අල් පසීනෝ

ඇල්ෆ්‍රඩො ජේම්ස් පසීනො (උපත April 25, 1940) ඇමෙරිකානු ජාතික නාට්‍ය හා චිත්‍රපට නළුවෙකු වන අතරම ඔහු අධ්‍යක්ෂකවරයෙකි .

The Godfather ත්‍රිත්වයේ මයිකල් ක්ලෙනේ ලෙස රඟපෑමෙන් පසුව ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත් විය. සොනි වොර්සික් ලෙස Dog Day Afternoon, ටෝනි මොන්ටානා ලෙස “Scarface”, කාර්ලිටො බිරිගනෙට් ලෙස 1993 දී Carlito's Way, ෆ්‍රෑන්ක් සර්පිකො ලෙස “Serpico”, ලියුටිනන්ට් ක්ලොනල් ෆෑන්ක් ස්ලේඩ් ලෙස “Scent of a Woman”, Lt. වින්සෙන්ට් හැන්නා ලෙස “Heat” සහ රෝයි කෝන් ලෙස “Angels in America” යන චිත්‍රපටි වල ඔහු රඟපෑවේය .1992 දි හොඳම නළුවා ලෙස Scent of a Woman චිත්‍රපටයේ රඟපෑමට ඇකඩමි සම්මානය හිමි විය.මීට පෙර ඔහුගේ නම හොඳම නළුවා සම්මානයට හත් වරක් නිර්දේශ වී ඇත.

Al Pacino
අල් පසීනෝ
උපත
ඇල්ෆ්‍රඩො ජේම්ස් පසීනො

අප්‍රේල් 25, 1940 (1940-04-25) (වයස 83)
නිව්යොර්ක් සිටි, නිව්යොර්ක්, ඇමෙරිකා එක්සත් ජනපදය
උගත් ශාස්ත්‍රාලය
  • Actors Studio
  • HB Studio
රැකියාව
  • නළුවෙකි
  • අධ්‍යක්ෂකවරයෙකි
  • තිරරචකයෙකි
  • නිෂ්පාදකවරයෙකි
සක්‍රීය වසර1967–වර්තමානය දක්වා
සහකරුවා(වන්)
  • Jan Tarrant (1988–1989)
  • Beverly D'Angelo (1997–2003)
දරුවන්3


අල් පසීනෝ උපත ලැබුවේ නිව්යොර්ක්හිදී ඉතාලියානු හා අමෙරිකානු සම්භවයක් සහිත දෙමව්පිය යුවලකටය. අල් පසීනෝගේ වයස අවුරුදු දෙකේ දී ඔහුගේ දෙමව්පියන් වෙන් වුහ. ඉන්පසුව ඔහුගේ මව, ඇයගේ දෙමාපියන් සමඟ වාසයට ගියාය. ඔහුගේ පියා රක්ෂණ සමාගමක අලෙවි නිලධාරියකු ලෙස රැකියාව කළ අතර ඔහුට අයිතිව තිබූ Pacino's Lounge ආපන ශාලාව 1992 දී වසා දැමිණි.ඔහු නිව්යොර්ක් හි Fiorello H. La Guardia High School of Music and the Arts හි ශාඛාවක් වූ High School of Performing Arts පාසලට ඇතුල් විය. එහිදී ඉංග්‍රිසි භාෂාව හැර අනෙක් සියලුම විෂයන් වලින් අසමත් වූ ඔහු පාසලෙන් නෙරපනු ලැබිණි.මෙහිදි තම මව සමඟ ඇතිවූ ආරවූලකදී උරණ වී ඔහු නිවසින් පළා ගියේය. එතැන් පටන් ජීවත් වීම සඳහා විවිධ රැකියා ගණනාවක ඔහු නිරත විය. පණිවිඩකාරයකු ,කොන්දොස්තරවරයකු ,කසල ශෝධකයකු ,ලිපිකරුවකු ලෙස ඔහු සේවය කළේය.

නිව්යොර්ක් රඟහලේ බිම්මහලේ නාට්‍යවල රඟ පෑ ඔහු Herbert Bergh of Studio හා සම්බන්ධ විය. පසු කාලයකදී ඔහු ගේ හොඳම උපදේශකවරයා සහ හොඳම මිතුරා වූ චාර්ලි ලන්ග්ටන් නම් නාට්‍යය ගුරුවරයා මුණගැසීමට ඔහුට හැකිවිය . මේ කාලයේදී රැකියා විරහිතව සිටි ඔහු විටෙක පාරේ නිදා ගැනීමටත් මිතුරන්ගේ නිවස වල නිදා ගැනීමටත් පුරුදු විය.1962 දී අල් පසීනෝගේ මව මිය ගිය අතර 1963 දී ඔහුගේ ජීවිතයේ වැදගත් පුද්ගලයකු වූ ඔහුගේ සීයාද මිය ගියේය.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

වෙසක් උත්සවයසංස්කෘතියඅවුකන බුදු පිළිමයඑස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකදෙහිවල ජාතික සත්වෝද්‍යානයකොහොඹා කංකාරිය304 (ක්‍රීඩාව)සුද්ධෝදන රජසරම්පකැලණිය රජ මහා විහාරයවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවආතර් සී. ක්ලාක්අභයගිරි විහාරයලියනාඩෝ ඩා වින්සිමහ වැව් නාමාවලියදළදා වහන්සේප්‍රංශයමේෂ රාශියඒඩ්ස්හොරඋපත් පාලන කොපුමොනරාඇල්බර්ට් එලිස්සිංහබාහුව්‍යාපාරහිමොග්ලොබින්ජන කවිසඳකඩපහණපෙරහමජනතා විමුක්ති පෙරමුණජන සන්නිවේදනයබුදු පිළිමය හා මුද්‍රාමූල්‍ය ප්‍රකාශනයසෝඩියම්සුගතපාල ද සිල්වාසෛලය (ජීව විද්‍යාව)බෞද්ධ කොඩියහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්සෞරග්‍රහ මණ්ඩලයතෛපොංගල්අට විසි බුදුවරුත්‍රිපිටකයවාමන ග්‍රහලෝකජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවරූපවාහිනියශ්‍රී ලංකාවේ වැවෙන එළවළු වර්ගසිංහල ටීකා සීපදE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)ශ්‍රී ලංකාවේ දියඇලිපෘථිවි වායුගෝලයඅභිනිෂ්ක්‍රමණයමුදල්අන්තර්ජාලයසියඹලාබුලත් හා සිංහල සමාජයඑක්සත් රාජධානියෙහි හත්වන එඩ්වඩ් රජඋළුහාල්රාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවබුද්ධ චරිතයනාජේම්ස්, සෙබඩීගේ පුත්ස්වභාවික වෘක්‍ෂලතාරාජ්‍ය නොවන සංවිධානචීන-ශ්‍රී ලංකා සබඳතාදියවැඩියාවෙහි රෝග ලක්ෂණවිදුර වික්‍රමනායකරෆායල්ධර්ම සංගායනානැනෝ තාක්‍ෂණයතිරසාර සංවර්ධනයස්වර්ණා මල්ලවආරච්චිදඬුලේනාලෝ වැඩ සඟරාවගිනි කඳුහිරු🡆 More