එවරස්ට් කන්ද

එවරස්ට් කන්ද ලොව උසම කඳු මුදුනයි.

මෙහි උස මුහුදු මට්ටමේ සිට මීටර 8,848 (අඩි 29,029) කි. ආසියාවේ හිමාල කඳුකරයේ කොටසක් වන මෙය නේපාලයට අයිති සාගරමාතා ප්‍රදේශයේ සහ චීනයට අයිති ටිබෙටයේ මායිමේ පිහිටා ඇත.

එවරස්ට් කන්ද
එවරස්ට් කන්ද
නේපාලයේ කාල පතාර් හි සිට එවරස්ට් කන්ද දිස්වන අන්දම
එවරස්ට් කන්දේ පිහිටීම
නේපාල-ටිබෙට් දේශසීමාවේ එවරස්ට් කන්දේ පිහිටීම
උස ප්‍රමාණයමීටර 8848 (අඩි 29,029)
මුල් ම තරණය1953 මැහි 29 වැනි දා
නවසීලන්තයඑඩ්මන්ඩ් හිලරි
නේපාලයඉන්දියාවටෙන්සිං නෝර්ගේ

ගවේෂණ ඉතිහාසය

එවරස්ට් කන්ද 
පීත කලාපය පසුකරන කඳු නගින්නන්

එවඑස්ට් කන්ද යනු ලෝකයෙහි උසම කන්ද බැවින්, සැලකිය යුතු තරම් අවධානයක් සහ කඳු නැගීම් උත්සාහයන් මාලාවක් යොමු කර ගැනීමට එය සමත් වී ඇත. දශක කිහිපයක් මුළුල්ලේ කන්ද වෙත සිදුවී ඇති කඳු නැගීමේ ගවේෂණ නිසා කඳු නැගීමේ මාර්ග මාලාවක් තහවුරු වී ඇත. පුරාතන කාලයෙහිදී කන්ද වෙත නගින ලද්දේ යන බව නොදනී; 1924 දී එය වෙත නගින ලද බවක් සිතිය හැක.

සමාලෝචනය

1953 දී කඳු මුදුන තරණය කල බව අවසානයේදී තහවුරු වූ නමුදු, දශක මාලාවක් තිස්සේ එය නැගීමට අපහසු කඳු මුදුනක් ලෙසින් පැවතිණි. ගවේෂණ සඳහා යොමු වූ උද්‍යෝගය සහ අවධානය මහත් වුවද, 1987 වසර වන විට කඳු මුදුන තරණය කර සිටියේ 200 ක් පමණ දෙනෙක් පමණි.වෘත්තිය කඳු නගින්නන්ගේ සහ විශාල ජාතික ගවේෂණයන්හී බරපතල උත්සාහයන් හමුවේ පවා, එවරස්ට් කන්ද දශක ගණනක් මුළුල්ලේ දුෂ්කර ඉලක්කයක් බවට විදහා පෑවේ, 1990 ගණන් වලදී එම සම්මතය බිඳ දමමින් වාණිජ යුගය මුළු දෙන තෙක්ය.

2016 කඳු නැගුම් කාලවාරය

එවරස්ට් කන්ද 
නප්ට්සී සහ ලෝට්ස් කඳු මුදුන් ඉහළ දකුණු කෙළවරෙහි දක්වමින් එවරස්ට් කන්ද 2016 මැයි මාසයෙහිදී දිස් වුනු අයුරු
එවරස්ට් කන්ද 
2016 මැයි 19 දිනදී කඳු නගින්නන් තිදෙනෙක් එවඑස්ට් කඳු මුදුනෙහි සිටින අයුරු

නේපාල සංචාරක දෙපාර්තමේන්තුව නිවේදනය කල පරිදී 2016 ජූනි මස වන විට, කාන්තාවන් 45 දෙනෙකුද ඇතුළු පුද්ගලයන් 456 දෙනෙකු පමණ සංඛ්‍යාවක් එවරස්ට් කන්ද මුදුන තරණය කර තිබුණි. කඳු මුදුන තරණයට හිතකර වූ කාල කවුළු කිහිපයක් ඔවුන් විසින් විශේෂයෙන් සඳහන් කර තිබූ අතර, 2016 මැයි 19 දිනදී කඳු මුදුන තරණය කිරීමට 209 දෙනෙක් සමත් වූ බව සඳහන් කර තිබුණි. 2016 මැයි 11 දින වන විට එවරස්ට් කන්දෙහි දකුණු පැත්තෙහි රැහැන් සවි කර තිබූ අතර කඳු නගින්නන් සිය ගණනක් විසින් අවදානම් සහිත කාලගුණ කාල කවුළු තුල කන්ද නගින ලදි.

