ඉන්දියාව: දකුණු ආසියානු රටක්

ඉන්දියාව දකුණු ආසියානු රටකි.

භූමි ප්‍රමාණය අතින් ලොව සත්වන තැන ඉන්දියාවට හිමිවෙයි.2023 ජුනි මස වන විට චීනය අභිභවා ඉන්දියාව ලෝකයේ වැඩිම ජනතාවක් වෙසෙන රට විය. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අතුරින් වැඩිම ජනගහණය සහිත රට වෙයි. දකුණෙන් ඉන්දියන් සාගරයෙන් ද, බටහිරින් අරාබි මුහුදින් ද, නැගෙනහිරින් බෙංගාල බොක්කෙන් ද වටවී ඇති ඉන්දියාව බටහිරින් පකිස්තානයෙන් ද, උතුරින් චීනය, නේපාලය සහ භූතානය යන රටවලින් ද, නැගෙනහිරින් බංගලාදේශයෙන් සහ බුරුමයෙන් ද මායිම් වී ඇත. ඉන්දියන් සාගරයේ පිහිටි ශ්‍රී ලංකාව සහ මාලදිවයින ද ඉන්දියාවට ආසන්න ව පිහිටයි. ඉන්දියාවට අයත් අන්දමන් සහ නිකොබාර් දූපත් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට ආසන්නව පිහිටා ඇත. ඉන්දියාව සතුව කිලෝමීටර් 7,517ක මුහුදු තීරයක් පවතියි.

ඉන්දීය ජනරජය
හින්දි: भारत
(ඉංග්‍රීසි: Republic of India)
ඉන්දියාව හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
National Emblem
උද්යෝග පාඨය: "Satyameva Jayate" (සංස්කෘත)
সত্যম জয়তে  (Bengali-assamese script)
"Truth Alone Triumphs"
ජාතික ගීය: "ජන ගන මන"
ඉන්දියාව විසින් පාලනය කෙරෙන ප්‍රදේශය තද කොළ පැහැයෙන් ද, අයිතිවාසිකම් කියන ප්‍රදේශය ලා කොළ පැහැයෙන් ද දක්වා ඇත
ඉන්දියාව විසින් පාලනය කෙරෙන ප්‍රදේශය තද කොළ පැහැයෙන් ද, අයිතිවාසිකම් කියන ප්‍රදේශය ලා කොළ පැහැයෙන් ද දක්වා ඇත
අගනුවරනව දිල්ලිය
විශාලතම නගරයමුම්බායි
නිල භාෂා(ව)හින්දි, ඉංග්‍රීසි
ජාති නාම(ය)ඉන්දියානු
රජයෆෙඩරල් ව්‍යවස්ථාමය පාර්ලිමේන්තු ජනරජය
රාම් නාත් කෝවින්ද්
• උප ජනාධිපති
වෙන්කය්යා නායිදු
• අග්‍රාමාත්‍ය
නරේන්ද්‍ර මෝදි
• අගවිනිසුරු
ශාරද් අරවින්ද් බොබ්දේ
• ලෝක් සභා කථානායක
ඕම් බිර්ලා
ව්‍යවස්ථාදායකයපාර්ලිමේන්තුව
රාජ්‍ය සභා
ලෝක් සභා
නිදහස 
• ප්‍රකාශ කළේ
1947 අගෝස්තු 15 දින
• ජනරජයක් බවට පත්වුණේ
1950 ජනවාරි 26 දින
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
3,287,240 km2 (1,269,210 sq mi) (7 වැනියා)
• ජලය (%)
9.56
ජනගහණය
• 2024 ඇස්තමේන්තුව
සැකිල්ල:IndiaPopCommas (2 වැනියා)
• 2001 ජන සංගණනය
1,028,610,328
දදේනි (ක්‍රශසා)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$3.526 trillion (4 වැනියා)
• ඒක පුද්ගල
$2,941 (128th)
දදේනි (නාමික)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$1.235 trillion (11 වැනියා)
• ඒක පුද්ගල
$1,031 (139 වැනියා)
ගිනි (2004)36.8
දෝෂය: අනීතික Gini අගය
මාසද (2007)0.612
දෝෂය: අනීතික HDI අගය · 134 වැනියා
ව්‍යවහාර මුදලඉන්දියානු රුපියල් (ඉන්දියාව: දකුණු ආසියානු රටක්) (INR)
වේලා කලාපයUTC+5:30 (IST)
• ගිම්හාන (DST)
UTC+5:30 (not observed)
දින ආකෘතිdd-mm-yyyy (ක්‍රි.ව.)
රිය ධාවන මං තීරුවවම
ඇමතුම් කේතය91
ISO 3166 codeIN
අන්තර්ජාල TLD.in

