නත්තල් පෙරරැය

නත්තල් පෙරරැය යනු, ලොව පුරා පුළුල් ලෙසින් සැමරෙන වාර්ෂික නිවාඩු දිනයක් වන නත්තල් දිනයට පෙර, සම්පූර්ණ දිනය හෝ සැඳෑව හෝ වෙයි.

බටහිර ක්‍රිස්තියානි සභාවෙහි එය සැමරෙන්නේ දෙසැම්බර් 24 දිනදී වන අතර, නත්තල් දිනය බලාපොරොත්තුවෙන් සම්පූර්ණ හෝ භාගික හෝ නිවාඩු දිනයක් ලෙසින් ක්‍රිස්තියානි ලෝකයේ සහ බටහිර ලෝකයේ පුළුල් ලෙසින් සැමරෙන එය, ඉතා වැදගත් සංස්කෘතික උත්සවයන්ගෙන් එකක් ලෙසින් සැලකෙයි.

නත්තල් පෙරරැය
නත්තල් පෙරරැය
1904–05 කාලයෙහි කාල් ලාසන් විසින් නිර්මිත දියසායම් සිත්තමක් වූ ජූලෆ්ටන් (නත්තලට පෙරරැය),
Also calledනත්තල් සැඳෑව,
නත්තල් බලාපොරොත්තුව,
නත්තල් උදාව,
නත්තලට පෙර රාත්‍රිය
Observed byකිතුනුවන්,
බොහෝ අන්‍යාගමිකයින්
Typeක්‍රිස්තියානි, සංස්කෘතික
Significanceජේසුස් වහන්සේගේ උපන්දිනයට පෙරාතුව දිනය හෝ සන්ධ්‍යාව
Observancesතෑගි සඳහා සාප්පු යෑම, තෑගි දීම, නිවාඩු දින සුබ පැතීම, මැදියම් රැය දේව මෙහෙය, අනෙකුත් දේවස්ථාන මෙහෙයයන්, ආහාර ගැනුම, නත්තල් තෑගි රැගෙන එන්නන් පැමිණීම සඳහා සූදානම් වීම, නත්තල සඳහා සූදානම් වීම
Dateදෙසැම්බර් 24 (විකල්ප වශයෙන් ජනවාරි 6 or 18)
Frequencyවාර්ෂික
Related toනත්තල් දිනය, නත්තල් සමය

නත්තලට පෙර දින උත්සව සැමරීමට එක් හේතුවක් වන්නේ, සාම්ප්‍රදායික ක්‍රිස්තියානි ජනවන්දනාමය දිනය ඇරඹෙන්නේ ඉරුබැසීමත් සමග බැවින් වන අතර, මෙම සංකල්පය යුදෙව් සම්ප්‍රදායයෙන් ලැබූ දායාදයකි. මෙම ප්‍රගුණනය පදනම්ව ඇත්තේ උප්පත්ති පොතෙහි මැවීමේ කතාන්තරයෙහි: "සවස ගතවිය, උදය උදාවිය, ඒ පළමු වන දවසය " යන්න සමගිනි. නැගෙනහිර සම්ප්‍රදායයෙහිදී වසර පුරා සියළුම මංගල්‍යය දිනයන් සඳහා ජනවන්දනාමය දිනය අරභයා මෙම ආකෘතිය භාවිතා කරන අතර සාමාන්‍යයෙන් ජනවන්දනාමය දිනය මධ්‍යම රාත්‍රියෙහි ඇරඹෙන බටහිර සම්ප්‍රදායයෙහි, මෙය නත්තල (මෙන්ම ඉරිදා දිනයන් සහ අනෙකුත් ප්‍රධාන උත්සව) සඳහා පවත්වාගෙන යනු ලැබෙයි. නිවාඩු දිනයට පෙර සන්ධ්‍යාවේ බොහෝ දේවස්ථානවල දේවස්ථාන සීනු නාද කරන අතර යාච්ඤා සිදු කරනු ලැබේ; නිදසුනක් වශයෙන්, ස්කැන්ඩිනේවියානු (ලූතරානු) දේවස්ථාන. ස්කැන්ඩිනේවියානු වැනි සමහරක් භාෂා වලින්, නත්තලට පෙර දිනට ව්‍යවහාර වන්නේ "නත්තල් සන්ධ්‍යාව" යන නමය.

