ෂාරුක් ඛාන්

1965 වර්ෂයේ නොවැම්බර් මස දෙවෙනි දින උපත ලැබූ ෂාරුක් ඛාන් බොලිවුඩ් සිනමා සක්විති ලෙසින්ද හඳුන්වනු ලබයි.

ෂාරුක් ඛාන් බොලිවුඩ් සිනමා රංගන ශිල්පි‍යෙක් වන අතරම, බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදකයෙකුද රූපවාහිනී වැඩසටහන් මෙහෙයවන්නකුද වේ.

ෂාරුක් ඛාන්
Shahrukh interacting with the media
උපත
ෂාරුක් ඛාන්

2 නොවැම්බර් 1965 (1965-11-02) (වයස 58)
නව දිල්ලිය, ඉන්දියාව
නිවහනBandra, මුම්බායි, මහාරාෂ්ට්ර, ඉන්දියාව
ජාතිකත්වයඉන්දීය
අධ්‍යාපනයHansraj College, දිල්ලි විශ්ව විද්‍යාලය
රැකියාවචිත්‍රපට නළු, චිත්‍රපට නිෂ්පාදක , රූපවාහිනී සත්කාරක
සක්‍රීය වසර1988–වර්තමානය තෙක්
කලත්‍රයා(යන්)ගෞරි ඛාන් (වි. 1991)
දරුවන්3
අත්සන
ෂාරුක් ඛාන්

ෂාරුක් ඛාන් සිය රංගන දිවිය 1980 දශ‍කයේ රූපවාහිනී වැඩසටහන් මාලාවන් අතුරින් ආරම්භ කරනු ලබනු අතර ඔහු සිය සිනමා දිවිය ආරම්භ කරනු ලබන්නේ "දීවානා" (Deewana - 1992) චිත්‍රපටියෙනි. එතැන් සිට වාණිජ සිනමාවේ වාණිජ අතින් සාර්ථක චිත්‍රපට ගණනාවක් සඳහා අග්‍රගන්‍ය මෙහෙයක් ඉටුකරමින් සිටිනු ලබන මොහු, ඔහුගේ රංගන කුසලතාවන් සඳහා විචාරක ප්‍රතිචාර රැසක් හිමිකරගෙන ඇත. මොහුගේ රංගන දිවිය තුළ ඔහු "ෆිල්ම් ෆෙයාර්" සම්මාන උළෙලේ (Filmfare Awards) සම්මාන දහතුනක් හිමිකරගෙන ඇති අතර, එයින් හතක්ම ඔහු හිමිකරගෙන ඇත්තේ "හොඳම නළුවා" අංශයෙනි.

දිල්වාලේ දුල්හානියා ලේජායෙන්ගේ (1995), කුච් ‍කුච් ‍හෝතා හේ (1998), චක් ‍දේ ඉන්දියා (2007), ඕම් ශාන්තී ඕම් (2007) සහ රබ් නේ බනා ඩි ජෝඩී (2008) යන ඉහත කී චිත්‍රපටි ෂාරුක් ඛාන්ගේ රංගන දිවියේ අමතක නොවන සටහන් අතර අග්‍රගණ්‍ය රංගන ප්‍රතිභාවන් පෙන්නුම් කෙරෙන චිත්‍රපටි අතර වේ. එමෙන්ම කබි කුෂි කබි ගම් (2001), කල් ‍හෝ නා හෝ (2003), වීර්-සාරා 2004) සහ කබි අල්විදා නා කෙහෙනා (2006) යන ඔහු රංගන දායකත්වය දැක්වූ චිත්‍රපටි ඒ ඒ වර්ෂවලදී වැඩිම ආදායම් ඉපැයූ ඉන්දියානු චිත්‍රපටි අතර ප්‍රමුඛස්ථානයක් ගනී. 2000 වර්ෂයේ සිට ෂාරුක් ඛාන් රංගධාරියකු වශයෙන් පමණක් නොව චිත්‍රපටි නිෂ්පාදකයෙකු සහ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වශයෙන් කරළියට පැමිණේ. ඔහු මේ වන විට "ඩ්‍රීම්ස් අන්ලිමිටඩ්" සහ "රෙඩි චිලීස්" යන ආයතනයන් දෙකෙහි හිමිකාරත්වය දරනු ලබයි. 2008 වර්ෂයේදී නිව්ස් වීක් සඟරාව ඔහු ලොව බලවත්ම පුද්ගලයින් 50දෙනා අතරට නම් කරනු ලබයි.