අතීතයේ සිටම වෙළෙඳ සහ සංස්කෘතික අතින් දියුණු ප්‍රදේශයක් වූ ඉන්දියානු උප මහාද්වීපය ඉන්දු නිම්න ශිෂ්ටාචාරය, අධිරාජ්‍ය සහ වෙළෙඳ මාර්ග ගණනාවකට නිජභූමිය විය. හින්දු ආගම, බුද්ධාගම, ජෛනාගම සහ සිකදහම යන ප්‍රධාන ආගම් හතරක් ඉන්දියාවේ බිහිවුණ අතර ශරතුස්ත්‍රවාදය (Zoroastrianism), යුදෙව්, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් වැනි ආගම් ද බොහෝ කලක සිට පැවතීම මෙහි සංස්කෘතික විවිධත්වය ඇති කිරීමට හේතුවිය. දහඅට වැනි සියවස මුල් භාගයේ දී බ්‍රිතාන්‍ය නැගෙනහිර ඉන්දියා සමාගම මගින් එක්සත් රාජධානියට අයත් කොලනියක් ලෙස ඈඳා ගන්නා ලද ඉන්දියාව අවිහිංසාවාදී අරගලයකින් පසු 1947 දී නිදහස් රාජ්‍යයක් බවට පත්විය.

ඉන්දියාව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත ෆෙඩරල් ව්‍යවස්ථාමය සමූහාණ්ඩුවකි. එය ප්‍රාන්ත 28කින් සහ මධ්‍ය පාලන ප්‍රදේශ 7කින් සමන්විතය.

ඉන්දියානු ආර්ථිකය දළ දේශීය නිෂ්පාදිතය අනුව ලොව 11 වැනි තැන ද, ක්‍රය ශක්ති සාම්‍යය අනුව ලොව 4 වැනි තැන ද ගනියි. 1991 දී ඉන්දීය ආර්ථිකය ලිහිල් කිරීමෙන් අනතුරුව එය ශීඝ්‍රයෙන් සංවර්ධනය වන ආර්ථිකයක් බවට පත් විය. කෙසේ වෙතත් එය තවමත් දුගී බව, නිරක්ෂරතාව, දූෂණය, රෝග සහ මන්දපෝෂණය වැනි කරුණුවලින් පීඩා විඳියි. ඉන්දියාව මෑතක දී කාර්මීකරණය වූ රටක් සහ BRIC රටවල් හතර අතුරෙන් එකක් ද වෙයි.

National symbols of the Republic of India (Official)
ජාතික සත්ත්වයා ඉන්දියානු

අලියා

ඉන්දියාව: දකුණු ආසියානු රටක්
ජාතික පක්ෂියා ඉන්දිය මොණරා ඉන්දියාව: දකුණු ආසියානු රටක්
ජාතික වෘක්ෂය නුග ගස ඉන්දියාව: දකුණු ආසියානු රටක්
ජාතික පුෂ්පය නෙළුම් මල ඉන්දියාව: දකුණු ආසියානු රටක්
ජාතික පළතුර අඹ ඉන්දියාව: දකුණු ආසියානු රටක්

ප්‍රාන්ත (States):

