විකිපීඩියා

විකිපීඩියා (/En-uk-Wiki සිංහල.oggˌwɪkɪˈpiːdi.ə/ or /en-us-Wiki සිංහල.oggˌwɪkiˈpiːdi.ə/ WIK-i-PEE-dee-ə) යනු විවිධ භාෂා වලින් ලියැවුණු, අන්තර්ජාලය පාදක කරගත් නිදහස් විශ්වකෝෂයකි.

ස්වෙච්ඡා රචකයින්ගේ සහ-සහයෝගයෙන් යුතුව, වෙනත් ඕනෑම අයෙකුට වෙබ් බ්‍රව්සරයක් හරහා සංස්කරණය කළ හැකි පරිදි විකිපීඩියා ලිපි ලියවේ. 2001 ඡනචාරි 15 දින මෙම විශ්වකෝෂය ආරම්හ කළේ විශේෂඥයන් විසින් සකසන Nupediaව ඌන පූර්ණය කිරීමටයී. මෙය පවත්වාගෙන යන්නේ ලාහ-නොපතන ආයතනයක් වන විකිමීඩියා පදනම මගිනි. අන්තර්ජාතික භාෂාවක් වන ඉංග්‍රීසි භාෂාවෙන් සැකසුනු ලිපි 3,800,000 පමණ ඇතුළුව, සිංහල මෙන්ම තවත් විවිධ භාෂා ගණනකින් සැදුම්ලත් ලිපි 5,000,000 ත් වඩා විකිපීඩියාවෙහි අන්තර්ගතය. ආරම්භයෙහි පටන්ම එහි ජනප්‍රියතාවයෙහි, [1] ස්ථාවර වර්ධනයක් රඳවාගත් විකිපීඩියාව එම සාර්ථකත්වය තවත් සහෝදර ව්‍යාපෘති ගණනාවක් දියත් කිරිම දක්වා ව්‍යාප්ත කළේය

විකිපීඩියා
A white sphere made of large jigsaw pieces, with letters from several alphabets shown on the pieces
Wikipedia wordmark
විකිපීඩියාවේ ලාංඡනය, ලේඛන ක්‍රම කිහිපයක් වෙතින් ගත්, ඒවා බොහෝමයක අදහස, W යන අක්ෂරය හෝ "වි" යන ශබ්දය හෝ වන, කැටරූ විදහා දක්වන ගෝලයකි.
Screenshot
Main page of the English Wiki විකිපීඩියා
ඉංග්‍රීසි විකිපීඩියාවේ මුල් පිටුව
URLwikipedia.org
උද්‍යෝග පාඨයද ෆ්‍රී එන්සයික්ලෝෆීඩියා දැට් එනිවන් කැන් එඩිට්
වාණිජ?නැත
අඩවි වර්ගයඅන්තර්ජාල විශ්වකෝෂය
ලියාපදිංචියබෙහෙවින් වෛකල්පික
අඩංගුභාෂා(ව)287 අනුවාද
අන්තර්ගත වරපතසීසී ඇට්‍රිබියුෂන් / ෂෙයාර්-අලයික් 3.0
බොහෝ පෙළ, GFDL යටතේ ද්විත්ව-වරපත් දරයි; මාධ්‍ය වරපත්කරණය වෙනස් වෙයි.
අයිතිකරුවිකිමාධ්‍ය පදනම
නිර්මාණය කරනලද්දේජිමී වේල්ස්, ලැරී සැංගර්
ඇරඹූයේජනවාරි 15, 2001 (2001-01-15)
Alexa rankSteady 7
හෝ 6
(මාර්තු 2015)
දැනට තත්‍වයසක්‍රීය

විකිපීඩියාව විවේචනාත්මකවත්, නිදහස් අන්තර්ගතය හා නිදහස් ස්වභාවය නිසා තවත් විටක ප්‍රශංසාත්මකවත්, ජනමාධ්‍ය හා විද්වත් ප්‍රජාව විසින් නිතර ම පාහේ සඳහන් කරනු ලැබේ. විකිපීඩියාව සංස්කාරකවරුන්ට මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට අනුබල දෙනු ලැබේ. එහි දී කිසිවක් පරමාර්ථ සත්‍යය වශයෙන් හුවා නො දක්වා, යථා දර්ශනයන් වශයෙන් පිළිගනු ලබන සියල්ල සාරාංශ ගත කෙරෙනු ලැබේ. නමුත් විකිපීඩියාව මූලාශ සඳහනක් වශයෙන් භාවිත කිරීම විවාදාසම්පන්න ය​. කවර හෙයින් ද යත්, එය ඕනෑ ම අයෙකුට සංස්කරණය කළ හැකි නිසා, කඩාකප්පල්කාරී ක්‍රියා, සාවද්‍ය තොරතුරු, අසංගත බව​, නිවරද්‍යතාවය ඔප්පු නො කළ මත වාද යනාදිය ඇතුළත් විය හැකි වන බැවිනි.