මුල් ජීවිතය සහ පවුල

ෂාරුක් ඛාන් 
ෂාරුක් ඛාන් 2012 දී සාදයකදී තම බිරිඳ ගෞරි ඛාන් සමඟ

1965දී මුස්ලිම් පතන් ජාතික දෙමාපියන්ට දාව ඉන්දියාවේ නවදිල්ලි නග‍රයේ උපත ලබන ෂාරුක් ඛාන්ගේ පියා ඉන්දියානු නිදහස වෙනුවෙන් සටන් කරන ලද නිදහස් සටන්කාමියෙකු වූ ටජ් මොහොමඩ් ඛාන් නම් වේ. ෂාරුක් ඛාන්ගේ විස්තරයට අනුකූලව, ඔහුගේ පියාගේ සීයා ඇෆ්ගන් ජාතිකයෙකු වේ. ‍සුභාෂ් චන්ද්‍රබෝෂ්ගේ ඉන්දියානු ජාතික හමුදාවේ ජංජුවා රාජ්පුත් සංවිධානයේ මේජර් ජනරාල් වරයෙකු වූ ෂවාස් නවාස් ඛාන් විසින් හදා වඩා ගත් දියණියක වන ලතීෆ් ෆාතිමා, ෂාරුක් ඛාන්ගේ මෑණියන් වේ. ෂාරුක් ඛාන්ගේ පියා ඉන්දියාව වෙන් කිරීමට පෙර පෙෂ්වාර්හී, ක්වීසා ඛවානි බසාර් ප්‍රදේශයෙන් නව දිල්ලියට පැමිණියකු වන අතර. මව රාවල්පිණ්ඩි ප්‍රදේශයේ ජීවත් වන්නියක් විය. ෂාරුක් ඛාන්ගේ වැඩිමහල් සොහොයුරියගේ නම ෂෙනාස් නම් වේ.

ක්‍රීඩා, නාට්‍ය හා අධ්‍යාපන යන ක්ෂේත්‍ර තුනෙන්ම සිය පාසල් දිවියේ දස්කම් පෑ ෂාරුක් ඛාන්ගේ මුල් පාසල වූ‍යේ ශාන්ත කොලුම්බා පාසලයි. පාසල නියෝජනය කරමින් පාසලේ ගෞරවය වෙනුවෙන් කැපවන පාසල් ශිෂ්‍යයෙකුට වාර්ෂිකව ලබා දෙනු ලබන ගෞරවනීය අසිපත සම්මානය ඔහු එම පාසලේ අධ්‍යාපනය ලබද්දී හිමි කරගැනීමට සමත් විය.

ෂාරුක් ඛාන් ඉන්පසු, හන්සරාජ් විද්‍යාලයට (1985-1988) ඇතුළත් වන අතර ආර්ථික විද්‍යා උපාධිය හිමිකරගනු ලබන අතර ඒත් සමඟම ජමියා මිලියා ඉස්ලාමියා විද්‍යාලයෙන් ජන සන්නිවේදන අංශයෙන් උසස් උපාධිය හිමි කරගනී. ඉන් අනතුරුව ඔහු සිය බොලිවුඩ් රංගනශිල්පියෙකු වශයෙන් කලා දිවිය අරඹනු ලබයි.

සිය දෙමව්පියන්ගේ මරණයෙන් අනතුරුව ෂාරුක් ඛාන් 1991 වර්ෂයේදී මුම්බායි නගරයට පැමිණෙයි. එම වසරේදීම, ඔහු ඔහුගේ කිසිදු චිත්‍රපටියක් නිකුත් වීමටද පෙර හින්දු ජාතික ගෞරී චිබ්බර්ව සම්ප්‍රදායික හින්දු විවාහ උත්සවයක් සමඟින් 1991 ඔක්තෝබර් 25වෙනි දින විවාහ කරගනු ලබන අතර, ඔහු පුත් ආර්යන් (උ: 1997) සහ දියණිය සුහානාගේ (උ: 2000) පිය පදවිය ලබයි. දැඩි අල්ලාහ් දේව භක්තිකයෙකු වන ෂාරුක් ඛාන් සිය බිරිඳගේ ආගමික විශ්වාසයටද ගරු කරයි. නිවසේදී, ඔහුගේ දරු දෙදෙනා එක ළඟ තබනු ලැබූ කුරානය හා හින්දු දෙවියන් සමඟින් ඉස්ලාම් ආගම හා හින්දු ආගම යන ආගම් දෙකම අදහයි.

