ඇම්බර් හර්ඩ්

ඇම්බර් ලෝරා හර්ඩ් (උපත 1986 අප්‍රේල් 22) යනු ඇමරිකානු නිළියකි.

ඇය චිත්‍රපට ක්ෂේත්‍රය වෙත පිවිසියේ 2004 ක්‍රීඩා නාට්‍යයක් වූ Friday Night Lights තුළිනි. North Country සහ Alpha Dog චිත්‍රපටවල සුළු චරිත නිරූපණයෙන් පසුව, හර්ඩ් සිය ප්‍රථම ප්‍රධාන චරිතය නිරූපණය කළේ All the Boys Love Mandy Lane (2006) චිත්‍රපටයේ ය. අනතුරුව ඇය ද සීඩබ්ලියු රූපවාහිනී වැඩසටහනක් වූ Hidden Palms (2007) හි පෙනී සිටියා ය.

ඇම්බර් හර්ඩ්
ඇම්බර් හර්ඩ්
හර්ඩ් 2011 නොවැම්බරයේ දී
උපත
ඇම්බර් ලෝරා හර්ඩ්

අප්‍රේල් 22, 1986 (1986-04-22) (වයස 37)
ඔස්ටින්, ටෙක්සාස්, එක්සත් ජනපදය
නිවහනලොස් ඇන්ජලීස්, කැලිෆෝනියාව
රැකියාවනිළියක
සක්‍රීය වසර2004–වර්තමානය
කලත්‍රයා(යන්)ජොනී ඩෙප් (වි. 2015; දික්කසාදය 2017)

හර්ඩ්ව ජනයා විසින් හඳුනාගත්තේ 2008 Never Back Down සහ Pineapple Express චිත්‍රපටවලිනි. ඇය යොවුන් හොලිවුඩ් සම්මාන උළෙලේ දී, පාරවේධන සම්මානය හිමි කරගත්තා ය. The Informers, The Stepfather, Zombieland, සහ The Joneses චිත්‍රපට හේතුවෙන් ඇය කෙරෙහි තවදුරටත් අවධානය යොමු විය. අනතුරුව ඇය ජෝන් කාපෙන්ටර්ගේ The Wardහි ප්‍රධාන චරිත නිරූපණය කළා ය. එසේම ඇය නිකොලස් කේජ් සමග Drive Angry චිත්‍රපටයේත්, ජොනී ඩෙප් සමග The Rum Diary චිත්‍රපටයේත් රංගනයෙහි යෙදුණා ය. The Rum Diaryහි රංගනය වෙනුවෙන් ඇය හොලිවුඩ් චිත්‍රපට උළෙලේ ස්පොට්ලයිට් සම්මානය හිමි කරගත්තා ය. 2014දී ඇය 3 Days to Kill චිත්‍රපටයේත්, 2015දී Magic Mike XXL සහ The Danish Girl චිත්‍රපයවලත් රැඟුවා ය. ඉදිරියේ තිරගත වීමට නියමිත වීරකථා චිත්‍රපටයක් වන Justice League චිත්‍රපටයේ මීරාගේ චරිතය ඇය විසින් නිරූපණය කරනු ඇත.

මුල්කාලීන දිවිය

හර්ඩ් උපත ලැබූයේ ටෙක්සාස්හි ඔස්ටින් ප්‍රදේශයේ ය. ඇගේ මව වූ ප්‍රැට්‍රීෂියා ප්‍රේජ් (විවාහයට පෙර පාර්සන්ස්) අන්තර්ජාල සමීක්ෂකවරියක වූ අතර, ඇගේ පියා වූ ඩේවිඩ් ක්ලින්ටන් හර්ඩ් කොන්ත්‍රාත්කරුවකු විය. ඇයට විට්නි නම් සොයුරියක වේ. උසස් පාසලෙන් ඉවත් වූ ඇය, පසුව නිවසේ සිට අධ්‍යන පාඨමාලාවක් හදාරා ඩිප්ලෝමාවක් හිමි කරගත්තා ය. හර්ඩ්ගේ වයස 16 වන විට ඇගේ හොඳම මිතුරා මෝටර් රථ අනුතරකින් මරණයට පත් විය. කතෝලිකයකු ලෙස හැදීවැඩුණු ඇම්බර් පසුව, තමන් අදේවවාදියකු බැව් ප්‍රකාශයට පත්කළා ය. ඇගේ එකල පෙම්වතා විසින් ඇයව දාර්ශනික-නවකථාකාරිණියක වූ ඒන් රෑන්ඩ් හට හඳුන්වා දෙන ලදී.

