මහාචාර්යය එදිරිවීර සරච්චන්ද්‍ර, සිංහල නාට්‍ය කලාවේ ප්‍රගමනයට මහත් සේවාවක් ඉටුකළ පුද්ගලයෙකි.
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත. මූලාශ්‍ර සෙවීම: "එදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍ය" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR |
කලාත්මක දේශීය නාට්‍ය කලාවේ නොඵසේනම් විදග්ධ සිංහල නාට්‍ය කලාවේ පීතෘවරයා යන විරුදාවලියෙන්ද හැඳින්වේ. එපමණක් නොව ඔහු නුතන සාහිත්‍ය වංශය ප්‍රභාමත් කිරීමට සංස්කෘතික ජීවිතය උසස් තලයකට එසවීමට සිය නිර්මාණ ශක්තියෙන් හා බුද්ධියෙන් අතිවිශිෂ්ට කාර්යයභාරයක් ඉටුකලේය.
දේශීය නාට්‍ය කලාවක් ගොඩනැගීම සඳහානිවැරදි දෘෂ්ටියකින් හා ඉමහත් කැපවීමකින් එදිරිවීර සරච්චන්ද්‍ර යන් පර්යේෂණ කළේය.ඔහු ලංකාවේ ගැමි නාට්‍ය නරඹමින්ද,අභිචාරවිධි අධ්‍යනය කරමින්ද,තොවිල්-පවිල්,කංකාරි,ගම්මඩු,පුනාමඩු,දෙවොල්මඩු ආදියෙහි සැරිසරමින් ද නාට්‍ය කලාවක් බිහිකිරීමට මේ පොළොවෙන් උකහා ගතහැකි දේ මොනවාදැයි ගවේෂණය කළේය.නාට්‍ය විචාරකයකු වශයෙන් ද ගුරුවරයකු වශයෙන්ද තමා රැස්කරගත් දැනුම බෙදාදීමට සරච්චන්ද්‍ර මහතා උත්සුකවීම තුළින් උසස් රසික පරපුරක් ගොඩනැගුනි."සිංහල ගැමිනාටකය,නාට්‍ය ගවේෂණ,වෙස් මුහුණුද සැබෑ මුහුණුද"යන ග්‍රන්ථ නාට්‍ය කලාව හැදෑරීමට අතිශයින් වැදැගත් ශාස්ත්‍රීය කරුණු සංග්‍රහ කරනලද කෘතීන් බිහිවුනේ ඹහුගේ පර්යේෂණ කාර්යයේ ප්‍රතිඵලයක් වශයෙනි.
සරච්චන්ද්‍ර මහතා විවිධ ශෛලීන් යටතේ නාට්‍ය නිර්මාණය කරඇති බව ඔහුගේ නාට්‍ය නිර්මාණ දෙස විමසිලිමත්ව බැලීමේදී පෙනීයන කරුණකි."ජනකතා,ජනශ්‍රැතිය,බෞද්ධ සාහිත්‍ය"මූලාශ්‍ර කොටගෙන නාට්‍යකරණයේ නිරතවි ඇතිබව හදුනාගත හැකිය.ශෛලිගත නාට්‍ය සම්ප්‍රදාය එතුමාගේ නිර්මාණාත්මක පෞරුෂය විදහා දක්වන කැඩපතවේ.ලෝකධර්මි සහ නාට්‍යධර්මි යන උභය සම්ප්‍රදායටම අයත් නිර්මාණ සරච්චන්ද්‍රයන් අතින් නිමවිය.
නැටුම,ගැයුමපෙරදිග නාට්‍ය කලාවේ සාධනීය අංග ලෙස වටහාගත් සරච්චන්ද්‍රයන් සිය නාට්‍ය දෘෂ්ටිය පෝෂණය කරගැනීමේදි සංගීතයට උසස් තැනක් ලබාදි ඇත."මනමේ,සිංහබාහු,පේමතෝ ජායති සෝකෝ,ලෝමහංස,බවකඩතුරාව,වෙස්සන්තර"යන නාට්‍යයන්හිදි සංගීතය ඉවහල් කරගන්නේ රසය උද්දීපනය කිරිමේ ප්‍රධාන උපකරණයක් ලෙසිනි.ශාන්ති නිකේතනයට යාමෙන් ලද සංගීත ඥාණය,එතුමාගේ සංගීත සංවේදිතාවය ගීත නාට්‍ය නිර්මාණවල ප්‍රභාවට අත්‍යන්තයෙන්ම දායකවි ඇතිබව හදුනාගත හැකිය.