2005 වර්ෂයේදී, නස්රීන් මුනි කබීර් විසින් ෂාරුක් ඛාන්ගේ ජීවන චරිතය අළලා 2004 ටෙම්ප්ටේෂර් සංදර්ශන චාරිකාවද උපයෝගී කරගනිමින් දි ඉනර් ඇන්ඩ් අවුටර් වර්ල්ඩ් ඔෆ් ෂාරුක් ඛාන් (ෂාරුක් ඛාන්ගේ පිටත හා ඇතුළත ලෝකය) නමින් වාර්තාමය චිත්‍රපටියක් කොටස් දෙකකින් යුතුව නිර්මාණය කරනු ලබයි. ෂාරුක් ඛාන්ගේ ඇතුළත ලෝකය ලෙසින් ඔහුගේ බිරිඳ හා දරුවන් ලෙසත්, පිටත ලෝකය ලෙස ඔහුගේ රංග කලා වැඩකටයුතුද එම වාර්තාමය චිත්‍රපටිය හරහා ලෝකයා වෙත ‍විවෘත කරන ලදී. ෂාරුක් ඛාන්ගේ පවුල් ජීවිතය අළලා ලියැවුනු ස්ටිල් රීඩිං ඛාන් පොත 2006 වසරේදී වෙළඳපොළ වෙත නිකුත්විය. එම පොතේ කර්තෘ වන අනුපම් චොප්රාගේම තවත් පොතක් වන කින්ග් ඔෆ් බොලිවුඩ්: ෂාරුක් ඛාන් ඇන්ඩ් ද සිඩක්ටිව් වර්ල්ඩ් ඔෆ් ඉන්දියන් සිනෙමා (බොලිවුඩ් පුරවරයේ රජු: ෂාරුක් ඛාන් සහ චිත්තාකර්ශනීය ඉන්දියානු සිනමාව) යන පොත 2007 වර්ෂයේ නිකුත් විය. ‍ෂාරුක් ඛාන්ගේ ජීවිතය හරහා බොලිවුඩ් පුරවරය අත්විදීම යන අර්ථයෙන් එම පොත ලියැවී තිබිණ.

ෂාරුක් ඛාන් වර්තමානය වන විට විවිධ වූ සම්මානයට පාත්‍ර වී ඇත. පද්ම ශ්‍රී සම්මානයෙන් ඉන්දියාවේ සිව්වැනි පුරවැසියා සම්මානයෙන් ඉන්දීය ආණ්ඩුව ෂාරුක් ඛාන් වෙත සිය සම්මාන පුදකරන ලද්දේ වර්ෂ 2005දී ය. 2007 වර්ෂයේදී, ඉටිවලින් නිමැවුනු ඔහුගේ අනුරුවක් මැඩම් ටුසෑඩ් ඉටි රූ කෞතුකාගාරයේ ස්ථාපනය කරන ලදී. තවත් ඉටි අනුරුවක් පැරීසියේ Musée Grévin හිදී එම වසරේදීම ස්ථාපනය කරන ලදී. 2009 වසරේදී ඔහු බෙඩ්ෆෝෂයර් විශ්වවිද්‍යාලයෙන් කලාව හා සංස්කෘතිය පිළිබඳ ගෞරව උපාධියක් හිමි කරගන්නා ලදී.

රංගන වෘත්තිය

1988-1992: රූපවාහිනිය සහ චිත්‍රපට රංගනය

ඛාන්ගේ පළමු චරිතය රඟපෑවේ 1988 දී රූගත කිරීම් ආරම්භ කළ ලේක් ටැන්ඩන්ගේ රූපවාහිනී කතා මාලාවේ දිල් දාරියා චිත්‍රපටයේ ය. එහෙත් නිෂ්පාදන ප්‍රමාදයන් නිසා රාජ් කුමාර් කපූර් විසින් අධ්‍යක්ෂණය කරන ලද 1989 කතා මාලාව ෆවුජි ඔහුගේ රූපවාහිනී රංගනය බවට පත්විය.

1993-1994: ප්‍රති-වීරයා

1993 දී නිකුත් කළ චිත්‍රපට අතර ඛාන් බොක්ස් ඔෆිස් වාර්තා දෙකක ජනප්‍රිය චරිත නිරූපණය කිරීම සඳහා වඩාත්ම අගය කොට සලකනු ලැබීය.

