මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්

මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් යනු චිත්‍රක පරිශීලික අතුරුමුහුණත් වර්ගීකරණයට අයත් මෙහෙයුම් පද්ධති පරම්පරාවකි.

විශේෂයෙන් මුල දී IBM PC මාදිලියේ පරිගණක සමඟ ක්‍රියා කළ හැකි මෙහෙයුම් පද්ධති කාණ්ඩයක් ලෙස නිර්මාණය කරන ලැබූ අතර, පසුව විවිධ උපාංග තුළ ක්‍රියාත්මක කිරීමට හැකිවන ආකාරයට මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වැඩිදියුණු කරන ලදී. වර්තමානයේ සක්‍රීය තත්ත්වයේ ඇති වින්ඩෝස් මෙහෙයුම් පද්ධති පවුලේ සාමාජිකයන් වන්නේ Windows NT හා Windows Embedded සංස්කරණයන් වන අතර, එහි උප සාමාජික මෙහෙයුම් පද්ධති ලෙස Windows Embedded Compact (Windows CE) හා Windows Server ලෙස සංස්කරණ පවතී.

මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්
Wiki සිංහලවින්ඩෝස් logo
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්
නවතම වින්ඩෝස් නිකුතුව, වින්ඩෝස් 10, අතුරුමුහුණත පෙන්වමින්
විකාශකයාමයික්‍රොසොෆ්ට්
ලියන ලද්දේC, C++ සහ රැස්කිරීම් භාෂාව
OS පවුලවින්ඩෝස් 9x, වින්ඩෝස් CE සහ වින්ඩෝස් NT
Working stateපොදුවේ නිකුත් කරන ලදී
මූලාශ්‍ර ආකෘතියනිමවූ මූලාශ්‍ර / බෙදනලද මූලාශ්‍ර
Initial releaseනොවැම්බර් 20, 1985 (1985-11-20) (as වින්ඩෝස් 1.0)
අලෙවිකරණ ඉලක්කයපුද්ගලික පරිගණකකරණය
ලබා ගත හැක්කේබහු භාෂා
Update methodවින්ඩෝස් නවීකරණය
PlatformsARM, IA-32, x86-64, DEC Alpha, MIPS, PowerPC, Itanium
Kernel typeදෙමුහුන්
Default user interfaceචිත්‍රකරූපී (වින්ඩෝස් ගවේශකය)
Licenseහිමිකාර වාණිජ මෘදුකාංග
Official websitewindows.microsoft.com

මයික්‍රොසොෆ්ට් සමාගම ඔවුන්ගේ විධාන පේළි අතුරුමුහුණත් මෙහෙයුම් පද්ධතිය වන MS-DOS හි නව වැඩිදියුණු කිරීමක් ලෙස සිය ප්‍රථම චිත්‍රක පරිශිලික අතුරුමුහුණතක් සහිත මෙහෙයුම් පද්ධතිය 'Windows' යන නාමයෙන් 1985 වසරේ නොවැම්බර් මස 20 දා නිකුත් කරන ලදී. පසුකාලීනව මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති ලෝක වැඩතල (desktop) පරිගණක වෙළඳපොළ කොටස්වලින් 90% කට වැඩි ප්‍රමාණයක් අත්පත් කර ගන්නා ලදී. ඒ 1984 දී Apple Inc. සමාගම විසින් නිර්මිත Mac OS මෙහෙයුම් පද්ධතිය අත්පත් කර ගත් වෙළදපොළ කොටස් ප්‍රමාණයද අභිභවිමිනි.

මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හි නවතම සංස්කරණය වනුයේ ටැබ්ලට් පරිගණක, ස්මාට් ජංගම දුරකථන හා නිහිත පද්ධති (Embeded Systems) ඉලක්ක කරමින් 2015 ජූලි මාසයේ දී නිකුත් කරන ලද වින්ඩෝස් 10 සංස්කරණයයි.