භාෂා 200 කට අධික ප්‍රමාණයකින් විකිපීඩියා සංස්කරණ පවතී. එයින් සංස්කරණ 100 ක් පමණ ක්‍රියාකාරී ඒවා ය​. ලිපි 50,000 කට වඩා පවතින සංස්කරණයන් ගණන එකොළසකි. (එම සංස්කරණයන්: ඉංග්‍රීසි, ජර්මන්, ප්‍රංශ​, ජපන්, පෝලන්ත​, ඉතාලි, ස්වීඩන්, ලන්දේසි, පෘතුගීසි, ස්පාඤ්ඤ හා චීන ය​.)

සුවිශේෂ ලක්ෂණ

විකිපීඩියා 
ව්‍යාපෘතියේ විශාලත ම භාෂා සංස්කරණයන් පෙන්වන​, විකීපිඩියාවේ බහු භාෂා පිවිසුම​ http://www.wikipedia.org.

"සැමට දායක විය හැකි නිදහස් විශ්වකෝෂය" යන්න විකිපීඩියාවේ උදාන වැකිය යි.

"පෘථිවිය මත ජීවත් වන සෑම අයෙකුට ම ස්ව භාෂාවෙන්, ලබා ගත හැකිත්, දායක විය හැකිත්, හැකි උපරිමයෙන් උසස් බවින් යුතු වූත් නිදහස් විශ්වකෝෂයක් නිර්මාණය කිරීම හා බෙදා හැරීම"[2] යනු වශයෙන්, මෙම විශ්වකෝෂ ව්‍යාපෘතියේ ආරම්භකයා වන ජිමී වේල්ස් (Jimmy Wales) ව්‍යාපෘතියේ අරමුණු පැහැදිලි කරයි. විකිපීඩියාව බ්‍රිටැනිකාව තරමට හෝ ඊට්ත් වඩා ගුණාත්මක බවින් දියුණු කොට මුද්‍රණයෙන් එළි දැක්වීම ජිමී වේල්ස් ගේ අභිප්‍රාය යි.

විකිපීඩියාව wikipedia.org යන වෙබ් අඩවිය තුළ " විකි" (wiki) නම් මෘදුකාංග වර්ගයක් උපයෝගි කර ගනිමින් වර්ධනය කරනු ලැබේ. මෙම විකි යන යෙදුම භාවිත වූයේ විකිවිකිවෙබ් (WikiWikiWeb) යන්න සඳහා ය​. විකි විකි යනු "ඉක්මන්" යන අරුත දෙන හවායි වදනකි.

වෙනත් අන්තර්ජාල විශ්වකෝෂ ව්‍යාපෘති කිහිපයක් ද පවති. ඇතැම් ඒවා මේ වන විට අක්‍රීයව පවති. මෙම ඇතැම් ව්‍යාපෘති, සංස්කරණ හා හිමිකම් පිළිබඳ සාම්ප්‍රදායික ප්‍රතිපත්ති අනුගමනය කරනු ලබයි. විශේෂඥයන් විසින් ලියනු ලබන දර්ශනය ගැන ස්ටැන්ෆර්ඩ් විශ්වකෝෂය (Stanford Encyclopedia of Philosophy) හා දැනට​ අක්‍රීයව පවතින න්‍යුපීඩියාව (Nupedia) එවැන්නන් ය​. තනි පුද්ගලයන් විසින් පවත්වාගෙන යන ලිපි වලින් සමන්විත h2g2, Everything2 වැනි වෙබ් අඩවි අවධිමත් ලෙස, තොරතුරු සොයන්නන්ට මග පෙන්වයි. විකිපීඩියාව​, Susning.nu, එන්සික්ලොපීඩියා ලිබ්‍රෙ (Enciclopedia Libre) විකි විශ්වකෝෂ ව්‍යාපෘති වන අතර කතුවරු විශාල ගණනක් එහි අන්තර්ගතයන් සම්පාදනය කරති; සංවර්ධනය කරති. ඒවා සංශෝධනය කිරීමේ දී පිළිගත් ක්‍රමවේදයක් නැත​. ලිපි ගණන අතිනුත්, අන්තර්ගත වචන සංඛ්‍යාව අතිනුත්, විකි විශ්වකෝෂ අතර පෙරමුණ ගැනීමට විකිපීඩියාව සමත්ව ඇත​. අනෙක් බොහෝ විශ්වකෝෂ මෙන් නොව, විකිපීඩියාව එහි අන්තර්ගතය GNU නිදහස් ලේඛණ බලපත්‍රය යටතේ බලපත්‍ර ගත කොට ඇත​.