1995-1998: ආදර භූමිකාවන්

ෂාරුක් ඛාන් 
ඛාන් 2014 දී සම-නළු කාජල් සමඟ සති 1000 ක් අඛණ්ඩව ඔවුන්ගේ දිල්වලේ දුල්හානියා ලේ ජයෙන්ගේචිත්‍රපටය ප්‍රදර්ශනය කළේය.

1995 දී ඛාන් චිත්‍රපට හතකට රංගනයෙන් දායක වූ අතර, ඉන් පළමුවැන්න රාකේෂ් රොෂාන් ගේ තනු නිර්මාණය කළ කරන් අර්ජුන් ය.

1999-2003: වෘත්තීය අභියෝග

2004-2009: නැවත නැඟිටීම

2010–2014: මගේ නම ඛාන් සහ ක්‍රියාදාමයට හා හාස්‍යයට ව්‍යාප්ත වීම

2015 - වර්තමානය: වෘත්තීය උච්චාවචනයන්

වෙනත් වැඩ

චිත්‍රපට නිෂ්පාදනය සහ රූපවාහිනී සත්කාරකත්වය

වේදිකා කාර්ය සාධනය

අයිපීඑල් ක්‍රිකට් කණ්ඩායමේ හිමිකාරිත්වය

2008 දී ඛාන්, ජුහි චව්ලා සහ ඇගේ සැමියා වන ජේ මේතා සමඟ එක්ව, විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියානු ප්‍රිමියර් ලීග් (අයිපීඑල්) සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 75.09 කට කොල්කටා නියෝජනය කරන ඡන්ද බලය සඳහා හිමිකාරිත්වය අත්පත් කර ගත් අතර කණ්ඩායම කොල්කටා නයිට් රයිඩර්ස් (කේකේආර්) ලෙස නම් කළේය.

මාධ්‍ය තුළ

ෂාරුක් ඛාන්ට ඉන්දියාවේ සැලකිය යුතු මාධ්‍ය ආවරණයක් ලැබෙන අතර එය බොහෝ විට හැඳින්වෙන්නේ "කිං ඛාන්", "බොලිවුඩයේ බාඩ්ෂා" හෝ "බොලිවුඩයේ රජ" යනුවෙනි.

සම්මාන හා පිළිගැනීම්

ඛාන් යනු බොලිවුඩයේ වඩාත් අලංකාර නළුවෙකි.ඔහුට නාම යෝජනා 30 කින් ෆිල්ම් ෆෙයාර් සම්මාන 14 ක් සහ විශේෂ සම්මාන 281 ලැබී ඇත.

