ග්‍රහලෝක

ග්‍රහලෝකයක් යනු තාරකාවක් හෝ තාරකා අවශේෂයක් වටා පරිභ්‍රමණය වන සහ තම ගුරුත්වාකර්ෂණය මඟින් ගෝලීය හැඩයක් ගත හැකි, භ්‍රමණය වීමට තරම් විශාලවන “තාප න්‍යෂ්ටික වියලනය” ඇති කිරීමට තරම් විශාල නොවූ අසල්වැසි ග්‍රහවස්තු සිය කලාපෙන් ඉවත් කරළීමට සමත් අභ්‍යවකාශ වස්තුවකි.

Mercury Venus
Earth Mars
Jupiter Saturn
Uranus Neptune
සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9:
  • කුඩා පාෂානමය ග්‍රහලෝක:

බුධ, සිකුරු, පෘථිවිය, අඟහරු

  • විශාල ග්‍රහලෝක:

බ්‍රහස්පති, සෙනසුරු (වායු යෝධයින්)

යුරේනස්, නෙප්චූන් (අයිස් යෝධයින්)

සූර්‍යාගේ සිට අනුපිළිවෙලට නිවැරදි වර්ණයෙන් දක්වා ඇත. නියම පරිමාණයට නොවේ.

ග්‍රහලෝකය යන පදය ඉතිහාසය, ජ්‍යෝතිෂය, විද්‍යාව, මිථ්‍යා කථා සහ ආගම සමඟ බැඳී ඇත. සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක පහක් පියවි ඇසට පෙනේ. මේවා බොහෝ මුල් සංස්කෘතීන් විසින් දිව්‍යමය හෝ දේවතාවන්ගේ දූතයන් ලෙස සලකනු ලැබීය. විද්‍යාත්මක දැනුම දියුණු වෙත්ම, ග්‍රහලෝක පිළිබඳ මානව සංජානනය වෙනස් වූ අතර, අසමාන වස්තූන් ගණනාවක් ඇතුළත් විය. 2006 දී ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය (the International Astronomical Union)(IAU) සෞරග්‍රහ මණ්ඩලය තුළ ග්‍රහලෝක නිර්වචනය කිරීමේ යෝජනාවක් නිල වශයෙන් සම්මත කළේය. මෙම අර්ථ දැක්වීම මතභේදාත්මක වන්නේ එය “ග්‍රහ ස්කන්ධය” බොහෝ වස්තූන් ඒවා කක්‍ෂගත වන්නේ කොතැනද යන්න මත පදනම්ව බැහැර කරන බැවිනි. 1950 ට පෙර සොයාගත් ග්‍රහ වස්තූන් අටක් වර්තමාන අර්ථ දැක්වීම යටතේ “ග්‍රහලෝක” ලෙස පැවතුනද, සෙරස් (Ceres), පල්ලස් (Pallas ), ජූනෝ (Juno) සහ වෙස්ටා (Vesta) (සූර්ය ග්‍රහක පටියේ ඇති සෑම වස්තුවක්ම) සහ ප්ලූටෝ කලක් විද්‍යාත්මක ප්‍රජාව විසින් ග්‍රහලෝක ලෙස සලකනු ලැබූ වස්තූන් ග්‍රහලෝකයේ වර්තමාන අර්ථ දැක්වීම යටතේ තවදුරටත් ග්‍රහලෝක ලෙස නොසලකයි.


ටොලමි විසින් සිතුවේ ග්‍රහලෝක, පෘථිවිය වටා කක්‍ෂගත වී ඇතිබව හා ඒවාට භ්‍රමණකක්‍ෂ චලිතයන් ඇති බවය. “ග්‍රහලෝක සූර්යයා වටා කක්‍ෂගත වේ”ය යන අදහස බොහෝ වාර ගණනක් යෝජනා කර තිබුණද, 17 වන සියවසේදී ගැලීලියෝ ගැලීලි විසින් සිදු කරන ලද පළමු දුරේක්‍ෂ තාරකා විද්‍යාත්මක නිරීක්‍ෂණවල සාක්‍ෂි මගින් මෙම මතය සනාථ විය. ඒ සමගම, ටයිකෝ බ්‍රාහ් විසින් එකතු කරන ලද පූර්ව දුරේක්‍ෂ නිරීක්‍ෂණ දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසු ජොහැන්නස් කෙප්ලර් ග්‍රහලෝකවල කක්‍ෂයන් වෘත්තාකාර ස්වභාවයට වඩා ඉලිප්සාකාර ස්වභාවයෙන් යුක්ත බව සොයා ගත්තේය. නිරීක්‍ෂණ මෙවලම් වැඩිදියුණු වන විට තාරකා විද්‍යාඥයින් දුටුවේ පෘථිවිය මෙන් සෑම ග්‍රහලෝකයක්ම එහි කක්‍ෂීය ධ්‍රැවයට සාපේක්‍ෂව නැඹුරු අක්‍ෂයක් වටා භ්‍රමණය වන බවත් සමහරු අයිස් තට්ටු හා ඍතු වැනි ලක්‍ෂණ ද බෙදා ගත් බවත්ය.


