අටුවා

ථේරවාද ත්‍රිපිටකයට සබැඳිව පාලි බසින් ඉතා ඈත අතීතයේ ලියවුනු පොත් එකතුවකි.

මේවා හෙල අටුවා වල පාලි පරිවර්ථන වේ.

අටුවාද ත්‍රිපිටකය මෙන්ම දඹදිව තුන්සංගායනාවටම නගා ඇත. එසේ තුන්සංගායනාවටම නැගූ පාලි සඟි අටුවා හෙවත් මහා අටුවාව අනුබුද්ධ මහා මහින්ද ස්ථවිරයන් විසින් සිංහල රහතුන්ට ස්වකීය භාෂාවෙන් උගන්වා ඇත. මෙසේ හෙලටුවා බිහිවිය. ලෝසතුන්ගේ හිත පිණිස අටුවා නැවත පාලියට පරිවර්ථනය කිරීම පිණිසම මෙලොව පහල වූ අනුබුදු බුද්ධගෝෂ ස්ථවිරපාදයන් වහන්සේ විසින් මේවා මහාවිහාරයේ ග්‍රන්ථකාර පිරිවෙනේ වෙසෙමින් රහතුන්ගේ අධීක්ෂණය යටතේ පාලියට පරිවර්ථනය කොට ඇත. ඒ අනුව මේ වන විට අප අතට පත්ව ඇත්තේ මහසඟි අටුවාවේ හෙවත් බුද්ධ භාෂිත අටුවාවේ තෙවැනි පරපුරට අයත් අටුවාවන්‍ ය.

සූත්‍ර පිටකය

සූත්‍ර පිටකය - සතර මහා නිකාය

ත්‍රිපිටක කොටස අටුවාව අටුවාචාරී
දීඝ නිකාය සුමංගල විලාසිනී බුද්ධඝෝස හිමි
මජ්ඣිම නිකාය පපංච සූදනී බුද්ධඝෝස හිමි
සංයුත්ත නිකාය සාරාත්‍ථප්පකාසිනී බුද්ධඝෝස හිමි
අංගුත්තර නිකාය මනෝරථ පූරණී බුද්ධඝෝස හිමි

සූත්‍ර පිටකය - ඛුද්දක නිකායේ ඛුද්දක ග්‍රන්ථ

ත්‍රිපිටක කොටස අටුවාව අටුවාචාරී
ඛුද්ක පාඨ පරමත්‍ථ ජොතිකා බුද්ධඝෝස හිමි
සුත්ථ නිපාත පරමත්‍ථ ජොතිකා බුද්ධඝෝස හිමි
ජාතක පාලි ජාතකකට‍්ඨකථා බුද්ධඝෝස හිමි
ධම්මපද ධම්මපදට‍්ඨකථා බුද්ධඝෝස හිමි
උදාන පාලි පරමත්‍ථ දීපනී ධම්මපාල හිමි
ඉතිවුත්තක පාලි පරමත්‍ථ දීපනී ධම්මපාල හිමි
විමාන වත්‍ථු පරමත්‍ථ දීපනී ධම්මපාල හිමි
පෙත වත්‍ථු පරමත්‍ථ දීපනී ධම්මපාල හිමි
ථෙර ගාථා පරමත්‍ථ දීපනී ධම්මපාල හිමි
ථෙරි ගාථා පරමත්‍ථ දීපනී ධම්මපාල හිමි
චරියා පිටක පරමත්‍ථ දීපනී ධම්මපාල හිමි
නෙත්ති ප්‍රකරණ නෙත්තී අට්ඨකතා ධම්මපාල හිමි
නිදේදස සධ්ධම්මපජ්ජොතිකා උපසේන හිමි
පටිසමහිදා සධ්ධම්මප‍්පකාසිනී ධම්මපාල හිමි
බුද්ධ වංස මධුරත්‍ථප්පකාසිනී බුද්ධත්ත හිමි
අපදාන විසුද්ධ ජන විලාසිනී මහානාම හිමි

විනය පිටකය

පාරාකජිකා පාලි, පාචිත්තිය පාලි, චුල්ලවග්ග පාලි, මහාවග්ග පාලි, පරිවාර පාලි යන විනය ග්‍රන්ථ පහටම කරන ලද අටුවාව නම් සමන්තපාසාදිකාවයි.

භික්ඛු පාතිමොක්ඛයටත්, භික්ඛුණි පාතිමොක්ඛයටත් කංඛාවිතරණී මාතිකට්ඨකතාව නම් වූ අටුවාව කොට ඇත. මේ ද්විත්වයම පරිවර්ථනය කර ඇත්තේ භදන්තාචරිය බුද්ධගෝෂ ස්ථවිරයන් විසිනි.