පෙළපත

අලෙවිකරණය

මයික්‍රොසොෆ්ට් සමාගම සතුව වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය නියෝජනය කරන ලියාපදිංචි කළ වෙළද සන්නාම කිහිපයක් පවතී. එම එක් එක් සන්නාම පරිගණක කේෂ්ත්‍රයේ එක් එක් අංශයක් සඳහා ක්‍රියාත්මක වීමට විශේෂයෙන් සකසා ඇති අතර, 2014 වසර වන විට පහත නම් වලින් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ සාමාජිකයින් සම්බන්ධයෙන් මයික්‍රොසොෆ්ට් සමාගම විසින් වැඩිදියුණුකිරීම් කටයුතු සිදුකරයි.

  • Windows NT: Windows NT 3.1 මෙහෙයුම් පද්ධති සංස්කරණයෙන් ආරම්භ වූ මෙම මෙහෙයුම් පද්ධති පවුල සේවා පරිගණක (Server Computers) හා වැඩ නිකේතන පරිගණක (Workstations) සඳහා ඉදිරිපත් කර ඇත. වර්තමානයේ මෙහි උප කොටස් තුනක් පවතින අතර එම ත්‍රිත්වයෙන් මෙහෙයුම් පද්ධති සංස්කරණ එකම අවස්ථාවේදී බොහෝ විට වෙළදපොලට නිකුත් කරයි. මෙම සංස්කරණ සියල්ල පොදුවේ එකම කර්නලය (Kernel) මත පදනම් වී ඇත.
    • Windows: ප්‍රධාන ධාරාවේ පුද්ගල පරිගණක, ටැබ්ලට් පරිගණක හා ස්මාට් ජංගම දුරකථන සඳහා නිකුත් කර ඇති මෙහෙයුම් පද්ධති සංස්කරණයයි. මෙහි නවතම සංස්කරණය වින්ඩෝස් 10 (Windows 10) ය. Windows හි ප්‍රධාන වෙළදපොල තරඟකරුවා වන්නේ Apple Inc. සමාගමේ Mac OS මෙහෙයුම් පද්ධති පෙළයි.
    • Windows Server: සේවා පරිගණක සඳහා නිකුත් කරන ලද සංස්කරණයයි. මෙහි නවතම සංස්කරණය Windows Server 2016 ය. Linux මෙහෙයුම් පද්ධති පෙළ Windows Server හි ප්‍රධාන තරඟකරුවා වේ.
    • Windows PE: Windows හි සැහැල්ලු සංස්කරණයයි. මෙය සජීවි මෙහෙයුම් පද්ධතියක් (Live Operating System) ලෙස ක්‍රියාත්මක වීමට සකසා ඇත. එනම් දෘඩ තැටිය (Hard Disk) වැනි ද්විතියික ආචයන මාධ්‍යයක් (Secondary Storage) තුළ ස්ථාපනය කර ක්‍රියා කරවීමට අවශ්‍ය නොවන සංස්කරණයකි.පරිගණක ආශ්‍රිතව නැවත යථා තත්ත්වයට පත් කිරීම (Recovery) සහ ගැටලු නිරාකරණ කටයුතු (Troubleshooting) සඳහා භාවිතයට සකස් කර ඇත. මෙහි නවතම සංස්කරණය Windows PE 10.0.10586.0 වේ.
  • Windows IoT (කළින් Windows Embedded) : මුල් කාලයේදී මයික්‍රොසොෆ්ට් සමාගම සාමාන්‍ය භාවිතය සඳහා තැනු, අඩු පහසුකම් සහිත පරිගණක-වැනි උපාංග ඉලක්ක කර ගනිමින් Windows CE මෙහෙයුම් පද්ධතියක් දියුණු කරන ලදී. පසුකාලීනව මෙය Windows Embedded Compact ලෙස Windows Embedded Industry, Windows Embedded Professional, Windows Embedded Standard, Windows Embedded Handheld, Windows Embedded Automotive යන සංස්කරණ ඇතුලත් Windows Compact වෙළද නාමය යටතේ බෙදාහරින ලදී.