අන්තර්ගත කළ යුතු තොරතුරු සම්බන්ධයෙන් විකිපීඩියාව සතුව ප්‍රතිපත්ති පද්ධතියක් ඇත​. අන්තර්ගතයන් එකතු කළ යුතු ද​; ප්‍රතිශෝධනය කළ යුතු ද​; සහෝදර ව්‍යාපෘතියකට බැර කළ යුතු ද​; නැතිනම් ඉවත් කළ යුතු ද​, යනුවෙන් අන්තර්ගතයන් සම්බන්ධයෙන් ගැටළුවක් පැන නැගුණු විට මෙම ප්‍රතිපත්ති උපුටා දක්වනු දැක ගත හැකි ය​.

නිදහස් අන්තර්ගතය

හිමිකම් පැවරූ හිමිකම් බලපත්‍රයක් වන GFDL නිදහස් ලේඛණ බලපත්‍රය යටතේ (GNU Free Documentation License), විකිපීඩියා ලිපි ප්‍රකාශයට පත් කෙරෙනු ලැබේ. මෙම බලපත්‍රය මගින් යම් නිර්මාණයක් නැවත බෙදා හැරීමට, එයට වෙනස් කම් කිරීමට, හා වාණිජ අරමුණු සඳහා භාවිතා කිරීමට අවසර දෙන අතර, එහි දී මුල් කතුවරයා සඳහන් කළ යුතු වේ. එම නැවත භාවිතාවන් ද GFDL නිදහස් ලේඛණ බලපත්‍රය යටතේ නිකුත් කළ යුතු ය​. විකිපීඩියා ව්‍යාපෘතියට බැර කරන අන්තර්ගතයන් GFDL නිදහස් ලේඛණ බලපත්‍රය යටතේ නිදහස් වන අතර හිමිකම් මුල් කතුවරයා සතුව ම පවතී. විකිපීඩියාවේ සෑම ලිපියක ම පෙළ GFDL නිදහස් ලේඛණ බලපත්‍රය යටතේ නැවත භාවිතාවන්ට නිදහස් ය​. නමුත් සැලකිය යුතු තරමේ ඡායාරූප හා හඬ පට ප්‍රමාණයක් නිදහස් ඒවා නොවේ. ආයතනික ලාංඡන, ගීත සාම්පල​, හිමිකම් සහිත ප්‍රවෘත්ති ඡායාරූප වැනි දෑ යහ භාවිතාවන් උදෙසා භාවිත කිරීමේ හිමිකම සහිතව විකිපීඩියාව තුළ නැවත භාවිතා කරනු ලැබේ. අතැම් මාධ්‍ය, විකිපීඩියාව තුළ පමණි හා අන්තර්ගතය වෙනස් නො කොට යුතු ය​ යන කොන් දේසි යටතේ විකිපීඩියාවට ලබා දී ඇත​.[3] කෙසේ නමුත් ඇතැම් විකිපීඩියා සංස්කරණයන් සඳහා වලංගු වන්නේ නිදහස් මාධ්‍ය පමණි.