අභිධර්ම පිටකය

ත්‍රිපිටක කොටස අටුවාව අටුවාචාරී
ධම්මසංගණීප්පකරණ අත්ථසාලිනී බුද්ධඝෝස හිමි
විභංගප්පකරණ සම්මෝහවිනෝදනී බුද්ධඝෝස හිමි
කථාවත්ථූප්පකරණ පරමත්තදීපනී

(පඤ්චප්පකරණට්ට කථා)

බුද්ධඝෝස හිමි
ධාතුකථාප්පකරණ
පුග්ගලපඤ්ඤත්තිප්පකරණ
යමකප්පකරණ
පට්ඨානප්පකරණ

බුද්ධඝෝස හිමියන් විසින් කරනලද අටුවා රාශියට ආශ්‍රය කරගෙන ඇත්තේ මහාට්ඨකථා, මහාපච්චරියට්ඨකථා, කුරුන්දට්ඨකථා, සංඛේපට්ඨකථා, අන්‍ධකට්ඨකථා යන මේ හෙල අටුවා පසය. එයිනුත් මහාට්ඨකථාව විශේෂ වශයෙන් උපකාර කරගෙන ඇති බව පෙනේ.

මේවාද බලන්න

මූලාශ්‍ර

  • අත්තුඩාවේ ශ්‍රී රාහුල හිමි (2000). අට‍්ඨකථා සාහිත්‍යය හා අටුවා රසකතා. බෞද්ධ සංස්කාතික මධ්‍යස්ථානය. ISBN 955-8129-60-7.
  • බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අටුවා පරිවර්ථනයන්හී ප්‍රස්ථාවනාව.(කිරම විමලජෝති හිමි)

Tags:

අටුවා සූත්‍ර පිටකයඅටුවා විනය පිටකයඅටුවා අභිධර්ම පිටකයඅටුවා මේවාද බලන්නඅටුවා මූලාශ්‍රඅටුවාත්‍රිපිටකයථේරවාදපාලි

🔥 Trending searches on Wiki සිංහල:

රූපවාහිනියසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමකෙසෙල්සිවිල් නීතිය සහ පොදු නීතියකාව්‍යශේඛරයශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවප්‍රථමාධාරකුඩාපොළ හිමිස්නායු පද්ධතියයු‍රේනස්නිරවි යුද්ධයඑදිරිවීර සරච්චන්ද්‍රඅපද්‍රව්‍ය කළමනාකරණයසබරගමුව පළාතකොලෙස්ටරෝල්නිශ්ශංක මල්ල රජදුරකථනයශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවවැලිවිට සරණංකර හිමිලංකාවේ කැලෑ බළලුන්මිනිස් ලිංගික ක්‍රියාප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)ජේම්ස්, සෙබඩීගේ පුත්අභයගිරි විහාරයශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයචන්ද්‍රයාශාන්ත ජුසේ වාස් තුමාඅභිප්‍රේරණයදයානන්ද ගුණවර්ධනඅර්ථයවිධායක ඡනාධිපතිතවාන් පාලනයචලිතය පිළිබඳ නිව්ටන් නියමපාරමිතාශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදයනිල් අවරියශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවත්‍යාග (නීතිය)පියයුරු සංසර්ගයශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසයපළමුවන පරාක්‍රමබාහු රජහෙළයන්ගේ සම්ප්‍රදායික කැඳ වර්ගරත්න ශ්‍රී විජේසිංහතෙරේසා මවුතුමියමානව සංවර්ධන දර්ශකයවියපත් වීමකන්‍යා පටලයපස්වන පරාක්‍රමබාහු රජශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවභාෂාවඡායාරූපයශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලියඑස් පහ (5S) ක්‍රමයසුළඟයූටියුබ්මී ගසඅන්තර්ජාලයපුරාතන ග්‍රීසියමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියදස මහා යෝධයෝශ්‍රී ලංකා‍වේ බුදු පිළිම1000000000000 (number)අක්මාවක්ෂීර පථයශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන ලැයිස්තුවමාධ්‍ය නිදහසමාර්ටින් වික්‍රමසිංහබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්ශ්‍රී ලංකාවේ ඉපැරණි කලා නිර්මාණශ්‍රී ලංකාවේ රබර් වගාවරාවණා රජහික්කඩුවේ සුමංගල තෙරණුවෝනෙළුම්මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපයිතගරස් ප්‍රමේයය🡆 More