නිර්මාණ දායකත්වය

චිත්‍රපට

ඇම්බර් හර්ඩ් 
හර්ඩ් 2009 ටොරන්ටෝ අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ දී
වර්ෂය චිත්‍රපටය චරිතය සටහන්
2004 Friday Night Lights මාරියා
2005 Side FX ෂේ
2005 Drop Dead Sexy කැන්ඩි
2005 North Country ලාබාල ජොසී ඒම්ස්
2006 Price to Pay ට්‍රිෂ්
2006 The Prince සෙරීනා
2006 Alpha Dog ඇල්මා
2006 All the Boys Love Mandy Lane මැන්ඩි ලේන්
2007 Spin ඇම්බර්
2007 Day 73 with Sarah මේරි කෙටි චිත්‍රපටය
2007 Remember the Daze ජූලියා ෆෝර්ඩ්
2008 Never Back Down බාජා මිලර්
2008 Pineapple Express ඇන්ජී ඇන්ඩර්සන්
2008 The Informers ක්‍රිස්ටී
2009 ExTerminators නිකී
2009 The Joneses ජෙන් ‍‍ජෝන්ස්
2009 Zombieland 406
2009 The Stepfather කෙලී පෝටර්
2010 And Soon the Darkness ස්ටෙෆනී සම-නිෂ්පදකවරිය ද වේ.
2010 The River Why එඩී
2010 The Ward ක්‍රිස්ටින්
2011 Drive Angry පයිපර්
2011 The Rum Diary චෙනෝල්ට්
2013 Syrup සික්ස්
2013 Paranoia එමා ජෙනිංස්
2013 Machete Kills සැන් ඇන්ටෝනියෝ මෙනවිය
2014 3 Days to Kill නියෝජිත විවී
2015 The Adderall Diaries ලැනා එඩ්මන්ඩ්
2015 One More Time ජූඩි
2015 Magic Mike XXL සූ
2015 The Danish Girl අලා පෝල්සන්
2017 I Do...Until I Don't ෆැනී
2017 Justice League මීරා පශ්චාත්-නිෂ්පාදනයේ
2017 London Fields නිකොලා සික්ස් සම්පූර්ණ කළ
2018 Aquaman මීරා රූගත කෙරෙමින් පවතියි

රූපවාහිනිය

වර්ෂය වැඩසටහන චරිතය කථාංග(ය)
2004 Jack & Bobby ලීස් 1×01 – "Pilot"
2004 The Mountain රයිලී 1×08 – "A Piece of the Rock"
2005 The O.C. අලෙවිකාරිණිය 2×15 – "Mallpisode"
2006 Criminal Minds ලයිලා ආචර් 1×18 – "Somebody's Watching"
2007 Californication ඇම්බර් 1×08 – "California Son"
2007 Hidden Palms ග්‍රේටා මැතිව්ස් කථාංග 8
2011 Top Gear ඇය ලෙසම 16×05
2011 The Playboy Club බනී මොරීන් කථාංග 7 (විකාශය නොවූ 4)
2015 Overhaulin' ඇය ලෙසම 9×01 – "In Too Depp"