මාධ්‍ය​, විද්වත්හු, හා සෙසු අය විකිපීඩියාව මූලාශයක් වශයෙන් හා අතිරේක කියවීමක් වශයෙන් භාවිතා කරති. ප්‍රවෘත්ති ආයතන ඇතැම් විටක තමන් ගේ මූලාශ්‍රයක් වශයෙන් විකිපීඩියා ලිපි සඳහන් කරති.[4] විකිපීඩියාවේ සංස්කාරකවරුන් පවත්වාගෙන යන ලයිස්තු වලට අනුව, ප්‍රවෘත්ති මාධ්‍ය නිතර ම පාහේ විකිපීඩියා ලිපි උපුටා දක්වා ඇත​.[5] ඉතා කලාතුරකින් විකිපීඩියා ලිපි ශාස්ත්‍රීය කටයුතු, ග්‍රන්ථ කටයුතු, සම්මන්ත්‍රණ, හා අධිකරණ කටයුතු සඳහා භාවිතා කොට තිබේ. කැනඩා පාර්ලිමේන්තුවේ වෙබ් අඩවිය C-38 පනතෙහි වැඩිදුර කියවීම් ලයිස්තුවට සම ලිංගික විවාහ සම්බන්ධයෙන් වන විකිපීඩියා ලිපිය අන්තර්ගත කොට තිබීම නිදසුනක් වශයෙන් දැක්විය හැකි ය​.[6] විකිපීඩියාව හා සම්බන්ධ මෙවැනි භාවිතාවන් ගැන අසම්පූර්ණ ලයිස්තු විකිපීඩියානුවෝ පවත්වා ගෙන යති.[7]

විවිධ හාෂාමය සංස්කරණ

විකිපීඩියා 
ප්‍රධාන භාෂා කිහිපයක, විකිපීඩියා සංස්කරණයන් ගේ වර්ධනය(වසරට එරෙහිව ලිපි ප්‍රමාණය​)

2005 මාර්තු වන විට විකිපීඩියාව "ක්‍රියාකාරී" භාෂා සංස්කරණයන් 119 කින් සමන්විත කවයක් සාදයි.[8] එහි විශාලත ම සංස්කරණයන් පහ අවරෝහණය වන පිළිවෙළින්, ඉංග්‍රීසි, ජර්මන්, ප්‍රංශ​, ජපන්, හා පෝලන්ත​ වේ. සමස්ථයක් වශයෙන් ගත් කල, මිලියන 2.6 ක් පමණ වන සමස්ථ ලිපි සංඛ්‍යාවකින් යුත්, වෙනස් තත්ත්ව යටතේ ඇති භාෂා සංස්කරණයන් 205 කින් විකිපීඩියාව සමන්විත වේ.[9]

භාෂා සංස්කරණයන් එකිනෙකාගෙන් ස්වායක්ත ය​. එක් සංස්කරණයක අන්තර්ගතය අනෙක් සංස්කරණයන් හා බැඳී නො පවතින අතර​, සියල්ලෝ ම "මධ්‍යස්ථ දර්ශනය" අනුගමනය කරති. නමුත් ලිපි, පරිවර්ථනය කරන්න ඉල්ලීම් මගිනුත්, ඡායාරූප, විකිමීඩියා නිදහස් මාධ්‍ය ගබඩාව මගිනුත්, භාෂා සංස්කරණයන් අතරේ බෙදා හදා ගනු ලැබේ. එහෙත් ඕනෑ ම භාෂා සංස්කරණයක පවතින පරිවර්තිත ලිපි සංඛ්‍යාව එහි පවතින සම්පූර්ණ ලිපි සංඛ්‍යාවෙන් අල්ප ප්‍රමාණයක් බව සඳහන් කිරීම වටී.[10]

විකිපීඩියා 
විකිපීඩියාව සතු වන භාෂා සංස්කරණයන් ගේ පරාසය​: විකිපීඩියා හීබෲ භාෂා සංස්කරණය.

සංස්කරණය

සියලු ගමිකයන්හට පාහේ විකිපීඩියා ලිපි සංස්කරණය කිරීමේ හැකියාව ඇති අතර, ලේඛනගත පරිශීලකයන් හට නව ලිපි තැනීම හා ඒවායේ වෙනස්තම් ක්ෂණයකින් ප්‍රදර්ශනය කරවීම සිදු කල හැක. විවෘත-මූලාශ්‍ර මෘදුකාංග ප්‍රවර්ධනය වන ආකාරයටම, පරිශීලකයන් අතර සහයෝගීත්වය අනුසාරයෙන් ලිපි වල තත්ත්වය දිනෙන් දින දියුණුව සිදුවේ යැයි යන අපේක්ෂාවෙන් විකිපීඩියාව පදනම්ව ඇත.

ලබාගතහැකි මාධ්‍ය

සංයුක්ත සහ අංකිත වීඩියෝ තැටි මගින්ද විකිපීඩි‍යා තොරතුරු ලබාගත හැක.

ඉතිහාසය

විකිපීඩියා 
න්‍යුපීඩියාවෙන් ඇරඹි විකිපීඩියාව​.