සංස්කරණ

කලින් සංස්කරණ

ගොනුව:Windows1.0.png
වින්ඩෝස් 1.0, පලමු සංස්කරණය, 1985 දී නිකුත් කරන ලදී

මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හි ඉතිහාසය 1981 සැප්තැම්බර් මස වන තෙක් දිගහැරේ. චේස් බිෂොප් (Chase Bishop) නම් පරිගණක විද්‍යාඥයා විසින් ඉලෙක්ට්‍රොනික උපාංගයක් සඳහා අතුරුමුහුණත් කළමනාකරණ (Interface Manager) ආකෘතියක් නිර්මාණය කිරීමට මුල පුරන ලදී. ඒ අනුව 1983 නොවැම්බර් මස (ඇපල් ලීසා [Apple Lisa] පරිගණකය හදුන්වාදීමෙන් පසු හා Macintosh පරිගණකය හදුන්වාදීමට පෙර අතර කාලය තුළ) මෙම අතුරුමුහුණත් කළමනාකරණ ආකෘතිය 'Windows' යන නාමය යටතේ හදුන්වාදෙන ලදී. නමුත් වින්ඩෝස් 1.0 (Windows 1.0) 1985 නොවැම්බර් මාසය වන තෙක් නිකුත් නොකරන ලදී. වින්ඩෝස් 1.0, Apple සමාගමේ මෙහෙයුම් පද්ධතිය සේම සාර්ථක වුවද එය එතරම් ජනයා අතර ප්‍රචලිත නොවීය. වින්ඩෝස් 1.0 පරිපුර්ණ මෙහෙයුම් පද්ධතියක් නොවීය. එය MS-DOS හි වැඩිදියුණු කළ දිගුවක් විය. වින්ඩෝස් 1.0 හි අතුරුමුහුණත් වැඩසටහන 'MS-DOS Executive' ලෙස හැදින්වූ අතර, විශේෂාංග ලෙස Calculator, Calendar, Cardfile, Clipboard viewer, Clock, Control Panel, Notepad, Paint, Terminal, Write හා Reversi පරිගණක ක්‍රීඩාව ඇතුලත් විය.

වින්ඩෝස් 1.0 හිදී කවුළු (windows) එක මත එක දර්ශනය වන ආකාරයට පෙන්නුම් නොකරන අතර, ඒවා ඵලක ආකාරයට (tiles) කවුළු දර්ශනය වේ.

වින්ඩෝස් 2.0 (Windows 2.0) 1987 දෙසැම්බර් මස නිකුත් කරන ලද අතර, එය පෙර මෙහෙයුම් පද්ධතියට වැඩ බෙහෙවින් ජනප්‍රිය විය. මෙම නිකුතුව පරිශීලක අතුරුමුහුණතේ තවත් වැඩිදියුණු කිරීම් වලින් හා පරිගණක මතක කළමනාකරණ හැකියාවෙන්ද යුක්ත විය. වින්ඩෝස් 2.03 (Windows 2.03) සංස්කරණය කවුළු එක මත එක දිස්වන සේ දර්ශනය කිරීමට හැකියාවෙන් යුතුව නිකුත් කළ අතර එම නවීකරණය හේතුවෙන් Apple සමාගම මයික්‍රොසොෆ්ට් සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න ලදී. ඒ ප්‍රකාශන හිමිකම් අයිතීන් මයික්‍රොසොෆ්ට් සමාගම විසින් උල්ලංඝනය කරන ලද්දේ යැයි සලකමිනි. වින්ඩෝස් 2.0 හිදී වැඩිදියුණු කළ යතුරුපුවරු කෙටිමං (Keyboard Shortcuts) හා ප්‍රසාරිත මතකයන් (Expanded Memory) භාවිත කිරීමේ හැකියාව ලබාදුනි.

වින්ඩෝස් 2.1 නිකුතුව සංස්කරණ දෙකකින් වෙළදපොලට නිකුත්කරන ලදී. ඒ 'වින්ඩෝස්‌/286' (Windows/286) හා 'වින්ඩෝස්‌/386' (Windows/386) ලෙසය. Windows/286 සංස්කරණය ඉන්ටෙල් 80386 (Intel 80386) සඳහා නිර්මාණය කල අතත්‍ය (Virtualization) යෙදවුමක් (Virtual 8086 mode) වූ අතර Windows/286 සංස්කරණය ඉන්ටෙල් 8086 (Intel 8086) හා ඉන්ටෙල් 80286 (Intel 80286) ක්ෂුද්‍ර සකසන තුළ ක්‍රියාකිරීම සඳහා නිර්මාණය කර ඇත.