අභ්‍යවකාශ යුගයේ ආරම්භයේ සිටම, අභ්‍යවකාශ ගවේෂණ මඟින් සමීපව නිරීක්‍ෂණය කිරීමෙන් පෘථිවිය සහ අනෙකුත් ග්‍රහලෝක මත ද ගිනිකඳු, සුළි කුණාටු, භූකම්පන සහ සමහර ග්‍රහලෝක මත ද්‍රව ජලය ද ඇති බව සොයාගෙන ඇත. සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක ප්‍රධාන වර්‍ග දෙකකට බෙදා ඇත. එනම් විශාල හීන ඝනත්‍වයකින් යුත් “යෝධ ග්‍රහලෝක” සහ “කුඩා පාෂාණමය භූමි” යි. අප සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අටක් ඇත. ඒවායින් බුධ, සිකුරු, පෘථිවිය සහ අඟහරු යන ග්‍රහලෝක හතර පාෂාණමය භූමි වන අතර පසුව ඇති බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් යන ග්‍රහලෝක හතර යෝධ ග්‍රහලෝක ලෙස ගැනේ. ග්‍රහලෝක හයක් ස්වාභාවික චන්ද්‍රයින් එකක් හෝ කිහිපයක් කක්‍ෂගත කරගෙන ඇත.


ක්‍ෂීරපථයේ වෙනත් තාරකා වටා ඇති ග්‍රහලෝක දහස් ගණනක් (“බාහිර සූර්ය ග්‍රහලෝක” හෝ “එක්ස්ප්ලෝනෙට්ස්”) සොයාගෙන ඇත. 2021 ජනවාරි 20 වන විට, ග්‍රහලෝක පද්ධති 3,212 ක දන්නා බාහිර සූර්ය ග්‍රහලෝක 4,331ක්, චන්ද්‍රයාගේ ප්‍රමාණයට වඩා ඉහළින් සිට බ්‍රහස්පති මෙන් දෙගුණයක් පමණ විශාල වන වායු යෝධයන් දක්වා සොයාගෙන ඇත. ග්‍රහලෝක 100 කට වඩා වැඩි ප්‍රමාණයක් පෘථිවියට සමාන වන අතර ඉන් නවයක්ම තාරකාවට සූර්යයාගේ සිට පෘථිවියට සාපේක්‍ෂ දුරින් පිහිටා ඇත . 2011 දෙසැම්බර් 20 වන දින කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්‍ෂ කණ්ඩායම විසින් පෘථිවි ප්‍රමාණයේ පළමු බාහිර ග්‍රහලෝක වන කෙප්ලර්-20 ඊ සහ කෙප්ලර්-20 එෆ් සහ සූර්යයා වැනි තාරකාවක් වටා ගමන් කරන කෙප්ලර්-20 සොයා ගන්නා ලදී . ක්‍ෂීරපථයේ සෑම තාරකාවක් සඳහාම අවම වශයෙන් බැඳී ඇති ග්‍රහලෝක 1.6 ක් වත් පවතින බව “ගුරුත්‍වාකර්ෂණ ක්ෂුද්‍ර තරංග දත්ත විශ්ලේෂණය” කරමින් 2012 අධ්‍යයනයකින් ඇස්තමේන්තු කර ඇත. සූර්යයා වැනි තාරකා පහෙන් එකක් පමණ එහි වාසයට සුදුසු කලාපයේ පෘථිවි ප්‍රමාණයේ ග්‍රහලෝකයක් ඇතැයි විශ්වාස කෙරේ. ..

බහිෂ්-සෞර ග්‍රහලෝක

බහිෂ්-සෞර ග්‍රහ ලෝකයක් හෝ බහිෂ් ග්‍රහ ලෝකයක් යනු, සෞර ග්‍රහ මණ්ඩලයෙන් පිටත පිහිටි ග්‍රහ ලෝකයකි.

ආශිත ලිපි

මූලාශ්‍ර

Tags:

ගුරුත්වාකර්ෂණය

🔥 Trending searches on Wiki සිංහල:

මහා ප්‍රජාපතී ගෝතමීසීතාවක රාජධානියවයඹ පළාත, ශ්‍රී ලංකාවගිරවුසිංහල හෝඩිඋඩරට ගිවිසුමකොළඹ පාසල් නාමාවලියළමා අපයෝජනයශිව දෙවියන්සමාජානුයෝජනයශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදයමහ වැව් නාමාවලියහෘදයසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයජීවන්ත හා දිසාලාE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)ඉස්සන් වගාවමහත්මා ගාන්ධිරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවපාචනයකෘෂිකර්මයපොළොන්නරු යුගයJalani premadasaලංකාවේ වාරි කර්මාන්තයශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.චෙස්කේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාස්තූපඝනත්වයනයිජීරියාවේ ඉතිහාසයරාජ්‍ය නොවන සංවිධානලාදුරුභික්ෂූන් වහන්සේදුටුගැමුණු රජඇරිස්ටෝටල්පතොක්නාගරීකරණයශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවහෝර්ටන් තැන්න ජාතික උද්‍යානයවන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව (ශ්‍රී ලංකා)සුසන්තිකා ජයසිංහකම්කරු නීතියරණතුංග කරුණානන්දආපදා‍ කළමනාකරණයසිලින්ඩරඡනසංඛ්‍යා වර්ධනයස්වයං වින්දනයලිංගික අතවරයදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයසමනල කන්දපේර ශාකයමහ පොළොවපරිණාමයශ්‍රී ලංකාවේ නීති පද්ධතියනායකත්වයපෘථිවියෙහි භ්‍රමණයආටානාටිය සූත්‍රයගෞතම බුද්ධ පරිනිර්වාණයශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාහිඳගල රජමහා විහාරයලක්දිව රාජාවලියසේවා වියුක්තිය ආශ්‍රිත ගැටලුශ්‍රී ලංකාවේ දූපත් ලැයිස්තුවහතරවන පරාක්‍රමබාහු රජපන්සියපනස් ජාතක පොතලංකා විශ්වවිද්‍යාලයඩී.එස්. සේනානායකචාමර වීරසිංහනාසාසිංහල ප්‍රස්ථාව පිරුළුපණ්ඩුකාභය රජනෙළුම්ටජ් මහල්එක්සත් රාජධානියසනත් නිශාන්ත🡆 More