2016 මැයි 11 දිනදී ෂර්පාවරු නව දෙනෙක් එවරස්ට් කඳු මුදුන තරණය කලහ. ඊළඟ දිනයෙහි තවත් පුද්ගලයන් සය දෙනෙක් කඳු මුදුනට සැපත් වූහ. 106 දෙනෙකු කඳු මුදුනට ළඟාවූ 2014 වසරට පසු කඳු මුදුන තරණය කල පළමු පිරිස මොවුන් වූහ. මැයි 13 වන විට, කඳු නගින්නන් 42 දෙනෙකු කඳු මුදුන තරණය කොට තිබූ අතර මැයි 22 වන විට, යහපත් කාලගුණයෙහි උපකාරයද සහිතව 400 කට වැඩි කඳු නගින්නන් ගණනක් කඳු මුදුන තරණය කිරීමට සමත්ව සිටියහ. කෙසේවෙතත්, කඳු නගින්නන් 30 දෙනෙකු පමණ ශීත-කුෂ්ඨ සැදීම හෝ වෙනත් අසනීප වැලඳීම සිදුවූ අතර උන්නතාංශ ආබාධය විය හැකි ව්‍යාධියක් නිසා කඳු නගින්නන් දෙදෙනෙකු මිය ගිය බවට වාර්තා විය . (අමතර වාර්තා සඳහා අනතුරු ඡේදය බලන්න)

එවරස්ට් කන්ද මුලින්ම තරණය කල ශ්‍රී ලාංකිකයා වූයේ වීරහැන්නැදිගේ ජයන්ති කුරු උතුම්පාල මහත්මියයි.


ආශ්‍රිත

Tags:

එවරස්ට් කන්ද ගවේෂණ ඉතිහාසයඑවරස්ට් කන්ද ආශ්‍රිතඑවරස්ට් කන්දනේපාලයහිමාලය

🔥 Trending searches on Wiki සිංහල:

පොළොන්නරුව පෞරාණික නගරයලෝකයේ ආගම් සහ අධ්‍යාත්මික සම්ප්‍රදායන්උද්ධමනයප්‍රජාපතී ගෝතමීමහා පත්තිනි දේවාලය, නවගමුවසංස්කෘතියරාජ්‍ය සේවා කොමිෂන් සභාවකතරගමශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදයශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවඋෂ්ණත්වයඅධ්‍යාපන මනෝ විද්‍යාවපරිණාමයසෙංකඩගල පෙරහැර මංගල්‍යයශ්‍රීලංකන් ගුවන් සේවයමහින්දාගමනයවිවාහ නීතිය - ශ්‍රී ලංකාචන්ද්‍රිකා වැව ගොවිජනපද ව්‍යාපාරයතොටගමුවේ ශ්‍රී රාහුල හිමිනුවර වැවයෝනි මුඛයපෘථිවි දිනයශ්‍රී ලංකාවේ ජාතික සංකේතආදිවාසීන්භික්ෂූන් වහන්සේකාව්‍යයේ මුඛ්‍යාංගසෞඛ්‍යයඑඩිෂම් බංගලාවදාගැබ්සීතාවක රාජධානියසජිත් ප්‍රේමදාසගණිකාවසතර සතිපට්ඨානයශ්‍රී ලංකාවේ සිනමාවශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවඅට විසි බුදුවරුඇන්තූරියම්ඇඩොල්ෆ් හිට්ලර්කුට්ටම් පොකුණසේවා වියුක්තියඕස්ට්‍රේලියාවශ්‍රී ලාංකීය සංස්කෘතියරාග (සංගීතය)සමාජානුයෝජනයබෞද්ධ කොඩියහින්නෝන්මාදයමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියක්‍රිකට්තිරසාර සංවර්ධනයරිටිගල ස්වාභාවික දැඩි රක්‍ෂිතයසිංහල නිපාත පදමී ගසප්‍රාග් ඓතිහාසික යුගයරාමායණයසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචියලන්දේසි ලංකාවකිරි වෙහෙර, කතරගමශ්‍රී ලංකාවේ නර්තනයන්කුඹුක්කුවේණි කුමරියපරිගණක මෘදුකාංගශ්‍රී ලංකාවේ වැවෙන එළවළු වර්ගකෝට්ටේ යුගයවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගදළදා වහන්සේමිනිසාපලිබෝධනාශකවොලිබෝල්ශ්‍රී ලංකා‍වේ බුදු පිළිමශ්‍රී ලංකා‍ අලියාපාස්කු උත්සවයලෝක සෞඛ්‍ය සංවිධානයසාම්ප්‍රදායික සිංහල විවාහසොළොස්මස්ථානසමලිංගිකතාවඅපරාධකැලණියචීනය🡆 More