සරච්චන්ද්‍රයන්ගේ ප්‍රධාන නාට්‍ය හරහා විනිවිද පෙනෙනුයේ ඹහුගේ වස්තුවිෂය නම්"පවුල,ගෘහය,ගේහසිතප්‍රේමය ජීවිතය"බවයි."මනමේ,සිංහබාහු,පේමතෝ ජායති සෝකෝ,ලෝමහංස,බවකඩතුරාව"යන නාට්‍ය යටකී අදහස විශද කිරීමට ශක්තිමත් සාක්ෂි සපයනු ලැබේ.
1952 දී වේදිකා ගතවු "පබාවති"නම් නාට්‍ය දේශීය නාට්‍ය කලාවක් ගොඩනැගීමේ කාර්යයභාරයේ වැදගත් මංසලකුණ විය.පබාවති නාට්‍යයට පෙර සහ පසු සරච්චන්ද්‍රයන් විසින් නිර්මාණය කරන ලද සියලුම නාට්‍ය කොටස් තුනකට බෙදා දැක්විය හැකිය.
එලොව ගිහින් මෙලොව ආවා
වර්ෂය | නාට්‍ය |
---|---|
1956 | මනමේ |
1961 | සිංහබාහු |
1957 | පේමතෝ ජායති සෝකෝ |
1959 | එලොව ගිහින් මෙලොව ආවා |
1985 | ගොම්මන් කෙකිණිය, ඈ නුවන් ලැබුවා, ලෝමහංස |
වර්ෂය | නාට්‍ය |
---|---|
1952 | පබාවති |
1954 | රත්තරන් |
1959 | කදා වළලු |
1960 | වෙල්ලවැහුම් |
1961 | ඒකට මට හිනා හිනා |
1968 | මහාසාර |
1980 | වෙස්සන්තර |
1989 | බවකඩතුරාව |
වර්ෂය | නාට්‍ය |
---|---|
1943 | මුදලාලියග් පෙරළිය |
1945 | කපුවා කපෝති |
1949 | හැංගිහොරා |
1951 | තරුණ ලේකඛයා, සත්ව කරුණාව, බහින කලාව, උත්තර රාම චරිතය |
1953 | වෙද හටන |
1955 | වඳින්න ගිය දේවාලේ, වල ඉහගෙන කෑම, නෑදෑයෝ, ගත්කරු පිස්සුව, වට පුලුවේ ගෙවල් බිඳලා, කිරි මුට්ටිය ගඟේ ගියා |
ස්වකිය නාට්‍ය නිර්මාණයෙහිදි සරච්චන්ද්‍රයන් විවිධ නාට්‍ය සම්ප්‍රදායන්ගේ ආභාසය ලැබීමත්,ඇතැම් නාට්‍ය සම්ප්‍රදායන් අනුගමනය කිරීමත් සිදුකර ඇති බව ඉහත නාට්‍ය දෙස විමසිලිමත්ව බැලීමේදි හදුනාගත හැකිය.
ඉහත සදහන් කළ ආකාරයේ කලාත්මක රසයෙන් අනූන වූ නිර්මාණයන් රැසක්ම හෙළ නාට්‍ය ක්ෂේත්‍රයට සරච්චන්ද්‍රයන් විසින් දායාද කර ඇති බව පැහැදිළිය.එවන් වු නිර්මාණයන් අතර දේශීය නාට්‍ය කලාව නවමු මාවතක් කරා මෙහෙය වු අද්විතීය නාට්‍ය කෙරෙහි අපගේ අවධානය මෙහිදි යොමුකිරිම වැදගත්ය.
කලාත්මක අගයෙන් අනුන දේශීය නාටය කලාවේ සමාරම්භය සනිටුහන් වනුයේ 1956 දී බිහිවු "මනමේ"නාට්‍යයෙන්ය යන අදහස අවිවාදයෙන් පිළිගැනේ.මනමේ නාට්‍ය විදග්ධ සිංහල නාටය සම්ප්‍රදායක අනන්‍යතාව මූර්තිමත් කළාවු ද සදාතනික අගයකින් සැදුම්ලත් කලා කාතියකි.මනමේ නිර්මාණය කිරිමෙන් ඉක්බිතිව සරච්චන්ද්‍රයන් විසින් නිර්මාණය කරන ලද "සිංහබාහු නාට්‍ය"මේ සම්ප්‍රදායෙහි අග්‍රඵලය වේ.
