නව වසර

නව වසර යනු නව ලිත් වර්ෂයක් ඇරඹීම සනිටුහන් කරන දිනය වන අතර, කිසියම් විශේෂිත දින දසුනක භාවිත වන වර්ෂ ගණනය වර්ධනය වන දිනයද වෙයි.

බොහෝ සංස්කෘතීන්හී, මෙම අවස්ථාව කිසියම් ආකාරයකට උත්සවශ්‍රීයෙන් සැමරෙයි.

වත්මන ලොව පුරා භාවිත වන්නාවූ ග්‍රෙගෝරියානු දින දසුනෙහි නව වසර, රෝමානු දින දසුනෙහි පරිචයම අනුගමනය කරමින් ජනවාරි 1 දින සැමරෙයි. නව වසරෙහි ආගමනය ස්වීය අයුරින් ගණනය කරන්නාවූ හා ප්‍රාදේශීය ලෙසින් භාවිතා වන්නාවූ විවිධ දින දසුන් බොහෝමයක් පවතියි.

ග්‍රෙගෝරියානු දින දසුන

ග්‍රෙගෝරියානු දින දසුන භාවිතා කරන රටවල, සාමාන්‍ය වශයෙන් නව වසර දිනය සමරනු ලබන්නේ ජනවාරි 1 දිනදීය.

ප්ලුටාච් සහ මක්‍රොබියස් ට අනුව ක්‍රිපූ 700 දී පමණ නුමා පොම්පිලියස් රජගේ කාලයේදී සිට රෝමානු දින දසුනේ මාස පිළිවෙල ජනවාරි සිට දෙසැම්බර දක්වා විය. ක්‍රිස්තියානි චාරිත්‍රය අනුව, ජනවාරි 1 දින වන්නේ ජේසුස්වහන්සේගේ චර්මඡේදනය (උපතින් දින අටක් ගෙවුනු දින) දිනය වන අතර, එදිනදී එතුමාට ජේසුස් යන නම දෙන ලදි (ලූක් 2: 21). එතැන් පටන්, ජනවාරි1 දින වසරෙහි පළමු දිනය වූ අතර, මෙයින් බැහැර වුනේ මධ්‍යතන යුගවලදී වෙනත් දින කිහිපයක් පළමු දින වූ විට (මාර්තු1, මාර්තු 25, පාස්කු, සැප්තැම්බර් 1, දෙසැම්බර් 25) පමණි.[උපහරණ ඇවැසිය]

විසිවන සියවසෙහිදී බටහිර සංස්කෘතිය ලොව අනෙකුත් ප්‍රදේශයන්ට පැතිරීමත් සමගම, ජනවාරි 1 දින භාවිතය ගෝලීය සම්මතයක් බවට පත්වුනේ, වෙනත් දිනවලදී ස්වීය නව වසර උත්සව පවත්නා රටවල පවා (නිද., චීනය සහ ඉන්දියාව) භාවිතයට පත්වෙමිනි.

වර්තමානයේදී, නව වසර සැමරීම ලොව පුරා ප්‍රධාන උත්සවාංගයකි. නව වසරෙහි උදාව (දෙසැම්බර් 31) සමගම බොහෝ විශාල ගිණිකෙලි උත්සව හා සමගින් බොහෝ මහා-පරිමාණ උත්සවාංග ලොව පුරා ප්‍රධාන නගරයන්හී පැවැත්වෙයි.

නව වසර 
ග්‍රෙගෝරියානු නව වසර උත්සව 2006දී නිව්-යෝර්ක් නගරයෙහි පැවැත්වුනු අයුරු.

මධයම රාත්‍රියේදී, මිලියන එකහමාරකට වැඩි ජනකායක් ඉදිරිපිට, 80,000 කට වැඩි ගිණිකෙලි ප්‍රමාණයක් සිඩ්නි නගරයෙහිදී දල්වනලදි; 2009දී ලොව පුරා ‍රූපවාහිනී නාලිකා ඔස්සේ වඩාත්-නැරඹුනු ප්‍රචලිත උත්සවාංගයද වූයේ මෙයයි. වල්පරයිසෝ හිදී ස්වභාවික පසුතලයක සිට එළිදැක්වුනු විශාලතම ගිණිකෙලි සන්දර්ශනය නැරඹීමට දෙමිලියනයකට අධික ආගන්තුක පිරිසක් වරම් ලැබූහ; මෙය සමන්විත වූයේ වල්පරයිසෝ වාණිජ වරාය නගරයෙහි සිට කොන්කොන්, චිලි දක්වා මුහුදුබොක්කේ, මුළුමනින් කිලෝමීටර 21 කට වඩා වැඩි දුර ප්‍රමාණයක් තුල, විනාඩි 25 ක් තුල පැවැති ගිණිකෙලි සංදර්ශන වලිනි.

ආශ්‍රිත

Tags:

සංස්කෘතිය

🔥 Trending searches on Wiki සිංහල:

පියයුරු සංසර්ගයශ්‍රී ලංකා රුපියලනායකත්වයදෙවැනි උඩරට යුද්ධය සහ උඩරට ගිවිසුමඑස්‌. මහින්ද හිමිඇම්බැක්කේ දේවාලයවේදනවයොවුන් ලිංගිකත්වයගූගල්පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයඉන්දියාවේ ඉතිහාසයතෙල්ලෝකයේ රටවල්ශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරවියපත් වීමශ්‍රී ලංකාවේ ආර්ථිකයමහජන කොටස් ආරම්භක නිකුතුවසිංහල සාහිත්‍යයපොල්රනිල් වික්‍රමසිංහපාෂාණආදිවාසීන්එඩිෂම් බංගලාවජේතවනාරාමය, අනුරාධපුරඋන්මාද චිත්‍රාතුන් සිංහලේමුදල්පෙර පාසල්පුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයත්‍යාග (නීතිය)සාර ධර්මක්‍රි.ව.1818 පළමු නිදහස් සටනවිල්හෙල්ම් වුන්ඩ්කුණකටුවාමොනරාදඹුල්ල රජමහා විහාරයලෝක මහා බලවතාලියෝ ටෝල්ස්ටෝයිරාශි චක්‍රයශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදයපුනරුදයමහියංගනයදාගැබ්වෙසක් උත්සවයශ්‍රී ලංකා පොලිස් සේවයත්‍රිශික්‍ෂාකන්‍යාභාවයරුහුණු කතරගම දේවාලයරූත් බෙනඩික්ට්ඩඩ්ලි සේනානායකගස්ලබුආටානාටිය සූත්‍රයසීගිරි බිතු සිතුවම්සතරවරම් දෙවිවරුහෝර්ටන් තැන්න ජාතික උද්‍යානයදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයකැරම්ජංගම දුරකථනබස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාස්වාභාවික උපද්‍රවසුදු කොඩි නඩුවසීතාවක රාජධානියසිංහල පදජේසුස් වහන්සේශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගය අනූව දුම්රිය ස්ථාන ලැයිස්තුවශිව තාණ්ඩවයසෙම්ප්‍රතිශ්‍යාවහයිඩ්‍රජන්කොරියානු භාෂාවකොබෝලීල (Bauhinia)ධනවාදයමතුගමමනෝවිද්‍යාවපාචනයඕමි🡆 More