ ස්වභාවය ක්‍රියාකාරීත්වයද බලපායි.

ප්‍රථිකාර

ක්ෂණික මෝචනය සදහා සායනික මෙන්ම වෙනත් බාහිර ප්‍රථිකාර පවතී.

ස්වං ප්‍රථිකාර

ඇතැම් පුරුෂයන් විවිධ ස්වං ප්‍රතිකාර ක්‍රම අනුගමනය කරති.ඇතැම් ඒවා විද්‍යාත්මක වන අතර ඇතැම් ඒවා මිත්‍යාවන්ය.ඇතමුන් ලිංගික සංසර්ගයේදී ශුක්‍ර මෝචනය පමාකරගැනීම සදහා ලිංගික කාර්‍යයට ඇති අවධානය අඩුකර ගනී.මීට අමතරව ලිංගික ක්‍රියාව සෙමෙන් කිරීම,නැවතී නැවතී කිරීම,මොචනය සිදුවීමට ආසන්නවූවිට වහා ශිශ්නය පිටතට ගෙන ටික වේලාවක් සිටීම,උපත් පාලන කොපු භාවිතය,සහකාරිය උඩ සිටින ඉරියවුවෙන් සංසර්ගයේ යෙදීම ආදී සිදු කරයි.ලිංගික සංසර්ගයේදී කය වෙහෙසීමකට ලක්වන නිසා හෘදය ස්පන්දනය,හුස්ම ගැනීමේ වේගය වැඩිවීම ආදී ශාරීරික ක්‍රියාකාරීත්වය ඉහලයාමත් සමග ශ්‍රක්‍ර මෝචනයට ඇති කාලයද ඉක්මන්වේ.එම නිසා පුරුෂයා ලිංගික ක්‍රියාවේදී තරමක් අක්‍රීයව සිටිම්න් ස්ත්‍රිය ඔහු මත සිට සක්‍රීයව සංසර්ගයේ යෙදීම මගින් ද ක්ෂණික මෝචනය පාලනය කළහැක.මෙම ක්‍රියාවන් මගින් යම් ප්‍රගතියක් අත්වන බව බොහෝ පුරුෂයන් පවසා ඇත.

මිත්‍යා විශ්වාස ලෙස ඇතැම් ආලේපන කෙම් ක්‍රම ඇතමුන් භාවිතා කරයි මේවා විද්‍යාත්මක නොවන දේ නිසා බැහැර කිරීම වඩා සුදුසුය.මත්පැන් ආදී භාවිතය මගින් ක්ෂණික මෝචනය පාලනය කිරීමට ඇතමුන් උස්සාහ ගත්තද එය ඉතා අවධානම් සහගතය.මත්පැන් දුම්වැටි මත්ද්‍රව්‍ය ලිංගික අප්‍රාණිකත්වය ඇති කරයි.එහෙත් අයුර්වේද වෛද්‍ය ක්‍රම වැනි පිළිගත් වෛද්‍යක්‍රම භාවිතය ප්‍රතික්ෂේප කළ නොහැකිය.

මනෝවිශ්ලෙෂණවාදය

මනෝවිශ්ෂෙණවාදීන්ට අනුව ක්ෂණික මෝචනය යනු නියුරෝසීය ආබාධයකි.පුරුෂයා තුල පවතිව අවිඥානික ස්ත්‍රී විරෝධී හැඟීම්වල පිළිඹිබුවන් ලෙස ක්ෂණික මෝචනය දැක්වියහැකි බවයි.මෙමගින් පුරුෂයා ඉක්මනින් සුරාන්තයට පත්වන අතර ස්ත්‍රියට සුරාන්තයට පත්වීමට නොහැකිවේ.මෙය නොවිඳුන ඊඩිපස් සංකීර්ණ ගැටළුවක් ලෙස මනෝවිශ්ලේෂකයන් දකී.මෙම තත්වය මනෝවිශ්ලේෂණවාදී ප්‍රතිකාර මගින් සුවකල හැකිය.

ස්ත්‍රීන් කෙරෙහි විශ්වාසය තබන පුද්ගලයන් තුල මෙම මනෝ මූලික ක්ෂණික මෝචනය ඇති නොවේ.