මීට අමතරව පූර්ණ වින්ඩෝස් පැකේජයන්ට අමතරව තෙවන-පාර්ශව විසින් නිකුත් කළ ධාවන කාලයදී ක්‍රියා කිරීමට සැකසු වින්ඩෝස් සංස්කරණයන් ද පෙර වින්ඩෝස් මෘදුකාංග සමඟ බෙදාහරින ලද අතර ඒ නිසා එම වින්ඩෝස් මෘදුකාංග සම්පුර්ණ වින්ඩෝස් විශේෂාංග කට්ටලය රහිතව වුවත් 'MS-DOS' පද්ධතිය තුළදී ක්‍රියාත්මකවීමට අවස්ථාව ලැබිණි.

මුල් වින්ඩෝස් සංස්කරණ බොහෝ තැන්වලදී මෙහෙයුම් පද්ධතියකට වඩා එය චිත්‍රක කවචයක් (graphical shell) ලෙස හදුන්වනු ලබයි. ඒ MS-DOS පද්ධතිය මත ක්‍රියාකරන්නක් වූ බැවිණි. කෙසේවෙතත් ක්‍රියාකරවිය හැකි ගොනු ආකෘති (executable file format) ඇතුලත් වීම මෙන්ම යතුරුපුවරුව, මූසිකය, මුද්‍රණ යන්ත්‍ර, චිත්‍රණ, ශබ්ද හා ටයිමර (timer) වැනි උපාංග සඳහා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ධාවක (device drivers) සැපයීමට ඇති හැකියාව වැනි කරුණු නිසා මෙහෙයුම් පද්ධතියක් ලෙස සලකනු ලබයි. තවද MS-DOS පද්ධතිය සතු නොවන බහුකාර්ය ලෙස චිත්‍රක යෙදවුම් ක්‍රියාත්මක කරවීමේ හැකියාව පවතී.

වින්ඩෝස් 3.0 සහ 3.1

ගොනුව:Windows 3.0 workspace.png
වින්ඩෝස් 3.0, 1990 දී නිකුත් කරන ලදී

වින්ඩෝස් 95, 98, සහ Me

ගොනුව:Am Windows95 desktop.png
වින්ඩෝස් 95, 1995 දී නිකුත් කරන ලදී

වින්ඩෝස් NT පවුල

64-bit මෙහෙයුම් පද්ධති

වින්ඩෝස් CE

ගොනුව:WindowsCE7.png
නවතම සහ නැගී එන වින්ඩෝස් CE වල සංස්කරණය, වින්ඩෝස් එබ්බූ සංක්ෂිප්ත 7, මාධ්‍ය ධාවකයේ UI කුමක් වියහැකිදැයි පෙන්වමින්.
ගොනුව:Wince50.PNG
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් CE 5.0

වින්ඩෝස් වල අනාගතය

ඉතිහාසය

මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් 
වින්ඩෝස් පවුල් වෘක්ෂය.

නිකුත් කිරීම් කාලපෙළ

වින්ඩෝස් කාලපෙළ
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්

හුවමාරු භාවිතය

මූලාශ්‍රය Net Market Share W3Counter Global Stats StatOwl W3Schools
දිනය පෙබරවාරි 2011 පෙබරවාරි 2011 පෙබරවාරි 2011 පෙබරවාරි 2011 පෙබරවාරි 2011
සියලුම සංස්කරණ 89.68% 83.63% 91.53% 86.93% 85.9%
වින්ඩෝස් එක්ස්පී 55.09% 41.47% 48% 40.89% 44.2%
වින්ඩෝස් 7 23.08% 28.27% 29.12% 26.73% 32.2%
වින්ඩෝස් විස්ටා 11.01% 13.52% 14.41% 17.91% 8.3%
වින්ඩෝස් සර්වර් 2003 0.19% 1.17% 1%
වින්ඩෝස් 2000 0.26% 0.18% 0.23% 0.2%
වින්ඩෝස් NT 0.19%
වින්ඩෝස් 98 0.03%
වින්ඩෝස් CE 0.02%