  1. ආන්ද්‍රා ප්‍රදේශ්
  2. අරුණාචල් ප්‍රදේශ්
  3. ඇසෑම්
  4. බිහාර්
  5. ඡත්තීස්ගඪ්
  6. ගෝව
  7. ගුජරාතය
  8. හර්යානා
  9. හිමාචල් ප්‍රදේශ්
  10. ජම්මු හා කාශ්මීරය
  11. ඣාර්ඛණ්ඩ්
  12. කර්ණාටක
  13. කේරළය
  14. මධ්‍ය ප්‍රදේශ්
  15. මහාරාෂ්ට්‍ර
  16. මණිපුර
  17. මේඝාලය
  18. මිසෝරාම්
  19. නාගලන්තය
  20. ඔරිස්සා
  21. පන්ජාබය
  22. රාජස්ථාන්
  23. සිකිම්
  24. තමිල්නාඩුව
  25. ත්‍රිපුරා
  26. උත්තර් ප්‍රදේශ්
  27. උත්තරාඛණ්ඩ්
  28. බටහිර බෙංගාලය
  29. තෙලගානා

මධ්‍ය පාලන ප්‍ර‍ෙද්ශ (Union Territories):

  1. අන්දමන් හා නිකොබාර් දූපත්
  2. චණ්ඩීගඪ්
  3. දාද්‍රා සහ නගර් හවේලී
  4. දමණ් හා දීව්
  5. ලක්ෂද්වීප්
  6. දිල්ලිය - ජාතික අගනුවර ප්‍රදේශය
  7. පොන්ඩිචෙරි

ආශ්‍රිත

Tags:

අරාබි මුහුදඉන්දියන් සාගරයඉන්දුනීසියාවචීනයනේපාලයපකිස්තානයබංගලාදේශයබෙංගාල බොක්කභූතානයමාලදිවයිනමියන්මාරයශ්‍රී ලංකාවසුමාත්‍රා

🔥 Trending searches on Wiki සිංහල:

නන්දා මාලනීවැදි සාහිත්‍යයජලයගාලු කොටුවබැක්ටීරියාභාෂාවබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්හෙළයන්ගේ සම්ප්‍රදායික කැඳ වර්ගශ්‍රී ලංකාවේ වැවෙන එළවළු වර්ගයු‍රේනස්දේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයභෛරවී රාගයපේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයගොංගාලේගොඩ බණ්ඩාකෝපිනයිට්‍රජන්පාෂාණඕමිඇසළ (ගස)මනෝ විශ්ලේෂණවාදයපාසල්ශ්‍රී ලංකා‍ අලියාදෙමෝදර ආරුක්කු නමයේ පාලමඑක්සත් ජනපදයඇන්තූරියම්පොළොන්නරුව පෞරාණික නගරයඇඩොල්ෆ් හිට්ලර්වොලිබෝල්ස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවදළදා වහන්සේතෙත් කලාපයේ ශාක විවිධත්වය1000000000000 (number)ඉසුරුමුණියඔහියසරම්පමහත්මා ගාන්ධිශ්‍රී ලංකාවේ මහනුවර දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුවDigital object identifierඅංගුලිමාල පිරිතමහා පත්තිනි දේවාලය, නවගමුවබක් පසළොස්වක පෝයශ්‍රී ලංකාවේ රබර් වගාවශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිකැලණියශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලියතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයසනත් නිශාන්තමඩු දේවස්ථානයඅනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවස්තූපමහාද්වීපපළමුවන විජයබාහු රජඑක්සත් ජාතික පක්‍ෂයශ්‍රී ලංකා ජාතික කොඩියප්‍රජානන මනෝ විද්‍යාවශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමමින්නේරිය වැවශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)ඝනත්වයඅභිප්‍රේරණයකලාව යනුසුසන්තිකා ජයසිංහකාලස් පුයිජ්දෙමොන්ජංගම දුරකථනයේ උපතඊශ්‍රායලයPickMeක්‍ෂය රෝගයකාමරංගාශ්‍රී ලංකා කොටියාමූලික අයිතිවාසිකම්ධාතුසේන රජදෙහිවල ජාතික සත්වෝද්‍යානය🡆 More