ලිංගික ප්‍රථිකාර

ක්ෂණික මෝචනයට ඉතා නිවැරදි ප්‍රතිකර්මයක් ලෙස ලිංගික ක්‍රියාව එක දිගට සිදුකරනවා වෙනුවට විටින් විට නවත්වමින් සිදු කිරීම දැකිවිය හැක.තවද ශුක්‍ර මොචනයට පෙර ශිශ්නය ඉවතට ගැනීමද සිදුකලහැක. පුරුෂයා විසින් තමාගේ ලිංගික උත්තේජන ක්‍රියාවලියේ රටාව හඳුනාගෙන එය තම සහකාරියට දැනුම් දියයුතුය.මෝචනය සිදුවීමට ආසන්න බව දැනෙනවිට ලිංගික කාර්‍ය තාවකාලිකව නවතා තම සහකාරියට පුරුෂයාගේ ශිශ්නයේ අග කොටස ඇගේ මහපට අැඟිල්ලෙන් හා දබරැගින්ලෙන් තදකොට අල්ලා ගෙන ටික වේලාවක් සිටිය යුතුය.පසුව නැවත සංසර්ගයේ යෙදිය හැක.මෙම ක්‍රියාව නැවත නැවත සිදුකර හැක එමගින් ශුක්‍ර මෝචනය පමාකරගත හැක. මෙම ශිශ්වය මිරිකීමේ ක්‍රමය ඇතැම් යුවලවල් වලට සාර්ථක ප්‍රථිපල අත්කරදී නැති බව පසුව ඇතමුන් පැමිනිළිකර ඇත..එබැවින් ලිංගික විද්‍යාඥයන් තවත් ක්‍රමයක් ලෙස ලිංගික කියාව නැති නැවතී සිදු කිරීමේ ක්‍රමය දියුණු කළේය.ඒ අනුව පුරුෂයා සුරාන්තයට ආසන්න වනවිට එය තම සහකාරියට දැනුම්දී දෙදෙනාම තාවකාලිකව නිශ්වලව ටික වේලාවක් සිටිය යුතුය.පසුව නැවත සංසර්ගය ඇරඹිය හැක.

මෙම ප්‍රථිකාරයන්ට අමතරව ශුක්‍ර මෝචන පාලන අභ්‍යාස,විත්ත එකාග්‍රතා ක්‍රියාකාරකම්,ස්වං වින්දන අභ්‍යාස,හුස්ම ගැනීමේ අභ්‍යාස,සම්භාහනය ආදී අභාස සිදු කෙරේ.

ඖෂධ

ඖෂධ මගින් සෙරටීන් නම් ස්නායු සංප්‍රේශකය උත්තේජනය කිරීම මගින් මොළය වෙත ශ්‍රක්‍ර මෝචනය පමාකිරීමට පණිවිඩ යවයි.සෙරටීන් හෝමෝනය වර්ධන කිරීම සදහා පැරසෙක්ටයින්(paroxetine) හෝ ඩැපොසෙක්ටයින්(dapoxetine) නම් ෂෙධ භාවිත කරයි.මෙම ඖෂධ මගින් ක්ෂණික මෝචනය පාලනය කළ හැකිය.එහෙත් මෙම ඖෂධ වෛද්‍ය උපදෙස් මත ලබා ගත යුතුය.මෙම ඖෂද විවිධ වෙළඳ නාම යටතේ වෙළඳපොලෙන් මිලදීගත හැකිය.මීට අමතරව ක්ලොමිප්‍රමයින්(clomipramine) ඖෂදයද ක්ෂණික මෝචනයට ප්‍රතිකාර ලෙස යොදාගනී.මෙම ඖෂධයද නිසි වෛද්‍ය උපදෙස් මත පමණක් ලබාගත යුතුය. මෙම ඖෂධ මගින් ශුක්‍ර මෝචනය වමිනිත්තු හය සිට විස්ස දක්වා කාලයකට ප්‍රමාදකලහැක.මෙම ඖෂධ දිගටම ගැනීම නිසා ලිංගික අප්‍රාණිකත්වය, හා නෂ්කාමය ඇතිවිය හැකිය.

පර්යේෂණ

ක්ෂණික මෝචනය යනු පුරුෂයන් අතර සුලභව දක්නට ලැබෙන රෝගයකි. 1999 හා 2008 අතර කාලයතුල අමරිකාවේ සිදුකළ සමීක්ෂණයකට අනුව අවම වශයෙන් 30% පමණ පුරුෂයින් සංඛාවක් තමාට ක්ෂණික මෝචනය ඇතිබව පවසා ඇත.මේ අතර ඇතැම් පුරුෂයන් 10% පමණ තමාට ලිංගික අප්‍රාණිකත්වය ඇතිපව පවසා ඇත. ලිංගික අප්‍රාණිකත්වයද වයස අවුරුදු 60 වැඩි පුරුෂයන් අතර බහුලව දක්නට ඇති රෝගී තත්වයකි.නිකොටින් අඩංගු මත්ද්‍රව්‍ය දුම්වැටි භාවිත කරන පුදුගලයන් ඉක්මනින් ලිංගික අප්‍රාණිකත්වයට ගොදුරුවේ.ලොව පුරාම බහුලවම දක්නට ලැබෙන රෝගය වන්නේ ක්ෂණික මෝචනයයි.තරුණයන් අතර පවා බහුලවම දක්නට ලැබෙන රෝගයක් ලෙස ක්ෂණික මෝචනය දැක්විය හැක.