ක්‍රිස්තියානු සම්ප්‍රදායය අනුව ජේසුස් වහන්සේ උපන්නේ රාත්‍රියේ බැව් සැලකෙන හෙයින් ( ලූක් 2:6-8 පදනම් කොට ගෙන), නත්තලට පෙර දිනයේදී මධ්‍යම රාත්‍රි මෙහෙයය, සාම්ප්‍රදායික ලෙසින් මධ්‍යම රාත්‍රියේදී, පැවැත්වෙන්නේ උන්වහන්සේගේ උපත සිහිකිරීම සඳහාය. ජේසුස් වහන්සේ රාත්‍රියේ උපත ලද බවට සංකල්පය හුවා දැක්වෙන්නේ, ජර්මානු භාෂාවෙන් නත්තලට පෙර දිනය "හයිලිගේ නාට්" ("ශුද්ධවූ රාත්‍රිය") ලෙසින් හැඳින්වීමෙන්ද, ස්පාඤ්ඤ භාෂාවෙන් "නොචෙවුයෙනා" ("සුභ රාත්‍රිය") ලෙසින් හැඳින්වීමෙන් සහ, "සයිලන්ට් නයිට්,ඕ හෝලි නයිට්" ගීතය වැනි අනෙකුත් නත්තල් අධ්‍යාත්මික ප්‍රකාශයන් වෙතින් වෙති.

මූලාශ්‍ර

Tags:

නත්තල

🔥 Trending searches on Wiki සිංහල:

තනි වචන (සිංහල භාෂාව)සෝවාන්උසස් පෙළ දේශපාලන විද්‍යාවපින්නවල අලි අනාථාගාරයහික්කඩුවේ සුමංගල තෙරණුවෝදේශපාලන විද්‍යාවඅනුරාධපුර රාජධානියශ්‍රී ලංකා‍ අලියාක්‍රීඩාලෝවැඩ සඟරාවක්‍රිස්තියානි ආගමඅකුණුමහවැලි ගඟකුට්ටම් පොකුණශ්‍රී ලංකාවේ මැණික්අභිධර්මයදකුණු සහ අග්නිදිග ආසියානු අලුත් අවුරුද්දගැට බෙරයඒකාවේරියශ්‍රී ලංකාවේ සර්ප නාමාවලියසුසන්තිකා ජයසිංහකුඹුක්සිංහල නිපාත පදඑළාර රජජලගැල්මතෝමස් අල්වා එඩිසන්විජය රජකර්ම (බුදු දහම අනුව)අතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තසේල චේතියශිව දෙවියන්කෘෂි කර්මාන්තයඅනුරාධපුර යුගයවිද්‍යාව හා තාක්ෂණය දියුණු කිරීමධර්මදූත ලූක් තුමාකෙසෙල්නේටෝතෛපොංගල්ඇඩොල්ෆ් හිට්ලර්බස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකාබිලාවල් රාගයමොරගහකන්ද වේල්ලශ්‍රී ලංකාවේ දියඇලිසිංහල අක්ෂර මාලාවහින්නෝන්මාදයකොට්ටම්බාලිංගාශ්‍රිත රෝගරාමායණයඋපත් පාලන කොපුබුධඉස්ලාම්චීනයමහා කාශ්‍යප රහතන් වහන්සේදෙමලිච්ච්චානාගදීපයබුද්ධ ප්‍රතිමාජන කවික්‍රි.ව.1818 පළමු නිදහස් සටනක්ෂණික මෝචනයශුද්ධවූ ලූක් තුමාගේ සුභාරංචියසාංචියහෝමෝ හැබිලිස්මොණරවිල කැප්පෙටිපොළශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයසිංහල භාෂාවජෝන් ලොගී බෙයාඩ්රෝසශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)උපසර්ගමාරි කියුරික්ෂුද්‍ර ජීවීන්සිංහල සාහිත්‍යයශ්‍රී ලංකාවේ ශිලා ලිපිවිර පුරන් අප්පුලිංගික සංසර්ගයඩෝසන් කුළුණමුතියංගන චෛත්‍යයමහාවංශය🡆 More