ඇගයුම්

වර්ෂය නිර්දිෂ්ට කෘතිය සම්මාන උළෙල සම්මානය ප්‍රතිඵලය
2008 ඇය ලෙසම යොවුන් හොලිවුඩ් සම්මාන වසරේ සොයාගැනීම දිනාගති
2009 සොම්බීලන්ඩ් ඩිට්‍රොයිට් චිත්‍රපට විචාරක සමාජ සම්මානය හොඳම වෘන්දය නිර්දේශිත
2010 සොම්බීලන්ඩ් ස්ක්‍රීම් අවෝඩ්ස් හොඳම වෘන්දය දිනාගති
2010 ඇය ලෙසම ඩලස් අන්තර්ජාතික චිත්‍රපට උළෙල ඩලස් තරු සම්මානය දිනාගති
2011 ද රම් ඩයරි හොලිවුඩ් චිත්‍රපට උළෙල ස්පොට්ලයිට් සම්මානය දිනාගති
2014 ඇය ලෙසම ටෙක්සාස් ෆිල්ම් හෝල් ඔෆ් ෆේම් ප්‍රේරිකා දිනාගති

ආශ්‍රේයයන්

Tags:

ඇම්බර් හර්ඩ් මුල්කාලීන දිවියඇම්බර් හර්ඩ් නිර්මාණ දායකත්වයඇම්බර් හර්ඩ් ඇගයුම්ඇම්බර් හර්ඩ් ආශ්‍රේයයන්ඇම්බර් හර්ඩ් බාහිර සබැඳිඇම්බර් හර්ඩ්විකිපීඩියා:අංකුර ලිපි

🔥 Trending searches on Wiki සිංහල:

මාලදිවයිනE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයටී.ආර්. ආරියරත්නමහා ප්‍රජාපතී ගෝතමීකළුතර බෝධියමිනිස් ලිංගික ක්‍රියාලිංගික ඉන්ද්‍රියන්එක්සත් අරාබි එමීර් රාජ්‍යයශ්‍රී ලංකාවේ ජාතික සංකේතජලයග්‍රාම නිලධාරීදඬුලේනාකැලණිය රජ මහා විහාරයසිංහල ටීකා සීපදවිනය පිටකයඅපෝස්තුළුවර ජුඩ්දඹදෙණිය යුගයවෛරස් පිළිබඳ හැඳින්වීමක්ඕමිගඟකාවන්තිස්ස රජකාමාවචර ලෝකමද්දුම බණ්ඩාරඉසුරුමුණියබෝවන රෝගකාව්‍යශේඛරයහත්කෝරළේරාමායණයසිංහල වර්ණ මාලාවශ්‍රී ලංකාවඝනත්වයසංවර්ධනය වෙමින් පවතින රටවල්සිංහබාහුභෛරවී රාගයකෝමාරිකාබුදු දහමසාහිත්‍යයමොණරවිල කැප්පෙටිපොළඅපරාධසරම්පජාතික වෘත්තීය සුදුසුකම් ආකෘතිය, ශ්‍රී ලංකානයිජීරියාවේ ඉතිහාසයවැලිවිට සරණංකර හිමිඅන්වීක්ෂයතල් ශාකයසුනාමිමන්නාරම බයෝබැබ් ගසසීගිරියේ ඉතිහාසයරත්නපුරවොලිබෝල්ශ්‍රී ලංකාවේ වී ගොවිතැනජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලසිද්ධාර්ථ කුමරුමඩු දේවස්ථානයපොහොරභෘංගාමලක තෛලයශ්‍රී ලංකාවේ පුරාවස්තුදෙවොල් මඩුවවසපුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයසේවා වියුක්තිය ආශ්‍රිත ගැටලුකොස්රතන සූත්‍රයසත්මහල් ප්‍රාසාදයශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයනෙළුම්අනුරාධපුර ජේතවනාරාමයකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයජේම්ස්, සෙබඩීගේ පුත්ශ්‍රී ලංකාවේ කෘෂිකර්මයක‍ඩොලානත්‍රස්තවාදයයාපනයසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගම්පොල රාජධානිය🡆 More