සිනමා වෘත්තිය

සිනමා දිවිය

Actor

වර්ෂය චිත්‍රපටිය චරිත විශේෂ සටහන්
1992 දීවානා රාජා සහායි ජයග්‍රාහක, ෆිල්ම්ෆෙයාර් හොඳම ආධුනික නළු සම්මානය
ඉඩියට් පවන් රඝුජාන්
චමත්කාර් සුන්දර් ශ්‍රීවාස්තව්
රාජු බන් ගයා ජෙන්ට්ල්මන් රාජු (රාජ් මාථූර්)
දිල් ආශ්නා හේ' කරන්
1993 මායා මෙම්සාභ් ලලිත් කුමාර්
කින්ග් අන්කල් අනිල් භන්සාල්
භාසිගර් අජේ ශර්මා/විකී මල්හෝත්‍රා ජයග්‍රාහක, ෆිල්ම්ෆෙයාර් හොඳම නළුවා සම්මානය
ධර් රාහුල් මෙහ්රා නිර්දේශිත, ෆිල්ම්ෆෙයාර් හොඳම දුෂ්ටයා සම්මානය
කබි හා කබි නා සුනිල් ජයග්‍රාහක, ෆිල්ම්ෆෙයාර් හොඳම රංගනය වෙනුවෙන් හිමිවන විචාරක සම්මානය
නිර්දේශිත, ෆිල්ම්ෆෙයාර් හොඳම නළුවා සම්මානය
1994 අංජාම් Vijay Agnihotri Winner, Filmfare Best Villain Award
1995 කරන් අර්ජුන් Arjun Singh/Vijay
Zamana Deewana Rahul Malhotra
ගුඩ්ඩ Guddu Bahadur
Oh Darling! Yeh Hai India Hero
දිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේ Raj Malhotra ජයග්‍රාහක, ෆිල්ම්ෆෙයාර් හොඳම නළුවා සම්මානය
Ram Jaane Ram Jaane
Trimurti Romi Singh
1996 English Babu Desi Mem Vikram/Hari/Gopal Mayur
Chaahat Roop Rathore
Army Arjun ආරාධිත රංගනය
Dushman Duniya Ka Badru
1997 Gudgudee ආරාධිත රංගනය
Koyla Shankar
යස් බොස් Rahul Joshi නිර්දේශිත, ෆිල්ම්ෆෙයාර් හොඳම නළුවා සම්මානය
Pardes Arjun Saagar
දිල් තො පාගල් හේ Rahul ජයග්‍රාහක, ෆිල්ම්ෆෙයාර් හොඳම නළුවා සම්මානය
1998 Duplicate Bablu Chaudhry/Manu Dada Nominated, Filmfare Best Villain Award
Achanak Himself ආරාධිත රංගනය
දිල් සේ Amarkant Varma
කුච් කුච් හෝතා ‍හේ Rahul Khanna ජයග්‍රාහක, ෆිල්ම්ෆෙයාර් හොඳම නළුවා සම්මානය
1999 Baadshah Raj Heera/Baadshah Nominated, Filmfare Best Comedian Award
2000 Phir Bhi Dil Hai Hindustani Ajay Bakshi
හෙ රාම් Amjad Ali Khan
Josh Max
Har Dil Jo Pyar Karega Rahul ආරාධිත රංගනය
Mohabbatein Raj Aryan Malhotra Winner, Filmfare Critics Award for Best Performance
නිර්දේශිත, ෆිල්ම්ෆෙයාර් හොඳම නළුවා සම්මානය
ගජ ගාමිණි Himself ආරාධිත රංගනය
2001 One 2 Ka 4 Arun Verma
Asoka Asoka
Kabhi Khushi Kabhie Gham Rahul Raichand නිර්දේශිත, ෆිල්ම්ෆෙයාර් හොඳම නළුවා සම්මානය
2002 Hum Tumhare Hain Sanam Gopal
දේව්දාස් දේව්දාස් මුකර්ජී ජයග්‍රාහක, ෆිල්ම්ෆෙයාර් හොඳම නළුවා සම්මානය
Shakti: The Power Jaisingh ආරාධිත රංගනය
Saathiya Yeshwant Rao Cameo
2003 Chalte Chalte Raj Mathur
කල් හෝ නා හෝ Aman Mathur නිර්දේශිත, ෆිල්ම්ෆෙයාර් හොඳම නළුවා සම්මානය
2004 Yeh Lamhe Judaai Ke Dushant
MEIN HOON NA Maj. Ram Prasad Sharma නිර්දේශිත, ෆිල්ම්ෆෙයාර් හොඳම නළුවා සම්මානය
වීර්-සාරා Veer Pratap Singh නිර්දේශිත, ෆිල්ම්ෆෙයාර් හොඳම නළුවා සම්මානය
ස්වදේශ් Mohan Bhargava ජයග්‍රාහක, ෆිල්ම්ෆෙයාර් හොඳම නළුවා සම්මානය
2005 Kuch Meetha Ho Jaaye Himself ආරාධිත රංගනය
Kaal කාල් ධමාල් ගීතය සඳහා ආරාධිත රංගනය
සිල්සිලා Sutradhar ජබ් ජබ් දිම් මිලේ ගීතය සඳහා ආරාධිත රංගනය
පහේලී Kishenlal/The Ghost
The Inner and Outer World of Shah Rukh Khan Himself (Biopic) Documentary directed by British-based author and director Nasreen Munni Kabir
2006 Alag Special appearance in song Sabse Alag
කබි අල්විදා නා කෙහෙනා Dev Saran නිර්දේශිත, ෆිල්ම්ෆෙයාර් හොඳම නළුවා සම්මානය
Don - The Chase Begins Again Vijay/Don Asian Film Award for Best Actor
අයි සී යූ සුබා සුබා ගීතය සඳහා ආරාධිත රංගනය
2007 Chak De India Kabir Khan ජයග්‍රාහක, ෆිල්ම්ෆෙයාර් හොඳම නළුවා සම්මානය
Heyy Babyy Raj Malhotra මස්ත් කලන්දර් ගීතය සඳහා ආරාධිත රංගනය
ඕම් ශාන්තී ඕම් Om Prakash Makhija/Om Kapoor නිර්දේශිත, ෆිල්ම්ෆෙයාර් හොඳම නළුවා සම්මානය
2008 Krazzy 4 බ්‍රේක් ෆ්‍රී ගීතය සඳහා ආරාධිත රංගනය
Bhoothnath Aditya Sharma ආරාධිත රංගනය
රබ් නේ බනා ඩි ජෝඩී සුරින්දර් සාහ්නි/රාජ් නිර්දේශිත, ෆිල්ම්ෆෙයාර් හොඳම නළුවා සම්මානය
2009 ලක් බයි චාන්ස් Himself ආරාධිත රංගනය
බිල්ලු Sahir Khan
Dulha Mil Gaya Post-production"Dulha Mil Gaya nearing completion".
2010 මයි නේම් ඉස් ඛාන් Rizwan Khan Filming
Koochie Koochie Hota Hain Rocky Filming