විකීපීඩියාව ආරම්භ කරන ලද්දේ නූපීඩියා වෙහි අනුපූරකයක් වශයෙනි, එය නිදහස් මාර්ගගත  විශ්වකෝෂ ව්‍යාපෘතියක්  වන අතර විදිමත් ක්‍රම මගින් එහි ලිපි ලියන ලද්දේ ප්‍රවීණයන් විසිනි.

මෘදුකාංග සහ දෘඪාංග

සොයුරු ව්‍යාපෘති

විකල්ප අක්ෂර ක්‍රමයන්

මේවාත් සුදුසුදැයි බලන්න

ආශ්‍රිත

වැඩිදුර අධයයනය

බාහිර පරිශීලක

සටහන්

මූලාශ්‍ර

Tags:

විකිපීඩියා සුවිශේෂ ලක්ෂණවිකිපීඩියා සංස්කරණයවිකිපීඩියා ලබාගතහැකි මාධ්‍යවිකිපීඩියා ඉතිහාසයවිකිපීඩියා සොයුරු ව්‍යාපෘතිවිකිපීඩියා විකල්ප අක්ෂර ක්‍රමයන්විකිපීඩියා මේවාත් සුදුසුදැයි බලන්නවිකිපීඩියා ආශ්‍රිතවිකිපීඩියා වැඩිදුර අධයයනයවිකිපීඩියා බාහිර පරිශීලකවිකිපීඩියා සටහන්විකිපීඩියා මූලාශ්‍රවිකිපීඩියා2001Free contentඅන්තර්ජාලයඋදවු:IPA/Englishලාහ-නොපතන ආයතනවිකිපීඩියා:IPA for Englishවිකිමීඩියාවිශ්වකෝෂයවෙබ් බ්‍රව්සරයස්වෙච්ඡා

🔥 Trending searches on Wiki සිංහල:

රාජ්‍ය නොවන සංවිධානශ්‍රී ලංකාවේ මුස්ලිම් නීතියමහාද්වීපශ්‍රී ලංකාවේ වල් පැලැටිපුලස්තිගඩලාදෙණිය විහාරයහෘදයාබාධයවිෂ්ණුජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවමිනිස් ඇස1970 දශකයේ සිංහල චිත්‍රපට ලැයිස්තුවමී මැසි පාලනයවාස්තු ශාස්ත්‍රයශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුබුලත් හා සිංහල සමාජයජපානයඇඩොල්ෆ් හිට්ලර්ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේවටදාගෙයසම ලිංගික විවාහඉසුරුමුණියමූල්‍ය ප්‍රකාශනයවිවාහයපොල්යෝධ වැවනෙළුම්පුරාවිද්‍යාවකුප්පමේනියදරු නැලවිලි ගීශ්‍රී ලංකා රුපියලකුරානයමානව අයිතිවාසිකම් 1945 ට පෙර හා පසුපර්යේෂණශ්‍රී ලංකාවේ ආදිවාසීන්නිෂ්පාදනයශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයබාලදක්ෂ ව්‍යාපාරයයශෝදරාශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවනුවරඑළියඅට විසි බුදුවරුසෙනරත් පරණවිතානසංවර්ධනය වෙමින් පවතින රටවල්ඉස්ලාම්සබරගමුව පළාතචතුරාර්ය සත්‍යයවිජය කුමාරණතුංගරසායන විද්‍යාවනව අරහාදී බුදුගුණශ්‍රී ලංකාවේ පළාත්තුන් සිංහලේසිංහල සහ හින්දු අලුත් අවුරුද්දශ්‍රී ලංකාවේ රබර් වගාවදිවුල්කුසල් සහ අකුසල්එස්. පණීභාරතක්‍ෂය රෝගයජයලත් මනෝරත්නරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවමොණරවිල කැප්පෙටිපොළමාක්ස්වාදයබලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිලෝවැඩ සඟරාවනේටෝසිංහල වෙදකමශ්‍රී ලංකාවේ පොල් වගාව හා ආශ්‍රිත කර්මාන්තබුදු දහමක්‍රි.ව.1818 පළමු නිදහස් සටනමානව විද්‍යාවසිංහල පිල්ලම්ඩොක්ටර් නවරියන්ඉන්දියාවේ ඉතිහාසයඩොනමෝර් ආණ්ඩුක්‍රමයසමලිංගිකත්වයේ ඉතිහාසයශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුවහික්කඩුවේ සුමංගල තෙරණුවෝශ්‍රී ලංකාවේ දියඇලි🡆 More