1956 නොවැම්බර් මස 03 වැනිදාකොළඔ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී මනමේ නාට්‍ය ප්‍රථම වරට රඟදක්වන ලද්දේ ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල නාට්‍ය මණ්ඩලය මගිනි.ආකෘතිය,අන්තර්ගතය,භාෂාව හා දෘෂ්ටිය යන සෑම අංශයකම අපූරැ අත්දැකීමක් වු මනමේ මේවනවිට දශක පහක් තිස්සේ පරම්පරා කිහිපයක රසභාව පෝෂණය කළ නාටයයකි.මනමේ නාට්‍යයේ මූලාශ්‍රය මනමේ කතාව වශයෙන් සිංහලයින් අතර ප්‍රකට ජාතක පොතෙහි එන "චුල්ලධනුග්ගහ"ජාතකයයි.ශ්‍රි ලංකාවේ දකුණු පලාතේ "කෝළම්"ශෛලියෙන් ද "කවිනාඩගම්"ශෛලියෙන් ද මෙම කතාව රඟදක්වා ඇත.එහි අරමුණ වි ඇත්තේ පතිව්‍රත්තාව බිඳිමේ අනිෂ්ට ඵලවිපාක ඉස්මතු කොට දැක්වීමයි.
සරච්චන්ද්‍ර මහතා සිය නාට්‍යයේදි පතිව්‍රත්තාව බිඳීම සම්බන්ධ ප්‍රවෘත්තියක් ඉස්මතු කිරිමට නොපෙළඹේ.ඔහු ගතානුගතික දෘෂ්ටිය නිෂේධනය කරමින් ස්ත්‍රි චෛතසිකය විභාගකරයි.ඉතා සංකීර්ණ මානුෂික ගැටුමක් යථානුරූපි ලෙස වේදිකාව මත ප්‍රතිනිර්මාණය කරමින් මනාවු හේතු ඵල සම්බන්ධතාවයකින් යුතුව පුරාණ කතාවේ එතෙක් නොලද චමත්කාරයකින් අත්විඳින්නට සලස්වයි.මේ සඳහා සරච්චන්ද්‍රයන් "රෂොමන්"නමැති ප්‍රකට ජපන් සිනමා කෘතියෙහි ආභාසය ලද බව පවසයි.පුරුෂෝත්තම සමාජයක ස්ත්‍රියගේ ඉරණම ප්‍රබල සංකල්ප රූපාවලියක් මගින් මනමේ නාට්‍ය තුළදි විභාග කෙරේ.
මනමේ වු කලි නාට්‍ය සම්ප්‍රදායක උල්පත මෙන් ම ආරම්භයද වේ.ඉක්බිතිව නිර්මිත "සිංහබාහු"මේ සම්ප්‍රදායෙන් නිෂ්පාදිත නාට්‍යාවලියෙහි අග්‍රඵලයයි.එය අග්‍රඑලය ලෙස නම් කළ හැක්කේ වඩාත් ගැඹුරු වේදනාත්මක අත්දැකීමක් නිසි කලාත්මක ගැඹුරකින් පොහොසත් දෘෂ්ටියකින් යුතුව ප්‍රතිනිර්මාණය කෙරෙන බැවිනි.සිංහබාහු නාටකය ප්‍රථම වරට රඟදක්වන ලද්දේ 1961 සැප්තැම්බර් මාසයේදි පේරාදෙණිය විශ්වවිද්‍යාලීය එළිමහන් රඟමඩලෙහි දීය.සැබැවින්ම විදග්ධ නාට්‍ය සම්ප්‍රදායක් ප්‍රතිෂ්ටාපනය කිරිමේ ප්‍රයත්නය සිංහබාහු නාට්‍යයෙන් කූටප්‍රාප්ත විය.සිංහබාහු නාටකයේ තේමාව දරු සෙනෙහස බව එක් මතයකි.තවත් මතයක් වන්නේ මෙහි තේමාව පරම්පරා ගැටුම බවයි.මෙම මතවාද දෙකම ඉතා ප්‍රබල ලෙස තහවුරු කිරීමට අවශ්‍ය හේතු සාධක නාට්‍යයෙන් සම්පාදනය වේ.