මූලාශ්‍ර

Tags:

ෂාරුක් ඛාන් මුල් ජීවිතය සහ පවුලෂාරුක් ඛාන් රංගන වෘත්තියෂාරුක් ඛාන් වෙනත් වැඩෂාරුක් ඛාන් මාධ්‍ය තුළෂාරුක් ඛාන් සම්මාන හා පිළිගැනීම්ෂාරුක් ඛාන් සිනමා වෘත්තියෂාරුක් ඛාන් සිනමා දිවියෂාරුක් ඛාන් මූලාශ්‍රෂාරුක් ඛාන්

🔥 Trending searches on Wiki සිංහල:

වැව්ඉන්දියාවේ ඉතිහාසයලෝකයේ ආගම් සහ අධ්‍යාත්මික සම්ප්‍රදායන්ශ්‍රී ලංකා පොදුජන පෙරමුණඛනිජ තෙල්කාල් මාක්ස්Jalani premadasaආගම්ශාන්ති නිකේතන විද්‍යාපීඨයශ්‍රී ලංකාවේ පහතරට වැසි වනාන්තරරනිල් වික්‍රමසිංහක්‍ෂීරපායි සත්තුපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරතිසා වැවගොංගාලේගොඩ බණ්ඩානාගදීප පුරාණ විහාරයපෘථිවියෙහි භ්‍රමණයනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.පණිභාරතශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුඇම්බැක්කේ දේවාලයඅයිසැක් නිව්ටන්වායුගෝලීය දූෂණයශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවශ්‍රී ලංකාවේ ගමනාගමනයජාතිකත්වයපූජාවලියරත්න ශ්‍රී විජේසිංහස්තූපපරිගණක දෘඩාංගක්‍ෂුද්‍රජීව විද්‍යාවනාලන්දා විශ්වවිද්‍යාලයරණසිංහ ප්‍රේමදාසකැලණියතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයපොලිස් විමර්ශනසාම්ප්‍රදායික සිංහල විවාහකැලණිය රජ මහා විහාරයශ්‍රී ලංකාවේ ඉපැරණි කලා නිර්මාණශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනනාලන්දා විද්‍යාලය, කොළඹවළගම්බා රජනව නළු රසසන්දේශ කාව්‍යස්වාභාවික උපද්‍රවතොරතුරු තාක්‍ෂණයජේසුස් වහන්සේඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යකාව්‍යයේ මුඛ්‍යාංගකාමාවචර ලෝකකුණකටුවාශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාපතිවරුසඳකඩපහණගස්ලබුකිරි වෙහෙර, කතරගමජන සන්නිවේදනයදෙමළ අක්ෂර මාලාවදෙවන ලෝක යුද්ධයකාලස් පුයිජ්දෙමොන්ධර්මදූත ලූක් තුමාරුහුණ විශ්වවිද්‍යාලයයසියදිවි නසාගැනීමකුරුදුරබින්ද්‍රනාත් තාගෝර්අනුරාධපුරයේ පළමුවන කාශ්‍යපසංජානනයදුන්හිඳ ඇල්ලරන්දෙණිගල වේල්ලපේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයඋඩරට නැටුම්මාක්ස්වාදයශ්‍රි ලංකාවේ පාසල්ආර්ය අෂ්ඨාංගික මාර්ගයහින්දුස්ථානී තාලයාපහුව බලකොටුවබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්🡆 More