ඉතිහාසය

සත්ව ලෝකය තුල බොහෝ ක්ෂීරපායී පිරිමි සතුන් තුල ශුක්‍ර මෝචනය ඉතා ඉක්මනින් සිදුවේ.එයට හේතුව ලෙස සත්ව විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ සංසර්ගය බොහෝ වේලාවක් පැවතුනහොත් පහසුවෙන් විලෝපිකයන්ගේ ගොදුරක් බවට ඔවුන් පත්වීමේ අවදානමයි.

ක්ෂණික මෝචනය පිළිබද ලියැවී ඇති පැරණිතම ග්‍රන්තය ලෙස කාම සූත්‍ර ග්‍රන්තය දැක්විය හැක.මේ සම්බන්දව ලියැවුන පැරණිතම ලේඛන වසර 1,500 දත්වා ඈතට දිවයයි.අතීතයේදී ස්ත්‍රීන් වැඩි කාලයක් පුරා සංසර්ගයේ යෙදියහැති පුරුෂයන්ට කැමැත්ත දැක්වූබව ලියැවී ඇත.ස්ත්‍රිය සුරාන්තයට පත්වීමට පෙර පුරුෂයා ගේ ශුක්‍ර මෝචනය සිදුවුව හොත් ඔහු දුර්වල අයකු ලෙ සැලකීය

මේවාත් බලන්න

  • ශීශ්නය
  • ලිංගික අප්‍රාණිකත්වය

යොමුව

Tags:

ක්ෂණික මෝචනය හේතුවක්ෂණික මෝචනය ක්‍රියාවලියක්ෂණික මෝචනය රෝග විනිශ්චයක්ෂණික මෝචනය ප්‍රථිකාරක්ෂණික මෝචනය පර්යේෂණක්ෂණික මෝචනය ඉතිහාසයක්ෂණික මෝචනය මේවාත් බලන්නක්ෂණික මෝචනය යොමුවක්ෂණික මෝචනය වැඩිදුර කියවීම්ක්ෂණික මෝචනය බාහිර යොමුක්ෂණික මෝචනය

🔥 Trending searches on Wiki සිංහල:

සුගතපාල ද සිල්වාමඩොල් දූවළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාශ්‍රී ලංකා යුද්ධ හමුදාවථූපාරාමයටොලමිගේ ලෝක සිතියමපොල්1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනතසිංහල ජනකවිසංස්කෘතියසරදියෙල්පොළොන්නරුව පෞරාණික නගරයසාම්ප්‍රදායික සිංහල අහාරනොබෙල් ත්‍යාගයසංචාරණයේ නව ප්‍රවණතාශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවටී.බී. ජයාග්‍රහලෝකඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාශ්‍රී මහා බෝධිය, අනුරාධපුරදඹදෙණිය යුගයහින්නෝන්මාදයහයිඩ්‍රජන්ක්‍රිස්තු වර්ෂ ක්‍රමයනිදහස් දිනය (ශ්‍රී ලංකාව)ආදිවාසීන්ලක්දිව රාජාවලියඅපරාධ නීතියඝනත්වයශ්‍රී ලංකාවේ ජාතික සංකේතපේර ශාකයරුධිර සංසරණ පද්ධතිය (මානව)පෙර පාසල්ආවර්තිතා වගුවදළදා වහන්සේගුණදාස කපුගේනාමල් උඩුගමසාම්ප්‍රදායික සිංහල විවාහගෝලීයකරණයස්ත්‍රී ස්වයං වින්දනයනායකත්වයකැලණිය රජ මහා විහාරයකුණකටුවාරතු දත්ත පොතදිළිඳුබවශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවසසම්භාවී ප්‍රවේශ මතකයබුදු පිළිමය හා මුද්‍රාඑවරස්ට් කන්දහෙද සේවයමහගම සේකරE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)ප්‍රභාසංශ්ලේෂණයශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවමුනිදාස කුමාරතුංගටජ් මහල්ප්‍රංශයක්‍රිකට්විහාරමහා දේවියශ්‍රී වික්‍රම රාජසිංහ රජසිංහල වර්ණ මාලාවශ්‍රී ලංකාවේ සිනමාවශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයපන්සිල්මහාභාරතයශ්‍රී ලංකාවේ 1987-89 කැරැල්ලජනතා විමුක්ති පෙරමුණශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවආදරයසමාජ විද්‍යාවශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)අතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තදුටුගැමුණුගේ පාලනය සමයඅනගාරික ධර්මපාලදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයකාල් මාක්ස්උඩුනුවර ලංකාතිලක විහාරයකප්පරවල්ලිය🡆 More