ආරක්ෂාව

අනුකරණ මෘදුකාංග

මේවාද බලන්න

විමර්ශන

බාහිර සැබැදි

Tags:

මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් පෙළපතමයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සංස්කරණමයික්‍රොසොෆ්ට් වින්ඩෝස් ඉතිහාසයමයික්‍රොසොෆ්ට් වින්ඩෝස් නිකුත් කිරීම් කාලපෙළමයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හුවමාරු භාවිතයමයික්‍රොසොෆ්ට් වින්ඩෝස් ආරක්ෂාවමයික්‍රොසොෆ්ට් වින්ඩෝස් අනුකරණ මෘදුකාංගමයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මේවාද බලන්නමයික්‍රොසොෆ්ට් වින්ඩෝස් විමර්ශනමයික්‍රොසොෆ්ට් වින්ඩෝස් බාහිර සැබැදිමයික්‍රොසොෆ්ට් වින්ඩෝස්

🔥 Trending searches on Wiki සිංහල:

ගුත්තිල කාව්‍යයඅනුරාධපුර යුගයශ්‍රී ලංකාවේ දියඇලිශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවලියෝ ටෝල්ස්ටෝයියශෝදරාකෙලවල්ලාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාසෙම්ප්‍රතිශ්‍යාවයුරෝපයේ ජාතික රාජ්‍යඅන්තර්ජාලයකොළඹ විශ්වවිද්‍යාලයමාධ්‍ය නිදහසදිවුල්හික්කඩුවේ සුමංගල තෙරණුවෝපංච කල්‍යාණකර්ම (බුදු දහම අනුව)රටයකුමසිංහල හින්දු අලුත් අවුරුද්දමහනුවර යුගයේ සිතුවම් කලාවශ්‍රී ලංකා නාවික හමුදාවග්‍රාම නිලධාරීදෙවන පරාක්‍රමබාහු රජපතොක්මණ්ඩලගිරියදේශපාලන විද්‍යාවහින්නෝන්මාදයගූගල් පරිවර්තකයපෘතුගීසි ලංකාවශ්‍රී ලංකාවේ ආර්ථිකයවිලාසිතාමහා පත්තිනි දේවාලය, නවගමුවශ්‍රී ලංකාවේ පොල් වගාව හා ආශ්‍රිත කර්මාන්තහෘද සාක්ෂියරෝම ලන්දේසි නිතියමෛත්‍රී බුදුරජාණන් වහන්සේඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයහින්දු ධර්මයජයමංගල ගාථාලිංගික සංසර්ගයසිකුරු ග්‍රහලොවබක් පුර සතවකකලාවඋගුඩුවාJalani premadasaලෝක ජනගහනයනොබෙල් ත්‍යාගයවැහි ලිහිණියාතැලසීමියාවකෝපිවිමලරත්න කුමාරගමකඩවතපින්නවල අලි අනාථාගාරයමාලිමාවතිස්ස වැව (අනුරාධපුරය)බුදුගුණ අලංකාරයවෘෂණ කෝෂයසෙනරත් පරණවිතානරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවනියුමෝනියාවලෝකයේ ආගම් සහ අධ්‍යාත්මික සම්ප්‍රදායන්මානව අයිතිවාසිකම් 1945 ට පෙර හා පසුවැව්සිංහල අක්ෂර වින්‍යාසයරුසියාවඅනුරාධපුර ජේතවනාරාමයE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගය අනූව දුම්රිය ස්ථාන ලැයිස්තුවජර්මනියලන්දේසි ලංකාවදියවැඩියාවෙහි රෝග ලක්ෂණමහාසේන රජලාඕසයකැලණියඋරුලෑවාඇල්බට්‍ අයින්ස්ටයින්🡆 More