සිංහබාහු නාට්‍ය සදහා මූලාශ්‍ර වන්නේ කිරම ධම්මානන්ද හිමියන්ගේ කෘතියක් වන"සියබස් මල්දම"යි.මූලාශ්‍ර පුවතෙහි පවතින ස්ත්‍රිය කෙරෙහි යොමුවි ඇති සාම්ප්‍රදායික දෘෂ්ටිය නිෂේධනය කිරීමක් මේ තුළ දැකිය හැකිය.ස්ත්‍රිය කෙරෙහි පොදු හා සාධාරණ ධර්මතා මෙහිදි ඉස්මතු කෙරේ.එයින් නාට්‍ය ගැඹුරු වූද කරුණාරසයෙන් පිරුණාවූද එකක්වේ.නාට්‍ය තුළින්උද්දීපනය කෙරෙන සංස්කෘතික විඥාණය නාට්‍යයේ විශිෂ්ටත්වයට හේතුවන්නක් බව කිවයුතුය.සිංහබාහු නාට්‍යයට පාදකවන්නේ පැරණි කතා පුවතක් බව සැබෑව.එය මහාවංශයේ එන සුප්‍රකට ජනශ්‍රැතිය හෘ සම්බන්ධ පුවතකි.එහෙත් මෙම දෘෂ්‍ය කාව්‍යයෙන් වර්තමාන රසිකයා ලබන්නේ තම හාත්පස සමාජ ජීවිතය පාදක කරගත් මානව සබඳතා පිළිබද ගැඹුරු ජීවන අරුතකි.
ලෝමහංස නාටකය නාඩගම් සම්ප්‍රදාය ඍජුව ඇසුරු කළ "මනමේ,සිංහබාහු"අයත් කුලයේ නාට්‍යයකි.ප්‍රථම වරට මෙය කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදි 1985 අගෝස්තු 22දා රඟදක්වන ලදි.ලෝමහංස නාට්‍යයට වස්තු කොටගෙන ඇත්තේ ජාතක පොතෙහි එන "මහාපදුම"ජාතකයයි.මෙහි තේමාව ලෙස සදහන් වන්නේ වයස්ගතවි තරුණ බිරිඳක සරණපාවා ගැනීමෙන් සිදුවන ව්‍යසනයයි.නාඩගම් සම්ප්‍රදාය මෙම නාට්‍ය තුළදි අනුගමනය කළද නාඩගම් සංගීතය භාවිත නොකිරීම විශේෂ ලක්ෂණයකි.
මෙම නාට්‍යය සද්ධර්මාලංකාරයේ එන "ස්වර්ණතිලකා"කතා වස්තුව ඇසුරින් නිර්මිත රමනීය දෘෂ්‍ය කාව්‍යයකි.එයද ස්ත්‍රිය සම්බන්ධයෙන් ප්‍රචලිත ගතානුගතික දෘෂ්ටිය නිෂේධනය කරමින් නිර්මිතය.උද්දාල නම් රටක් වටින පඬිවරයා ස්ත්‍රියගේ පාශයට නතුවීම නිසා විනාශ වීය යන ප්‍රවාදය පෙරටු කොටගෙන ස්ත්‍රිය සම්බන්ධ ප්‍රචලිත දෘෂ්ටිවාදය මෙම නාට්‍ය මගින් නිසි කලාත්මක ගැඹුරකින් පොහොසත් දෘෂ්ටියකින් විභාග කොට නිශේධනය කරයි.
සමස්තයක් වශයෙන් විවිධ ශෛලීන්ගෙන් යුතු අග්‍රගන්‍ය නාට්‍ය නිර්මාණ සරච්චන්ද්‍රයන් විසින් ශ්‍රි ලාංකේය නාට්‍ය ක්ෂේත්‍රයට දායාද කොටදි ඇති අතර මෙම ලිපිය මගින් විවරණය කෙරුණේ ඉන් අංශු මාත්‍රයක් පමණි.සැබවින්ම එදිරිවීර සරච්චන්දුයන් ලංකාවට මෙන්ම ලෝකයටද වටිනා සමිපතකි
(මූලාශ්‍රය -එදිරිවීර සරච්චන්ද්‍රගේ නාට්‍ය දෘෂ්ටිය, සරත් විජේසූරිය)
This article uses material from the Wikipedia සිංහල article එදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍ය, which is released under the Creative Commons Attribution-ShareAlike 3.0 license ("CC BY-SA 3.0"); additional terms may apply (view authors). අන්ලෙසකින් සඳහන්කර නැති සෑම විටෙකම අන්තර්ගතය CC BY-SA 4.0 යටතේ ඇත. Images, videos and audio are available under their respective licenses.
®Wikipedia is a registered trademark of the Wiki Foundation, Inc. Wiki සිංහල (DUHOCTRUNGQUOC.VN) is an independent company and has no affiliation with Wiki Foundation.